IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බාල වයස්කාර දරුවාට දින 45 ක් මුහුද මැදදී දස වධ

 

 

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
 
බාල වයස්කාර දරුවකු නීති විරෝධී ලෙස මුහුදු රැකියාව සඳහා රැගෙන ගොස් ඔහු අතින් සිදු  වු  සුළු අඩු පාඩුවක් හේතුවෙන් එම දරුවාට අතින් පයින් හා දැල් ආම්පන්න වලින් පහර දී දින 45ක් තිස්සේ  තිස්සේ මහ මුහුද මැදදී අමානුෂික ලෙස වද හිංසාවන්ට ලක් කළ බව කියන මිරිස්සේ බහු දින යාත්‍රාවක ධීවරයින් සිව් දෙනෙකු හා ඊට ආධාර අනුබල දීමේ වරදට එම යාත්‍රාවේ හිමිකරු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි.
 
දැල් වලින් අල්ලා ගන්නා ලද  මාළු බෝට්ටුවට දමන අවස්ථාවේ දී එම දරුවා අතින් බලයා මාලුවෙකු මුහුදට වැටුණැයි උරණ වීමත් සමඟ පහර දී වද හිංසා පමුණුවා ඇති බව කියති.
 
ඊට අමතරව වැඩිපුර ආහාරපාන ලබාගන්නා බව කියමින් ද පහර දී තිබෙන බව පොලීසිය කියයි.
බඩගිනි  අවස්ථාවක  බිස්කට්  කෑමට ගත් අවස්ථාවේ එය උඳුරාගෙන කට දෙපැත්තෙන් ඇද තිබෙන බවත් ඒ බව තහවුරු කෙරෙන තුවාල කැලැල් කට දෙපැත්තේ තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
 
ඊට අමතරව මාලු හා දැල් ආම්පන්න වලින් පහර දීම නිසා එම දරුවාගේ ශරීරය පුරා තුවාල කැළැල් දැක ගත හැකි බවද පොලීසි කීවේය.
 
මිරිස්සේ ධීවර ව්‍යාපාරිකයෙකුට අයත් බහු දින යාත්‍රාවෙන් එම දරුවා රැකියාව සදහා මුහුදු ගොස් ඇත්තේ ඉකුත් ජුනි මස 28 වැනි දින මිරිස්ස ධීවර වරායෙනි.
 
එහිදී කූඨ ලෙස වයස වෙනස් කරන ලද හැදුනුම්පත් පිටපතක් වරාය නිලධාරීන්ට පෙන්වා තිබෙන අතර බැලු බැල්මට ඒ බව පහසුවෙන් හදුනා ගත හැකි බව පොලීසිය කියයි.
 
කූඨ ලේඛන සාදා ඉදිරිපත් කිරිමේ වරද සම්බන්ධයෙන් ද බහුදින යාත්‍රාවේ හිමිකරු ඇතුළු සෙසු ධීවරයින්ට එරෙහිව වෙනමම පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.
 
ඊට අමතරව බාල වයස්කාර දරුවකුට රැකියාව සදහා මුහුදු යාමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් ද ධීවර අමාත්‍යංශ මට්ටමින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
 
දින 45 ක පමණ කාලයක් මුහුද මැදදී විවිධ වද හිංසාවන්ට ලක්ව ඇති දරුවා සහිත බහුදින යාත්‍රාව ඉකුත් 12 වැනි දින ගොඩබිමට පැමිණ තිබේ.
 
ඒ වන විට දැඩි ලෙස ශාරීරික හා මානසික පීඩනයට ලක්ව සිටි එම දරුවා මව විසින් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
 
 
පහර දීමෙන් දරුවාගේ කොදුඇට පෙළට ද හානි සිදු වී තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
 
මාතර මහ රෝහලේ 03 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවාගේ සුව දුක් බැලීමට ධීවර වරාය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්,කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච්.කේ.කමල් යන මහත්වරු ඇතුළු පිරිසක් අද (16) එම රෝහල වෙත පැමිණියේය.
අනතුරුව  එම පිරිස බණ්ඩරමුල්ලේ පිහිටි දරුවා පදිංචි නිවසට ද පැමිණියේය.
 
ලෑලි ගසන ලද නිවස වෙනුවට නව නිවසක් ඉදි කර දීමටත් අඩු ආදායම් ලාභීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ එම පවුලේ සාමාජිකයෙකුට රජයේ රැකියාවක් ලබා දීමටත් එම මහත්වරු එහිදී එකඟතාවය පළ කළේය.
 
දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා මෙම සිද්ධියට ලක්ව තිබෙන අතර ඔහුගේ පියා කුඩා කළ මව අතහැර ගොස් තිබෙන බව ද කියති.
 
පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් දරුවා මුහුදු රැකියාව සඳහා ගොස් තිබෙන බව ප්‍රදේශවාසීන් කියයි.
 
සැකකරුවන් පස් දෙනාම අද  (16) සවස මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 



අදහස් (9)

බාල වයස්කාර දරුවාට දින 45 ක් මුහුද මැදදී දස වධ

සත්‍යපාල - මාතර Sunday, 16 August 2020 12:25 PM

ඕක තමයි පොඩි පොඩි ඉස්කෝල ටික වහලා දැම්මාම වෙන විපාකේ. වයස අඩුවෙන් මුහුදු ගිය එකම පොඩි එකා එයා නොවෙයි. හැම ධීවර වරායකින්ම ඔහොම පොඩි අය අරගෙන යනවා. දේශපාලකයින්ට පාරේ කොඩි වැල් එල්ලන්නත් පාවිච්චි කරන්නෙ බොහෝ විට පොඩි එවුන් තමයි. ඉතිං මේවා ගැන සොයලා බලන්න ගමේ ග්‍රාමසේවකලා ඉන්නවනේ. අනික ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමයින් ගැන සොයලා බලන්න නිලධාරින් ඉන්නවනේ... දෙයක් වුණාට පස්සේ ඒ ගැන ලොකුවට පත්තරවල දාලා දේශපාලකයින් ලකුණු දාගත්තට වැඩක් නැහැ. දැන්වත් පාසල් නොයන ළමයි ගැන සොයලා බලන්න. වැඩියෙන්ම ළමා ශ්‍රමිකයන් ඉන්නේ දකුණු පළාතේ කියලත් ලිපියක් තිබුණා. වැඩියෙන්ම පාසල් නොයන ළමයි ඉන්නෙත් දකුණු පළාතේ කියලත් ලිපියක් තිබුණා. දැන් ජනාධිපතිතුමා යටතට බොහෝ අමාත්‍යාංශ ගත්තු නිසා මේවා ගැන සොයලා බලන්න පුළුවන්... මේක හොඳ ආරම්භයක්... ළමයි පාසල් යායුතු අවම වයස තීරණය කරන්න. අර ධීවරයින් දවසක් හරි පාසල් ගියා නම් දරුවට එහෙම කරන්නේ නැහැ. දහම් අධ්‍යාපනය වෙනස් කරන්න. දහම් අධ්‍යාපනයෙන් වැඩක් වෙලා නැති බව රටේ තියෙන අපරාධ වලින් තහවුරු වෙනවා. පොලිසියත් බන්ධනාගාරයක් අපරාධවලට හවුල් නම් තව මොනවද කථා කරන්නේ. සෑම අතින්ම රටේ නීතිය ස්ථාපිත කරන්න.

:       0       1

විජේ Sunday, 16 August 2020 01:09 PM

මීඩියා ඉස්සරහ රැඟුවට වැඩක් නෑ... අසරණ දරුවාට සාධාරණයක් ඉෂ්ඨ නොවුනොත්... කංචන තාත්තාට වඩා වැදගත් විදිහට වැඩේ කරයි කියලා හිතනවා.

:       0       0

Chamath Sunday, 16 August 2020 01:34 PM

අඩු වයසේ දුප්පත් ළමයාට මේ අය තිරිසන්නු වගේ පහර දීලා තියෙන්නේ... අයිතිකාරයා සහ ගෝලයන් සියල්ලන්ටම බරපතල දඬුවම් දෙන්න ඕනෑ...

:       0       0

ABC Sunday, 16 August 2020 01:48 PM

මෙම බාලවයස්කාර දරුවාට කර තිබෙන වද හිංසා කිසිවකුත් අනුමත කරන්නේ නැත. මේ දරුවාට ව්‍යාජ ලිපි සකස්කොට මුහුදු ගෙනයාම පිළිබඳව බලවත් සැකයක් තිබේ. මේ ආකාරයෙන් කුරීරු වධ හිංසා ලබාදීමට සහ මෙම දරුවාව විවිධ අපයෝජනයන්ට ලක්ව ඇතිද කියා බලධාරින් විසින් සොයාබැලීම කළයුතුවේ. මේ දරුවට අනාගතයක් නොමැත. කිසිදිනෙක රැකියාවක් කරගැනීමට නොහැකි තත්වයකට පත් කොට ඇත. එමනිසා මෙම දරුවා මුහුදු ගෙනගිය සියලුදෙනාත් එම බෝට්ටුවේ හිමිකරුත් මේ අපරාධයට වගකිව යුතුවනවා පමණක් නොව දරුවාගේ අනාගතයට ඔහු ජීවත්වනතුරාම මාසිකව රුපියල් 20.000ක මුදලක් ලබාදීමට කටයුතු කළ යුතුවේ. මෙවැනි ආකාරයට ව්‍යාජ ලිපිලේඛන සකස්කොට මුහුදුයාම පමණක් නොව වෙනත් ජාවාරම් කොතරම් සිදුවනවාද කියා රජයේ ඉහළම බලධාරින් සොයාබැලීමක් කළ යුතුවේ.

