IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බිලි පූජාව නවත්වයි

මහින්ද රාජපක්ෂ ජනපති ඉල්ලීම අනුව මුන්නේස්වරම දේවාලයේ බිලිපූජාව නතර කිරිමට තිරණය කළ බව දේවාලයේ ප්‍රධාන පූජක  කාලි මුත්තු සිව පාද සුන්දරම් සාමිවරයා නිවේදනය කරයි . ලබන පළමුවැනිදා මෙම පූජාව පැවැත්වීමට නියමිතව තිබිණි. කපිලවස්තු සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය අවසන් වනතුරු බිලි පූජා නවත්වන ලෙස ජනපති පොලිසිය මගින් එම ඉල්ලීම කැර ඇත. මුන්නේස්වරම් පූජකවරුන් අද හලාවත දිසා උසාවියට ගොස් සිටියහ.



අදහස් (0)

බිලි පූජාව නවත්වයි

සිසිර කුමාර Thursday, 30 August 2012 11:56 AM

ඒ කියන්නේ සතුන් මරන්න හොද නැත්තේ ධාතූන් වහන්සේලා සිටිනතුරු විතරද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 30 August 2012 11:56 AM

තාවකාලිකවද? ස්ථිරවමද? (නි)

:       0       0

දයා-සවුදි Thursday, 30 August 2012 11:58 AM

ජනපතිතුමා හිතුවොත් මොනවද කරන්න බැරි? මේක විශාල පිනක්. (නි)

:       0       0

කපිල Thursday, 30 August 2012 12:03 PM

වාසනාවන්. දින කිහිපයක් හෝ වැඩිපුර ජීවත් වීමට සතුන්ට අවස්ථාව ලැබෙනු ඇත. (නි)

:       0       0

ජෙයාම් Thursday, 30 August 2012 11:58 AM

එතකොට අර සභාපති කෙනෙක් කාන්තාවන් 100ක් දූෂණය කරපු එකත් බිලි ගැනීමක් නෙමෙයිද? ඒක කරලා තියෙන්නෙත් රටට, ජාතියට සෙත් පතාද? (නි)

:       0       0

ඉක්රාම් Friday, 31 August 2012 01:09 AM

සවුදි දයාගේ කටේ සීනි දාන්න හිතෙනවා. (නි)

:       0       0

ඉක්රාම් Friday, 31 August 2012 01:05 AM

එතකොට තැබෑරුම් ළග පවත්වන ඌරු මස් පූජාව පවක් නෙමෙයිද? (නි)

:       0       0

සම්පත් Thursday, 30 August 2012 04:05 PM

ආගමත් සම්බන්ධකරගෙන සතුන් මරන්නේ මෝඩ ආගම්වල තමයි.. කොහොම කළත් ප්‍රාණඝාතය වැරදි දෙයක්..!!(නු)

:       0       0

පාලිත Thursday, 30 August 2012 12:06 PM

ජීවිත පණ කාගෙත් එකයි. ආයිත් මනුෂ්‍ය ආත්මයක් නම් කවදාවත්ම ලබා ගන්න බැහැ. (නි)

:       0       0

සිරිවර්ධන Friday, 31 August 2012 02:00 AM

බුදු දහම අනුව මස් අනුභව කිරීම පවක් නොවේ. ප්‍රාණඝාත අකුසලයක් වීමට කරුණු 5ක් සම්පුර්ණ විය යුතුය. පණ ඇති සතකු වීම, පණ ඇති බව දැනීම, මරණය සඳහා සිතක් පහළ වීම, ඒ සඳහා උපායක් යෙදීම සහ මරණය. චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගැන්වුණු දානයේ මස් අඩංගු කියා බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළේ නැත. මේ නිසා පිළියෙළ කොට තිබෙන මස් කෑමෙන් පවක් සිදු නොවේ. (නි)

:       0       0

වරුණ Thursday, 30 August 2012 12:10 PM

සතුන්ගේ ජීවිත නිදහස් වීමේ සියලු පින් කාලි මෑණියන්ට අනුමෝදන් වේවා! (නි)

:       0       0

Janaka Weerarathna Thursday, 30 August 2012 04:19 PM

කෝවිලේ මැරුවත් මස්කඩේ මැරුවත් ප්‍රාණඝාතය ප්‍රාණඝාතයමයි.. සම්පූර්ණයෙන්ම මේවට තිත තියන්න ඕන..!!(නු) ...

:       0       0

ජනක Thursday, 30 August 2012 12:13 PM

එහෙනම් ඉතිං ලංකාවේ කුකුල් මස් එපා. එළු මස් එපා. ඌරු මස් එපා. හරක් මස් එපා. කොටින්ම කියනවා නම් මිනීමරන එකත් නවත්වන්න. (නි)

:       0       0

දයා Thursday, 30 August 2012 04:21 PM

මේවා බොරු වැඩනේ.. ධාතු පෙන්නුවා කියලා මිනිස්සු මස් කන එක නතවත්ලද? (නු)

:       0       0

නාමල් Thursday, 30 August 2012 12:15 PM

මේක කරන්න ඉඩ දෙන්නම එපා. අහිංසක සත්තු පවු. (නි)

:       0       0

රංග Thursday, 30 August 2012 12:08 PM

ඔය සත්තු වෙනුවට එල්ලුම් ගහට නියම වෙච්ච කට්ටියව ඒ වැඩේට ගන්න බැරිද? (නි)

:       0       0

ලොකුගේ Friday, 31 August 2012 03:54 AM

සේරම එකසැරේ නවතන්න බැහැනේ.එකක් හරි නවතන්න පුලුවන් නම් ලොකු දෙයක්. හැබැයි ධාතු තියෙනතුරු විතරක් නම් විහිළු වැඩක් ඒක. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 30 August 2012 12:18 PM

ඔබතුමාට පින්. මේක අපේ බුදුරජාණන් වහන්සේට කරන ගරු කිරීමකුත් වෙනවා. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 04 September 2012 03:59 PM

සතාව මරන්න බැහැ, නමුත් කන්න පුළුවන් කියන සංකල්පයක් බුද්ධාගමේ තිබෙනවා නම් එය දෙපිටකාට්ටු සංකල්පයක් විය යුතුය. එහෙම නම් සතාව මරන්නේ නැතුව පණ පිටින් කන්න ක්‍රමයක් බුද්ධාගමේ සදහන් වෙනවා දැයි අහන්න සිදුවී තිබ. මෙවැනි දෙබිඩි පිළිවෙත් ඉස්ලාමයේ නැත. අපට ආහාරය වෙනුවෙන් අනුමැතිය ලබාදී තිබෙන සතුන්ගේ ගෙල කැපීමේදී පවා අනුගමනය කළ යුතු ක්‍රමයන් කියාදී තිබෙනවා. අපගේ එම ක්‍රමය නිසා සතුන්ට වද වේදනා සිදු නොවිනැයි නවීන වෛද්‍ය විද්‍යාඥයින් පවා පිළිගන්නා සත්‍යකි. මිනිසාගේ පැවැත්ම පිණිස මවන ලද එමෙන්ම දහමින් අනුමත කරන ලද සතුන්ගේ ආහාරය අනුභව කිරීම හරිද වැරැදිදයි කිව යුතුවන්නේ, එම ආහාරය මිනිසාට සුදුසුද නැද්ද යන්න වග දන්නා ඒකීය දෙවියන් වහන්සේ විනා ලොව ජීවීන්ගේ ස්වභාවය නොදන්නා හැගීම්වලට පමණක් වහල්වෙන හිස් මිනිසුන් නොවේ. මෙය සමහරවිට මෝඩ තර්කයන් බවට කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් යම්කිසි කලක මෙම සත්‍ය පිළිගැනීමට සිදුවේවි. මම මෙතැන ඉදිරිපත් කළේ ඔය බිලිපූජා පිළිබද අදහස් නොවේ. මෙවැනි පූජාවන් අපි අනුමත නොකරමු. (නි)

:       0       0

අබේරත්න Thursday, 30 August 2012 04:24 PM

මාලු මරණ එකත් පවක්..!(නු)

:       0       0

අශාන් Thursday, 30 August 2012 04:25 PM

බුද්ධාගමෙත් මිත්‍යාවක් තමයි. (නි)

:       0       0

අසිත Thursday, 30 August 2012 12:20 PM

මේක ධර්මද්වීපයක්. මේක සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනෑ. (නි)

:       0       0

විභුති Thursday, 30 August 2012 04:30 PM

අධ්‍යාපනයේ බිලි පූජාවත් නැවැත්විය යුතුයි. (නි)

:       0       0

සිරිසේන Thursday, 30 August 2012 12:37 PM

මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී බිලි පූජාවක් අල්ලගෙන දඟලනවා. කෑම නැහැ, වතුර නැහැ, ඉස්කෝල නැහැ, විශ්ව විද්‍යාල නැහැ, රස්සා නැහැ, නීතිය නැහැ.... ඒත් හොරු ඉන්නවා, කුඩු තියෙනවා, වනචරයන් ඉන්නවා, පොඩි ළමයින්ව කෙළෙසනවා.... මේ ඔක්කොම ලොකු තැන්වලත් ඉන්නව. මේවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

