IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බිලි පූජාවට එරෙහි මෝසම විසි වෙයි

මුන්නේශ්වරම ශ්‍රී භද්‍ර කාලි අම්මාන් දේවාලයේ සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව විරෝධතා පැවැත්වීම තහනම් කරමින් පනවා තිබූ වාරණය අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබූ මෝසම හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ජගත් ඒ. කහඳගම මහතා විසින් විභාගයට නොගෙනම ඉවත දැමිණි. සත්ව සුබ සාධන භාරය නීතිඥ නිහාල් සුමනධීර මහතා මගින් මෝසම ඉදිරිපත් කළේය.



අදහස් (0)

බිලි පූජාවට එරෙහි මෝසම විසි වෙයි

ලංකා Thursday, 30 August 2012 12:40 AM

ඔච්චර මරන්න සත්තු ඉන්නවද? (නි)

:       0       0

චාමර Thursday, 30 August 2012 01:05 AM

දෙයියන්ට කියලා සතුන් මරන්නෙ මේ රටේ විතරයි. මේවා මනස්ගාත. මේවා අද ලෝකෙට ගැළපෙන්නෙ නැහැ. (නි)

:       0       0

හිල්මි Thursday, 30 August 2012 11:59 AM

කාටහරි හොයලා දෙන්න පුලුවන්ද මාලු, මස්, කරවල, බිත්තර මුකුත්ම නොකන කෙනෙක්ව? (නි)

:       0       0

රංග Thursday, 30 August 2012 03:13 AM

හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියෙන්නේ කාගෙද කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

නලින් Thursday, 30 August 2012 12:05 PM

අපේ රට ඉන්දියාවේ කොළනියක් නෙවෙයි. (නි)

:       0       0

ඩේව් Thursday, 30 August 2012 05:09 AM

ලංකාවේ ඉන්න හැමෝම දැන් දේශපාලනයට ගැති වෙලා අන්ධ වෙලා ඉන්නේ. (නි)

:       0       0

රංජීව Thursday, 30 August 2012 05:39 AM

කොහේ කළත් සත්ත්ව ඝාතනය වැරදි දෙයක්. (නි)

:       0       0

රංජිත් Thursday, 30 August 2012 06:14 AM

ජනපතිතුමනි, මෙම බිලි පූජාව නතර කරන්න. අසරණ සත්තු පවු. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 07:09 AM

සත්තු මරන එක පවු. මිනිස්සු මරන එක පවු නැහැ. (නි)

:       0       0

වරුණ Thursday, 30 August 2012 07:26 AM

මෙදා සැරේ සත්තු ටික ඉවරයි. (නි)

:       0       0

සහන් Thursday, 30 August 2012 05:12 PM

පවට අනුබල දෙන, වැරදි තීරණ දෙන පවිටු නඩුකාරයින්ට හිමි වන්නේ නිරයයි..!!(නු)

:       0       0

රොහාන් Thursday, 30 August 2012 07:36 AM

අනේ අපේ මර්වින් ඇමතිතුමනි, මේකට මැදිහත් වෙන්න. (නි)

:       0       0

නිවන්ත Thursday, 30 August 2012 07:48 AM

අධිකරණය ගැන කළකිරීමක් ඇති වුණා. (නි)

:       0       0

සංජු Thursday, 30 August 2012 07:53 AM

මේ විදියට සත්තු මරන්න අවසර දෙන්නේ ඇයි? ඇමතිතුමනි,අනේ මේ පාරත් පෙරමුණ ගන්න. වෙන පිහිටක් නැහැ අපිට. (නි)

:       0       0

සිම්සාම් Thursday, 30 August 2012 07:49 AM

එහෙන් මෙහෙන් ගිහිල්ලා අන්තිමට වීරයෙක් වෙන්නේ වෙන කෙනෙක්නේ. (නි)

:       0       0

ලංකා Thursday, 30 August 2012 07:57 AM

බුදු හාමුදුරුවෝ මස් වෙළදාම තහනම් කළා නම් ඇයි මස් කෑම තහනම් නොකළේ? (නි)

