IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බාල වයස්කාර දැරියන් රවටා අපයෝජනය කරලා

(බී.ජි. චතුරංග )

මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි  කහටගස්දිගිලිය  ප්‍රදේශයේ පාසලක 8 වැනි වසරේ සිසුවියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්,  එක් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීප්පුකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ සිවලාකුලම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 30 පුද්ගලයෙකි.

පාසල් යන බව නිවැසියන්ට පවසා එම සිසුවියන් දෙදෙනා කහටගස්දිගිලියට පැමිණ  පොත් බෑගයේ සඟවා ගෙනා ආ පාට ඇදුම් ඇඳ මිහින්තලය වැඳ පුදා ගෙන කටු සෑයට ගොස් බාරයක් වී නිවසට යෑමට මිහින්තලේ බස් නැවතුම්පලට පැමිණි අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පෑ බව එම දැරියන්ගේ ප්‍රකාශවල සටහන් වේ.

බස් නැවතුම්පලේ රැඳී සිටියදී වෑන් රථයකින් එම ස්ථානයට පැමිණි එක් පාසල් සිසුවියකගේ පෙම්වතා බව කියන පුද්ගලයා දැරියන් දෙදෙනා වෑන් රථයේ දමා ගෙන නිවසකට රැගෙන ගිය අවස්ථාවේදී  එම නිවැසියන් දැරියන්ගේ වයස අසා, එම නිවසේ නවතා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය කියයි. 

අනතුරුව සැකකාර පෙම්වතා එම දැරියන් දෙදෙනා මිහින්තලයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් එකම කාමරයේ දින දෙකක් රඳවා ගෙන සිට ඇති බවත් දෙවැනි දිනයේ සැකකාර පෙම්වතාගේ යහළුවෙකු එම කාමරයට පැමිණ ඇති බවද පොලීසියට කළ පැමිණිල්ලේ සදහන්ය.



අදහස් (5)

බාල වයස්කාර දැරියන් රවටා අපයෝජනය කරලා

Dharmatileke Wednesday, 21 August 2024 01:02 PM

හෝටල් කරුවාට දඬුවම් කරන්න.

:       7       46

පැරකුම්Wednesday, 21 August 2024 01:54 PM

හෝටල්කරුට නොව මේ කෙල්ලො දෙන්නාට දැඩි දඬුවම් දිය යුතුයි...

:       10       36

පැරකුම් Wednesday, 21 August 2024 01:40 PM

දෙමව්පියන් මේ දෙදෙනා ආපසු බාරගත යුතු නොවේ..

:       22       4

ආසිරි Wednesday, 21 August 2024 02:19 PM

මේ අයගේ බොරු වෙන්න ඇති. පෙම්වතා එක්ක වෑන් එකේම මිහින්තලේ එන්න ඇති.

:       3       22

BBC Wednesday, 21 August 2024 03:04 PM

"වැඳ පුදාගෙන" කියන කෑල්ල කියවන කොටම හිනාගියා. අනේ කෙල්ලේ! ඔව්ව කියහල්ලා පරණ ආච්චිලාට!

:       3       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 218 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 531 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1396 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1655 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2144 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1095 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20362 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18227 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site