සමන් Friday, 31 August 2012 02:10 PM

ඔසන් සලාම් - දෝහා වෙත, බුදුදහමේ තිබෙන විදිහට භික්ෂූන්ට වුවත් මස් අනුභව කරන්න පුලුවන්, ඒ මස තමන් වෙනුවෙන් නොමැරූ බවට සැකහැර දැනගත හැකිනම්. අපි කඩේකට ගිහින් මස් ගත්තොත් එතැනදි සතෙක් මරන චේතනාවක් නැති නිසා පවක් නැහැ. නමුත් අද තිබෙන පරිභෝජන රටාව අනුව වැඩිපුර මස් කෑම නිසා වැඩිපුර සතුන් මැරෙනවා.ඒක නිසා පවක් නොවුණත් මස් නොකන එක සදාචාරාත්මකව හොදයි. සත්තු නොමරත් මස් කරි හදන්න පුලුවන්.මගේ යාලුවෙක්ගෙ වාහනේට අහුවෙලා හාවෙක් මළා. අපි ඌව උයාගෙන කෑවා. මෙතෙනදි වෙන්නෙ නොපෙනෙන දෙවිවරු වෙනුවෙන් නිකරුණේ සතුන් මැරීම. මේවා නම් බොරු වැඩ. (නි)

:       0       0

ජනක Thursday, 30 August 2012 12:31 PM

සතුන් මරන එක නවත්වන්න පෙර මිනිසුන් මරන එක නවත්වන්න. (නි)

:       0       0

සමන් Thursday, 30 August 2012 12:32 PM

හොද තීරණයක්. නමුත් විය යුත්තේ මෙය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. (නි)

:       0       0

සමන්‍ විතාන Thursday, 30 August 2012 04:44 PM

දෙවියන් කැමති නම් මේ අහිංසක සතුන්ගේ ලේ බොන්න, ඒ දෙවි කෙනෙක් නම නොවෙයි, යම පල්ලෙක් විය යුතුයි. 21 වෙනි සියවසට ඇවිල්ලත් මිනිසුන් තවම ජිවත් වෙන්නේ ගල් යුගයේ නම් මිනිසුන් මරාගෙන කන මහසෝනෙක් ඉක්මනින්ම පිටසක්වලින් මේ ලෝකයට පැමිනිය යුතුයි. එදාට මිනිසා අහිංසක සතුන් මැරිමේ ආදීනව තේරුම් ගනු ඇති. (නි)

:       0       0

අරුණ Thursday, 30 August 2012 12:32 PM

නියමයි. (නි)

:       0       0

සුරංගනී Thursday, 30 August 2012 04:45 PM

ලංකා, ආගම් පටලවාගන්න එපා..! කවුරුවත් කියන්නේ නැහැ මස් කන්න එපා කියලා.. ඒවා තමන් හිතලා කරන්න ඕන දේවල්..!(නු)

:       0       0

වජිර Thursday, 30 August 2012 12:40 PM

මේ සමගින්ම මිනී මරන එකත් නවත්තලා දාන්න. (නි)

:       0       0

හේමන්ත Thursday, 30 August 2012 12:42 PM

ඇයි එතකම් විතරක්.. කිසි හේතුවක් නැතිව මොන වරදකට මේ අහිංසක සත්තු බිලි දෙනවාද? මේවත් ආගම්ද? දෙවියන් තිරසනුන්ගෙ ලේ බොන්නේ නැහැ.. (නු)

:       0       0

ඩයස් Thursday, 30 August 2012 04:58 PM

ජනාධිපතිතුමනි සියලුම මස් කඩ වසා දමන්න... ඔබට පිං.. ඒත් අපට එල්ලුම්ගහනම් ඕන.. මිනීමරුවන්ට දඩුවම් දීම සදහා..!(නු)

:       0       0

Ranasinghe Premalal Thursday, 30 August 2012 05:02 PM

උසාවි නියෝගයක් තියෙනවා උද්ඝෝෂණය කරන්න එපා කියලා.. අපි බෞද්ධයෝ හැටියට බිලිපූජාවට විරුද්ධයි..!(නු)

:       0       0

නිමල් Thursday, 30 August 2012 12:41 PM

මරාගෙන කන සත්තු පවු නැද්ද එතකොට? (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 30 August 2012 05:01 PM

එහෙම නම් මේ ධාතු දන්ත හරියට කලට වේලාවට ගෙනත් තිබෙන්නේ ඔය බිලි පූජාව නවත්වන්න බලාගෙනද? එහෙම නම් අනෙකුත් ආගමිකයින්ගේ කටයුතු වලට මෙසේ අකුල් හෙලීම හරිද? මෙම කෝවිලේ සිදු කරන ඝාතනය මම සාධාරණීකරනවා නොවේ. සමහර බෞද්ධ පින්වතුන් සමහර වෙලාවල් වලට හදිහූනියම් යන්ත්‍ර මන්ත්‍ර කරනවිට කට්ටාඩියාගේ කීම අනුව දෙන බිලිපූජාව මෙතැන ප්‍රශ්නයක් නැද්ද? ඉස්සෙල්ලාම අපි මෙතැන කථාකරන්නේ ප්‍රාණය සම්බන්ධවද? නැතිනම් සතුන් ගැනද ? මොකද බුදුරජාණන් වැදෑරුවේ පොදුවේ ප්‍රාණයන් ගැනයි. නමුත් ලංකාවේ අපගේ බෞද්ධ පුත්‍රයින් මෙය පටලවාගෙන තිබෙන බව හොදට පැහැදිලියි. ඔවුන් අර්ථකථනය කර කෑ ගසන්නේ බුදුන්ගේ දේශනාව හරකුන් සහ එළුවන් පමණක් ඝාතනය නොකරන බව කියා ඇති බව සිතාගෙනය. (නි)

:       0       0

පෙරේරා Friday, 31 August 2012 02:35 PM

ධීවර සංස්ථාව ගැනත් පියවරක් ගත යුතුයි. (නි)

:       0       0

කෙනත් Wednesday, 05 September 2012 09:45 PM

අනේ ඕසන් , ඔයා ඔය අරහෙන් මෙහෙන් අහුලගත්තු ටිකක් ඉතාම වැරදි විදිහට තේරුම් ගෙන කෑ ගහන්න එපා. බෞද්ධයන් දෙවි කෙනෙකුගෙන් හිගමන් යදිමින් හිස් අහසට දෑත් දිගුකර යදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ "සත්තා දේව මනුස්සානම්" ඒ කියන්නේ සියලු දෙවු මිනිසුන්ට ගුරු වූ මහා මාර්ග උපදේශකයන් බවයි" දෙවිවරු සිය ගණන් විටින් විට පැමිණ උන්වහන්සේගෙන් දහම් අසා නුවණැස පාදගෙන කෙලෙස් දවා මග පල ලබා සසරින් එතෙර වුණා, අදටත් මේ දිව්‍ය ලෝක 6 සහ බ්‍රහ්ම ලෝක 16 යේ මග පල ලැබූ දෙවිවරු වැඩ ඉන්නවා. ඔබට ඕනෑනම් සුත්‍ර පිටකය සිංහලෙන් කියවා බලන්න. කියවන්න "මහාසමය, ආටානාටිය" සුත්‍ර දේශනා. දෙවිවරු පිනෙන් වැඩි ජීවී කොට්ඨාශයක් මිසක් ලෝකේ මැවුව අ‍ය නොවෙයි. බෞද්ධයන්ගේ අවසන් ඉලක්කය දෙවුලොව නොවෙයි, නිවන වෙන්නේ. ඔබට මේවා ගැඹුරු වැඩියි. මිනිසා වෙනුවෙන් ඔක්කොම මැවුවා නම් මොකද මිනිසා ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, අකාලයේ මැරෙන්නේ, ගංවතුර, ගිනි භුමි කම්පා වලින් මැරෙන්නේ, මොකද අංගවිකල මන්දබුද්ධික, දුප්පත් පොහොසත් වෙලා ඉපදෙන්නේ , ඔක්කොම එක සමානව මවන්න එපැයි. අනෙක කොහෙන්ද ඔබ දැනගත්තේ බුදුරජාණන් වහන්සේට කලින් ලෝකයක් තිබ්බේ නැහැ කියලා? ලෝකයේ ආරම්භය අවසානය හොයන්න බැරිබවත් නිරතුරුව වෙනස්වෙමින් නැවත සැකසෙමින් පවතින අනිත්‍ය ස්වභාවයක් පමණක් ඇති බවත් නුවණැත්තා ඒ ගැන සිතමින් ලැබී ඇති කෙටි කාලය නාස්ති නොකර වහ වහා නිවන පිණිස කටයුතු කළයුතු බවත් සදහන් කරමි. (නි)