:       0       0

ධනංජය Sunday, 02 September 2012 06:38 PM

අනේ අපේ ඇමතිතුමනි, මේ පාරත් මේක නවත්තන්න. (නි)

:       0       0

මහේල Thursday, 30 August 2012 08:16 AM

අද මිනිස්සුන්ට මස්, බෝතල් නැතුවම බැහැ (නි)

:       0       0

ගාමිණි Thursday, 30 August 2012 01:13 PM

පූසාරියාගේ අතක් කැපුවා නම් වේදනාව කියන එකේ තේරුම දැන ගනීවි. (නි)

:       0       0

රොෂාන් Thursday, 30 August 2012 06:08 PM

නිරයට යෑමෙන් වැළකීමට නම් පංච ශීලයම රැකිය යුතුයි. එකක් පමණක් රැකීමෙන් පළක් නැහැ. (නි)

:       0       0

වසන්ත Wednesday, 29 August 2012 06:46 PM

සත්ව ඝාතනය හොද නැහැ කවුරු කළත්.. ඇයි කාලිමෑණියන්ට විතරක් විරුද්ද වෙන්නෙ.. මස් කඩවලටත් මේ ලෙසටම විරුද්ධ වෙමු..!!(නු)

:       0       0

දිල්ශාන් Friday, 31 August 2012 07:35 AM

මෙවන් අහිංසක සතුන් මරා ලබන ආශිර්වාදය කුමක්ද? (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 30 August 2012 08:54 AM

අනේ අසරණ සතුන් ටික. දැන් ඉතින් මොකද කරන්නේ? (නි)

:       0       0

අංජන Thursday, 30 August 2012 08:57 AM

ලංකා ,බුදු හාමුදුරුවෝ කාටවත් කිසිම දෙයක් තහනම් කරලා නැහැ (නි)

:       0       0

රම්‍යා Wednesday, 29 August 2012 07:01 PM

ඔව් ඒක හරිම හොදයි..!! සත්තුන්ගෙ උනත් ජීවතේ ජීවිතේමයි.. ඔයවගේම මිනිස්සු මරණ එකත් නතර කරන්න ඕනෙ...!!(නු)

:       0       0

සිසිර කුමාර Thursday, 30 August 2012 08:57 AM

එහේ ධාතූන් වදිනවා. මෙහේ සත්තු කපනවා. අනේ මගේ ර‍ට? (නි)

:       0       0

රන්මල් Thursday, 30 August 2012 08:51 AM

අපේ අධිකරණය ඉතිං කොහොමත් මෙහෙම තීරණනේ දෙන්නේ. (නි)

:       0       0

ගුණරත්න Thursday, 30 August 2012 08:54 AM

දැන්නම් අපේ ඇමතිතුමාගේ පිහිට විතරයි තියෙන්නේ. (නි)

:       0       0

සුමේධ Thursday, 30 August 2012 09:01 AM

ලංකා, දන්නේ නැති බුදු බණ ගැන නොකියා ඉන්න. ඔයා බෞද්ධයෙක් නොවන බව අපි දන්නවා. (නි)

:       0       0

ප්‍රීස් Thursday, 30 August 2012 01:36 PM

මම මෙහි දක්වා ඇති සියළු අදහස් වලට ගරුකරමි (නි)

:       0       0

හිරන්ත Wednesday, 29 August 2012 07:30 PM

මෝසම මෝසම් වෙලා..!!(නු)

:       0       0

චන්දුසිරි Wednesday, 29 August 2012 07:36 PM

කිසිම කතාවක් නැහැ මේ පාරත් සත්තු දාහක් විතර මරයි..!!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 29 August 2012 07:40 PM

දැන් එතකොට අර තරම් සද්ද නගලා වඩම්මවාපු ධාතුන් වහන්සේලා මේ රටින් පිටතට වඩම්මවලාද මේ සත්තු කපන්න දෙන්න තීරණය කලේ?....(නු)

