IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බලු මැක්කෝ සෙත්සිරිපායේ කොටසක් අල්ලති

(සුජිත් හේවාජුලිගේ)

බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ තට්ටු රැසකට මැක්කන් විශේෂයක් පැතිරීමෙන් එහි රාජ්‍ය ආයතනවල කටයුතුවලට ඊයේ (10) දැඩි බලපෑම් එල්ලවී තිබිණැයි වාර්තාවේ.

මැක්කන් පතිරීමෙන් එහි එක් අංශයක් ඊයේ වසා දමා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

පහළ මාලයේ සුනඛයකු මිය යෑමෙන් පසු මැක්කන් මෙලෙස පැතිර ගොස් ඇති බව පවසන එම ආරංචි මාර්ග ඊයේ සවස් වන තුරුම මැක්කන්ගේ අඩුවක් දක්නට නොලැබුණු බවද සඳහන් කළේය.

මැක්කන් පැතිරීම නිසා සේවක සේවිකාවන් එම ගොඩනැගිලි සංකීර්ණයේ ආපනශාලා වලින් ආහාර ගැනීමට පවා මැලිකමක් දක්වා තිබූ බව වාර්තාවේ.

එම ගොඩනැගිල්ලේ පළමු මහලේ සිට දොළොස්වෙනි මහල දක්වා මැක්කන් පැතිර ගොස් තිබූ බව කියති.

නාගරික සංවර්ධන අධිකාරිය ළමා කටයුතු අමාත්‍යාංශය, ඇතුළු ආයතන ගණනාවක් මෙම දෙවන අදියර ගොඩනැගිල්ලේ පිහිටා ඇත.

මැක්කන් මර්දනයට ඊයේ සවස් වන තුරුම ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම ගොඩනැගිල්ලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිනියක් ලංකාදීපයට පැවසුවාය.

 



අදහස් (5)

බලු මැක්කෝ සෙත්සිරිපායේ කොටසක් අල්ලති

Lalla Wednesday, 12 June 2024 07:59 AM

මැක්කෝ තමා රාජ්‍ය සේවයට අරක්ගෙන මහජනතාවගේ රීරි මාංශ උරාබොමින් රට විනාශ කරන්නේ...

:       4       31

නිමල් Wednesday, 12 June 2024 09:05 AM

කොහොමත් මේ දවස්වල බල්ලෝ මැරිච්ච මැක්කෝ රොත්තකුයි බල්ලා මැරෙයි කියලා හිතන මැක්කෝ රොත්තකුයි අලුත් බල්ලෙක් හොයනවා.

:       1       33

Perera Wednesday, 12 June 2024 11:02 AM

රාජ්‍ය පරිපාලනය බල්ලන්ට ගියාම ඔහොම තමයි.

:       0       16

m. saman perera Wednesday, 12 June 2024 01:20 PM

පාර්ලිමේන්තුව දක්වා පැතිරෙනවා

:       0       7

Jayasekara Wednesday, 12 June 2024 04:28 PM

අපේ බදුමුදලින් නඩත්තු වෙලා අපේම රීරි මාංශය උරාගෙන බොන්නේ ඔය කාලකණ්ණි රාජ්‍ය සේවය තමයි. වැඩක් කරගන්න ගියාම දාන රෙස්පෙක්ට්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 491 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 233 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3200 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1137 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 594 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1967 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site