:       0       0

ෆර්සන්නිසම් Thursday, 30 August 2012 12:54 PM

ඇයි මේ මිනිස්සුන්ට මස් මාළු නොකා ඉන්න බැරිද?(නු)

:       0       0

රාජා Thursday, 30 August 2012 12:48 PM

හැමදාටම නවත්වනවා නම් ගොඩක් හොදයි. (නි)

:       0       0

අහිංසා Thursday, 30 August 2012 12:55 PM

මෙම සත්ව ඝාතනය නතර කිරීමට නන් අයුරින් සහාය දැක්වූ සියලුම දෙනාට මගේ උපහාරය! (නි)

:       0       0

සමිත Thursday, 30 August 2012 05:14 PM

මීට වඩා නරකද මේ දඩුවම අර පෝරකයට නියමවූවන්ට දෙනවානම්..!!අපරාධත් අඩුවෙයි..!! (නු)

:       0       0

ඇන්තනි Wednesday, 05 September 2012 09:52 PM

ඕසන්, හැබැටම අල් කුරානය ලිවුවේ කවුද ? ඔය දෙවියන් දැක්කේ කවුද ? එයා මේ තරම් කුජිත ලෝකයක් මැවුවේ මොකද ? එයා මේ ඔක්කොම ප්‍රශ්න මවන්නේ මොකද? අරාබිකරය කාන්තාර වුණේ මොකද ? ඒ විතරක් නොවෙයි, මිනිසාට තරහ යන්නේ දේව කැමැත්තටද? අර දින කිහිපයකට කලින් අම්මා තාත්තා මරපු කොල්ලගේ හිතට එහෙම කරන්න කියලා කිවුවේ දෙවියන්ද ? (නි)

:       0       0

ආශා Thursday, 30 August 2012 05:21 PM

ලංකාවේ 800 ක් ඉන්නවා පෝරකයට නියම වෙලා . ඔතන සත්තු කපන්නේ 500යි. ඒ කියන්නේ 2013 ටත් 300 ක් ඉන්නවා කපනවා නම්. (නි)

:       0       0

නිහාල් Monday, 03 September 2012 04:01 PM

ජනපතිතුමනි, මේ බිලි පූජාව කවදාවත් කරන්න දෙන්න එපා. අපේ රට බුද්ධ රාජ්‍යයක්. (නි)

:       0       0

මහේල Wednesday, 05 September 2012 09:47 PM

මස් කඩ වහන්න එපා.අඩියක් ගහනකොට මස් ඕනෑ වෙනවා. මුස්ලිම් මිනිසුන්ට වැඩ, අපට තමා පාඩුව. (නි)

:       0       0

රාමෙල් Thursday, 30 August 2012 12:58 PM

ජනපතිදුනි, ඔබට බොහෝ පින්. (නි)

:       0       0

නෆ්හාන් Thursday, 30 August 2012 12:59 PM

අපේ රටේ මස් කඩවල, ධීවර සංස්ථාවෙ කුකුල් ෆාම්වල මරන්නෙ සත්තු නොවේද? (නි)

:       0       0

විතාන Thursday, 30 August 2012 12:53 PM

සමහරු කෑ ගැහුවේ මේක නවතින බව දැනගෙන තමයි එහෙනම්. (නි)

:       0       0

කෙනත් Wednesday, 05 September 2012 10:06 PM

තිහගොඩ, පවු මස්කඩ හිමියාට. පවු ඇති වෙන්නේ මරණ වෙලාවට මිසක් කන වෙලාවට නොවෙයි. නමුත් ඔබ තමන් වෙනුවෙන් අන්න අර සතා මරා දෙන්න යැයි කියා මැරෙවුවොත් ' එතන චේතනාව සකස් වෙනවා ප්‍රාණඝාතයට" අන්න එතකොට පවු වෙනවා. මේක සියුම් දෙයක් . ඔබ කියන විදිහට බැලුවොත්, අපි ගමු 100% නිර්මාංශ කෙනෙක්, එයා කන්නේ මොනවද බත්, එළවලු, පළතුරු. ඒවා ගන්නේ කොහෙන්ද ? කඩෙන්, ඉතින් කඩේට ගොවියාගෙන්, ගොවියා මේවා හදන්න කොපමණ කෘමි නාශක ගහලා සතුන් දහස් ගණන් මරනවනේ, එතකොට කන නිසානේ එහෙම වවන්නේ කියල බත් කන අයටත් පවු වෙනවනේ! තවත් කියනවා නම් කන්න කලින් සෝදනවා, තම්බනවා, උයනවා, මොකටද ක්ෂුද්‍ර ජීවීන් නසා පිරිසිදු කරන්න , එතකොට ප්‍රාණඝාත නැද්ද ? චේතනාව අනුව නොබලා ක්‍රියාව අනුව බලන්න ගියොත් ඔක්කොම අමාරුවේ නේද? (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 30 August 2012 12:54 PM

ඇයි මේක ස්ථිරවම නවත්වන්න කියන්න බැරි? (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 01 September 2012 04:08 PM

උභතෝකෝටික ප්‍රශ්නයක් නැත. ඇත්තේ වටහ ගැනීමේ හෝ ඕනෑකමින් වටහා නොගැනීමේ ප්‍රශ්නයකි. ඕනෑම සත්වයෙක් මැරීම අකුසලයක් බව පැහැදිලිව සඳහන් වී ඇත. අකුසලය සිදු වන්නේ සත්වයකුගේ ප්‍රාණය නැති කරන අවස්ථාවේදීය. බුදු දහම තරම් අවිහිංසාවාදී ආගමක් තවත් නැත. සමහර සතුන් හෝ මරාගෙන කන්න පුළුවන් කියා නැත. මේ අනුව ඔබ මරණ සතුන් අනුභවයට ගැනීමෙන් අපට පවක් සිදුවන්නේ නැත. එසේනම් ඔබත් කළයුත්තේ සමහර සතුන් හෝ නොමරා සිටීමයි. (නි)

:       0       0

මංජුල Thursday, 30 August 2012 01:03 PM

තාවකාලිකවද? මොන විකාරයක්ද මේක.. මේවගේ ස්ථාන කඩලා විනාශ කරන්න ඕන.. මේවගේ අය තමයි මේ රටේ අපරාධ කරන්නෙ.. (නු)

:       0       0

සිරිවර්ධන Wednesday, 05 September 2012 02:42 PM

තිහගොඩ, මට ඔබව පෙනෙන විදියට වඩා වැදගත් වන්නේ ඔබට ඔබව පෙනෙන විදියයි. එකයි කිව්වේ බුද්ධාගම ඉගෙනගත් අයකුගෙන් අහන්න කියල? කෝ ඇහුවද? නෑනේ.(ස)

:       0       0

ලංකා Thursday, 30 August 2012 12:58 PM

"බුදු හාමුදුරුවෝ මස් වෙළදාම තහනම් කළා නම් ඇයි මස් කෑම තහනම් නොකළේ?" සතුන් නොමරා මස් වෙළදාම් කරන්නේ කොහොමද? (නි)

:       0       0

එරංග Thursday, 30 August 2012 01:05 PM

මිනිස්සුන්ට සැනසිල්ලේ ජීවත් වෙන්න පුලුවන් විදියට, රටේ වෙන අනෙක් දේවලුත් නවත්වන්න බැලුවොත් හොදයි. (නි)

:       0       0

සනත් Thursday, 30 August 2012 05:35 PM

ධාතූන් වහන්සේලා ආපසු වැඩම කළහම මේ බිලි පූජාව කරනවා නම් මේ නියෝගයෙන් පලක් නැහැ. හරියට මුතුවන් අකුරින් ලියපු කටුක වචන වැලක් වගේ. ඔන්න ඔහෙ බිල්ල දෙන්න කියන්න. ධාතු වගේද ලේ පිපාසයෙන් ඉන්න මිනිසුන්? අර අසරණ සතුන් මරබියේ ගැහෙන එක තවත් දික් වෙනවනේ. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 06 September 2012 04:02 PM

ඕසන් සලාම් සහෝදරයා සහ සිංහල සහෝදරවරුනි, මේ වාද විවාදය නවත්වමු. ආගමක් පිළිපැදීම තමන්ට තියෙන අයිතියක්. (නි)

:       0       0

ගාමිණි Thursday, 30 August 2012 01:05 PM

මේක කරන්න දෙනන්ම එපා. කොහොමහරි නතර කරන්න ඕනෑ. (නි)

:       0       0

සිරිවර්ධන Friday, 31 August 2012 03:23 PM

ඔව්, ඔසන් සලාම්, පව සිදුවන්නේ මරණ කෙනාට, කන කෙනාට නෙමේ. මොනම හේතුවක් නිසා හෝ සතුන් මැරීම පවක් බව බුදු දහමේ සඳහන් වේ. නැතුව සමහර ආගම් වගේ මනුෂ්‍යයාගේ ප්‍රයොජනය සඳහා ඕනෑම සතෙකු මරාගෙන කන්න පුළුවන් කියා නැත. (උදාහරණ: කුරානය 40:79-80) (නි)

:       0       0

තිහගොඩ Tuesday, 04 September 2012 06:15 PM

හරි හරි සිරිවර්දන, ඔයා සතුන්ගේ මස් කන්න. උන් ජීවත් වෙන්නෙ ඔයාලගේ කෑම රසවත් කරන්නනේ.