:       0       0

ලක්මාල් Wednesday, 29 August 2012 07:32 PM

උසාවියටයි පොලිසියටයි මොකක්ද මේ වෙලා තියෙන්නෙ ? (නි)

:       0       0

බෝපගේ Wednesday, 29 August 2012 07:44 PM

මේක කරන පූසාරියන් දෙතුන් දෙනෙකුට මේක කළානම් තේරෙයි මේකේ වේදනාව. (නි)

:       0       0

අනුර Wednesday, 29 August 2012 07:50 PM

අනේ ඇමතිතුමනි,පුලුවන් නම් මේක කොහොමහරි නවත්වන්න. (නි)

:       0       0

විභූෂ Wednesday, 29 August 2012 07:51 PM

මේක බෞද්ධ රටක්. ලොකු තැන්වල සිටින අයට මේ වගකීම මග හරින්න බැහැ. (නි)

:       0       0

වරුණ Thursday, 30 August 2012 09:27 AM

එසේම ලංකාව තුල ඇති සියලු සත්ත්ව ඝාතනාගාර සීල් තැබිය යුතුයි. (නි)

:       0       0

සමන් Thursday, 30 August 2012 09:37 AM

මුන්ට මෙ සත්තු ටික ඩෙවල් දාලා බෝතලේකුත් එක්ක දුන්නනම් කොහොමද නෑ බාබාකිව් නම් තවත් හොදයි. මෙ සමහර ඇවුන් තලගොයිත් කන ඇවුන්. වෙජිටෙරියන්ලට මෙකට කතා කරන්න අයිතියක් තියෙනව.(වි)

:       0       0

තේජා Wednesday, 29 August 2012 07:48 PM

දවසකට කුකුල්ලු ලක්ෂයක් විතර මරණ රටේ කෝවිලේ මරණ කුකුල්ලුන්ව විතරද පේන්නේ? අනේ මේ නිකන් ඉන්න. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 30 August 2012 09:49 AM

ඔය එළුවෙක්, කුකළෙක් ඉස්සරහට පිහියක් අරන් යන පූසාරි කෙනෙකුට කියන්නකෝ සිංහයෙක්, කොටියෙක් ඉස්සරහටත් එහෙම යන්න කියලා. යයි කියලා තමයි බය. (නි)

:       0       0

නවුෂාඩ් Wednesday, 29 August 2012 08:02 PM

වසන්ත මහත්තයාගේ අදහස් නියමයි (නි)

:       0       0

මාතර Wednesday, 29 August 2012 08:02 PM

මේ බිලිපූජාව කාලයක සිට පැවැත්වෙන එකක් (නි)

:       0       0

අරුණ Wednesday, 29 August 2012 07:55 PM

මර්වින් මහත්තයා මේ රටට අවශ්‍යම කෙනෙක් (නි)

:       0       0

ප්‍රමෝද් Wednesday, 29 August 2012 07:55 PM

පවු තමයි ඉතින් (නි)

:       0       0

ශාන් Thursday, 30 August 2012 09:57 AM

තේජලා හරි. ඊර්ෂ්‍යාකාරයන් බලන්නේ එක පැත්තක් දිහා විතරයි. (නි)

:       0       0

ජීවක Wednesday, 29 August 2012 08:13 PM

අයියෝ! මේක මොකක්ද? අද රටේ මිනීමරන විදියට (නි)

:       0       0

තිලා Wednesday, 29 August 2012 08:16 PM

මේ වැඩේ කරන්න දෙන්න එපා (නි)

:       0       0

දයා-සවුදි Thursday, 30 August 2012 10:04 AM

මේ තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට එකගයිද? (නි)

:       0       0

කීර්ති Wednesday, 29 August 2012 08:34 PM

දැන් එතකොට අර තරම් ශබ්ද නගලා වඩම්මවාපු ධාතුන් වහන්සේලා මේ රටින් පිටතට වඩම්මවලාද මේ සත්තු කපන්න දෙන්න තීරණය කළේ? (නි)

:       0       0

කුමාර Thursday, 30 August 2012 10:11 AM

අනේ ඇමතිතුමෝ, මේ පාරත් අපි වෙනුවෙන් එන්නකෝ. (නි)

