(මනෝප්‍රිය ගුණසේකර)
බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද (29) වරෙන්තු නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ගැනීමට සොයමින් සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාට අද දින රහස් පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දෙමින් ‘වට්ස්අප්’ මාර්ගයෙන් දැනුම් දීමක් කළ බව කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් පිළගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
මෙම සිද්ධියට අදාල සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදලාව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමටද රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළාය.
පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත” වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී”
මෙම සිද්ධියට අදාල පැමිණිල් කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ වෛ්‍ය කපිල වික්‍රමනායක සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගිලන් රථ මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරිණී”
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බාල බෙහෙත් වංචාවට වෛද්‍ය ජයනාත් බුත්පිටියට වරෙන්තු
nanda Friday, 01 March 2024 11:58 AM
බෙහෙත් පාවිච්චි කරන්නේ අසරණ රෝගීන්... මේ වන්චා කරපු සැමට මරණ දඬුවම තමයි දෙන්න ඕනෙ දඬුවම...
සෙනෙවිරත්න Friday, 01 March 2024 12:06 PM
ඔය බොරු ලෙඩ අරගෙන ආපු ඇම්බියුලන්ස් එකේ මුදල් අයකර ගන්න. ඔය බරත් ජනතාව පිට දාන්න එපා.
P.D Goonawardene Friday, 01 March 2024 01:07 PM
නිවන්සුව...
නිහාල් Friday, 01 March 2024 03:41 PM
සෞඛ්‍ය ඇමැති වුණා කියලා මාවම කන්න බලාගෙන ඉන්නේ නැතුව වෙන කවුරු හරි අත්අඩංගුවට ගන්නකෝ අයිසේ.. හරි සර්...!