:       0       0

තිහගොඩ Tuesday, 04 September 2012 06:23 PM

සිරිවර්දන, ඔබට මම මෝඩයකු ලෙස පෙනෙන එකට මට කමක් නැත. …බුද්ධාගමේ මස් කෑම සදහන්ව නැති එකෙන් ඔබ නිගමනය කරන්නෙන් බුදුන් වහන්සේ මස් කෑම අනුමත කළ එකද? (නි) … …

:       0       0

තිහගොඩ Tuesday, 04 September 2012 06:30 PM

ඔසන් සලාම්, සතාව මරන්න බැහැ, කන්න පුලුවන් කියලා සංකල්පයක් බුදු දහම් නැත. එහෙම කෙනෙක් කියනවා නම් එය මස් කෑමට දක්වන පෙරේතකමට හදාගත්ත දෙයකි. (නි)

:       0       0

සජී Thursday, 30 August 2012 01:10 PM

මේ පූජාව වෙනුවෙන් සත්තු මරණ එක වගේම මස් පිණිස සතුන් මරණ එකත් නතර කරන්න පුළුවං නම් කොච්චර හොද පිංකමක්ද?(නු)

:       0       0

අරිස් Thursday, 30 August 2012 05:45 PM

කොළඹ නගරයේ ඇති සත්ව ඝාතකාගාරය කොවිල් භූමියේ පිහිටුවමු.. මෙතනින් මස්කඩවලට බෙදා හරින්න පුළුවං..!ගැටළු දෙකමත් විසදෙනවානේ..!!(නු)

:       0       0

සිල්වා Friday, 31 August 2012 06:10 AM

හිමිකම් තියෙන්නේ මානවයට විතරද? සත්තුන්ට නැද්ද? ඇයි අපි තවමත් වනචාරී යුගයේ ඉන්නේ? (නි)

:       0       0

කුමාර Thursday, 30 August 2012 01:13 PM

බෞද්ධ රටක් වෙච්ච ලංකාවේ සමූල සත්ත්තව ඝාතන හොද නැහැ. (නි)

:       0       0

උපාලි Thursday, 30 August 2012 05:56 PM

ජනාධිපතිතුමනි, සියලුම මස් කඩ වසා දමන්න. සියලුම දේට කලින් සිංහලයන්ට කියන්න මස් කන එක නතර කරන්න කියලා. (නි)

:       0       0

ශ්‍රියානි කොඩිකාර Saturday, 01 September 2012 04:45 PM

මේ මිහිපිට සිටින සියලුම සත්වයන්ට ජීවත් වීමට අයිතියක් තියෙනවා....(නු)

:       0       0

බුද්ධික Thursday, 30 August 2012 01:08 PM

අනේ වාසනාවන්! (නි)

:       0       0

මාතර කොල්ලා Thursday, 30 August 2012 01:10 PM

බිලිපූජා කරන අයට පාපකර්මය ගැන කියාදීමෙන් මෙය නවත්තන්න.. මොකද මමත් පොඩිකාලේ මේ කෝවිලට කිහිප වරක් ගිහිල්ලා තියෙනවා..එදාට වඩා අද සත්තු මරණ එක වැඩියි.. අපේ හාමුදුරුවන්ට තියෙන්නේ සත්තු අරන් එන අයට මේ පාපකර්මය පහදන්න..!!(නු)

:       0       0

සම්පත් Thursday, 30 August 2012 06:03 PM

මේ බිලිපූජාව සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි. මොකද සියලුම සත්ත්වයන්ට ජීවත් වීමට අයිතියක් තියෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 30 August 2012 01:13 PM

සතුන් මැරීම බුදු දහමට අනුව එය කරන අයට පසුපසින් එන විශාල අකුසල කර්මයකි..!! ජනාධිපතිදුනි ඔබට පිං..!!(නු)

:       0       0

රොබට් Thursday, 30 August 2012 01:13 PM

හාල් මැස්සෝ එක පිරිසියකට ජීවිත කීයක්ද ? (නි)

:       0       0

සමන්ත Thursday, 30 August 2012 01:24 PM

පුලුවන් නම් ස්ථිරවම මේක නවත්වන්න ඒක ලොකු පිනක්. (නි)

:       0       0

ආනන්ද Thursday, 30 August 2012 06:07 PM

සතුන් මරන ඒවා, මිනී මරන ඒවා, ළමා අපචාර නවත්වන්න කාටවත් බැහැ. ඒ සදහා මිනිසුන් තුළ ස්වයං විනයක් ඇතිවිය යුතුයි. (නි)

:       0       0

ජයා Thursday, 30 August 2012 06:11 PM

මෙය ඉතා හොද ආදර්ශයක්. දීර්ඝ කාලයක් තිස්සේ ඇදි ඇදී යන නඩුත් මෙහෙම ඉක්මණින් අවසන් කරන්න පුලුවන් නම් හොදයි. (නි)

:       0       0

ජානක වීරසිංහ Saturday, 01 September 2012 09:09 AM

බුද්ධාගම අන්තවාදී නැහැ.. අන්තවාදී ආගම්වල අයට වෙන දේ හිතාගන්න පුළුවං බිල්ලාඩන්ට වුණ දේ අනුව.. අවිගත්තෝ අවියෙන්ම නැසෙති.. සත්වඝාතකයන් සත්වයන් සේ මැරෙනවා.. !!(නු)

:       0       0

හරින් මාලදිවයින Thursday, 30 August 2012 01:28 PM

අහිංසක සත්තු මරණ එක වහාම නතරවිය යුතුයි.. සතුන්ට කතා කරන්න පුළුවං නම් මෙලහකටත් කතා කරලා කියයි අපටත් වේදනාව සහ මරණ බය දැනෙනවා කියලා..!!(නු)

:       0       0

සුසන්ත Friday, 31 August 2012 08:11 AM

මේ අපරාධ කරන්නන්ට හොදක් නම් වෙන්න එපා. (නි)

:       0       0

සිරිවර්ධන Wednesday, 05 September 2012 03:29 PM

මෙම තීරුව කියවන පාඨකයන්ගේ දැන ගැනීම පිණිසයි.මෙතන එක් මුස්ලිම් බැතිමතෙක් බුදු දහම හෝ බෞද්ධයන් ගැන කිසිදු අවබෝධයකින් තොරව අදහස් දක්වයි. බුදු දහමේ දෙවියන් වහන්සේ කෙනෙක් නැත. මේ ලොව කිසිවකු විසින් මවන ලද්දක් බව බෞද්ධයෝ විශ්වාස නොකරති. මේ ලොව කිසිවකු විසින් මවන ලද්දක් බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. බුදු දහමට අනුව මේ ලෝකයේ සෑම සත්වයෙක්ගෙම ප්‍රාණය එකයි. ගවයා හෝ එළුවා පමණක් ඝාතනය කරන්න එපා කියා කොහෙවත් කියා නැත. සත්ත්ව ඝාතනයට බුදු දහමෙන් කොහෙත්ම අවකාශයක් නැත. නමුත්...............(ස)

:       0       0

සම්පත් Thursday, 30 August 2012 06:22 PM

පවු. (නි)

:       0       0

මහේල Thursday, 30 August 2012 01:26 PM

කපිල වස්තු ධාතූන් වහන්සේලා ගෙන ගියාට පස්සෙ මරන්න පුලුවන්ද? (නි)

:       0       0

අනුර Thursday, 30 August 2012 01:33 PM

අපේ ඇමතිතුමා ඕක කොහොමත් නවත්වනවා, සදහටම. (නි)

:       0       0

ෂෙහාර් ඩේවුඩ් Thursday, 30 August 2012 06:21 PM

එහෙනම් කුකුල් මසුත් තහනම් කළ යුතුයි. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 30 August 2012 01:29 PM

තව අවුරුදු 10ක් යද්දී ධර්මද්වීපය කියලා කියන්න බැහැ. (නි)

:       0       0

අනුර Thursday, 30 August 2012 06:34 PM

හොද වෙලාවට නැවැත්තුවේ. නැත්නම් හොද සෙල්ලම් ටිකක් බලාගන්න තිබුණා. (නි)

:       0       0

සනත් Monday, 03 September 2012 11:41 AM

මේවට නම් ඉඩක් දෙන්න එපා. (ත)