:       0       0

ආශා Thursday, 30 August 2012 10:22 AM

දේශපාලකයිනි, කරුණාකර මෙම ගැටළුවට මැදිහත් වෙන්න (නි)

:       0       0

ඉෂ් Wednesday, 29 August 2012 08:55 PM

ඉන්ද්‍රජිත්, ඔබ හරි. අපිට බලා සිටින්නට සිදු වෙනවා. (නි)

:       0       0

සිරි Wednesday, 29 August 2012 09:03 PM

මේ ලෝකේ තිබෙන වෙනස ,කොටසක් අඟහරු ලොවට යානාවල් අරිනවා. තවත් කොටසක් ගල් යුගයේ අදහපු බිලි පුජා පවත්වනවා. මෙහෙමත් ලෝකයක් ? (නි)

:       0       0

සේනානායක Wednesday, 29 August 2012 09:07 PM

අද රටේ හැමතැනම මිනීමැරුම් (නි)

:       0       0

නලින්ද Thursday, 30 August 2012 10:22 AM

රට ටික ටික විනාශ වෙනවා, නීතිය අන්ධ නිසා. (නි)

:       0       0

කුමාර Wednesday, 29 August 2012 09:07 PM

මේ මිනීමරන වැඩේ වහා නතර කළ යුතුයි. සියල්ලන්ම මීට විරුද්ධ විය යුතුයි. (නි)

:       0       0

චමිල් Friday, 31 August 2012 11:13 AM

මේ තමයි ආසියාවේ ආශ්චර්යය. (නි)

:       0       0

අසේල Thursday, 30 August 2012 10:42 AM

මම බෞද්ධයෙක්.. මම ශාකභක්ෂකයෙක්.. මම තදින්ම සත්ව ඝාතනයට විරුද්ධ අයෙක්.. පුවත්වල සදහන් ආකාරයට මුන්නේස්වරම් වල වාර්ෂිකව සතුන් 500ක් ජීවිතක්ෂයට පත්කරනවා..!! නමුත් ලංකාවෙ දිනපතාම මේ වගේ සතුන් ඝාතනය වන එක නවත්තන්න බැරිද? (නු)

:       0       0

ශාන් Wednesday, 29 August 2012 09:32 PM

විරෝධතා ඕනැත් නැහැ. බිලිපූජා ඕනැත් නැහැ. මේක නවත්වන කාට වුණත් ජාති ජාතිත් පින්. (නි)

:       0       0

නිමල් Wednesday, 29 August 2012 09:34 PM

සත්තු මරන එක හොද නැහැ (නි)

:       0       0

ඉක්රාම් Thursday, 30 August 2012 09:07 PM

කොත්තු රොටියකට මස් කෑල්ලක් නැතුව වැඩක් නැහැ. අරක්කු බෝතලයකට මස් කෑල්ලක් වැටුණේ නැත්නම් කිසිම රහක් නැහැ. දෙයියෝ සාක්කි! (නි)

:       0       0

පූජි Wednesday, 29 August 2012 09:43 PM

පුසාරිය‍න්ගේ ඇගිල්ලක් හරි කැපුවා නම් වේදනාව කියන එක තේරෙයි. (නි)

:       0       0

ශාන් Friday, 31 August 2012 11:43 AM

සත්තු මරන්න තහනම් වුණාට පොඩි ගැහැණු ළමයින්ව දූෂණය කරන්න තහනම් නැතුව ඇති මේ රටේ. (නි)

:       0       0

කපිල Wednesday, 29 August 2012 10:03 PM

අහෝ! ධර්මද්වීපයකට ගිය කලක්? (නි)

:       0       0

සමන් Wednesday, 29 August 2012 10:41 PM

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා වහාම නියෝගයක් දෙන්න මේක නවත්වන්න. මේකට ඔබතුමාගේ මැදිහත් වීම අවශ්‍යමයි. (නි)