:       0       0

බිම්සර සදගලතැන්න Thursday, 30 August 2012 01:37 PM

ලංකා ඔබේ අදහස වැරදියි..!! බුද්ධ දේශනාවේ තහනමක් ගැන නැහැ.. අකුසල කර්මයන් විපාක විදින්න සිදුවන බවත් එයියන් වැලකී සිටිය යුතු බවත්ය.. සබ්බේ තසන්ති දණ්ඩසා.. සබ්බේතං ජීවිතං පියං.. අත්තනං උපමංකත්වා.. නහනීයං නග්හත්තේ..!!(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 01 September 2012 10:00 AM

තත්වය මෙහෙම නම් බුදුරජාණන්ට චුන්ද පුත්‍රයාගෙන් පමණක් නොව පටාචාරාව පවා පිළිගැන්වූ මස් ආහාරය අනුභව කිරීමෙන් පසුව උන්වහන්සේට හටගත් උදර ආබාධය හේතු කොටගෙනම උන්වහන්සේ පිරිනිවන් පෑමට සිදුවූවා නම් බුද්ධ දේශනයේ යම් ද්විත්ව ප්‍රමිති සංකල්පයක් තිබෙනවාදෝයි අපට හැග. යමෙක් අල්-කුර්ආනය හරියාකාරව කියවා තේරුම් ගැනීම අවශ්‍යයි. මන්ද අල්කුර්ආනය මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය සදහා ඕනෑම සතෙකු මරාගෙන කන්න කියා නැහැ. අල්ලාහ් දෙවිදුන් විසින් විවිධ මිනිස් ප්‍රයෝජනයන් සදහා සියළුම සිවුපා සතුන් මවා තිබුණද ආහාරය සදහා අපට උපයොගී කළ හැකි සතුන් මොනවාදැයිද අපට පැහැදිලි කර ඇත. එසේම ආහාරය සදහා සතුන් මැරීම ඔබලාගේ දහම අනුව අකුසලක් නම් එය අනුභව කිරීම අකුසලක් නොවන්නේ මන්දැයි අපට නම් උගතෝකෝටික ප්‍රශ්නයකි. (නි)

:       0       0

සංජය Thursday, 30 August 2012 01:39 PM

හොදයි හොදයි. (නි)

:       0       0

දයා-සවුදි Thursday, 30 August 2012 01:40 PM

නරකද එල්ලුම් ලහට නියමිත අය ටික සේරම ඔය දිනට මුන්නේශ්වරමට ගෙනල්ලා කැපුවොත්? (නි)

:       0       0

තිහගොඩ Thursday, 30 August 2012 06:41 PM

පූජාවට මැරුවත්, කන්න මැරුවත්, පව පවමය. පර පණ නැසීමක් මේ. මස් කන අයට මේකට විරුද්ධව අදහස් දක්වන්න අයිතියක් තියෙනවද? හිතලා බලන්න . (නි)

:       0       0

රුවන් Thursday, 30 August 2012 01:44 PM

මොහොමඩ්, කට ඇරගෙන බලාගෙන ඉන්න ලංකාව මුස්ලිම් වෙනකල්. (නි)

:       0       0

සමන් Friday, 31 August 2012 09:13 AM

මෙය ස්ථිරවම නවත්වන්න නියෝග කරනතුරු අපි ආණ්ඩු පක්ෂයට ඡන්දය දෙන්නේ නැහැ. (නි)

:       0       0

සෑම් Thursday, 30 August 2012 06:50 PM

මේවාට අනුමැතිය ඇතුව කතා කරන අයට හෙණ 7,8,9,10.... ගහන්න ඕනෑ. (නි)

:       0       0

ගයාන් ඉන්දිකා Thursday, 30 August 2012 01:46 PM

අනේ මිනිසුනේ ටිකක් කල්පනා කරලා බලන්න මිනිසුන් කියලා කියන්නේ මනස උසස් නිසා බව.. මේවා නවත්තන්න ජනාධිපති නියෝග දෙන්න ඔනෙ නැහැ.. මනසින් කල්පනා කරල්ලා..!!(නු)

:       0       0

බණ්ඩා Thursday, 30 August 2012 01:47 PM

මට එක්තරා ආයතනයක් ඉස්සරහට ගිහිල්ලා හයියෙන් හූවක් කියන්න හිතෙනවා. (නි)

:       0       0

ශිරාස් Thursday, 30 August 2012 01:55 PM

කපිලවස්තු ධාතුන් වහන්සේලා වැඩසිටින අතරතුර ලංකාවෙ තිබෙන බාර් ටිකත් වහන්න පුළුවං නම් ලොකු දෙයක්..!(නු)

:       0       0

කසුන් Thursday, 30 August 2012 02:06 PM

තවමත් ලංකාවෙ සිංහල බෞද්ධ අය ඉන්නවා.. මේක හැමදාමත් ධර්මද්වීපයක්..!!(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 05 September 2012 03:52 PM

මෙලොව කිසිවෙකු විසින් මවන ලද්දක් නොවන බවන කීවත් දෙචි කෙනෙකු විසින් මවන ලද බව පිළි‍ගැනීමට හොදම සාක්ෂිය අල් කුර්ආනයයි....බුද්ධිය තිබෙන කෙනෙකුට මෙලොව ඉබේ බිහිවුවන බවට කියන්න කිසිදු සාධකයන් නොමැත. ඒ වගේම බුදු දහමේ දෙවි කෙනෙකු නැති බව කියනවා නම් බුදු පිරිත්වල සදහන් "ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා" යන පාඨයේ තේරුම කියන්න පුළුවන්ද.... (ස)

:       0       0

සේනක Thursday, 30 August 2012 02:00 PM

ලංකා, කවදාවත් බුදුරජාණන්වහන්සේ මස් වෙළදාමක් ගැන කියලාවත් මස් කෑමට ගන්නෙපා කියලාවත් නැහැ..!!(නු)

:       0       0

ෆසීල් Thursday, 30 August 2012 07:11 PM

මෙතන ප්‍රතිචාර දාලා තියෙන අයට පිස්සුද මන්දා? මේ අය මෙහෙම ප්‍රතිචාර දාලා තියෙන්නේ සත්තුන්ට තියෙන ආදරේකට නෙමෙයි. මේ බිලි පූජා මුවාවෙන් හරි අතුරු වාසි ගන්න. (නි)

:       0       0

සිරිවර්ධන Thursday, 06 September 2012 01:32 AM

තිහගොඩ, ඔබගේ තර්කය අනුව කොන්ත්‍රාත් මිනිමරුවෙකුටත් කියන්න පුළුවන් ඔහු කරන්නේ තමන්ගේ ගණුදෙණු කාරයන්ගේ අවශ්‍යතාවය සපුරාලීමක් කියලා. ඔබගේ මතය අනුව කොන්ත්‍රාත් මිනීමරුවාගේ චේතනාව මැරීම නොව තම ගණුදෙණු කාරයන්ගේ මනදොල පිනවීමයි. අනේ, පින් සිද්ද වෙයි, කරුණාකරලා මම ඉස්සෙල්ලා කියපු දේ කරනවද? (නි)

:       0       0

සිරිවර්ධන Friday, 07 September 2012 02:03 AM

තිහගොඩ, මම මේ තීරුවෙන් කිසිවකුට පෞද්ගලිකව අපහාස කිරීමට තැත් නොකෙළෙමි. මට ටිකක් තරහ ගියේ ඔබ මා ගැන කිසිවක් නොදැන 'මස් වෙළෙන්දෙක්ද මන්දා' යැයි පැවසීමයි. මෙන්න ඔබගේ ප්‍රශ්න 2 ට පිළිතුරු. 1. මස් අනුභව නොකරමි, හැබැයි මාළු අනුභව කරමි. 2. අහල තියෙනවද රටේ කැරැල්ලක් සිදුවුණා. මා ඉපදුණේ එම වසරේ. (නි)

:       0       0

කසුන් Thursday, 30 August 2012 02:01 PM

මේ රට වෙනුවෙන් අපි මැරෙන්න උනත් සූදානම්..!!(නු)

:       0       0

රත්නසිරි හේවගේ Thursday, 30 August 2012 02:02 PM

ජනාධිපතිතුමාට පිං සිදු වේවා..!!(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 05 September 2012 04:08 PM

මෙලොව කිසිවෙකු විසින් මවන ලද එකක් නොවන බව කීවත් එය දෙවි කෙනෙකු විසින මවන ලද බවට තිබෙන හොදම සාක්ෂිය අල් කුරානයයි. බුදු දහමේ දේව සංකල්පයක් නැහැයි කියනවානම් එනම් බුදුබණ පිරිත්වල කියවන ,ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා යනුවෙන් කියවෙන්නේ මොකක්ද ? එහි තේරුම කියවා දෙන්න පුළුවන් ද?(ස)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 30 August 2012 07:17 PM

මෝඩයන් නොවී යහපත් දේ යහපත් ලෙසට බලන්න. ජනපතිතුමාට පින්. (නි)

:       0       0

නිශාද් ප්‍රීනා Thursday, 30 August 2012 02:11 PM

ලෝකයේ හැම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට ආදරෙයි..! මිනිසුන් මේ හැම සතුන්ගෙම ජීවිතය උදුරාගනී..!!(නු)

:       0       0

සිරිවර්ධන Friday, 07 September 2012 02:13 AM

රිස්වාන්, ඔබ හරි. මම පොඩි කතාවක් කියන්නම්. මගේ බෞද්ධ මිතුරෙක් කරපු දෙයක්. දවසක් ඔහුට තමන්ගේ ආගම පතුරුවන අන්‍ය ආගමිකයන් දෙදෙනෙක් මුණ ගැසුණා. මෙම දෙදෙනා මගේ මිතුරාට ඔවුන්ගේ ආගම ගැන හැඳින්වීමක් කරන්නට පටන් ගත් ගමන් මගේ මිතුරා මෙසේ කීවා. "ඔබ ඔබේ වටිනා කාලය නිකරුණේ වැය කරනවා". මින් පුදුමයට පත් ඔවුහු මගේ මිතුරාගෙන් ඔහුගේ ආගම පිළිබඳව විමසුවා. එතකොට, මගේ මිතුරා මෙසේ පැවසීය. "අනේ, මට මගේ වටිනා කාලය වැය කළ නොහැක. කතාව එතනින් අවසාන විය. (නි)

:       0       0

අශාන් Thursday, 30 August 2012 02:06 PM

එහෙනම් ධාතූන් වහන්සේ තියෙනකල් ඩෙංගු මදුරුවොත් මරන්න එපා. (නි)

:       0       0

ගිහාන් Thursday, 30 August 2012 07:32 PM

ගං කබරයා , තලගොයා කරලා කාලා වගේ වැඩක්නේ. (නි)

:       0       0

අසන්ත Thursday, 30 August 2012 02:14 PM

අපි නම් දන්නවා මොකේටද කියලා..!!(නු)

:       0       0

තිහගොඩ Monday, 03 September 2012 07:43 PM

සිරිවර්ධන මස් මුදලාලි කෙනෙක්ද මන්දා. ඒකයි බුද්ධාගම පිට දාලා මස් කෑම්ට අනුබල දෙන්නේ. තමුන්ට මස් කන්න ඕනෑ නම් අපිට කමක් නැහැ. බුද්ධාගම ගාව ගන්නෙ නැතුව ඉන්න. (නි)

:       0       0

කමල් Thursday, 30 August 2012 02:09 PM

මර්වින් සිල්වා මහතාට වාරය පැමිණ ඇත..!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 02:21 PM

ඔය කරන පූජාවක් පළතුරු එළවලු වලින් කරන්න බැරිද?(නු)

:       0       0

ලෙනී ජෝන් Thursday, 30 August 2012 02:15 PM

අපි සියලුදෙනාම නිර්මාංශ වෙන්න පුළුවං නම් මේ ලොව කොතරම් සුන්දර වේවිද?(නු)

:       0       0

තිහගොඩ Thursday, 06 September 2012 12:06 PM

සිරිවර්දනට තරහ ගියාද? මම දන්නෙ නැති දෙයක් ගැනනේ ඇහුවේ? ඔහොමද නොදන්න අයකුට යමක් තෙරුම් කරලා දෙන්නෙ? …අන්තිම ප්‍රශ්න දෙක : 1. ඔබ මස් අනුභව කරනවද? 2. ඔබගේ වයස කියන්න පුලුවන්ද? (නි)

:       0       0

විතාන පද්මදාස Thursday, 30 August 2012 02:25 PM

මේ අදහස් දාන කීදෙනෙක් නිර්මාංශද කියලා හිතට එකගව හිතන්න.. බලන්න ගිහිං දෙමටගොඩ ගව ඝාතකාගාරය එතකොට ඒ සත්තු නෙමෙයිද?(නු)

:       0       0

චමිල් Friday, 31 August 2012 10:44 AM

ඇයි මේක සදහටම නවත්වන්න බැරි? (නි)

:       0       0

නසීන් Friday, 31 August 2012 10:52 AM

හැමෝම කරන තරමක් පවු කරන්නේ පන්සිල් පද පහම සමාදන් වෙලා. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 05 September 2012 11:30 AM

මාගේ හිතවත් බෞද්ධ සොයුරනි, ලොව උතුම් හා ශ්‍රේෂ්ඨ නිර්මාණය සහ ජීවය වන්නේ මිනිසාය. අනෙකුත් සියළු ජීවීන් මවා තිබෙන්නේ මේ මිනිස් වර්ගයාගේ ප්‍රයෝජනය සහ යහපත හා වර්ධනයන් සදහාමය. ඒ හැර එම ජීවීන් වෙනුවෙන් මිනිසා දෙවියන් විසින් මවන ලද්දක් නොචේ. ඔබලා හිතන්නේ ඔහොමයි. පළමුවෙන් පැහැදිලි කරගතයුතු කරුණත් එයයි. ඒ මිනිසාගේ පැවැත්ම සදහා මෙලොව අනෙකුත් මැවීම් හෝ නිර්මාණයන් උපයෝගී කර ගත යුතු ආකාරය ක්‍රමවත්ව දේශනා කර ඇති හෙයින් සතුන් පිළිබදවද කරුණු කාරණා කියාදී තිබේ. උදාහරණයට "ජලය වෙනුවෙන් අපි නොව අපි වෙනුවෙන් ජලය" ලබාදී තිබේ. එසේ වූවත් "ගගබඩ ආශ්‍රිතව ඔබ ජීවත් වූවද ගගේ ජලබිදක්වත් නිකරුණේ අපතේ යැවීම තහනම්" යැයි කීවේ ඉස්ලාම්ය. එසේම අපට ආහාරයට ගත හැකි සතුන් ඝාතනය කළ හැක්කේ එය කෑමට මිස වෙන හේතූවක් නිසා නොවන බව ඉස්ලාමය දේශනා කරයි. ආහාරය සදහා ඝාතනය කිරීම නිසා පව් සිදුවේ නම් එය පවක් බව කිවයුත්තේ මැචුම්කරුවාණන් විසින් බව නැවත අවධාරණය කරමි ! බුදුරජාණන්ගේ ජීවිත කාලය නිමවන්නේ වර්ෂ 2600ට පෙරය. එනම් ඊට පෙර මෙලොව තිබුණේ නැද්ද ? මිතුරනි, ලොව මැව්වේ බුදුරජාණන් නොවේ. නමුත් අපි එතුමන්ට ගරු කරමු. මම කාරුණිකව බෞද්ධාමිකයින්ගෙන් අසන ප්‍රශ්නය නම් බුදුන්ගේ දේශනය වන්නේ ප්‍රාණඝාතනය එපා කියන එකද? නැතිනම් ගවයා හෝ එළුවා පමණක් ඝාතනය කරන්න එපා කියන එකද ? මුස්ලිම්වරුන්ට මස් කෑම අනුමැතියක් මිස අනිවාර්ය කටයුත්තක් නොවේ. ඔබලා මස් කන්නම ඕනෑ කියා අපට බල කර නැත. මුස්ලිම් අයෙකුට තම ජීවිත කාලයටම මස් මාංශ කට නොගා අචශ්‍ය නම් ජීවත්විය හැකියි. අපි සියල්ල එකම දෙවියන් විසින් මවන ලද මැවීම්ය. අපගේ අඩුලුහුඩුතා නිසාම වෙනස්වී ඇත්තෙමු. ලොව සත්‍ය කුමක්දැයි තෝරා ගැනීමට උත්සාහ කරමු. (නි)

:       0       0

ජබීර් Friday, 31 August 2012 10:52 AM

ඇයි ඕකට ඔච්චරටම කලබල වෙන්නේ? (නි)

:       0       0

රාජා Friday, 31 August 2012 10:56 AM

ඒගොල්ලන්ගේ ආගමේ වැඩක්නේ ඒ නිසා ඒක කරන්න දුන්නාහම මොකද අනේ (අ)