:       0       0

ෆහාඩ් Wednesday, 29 August 2012 11:05 PM

එහෙනම් මාලු අල්ලන එකත් නැවැත්තුවොත් නේද හොද? (නි)

:       0       0

සුමේධ Thursday, 30 August 2012 11:30 AM

ඇයි වගකිවයුත්තෝ මේවට ඇස් කන් පියාගෙන ඉන්නේ? (නි)

:       0       0

හිරාන් Thursday, 30 August 2012 11:32 AM

බුදු හාමුදුරුවො කිසි දෙයක් තහනම් කළේ නැහැ. හරි දේ කරන්න වැරදි දේ නොකරන්න කියල අවවාද කළා මිසක්. හරි තීරණය ගන්න ඕනෑ අපිට ලැබිල තියන මොළය පාවිච්චි කරලා, උන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගිහිල්ලා. කොහොම වුණත් ඔය බිලි පූජා වගේ දේවල් කරන අයට යන්න අපායවල් නැහැ. (නි)

:       0       0

අචිනි Thursday, 30 August 2012 11:28 AM

ජනාධිපතිතුමනි මෙවැනි සත්ව ඝාතන නවත්තන්න ඉක්මන් පියවර ගන්න..!!(නු)

:       0       0

කෙනත් Wednesday, 29 August 2012 11:22 PM

පෙර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එක ගමක මේ වගේම ගවයන් 500 ක් මරා බිලි පුජාවක් කිරීමට එක බ්‍රාහ්මණයෙක් සැරසුනා. ඉතින් ගමේ අහිංසක මනුස්සයෙකුගේ ගව රංචුවක් මේ බ්‍රාහ්මණයාගේ අතවැසියන් බලෙන්ම අරන් ගියා. තමන් ආදරයෙන් රැක බලාගත්, තමා පෝෂණය කළ අහිංසක ගවයන්ට අත්වෙන්නට යන ඉරණම ගැන ඉතා දැඩි විස්සෝපයට පත් මේ මනුස්සයා පාර දිගේ හඩමින් දිව්වා. මොහුගේ පෙර පිනකට ඒ මග වඩිමින් හිටියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාන්තාරයක හමුවුන නිල් දිය දහරක් වගේ මේ දර්ශනය මේ මනුෂ්‍යයාට මහා අස්වැසිල්ලක් වුණා. සම්බුදුරජාණන් වහන්සේගේ සිරි පා මුල වැටී නළල අතුල්ලමින් , මේ පුවත හඩමින් කියා සිටියා. බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍යය කැටුව, ඒ බිලි පුජාව කරන්න සුදානම් කරන තැනට වැඩියා. බුදුරැස් විහිදමින් එම භූමියට වැඩි හස්තියෙකු මෙන් වැඩසිටි බුදුරජාණන් වහන්සේගේ පැමිණීම දුටු මේ බමුණන් කලබලයට පත් වුණා. " බමුණ, මේ කුමක්ද කරන්න සැරසෙන්නේ?" බුදුරජාණන් වහන්සේ විමසුවා. "ස්වාමිනි අපි මහා බිලි පුජාවක් දෙවියන් වෙනුවෙන් පවත්වන්න සැරසෙනවා " කියා ඔවුන් කිවුවා. " බමුණ මෙයින් අත්වෙන වාසිය කුමක්ද ?" බුදුහිමි විමසුවා. "ස්වාමිනි, මෙය චිරාත්කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු චාරිත්‍රයක්, දෙවියන් සතුටු කොට අපේ ජීවිත සැපවත් කර ගන්නයි කරන්නේ, මේ නිසා මරණින් මතු දෙවියන් හා එක් විය හැකියි" බමුණන් කියා සිටියා. "බමුණ එතකොට මේ බිලි පුජාව සදහා මීට වැඩ වටිනා සතුන් යොදා ගත්තොත් , ඔබලාට මීටත් වැඩ සැප සම්පත් දෙවියන් දෙයිද?" ' ඔව් ස්වාමිනි, මීටත් වැඩිය හොදයි" "බමුණ වඩා වටින්නේ මේ ගවයන්ද, සම්බුද්ධ වන