:       0       0

කෙනත් Tuesday, 04 September 2012 09:41 PM

සිරිවර්දන මහතා නිවැරදියි. ප්‍රාණඝාතය සහ මස් කෑම එකක් නොවෙයි දෙකක්. මෙතන මේක නොතේරෙන්නේ ක්‍රියාව අනුව කර්මය විග්‍රහ කිරීම නිසයි. නමුත් විය යුත්තේ ක්‍රියාවට මුල් වුණු චේතනාව අනුව කර්මය විග්‍රහ කිරීමයි. චේතනාව විග්‍රහ කරගැනීමට දක්ෂ නොවුණු පුද්ගලයා වැරදි මතවලට පැමිණෙනවා. අකුසල් කුසල් ලෙස හිතනවා, කුසල් අකුසල් ලෙස හිතනවා. මේ නිසා සිල්වතුන්ට අපහාස කරමින් පව් රැස් කර ගන්නවා. කර්මය වන්නේ ඊට පාදක වුණ චේතනාවයි. කඩයක විකිණීමට ඇති පළතුරක්, එළවළුවක් මිලට ගෙන කෑමත්, විකිණීමට ඇති මස් මාලු මිලදී කෑමත් අතර චේතනාත්මක වෙනසක් නැහැ. මොකද සිතා මතා ප්‍රාණඝාතයක් නොකළ බැවින්. නමුත් කඩයක බැද දමා ඇති කුකුලෙකු දැක , මස් ඉල්ලු විට, ඌ මරා මස් කර දුන්නොත් අන්න ප්‍රාණඝාතයට හසු වෙනවා. එතන කර්මය සිද්ධ වන්නේ මස් කෑමේදී නොවේ, කුකුළා මැරීමේදීයි. ඔසන් සලාම්, ඔබ මුස්ලිම් කෙනෙකු නිසා මෙම චේතනා විග්‍රහ කිරීම හෝ මොනයම් විග්‍රහයක් ඔබට විෂය වෙන්නේ නැහැ. මොකද ඔබලාගේ ආගමේ දේව කැමැත්තට මිසක් චේතනා විග්‍රහයට ඉඩක් නැති නිසා. ඒ නිසා කරුණාකර නොදන්නා දෙයක් ගැන කතාකරමින් නිකරුනේ පව් රැස් කර ගන්න එපා. අනෙක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිල් පද ගැන, බෞද්ධ අයගේ ප්‍රාණඝාත වැළකීම ගැන කෑ ගහන්නේ ඔයා නිර්මාංශ වෙලාද නැත්නම් ප්‍රාණඝාතයෙන් වැළකිළාද? හලාල් කියලා ඔයාලා ගෙවල්වලම හරකුන්ගේ බෙලි කපලා මරා උයන් කනකොට ඕවා මතක් වෙන්නේ නැහැ නේද? අනෙක සීලයක ලක්ෂණය එය රකින්නා නිහතමානී වෙනවා, සීලය උලුප්පමින් එය නොරකින අයට අපහස කරන්නේ නැහැ. නමුත් මේ අලුත් "නිර්මාංශ සීලය" රකින අය බැලුවොතින් මස් කන අයට ගරහනවා, තමන් ගැන උලුප්පා දක්වනවා. ඒක මෙය සීලයක් නොවන බවටත් වෘතයක් පමණක් බවටත් ඔප්පු වීමක්. (නි)

:       0       0

මාරි Thursday, 30 August 2012 02:31 PM

මේක නවත්තලම දාන්න.. ධාතුන්වහන්සේලා වැඩසිටිනතුරු පමණක් නොව සදහටම.. මම බෞද්ධ නොවුනත් මේ සත්ත්ව හිංසනය එපා..එපා.. එපාමයි.. මේවාට පෙළඹෙන මිනිසුන් තවමත් ඉන්නවා අපි අතරේ.. කන්න නැති කෙනෙකුට කන්න දෙන්න බාරයක් ඔප්පු කරන්නම ඕන නම්.. නැතිනම් ගෙයක් නැති කෙනෙකුට ගෙයක් දෙන්න.. මොන සතා මරලාහරි තමන්ගේ දේ කරගන්න කට්ටියක්නෙ මතකද ප්‍රභාකරන්..!!(නු)

:       0       0

සඳු Monday, 03 September 2012 01:26 PM

ජනාධි පති තුමනි. කොහොම හරි බිලි පුජාව නතර කරන්න (දී)

:       0       0

ඉල්යාස් Friday, 31 August 2012 11:10 AM

අයියෝ ඇයි මේක නැවැත්තුවේ? මේක එයාලගේ ආගමේ වැඩක් නේද? (නි)

:       0       0

පූජිත Thursday, 30 August 2012 02:34 PM

දියුණු ලෝකෙට නොගැලපෙන වනචාරී වැඩ නවත්තන්න ඕන.. මේ බිලිපූජාව කළොත් කාලිමෑණියො සතුටු නෙමෙයි දුක් වෙයි..!!(නු)

:       0       0

රශාඩ් Tuesday, 04 September 2012 09:48 PM

ඔසන් සලාම්, මාර වැඩේනේ. ඔයගොල්ලන්ගේ දෙවියන් අහිංසක සතුන්ගේ බෙල්ල කපන හැටි කියලා දීලා තිබෙනවද? ඔන්න බොලේ එයත් ප්‍රාණඝාතයට අසු වෙනවා. අර බින් ලාඩන්ලා අල්ලා ගත්ත සිරකරුවන්ගේ බෙල්ල පොඩි පිහිවලින් කපන්නේ මේ දෙයියෝ කියලා දුන්න විදිහටද? අනේ මේ හරියට පරපණ නැසීම ගැනවත් තේරෙන්නේ නැති ඔයා නොදන්නා දේවල් වලට හොට දාන්නේ නැතුව ඔය රට ඉදි ටිකක් කාලා, ඔටුවෙක් මරාගෙන ඔහෙටම වෙලා ඉදලා මරණින් මතු අපායට ගිහින්ම බලන්න, කොරගත්ත දේක හරිය. මම නම් ඔය මෝඩ විස්වාසයෙන් ගැලවුණා. (නි)

:       0       0

මොහොමඩ් Friday, 31 August 2012 11:29 AM

කසුන්, රට වෙනුවෙන් ඔයා මැරෙන්න කතා කරන්නේ වෙන රටක ඉදන්ද? (නි)

:       0       0

සිරිවර්ධන Wednesday, 05 September 2012 05:19 PM

අල් කුරානය සාක්ෂියක්ද? එහෙනම් බයිබලයද සාක්ෂියක් යැයි තවත් සමහරෙකුට තර්ක කළ හැක. එසේම ත්‍රිපිටකය සාක්ෂියක් යැයි තවත් සමහරෙකුට තර්ක කළ හැක. ඔබ කියන ඔය ගාථාවේ "දේවා නාගා" යන්නෙහි තේරුම තව දුරටත් සොයා බලන්න. එම ගාථාවේ කොතැනකවත් ඔබ කියන දෙවියන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් නොවේ. (නි)

:       0       0

ගුණසිරි Thursday, 30 August 2012 02:35 PM

ඇත්තටම අපේ ජනාධිපතිතුමා කරලා තියෙන්නෙ කියලා නිමකරන්න බැරි හොද වැඩක්..!! මැතිදුණි මෙවැනි යහ ක්‍රියා හැමදාමත් කරත්වා.. ජනතාව ඔබ සමගයි..!(නු)

:       0       0

ශාන් Friday, 31 August 2012 11:25 AM

සත්තු බර ඇදලා, දුක් විදලා මැරෙනවාට වැඩිය එකපාරින්ම මැරෙන එක හොද නැද්ද මල්ලී? (නි)

:       0       0

ජනක Saturday, 01 September 2012 12:39 PM

කොහොම හරි කෑමක් නැහැ නවත්තුවනේ (දී)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 06 September 2012 06:54 PM

මෙතැන වාද චිචාදයක් නැත. තිබෙන්නේ දැනුම බෙදාගැනීම පමණයි. තමන් දන්නා දෙයක් තව‍ කෙනෙකුට කියාදීම හෝ දැනුවත් කිරීම වාදයක් විය නොහැකියි. එය පිළිගැනීම හෝ නොපිළිගැනීම තමා තමතමන්ගේ අයිතීන් වනුයේ. ඔබගේ උනන්දුවට මගේ ස්තුතිය. (නි)

:       0       0

සිරිවර්ධන Tuesday, 04 September 2012 02:10 PM

තිහගොඩ, කරුණාකරලා බුද්ධාගම ඉගෙනගත් කෙනකුගෙන් අහන්න, බුදු දහමට අනුව මස් අනුභව කිරීම පවක්ද කියල? පවක්නම් ඒ බව බුද්ධ දේශනයේ කොතනද සඳහන් වෙලා තියෙන්නේ කියල? මේ ලෝකයේ මිනිසුන් තමන්ගේ දැනුම අනුව 4 කට වර්ග කර ඇත. සමහරෙක් තමන් දන්නා බව දනිති. සමහරෙක් තමන් දන්නා බව නොදනිති. සමහරෙක් තමන් නොදන්නා බව දනිති. තවත් සමහරෙක් තමන් නොදන්නා බව නොදනිති. මේ අන්තිම වර්ගයට අයත් පුද්ගලයින් සමග තර්ක කිරීම අනුවණ ක්‍රියාවකි..(ස)

:       0       0

නිශ්ශංක Thursday, 30 August 2012 09:30 PM

ඔසාන් සලාම්, ඔයා හරියට දැනගෙන කතා කරන්න. ලංකාවේ වගේ ආගමික නිදහසක් තියෙන රටක් වෙන කොහේවත් නැහැ. (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Thursday, 30 August 2012 03:00 PM

බාර් වහල කොහොමද රට කරන්නෙ..!(නු)

:       0       0

ලක්ෂ්මන් Friday, 31 August 2012 11:45 AM

බිවුවට පස්සේ ඕනෑම වරදක් කරන්න තහනමක් නැහැ නේද? (නි)