මමද?" - "අනේ ඔබ වහන්සේ මේ ගවයන්ට වඩා කොතරම් වටිනවාද" "එසේනම් බමුණ , සිතන්න මේ ගවයන් බිලි දීමට වඩා, ඔබ ඉදිරියේ මේ ඉන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිලි දීම වඩා සුදුසුයි නේද"? බමුණා නිරුත්තර විය, කෙල සිදී ගියේය. බිම බලා ගත්තේය. " එතකොට බමුණ, මේ මැරෙන සතුන්ට මොකද වෙන්නේ?" බුදුහිමි විමසා සිටියා. "ස්වාමිනි ඔවුන්ට මහා ලාභයක් ලැබෙනවා, ඔවුන් කෙලින්ම දෙවියන් සමීපයට යනවා" " එහෙමද, බමුණ, ඔබ ඔබේ ළමයින්ට ආදරේද?" , - "අපොයි ගොඩක් ආදරය කරනවා", "බමුණ , එතකොට ඒ අයට මහා ලාභයක් ලැබෙනවාට ඔබ කැමතිද?" - " ඔව් ඔව් ස්වාමිනි මොකද අකමැති, මහා ලාභයක් ලැබෙනවානම් කැමතියි " "බමුණ , ඉතින් මේ ගවයන්ට ලාභයක් අත්කරදෙන වෙලේ , ඔබේ දරුවන් මෙයට යොදාගෙන ඔවුන් දෙවියන් ගාවට යවන්න ඔබ අකමැති ඇයි?" බමුණට කර කියාගත නොහැකි විය, "අනේ ස්වාමිනි , මට දැන් වැටහෙනවා" කියමින් බුදු සිරිපා මත අද වැටුනේය , "බමුණ මෙවන් බිලි පුජා වලින් ඔබට සෙතක් වෙනබව උගන්වන්නේ ඔය බමුණු පුජකයන් නොවෙයිද, ඔවුනුත් ඔවුන්ගේ පවුල්වල අයත් මේවට බිලි නොවී නිරුපද්‍රිතව මින් යැපෙනවා නේද?" ඔහු ගවයන් සියල්ල නිදහස් කළේය . " ස්වාමිනි මම අද පටන් මගේ මුළු පවුල පිටින්ම මේ අකුසල් සීල වෘත අතහැර දමා , ඔබ වහන්සේ සරණ යනවා, සාදු සාදු" අදත් ඒ බුදුරජාණන් වහන්සේ වඩා සිටියානම් ඇතැම් විට මුන්නේශ්වරම් වලට වැඩ, මේ මහා පාප කර්මයෙන් මිනිසුන් මුදවාගනීවි. නමුත් මහා සංඝ රත්නය ඒ කර්තව්‍ය කරනවා විනා මේ මිනිසුන්ට වෙන පිහිටක් නැත. එදා බුදුහිමියන්ට එම භූමියට වඩින්නට තහනම් කර උසාවි නියෝග නැත. නමුත් අද ධර්මද්වීපයේ එවන් තහංචි ඇත. (නි)

:       0       0

අචිනි Thursday, 30 August 2012 11:31 AM

මර්වින් ඇමතිතුමනි, අපිට පිහිට වෙන්න (නි)

:       0       0

ඇරිස් Wednesday, 29 August 2012 11:33 PM

මේවාට ඉඩ දෙනවා නම් ඇයි සාමකාමී විරෝධතාවයන්ට ඉඩ නොදෙන්නේ? (නි)

:       0       0

අමිල Thursday, 30 August 2012 11:39 AM

ලංකා, බුදු හිමියෝ කිසිම දෙයකට තහංචි දාලා නැහැ (නි)

:       0       0

ගීමාලි Wednesday, 29 August 2012 11:53 PM

අනේ ඔය අසරණ සතුන් අතහැරලා අර අහවල් පැත්තේ ගියානම් හොද පට්ටි හරක් තොගයක්ම සොයාගන්න තිබුණනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1559 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 367 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 118 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 210 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 104 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site