:       0       0

ලහන් Thursday, 30 August 2012 03:05 PM

මේකට අදහස් දක්වන අය ටිකක් හිතලා බලලා දාන්න..!!(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Friday, 31 August 2012 11:51 AM

මෙන්න බොලේ අළුත් උණු සංකල්පයක්. බුදු දහම අනුව මස් අනුභව කිරීම පවක් නොවේ. චුන්ද පුත්‍රයා විසින් පිළිගැන්වුනු දානයේ මස් අඩංගු කියා එය බුදුරජාණන් ප්‍රතික්ෂේප කළේ නැත. මස් රස කරකර කන්න පුළුවන්. නමුත් ඒ සදහා සතාව මරන්න බැහැ. මේක නිකම් අමුතුම සංකල්පයක් නේ. සතාව මරන්නේ නැතුව කොහොමද උන්නැහේ මස් කරිය හදන්නේ ? (නි)

:       0       0

ජයී Saturday, 01 September 2012 01:14 PM

මා දන්නා තරමින් ලෝකයේ විශාල ජනතාවක් අදහන ක්‍රිස්තියානි, මුස්ලිම්,හින්දු සහ බෞද්ධ ආගම් වලින් බිලි පූජා තහනම්ය. ලෝකයේ ඉතා සුලු පිරිසක් බිලි පූජාවලට තවම ඇබ්බැහිවී ඇතිබව ඉතාමත් කණගාටු දායක දෙයකි. අප්‍රිකාවේ සමහර රටවල අල්බීනෝ ලමයින් මැරීමද, යක්ෂයන් අරක්ගත්තායි කියන මිනිසුන් පනපිටින් පුලුස්සා මැරීමද (witchhunt ) සිදුවන්නේ අගතිගාමී නූගත් සුලු කොටසක් විසින්ය. මෙවැනි දේවල් පැතිර යාමට නොදී, නීතිය මගින්ද තහනම් කර, නීති කඩකරන්නන් නීතියේ රැහැනින් අල්වාගත යුතුයි. (දී)

:       0       0

කැලුම් Thursday, 30 August 2012 03:17 PM

මේවා කරන අයයි සත්තු..!!(නු)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 30 August 2012 10:18 PM

දැක්කා නේද අපේ අයියලාගේ හැටි? ඉස්සරවෙලා කෑ ගැහුවා මේක නවත්වන්නම කියලා. දැන් නැවැත්තුවහම කෑ ගහනවා මේක ආගමික නිදහසට අකුල් හෙළීමක්ලු. කර‍ගෙන යන්න දෙන්නලු. අනේ මන්දා මෙහෙමත් ජාතියක්? (නි)

:       0       0

මහේල Thursday, 30 August 2012 03:25 PM

සියල්ලටම පෙර මස් කඩ ටික වහන්න.. පෝය දවසට කලින් දවසේ මස් විකිණෙනවා වැඩිලු.. (නු)

:       0       0

ශාන්ත Thursday, 30 August 2012 10:36 PM

අගහරුට රෝවර් යවන්න තරම් දියුණු යුගයක අසරණ සතුන් මරා මෙලෙස පුදපූජා පවත්වා තමන්ගේ ජීවිතයට සැනසීමක් බලාපොරොත්තු වෙන්න තරම් මෝඩ ආගම් ඇදහීම් පැවතීම මොනතරම් බොළද වැඩක්ද?

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 06 September 2012 01:41 PM

ඉහත මගේ මිතුරන්ගේ අදහස්වලට පොදුවේ දිය යුතු කෙටි පිළිතුර නම් මෙලොව ඉර, හද, අහස, පොළොව ඇතුළු එහි වසන සියළු ජීවී රාශීන් මවා, එයින්ද උසස් මැවීම වශයෙන් මිනිස් වර්ගයා මවා, ඔහු ජීවත්විය යුතු යහ මග පෙන්වා දීම පිණිස කලින් කලට මෙලොව බිහිවූදා පටන් මුහම්මද් නබිතුමාණන් දක්වාවූ විවිධ කාල පරිච්ඡේදවලදී මිනිසුන් අතරින්ම ශ්‍රේෂ්ඨ ශාස්තෘන්වරු වශයෙන් 25 දෙනෙකු දෙවියන් විසින් එවන ලදී. දහම යනු ලොව නිර්මාතෘවරයාණන් විසින් එවනු ලබන පණිවුඩ හැර මිනිසුන් විසින්ම ඇතිකරගන්නා සම්මුතීන් නොවේ. එයින් අවසාන නබිවරයා වශයෙන් එවනු ලැබුවේ මුහම්මද්තුමාණන් බැවින් එතුමාව පිළිපදින්න කියා දෙවියන් විසින් මුළු ලොවටම අල්-කුර්ආනය මගින් අණ කර සිටී. එය පිළිපදිනවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. අල්-කුර්ආනය කියවන අයෙකුට ලෝකයේ ස්වභාවය වැටහෙනවා නොඅනුමානයි. එය නොකියවා ජීවත්වන කෙනෙකු මරණින් මතු ඔහුට අත්වෙන ඉරණමට තමන්ම වගකිව යුතුවේවි. නිවන් දකිනවා කීම තුළින් කෙනෙකුගේ ආත්මයට සැනසීම හෝ ශාන්තිය ලැබුණා යයි කීම පිළිගත හැකි තර්කයක් සහ චින්තනයක් නොවේ. මන්ද මෙලොව ජීවත්වන පුද්ගලයාගේ ක්‍රියා කලාපයන් හට දිය යුතු දඩුවම හෝ ත්‍යාගයක් ලැබිය හැක්කේ ඔහු නැවත මිනිස් රූපයෙන්ම ඉපදුනහොත් පමණි. මම නැවතත් අවධාරණය කර සිටින්නේ ලෝකයේ අප සියළු දෙනාම එකම දෙමවුපියන් යුවලට දාව ඉපදුනු අය බවත් මිනිසා විසින් සලසා ගන්නා සෑම ප්‍රශ්න වලටම වගකිව යුතුවන්නේ මිනිසුන්ම මිස දෙචියන් නොවන බවත්ය. (නි)

:       0       0

සිල්වා Thursday, 30 August 2012 10:42 PM

මේ වගේ වැඩ නොදියුණූ අප්‍රිකානු රටවලවත් කරන්නේ නැහැ. (නි)

:       0       0

සිරිවර්ධන Wednesday, 05 September 2012 02:04 AM

ඔසන් සලාම්, තවමත් ඔබට තේරුම් ගැනීමට නොහැකි වීම ගැන මම කණගාටු වෙමි. මස් කන්න පුළුවන් හෝ කන්න බැහැ කියා බුදු දහමේ සඳහන් වී නැත. නමුත් මස් අනුභවය අකුසලයක් කියා කොතනකවත් සඳහන් වී නැත. මා කියන්න උත්සාහ කළේ එයයි. (නි)

:       0       0

නිරන් Thursday, 30 August 2012 03:36 PM

මේකත් ඡන්දය නිසා නවත්තන්න ඇති...!!(නු)

:       0       0

දයා සෞදි Thursday, 30 August 2012 03:36 PM

ජෙයම්. මේක බිලිදීමක් නෙමෙයි..රැකියාවට බදවාගෙන තියෙන්නේ...!!(නු)

:       0       0

ජගත් Thursday, 30 August 2012 03:38 PM

අතිගරු ජනාධිපති තුමාට තාවකාලික ප්‍රණාමය... ඔන්න ඉතින් මේක අමතක වෙලා ගියාම ... හොරෙන්ම සෙත් පතා ගන්න එපා ජනාධිපති තුමනි... හිහ්.. මන් හිතන්නෙ ඉරනෙට ගිහින් එනකන් නවත්තල තියෙන්නෙ...(වි)

:       0       0

නිෂ් Thursday, 30 August 2012 11:46 PM

අයියෝ කාටවත් තේරෙන්නේ නැද්ද මේ වෙන්නේ මොක්කද කියලා? (නි)

:       0       0

ටිරාන් Thursday, 30 August 2012 11:44 AM

ඒ කියන්නේ කපිල වස්තු ප්‍රදර්ශනයෙන් පස්සේ නැවත පටන් ගන්නවද? (නි)

:       0       0

ටිරාන් Thursday, 30 August 2012 11:52 AM

එහෙනම් පුලුවන් නම් එක බාර් එකක් වහලා පෙන්නන්න. (නි)

:       0       0

තිහගොඩ Wednesday, 05 September 2012 01:14 PM

සිරිවර්දන සහ කෙනෙත්, ඔබ කියන විදියට මස් කෑමෙන් පවක් සිදු නොවේ නම් මස් කඩ හිමියාගෙන් ඇසූ විට පවසන්නේ, ඔබ මස් කන නිසා මම මරනවා කියලනේ. කඩ හිමියාගේ චේතනාව සතා මැරීම නොව පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සැපයීමයි. දැන් එතකොට කාටද පවු ?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1509 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 147 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 109 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 60 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 216 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site