:       0       0

අප්පුහාමි Sunday, 16 August 2020 01:59 PM

ළමා රක්ෂණ අධිකාරියත්, පොලිසියත් දේශපාලකයිනුත් ක්‍රියාත්මක වෙන්නේ සිද්ධියක් වුණාට පස්සේ කියලා පැහැදිලියි. මෙම දරුවා මුහුදු රැකියාවට ගොස් ඇත්තේ තමාගේත්, පවුලේ අයගේත් කුසගිනි නිවන්න කියලා හිතෙනවා. මෙවැනි වැරදි සිදුවුණාම වරදකළ අයට දඬුවම් දුන්නාම වැරදි අඩුවුණත් ප්‍රශ්නය විසඳේද?

:       0       0

sampath Sunday, 16 August 2020 03:03 PM

මුදලාලි උදව්වකට මේ ළමයාට රැකියාවක් දුන්නු එකේ හිටපු ධීවරයෝ ටික ඉවක් බවක් නැතිව අමානුෂික ලෙස දරුවන්ට සැලකුවා. අවසානයේ ධීවරයින්ගේ ගොන්කම නිසා මුදලාලිත් අමාරුවේ.. අපේ රට අවුරුදු දහස් ගණනක් තිස්සේ පත්කරපු ඛේදවාචකයේ දර්ශකයන් තමයි මේවා...

:       0       0

ගමගෙ Sunday, 16 August 2020 08:51 PM

තුවාල ලබා ඇත්තේ බාල වයස්කාර වඩිමහල් දරුවා නම් අනිත් දරුවන් මෙයාට වඩා බාල නොවේද​? ඉතින් රජයෙ රැකියාවක් දෙන්නේ කොහොමද? ඉගෙනුම ලබන දරුවන්ට උපකාර වෙන විදියට සමෘද්ධි වැනි ආධාරයක් මාස්පතා ලැබෙන්න සලස්වන්න. ගෙය හදාදීම ඉතාමත් අගනා වැඩක්.. ස්තුතියි..!!!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 17 August 2020 05:33 AM

මේ දරුවාට සිදුකළ දේ කිසිසේත්ම අනුමත කරන්නට බැහැ .ඔවුන්ට නිසි දඬුවම් හිමිවිය යුතුමයි. එහි කිසිදු විවාදයක් නැහැ. ඒත්, මේ ධීවරයන් මුහුදු යන්නේ භාවනා කරන්න නෙමෙයි. පණපිටින් ඉන්නා මාළුන් මරා ගොඩබිමට ගේන්නයි. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාවන් තුලින් මෛත්‍රියක් කිසිසේත් බලාපොරොත්තු වෙන්නට බැහැ.

:       0       0

බද්රානි Monday, 17 August 2020 07:54 AM

ධීවරයෙක් වුණත් දකුණේ (මාතර මිරිස්සේ) නම් ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ. ස්වභාව ධර්මයත් සමග රැකියාව කරන බොහෝ ධීවරයින් ආගම ධර්මයට ලැදි ජීවිකාවක් ගතකරන බව තමයි මම නම් දැකඇත්තේ... ලංකාවේ සමහර ප්‍රදේශවල ධීවරයින් බොහෝ සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන් පිළිවෙලකට ජීවත්වෙන බව දැක තිබෙනවා. එ්ත්, මේ මිනිස්සු නම් ආගම, ධර්මයක් නැතිව ඉබාගාතේ ජීවත් වෙන දුෂ්ඨ පිරිසක් ලෙස තමයි මට නම් පෙනෙන්නේ. මේ වගේ දුෂ්ඨයින්ට ඉතින් වගතුවක් තියෙයිද? ස්වභාව ධර්මයෙන් ලැබෙන සාපයක් මිස... පව් මේ අහිංසක දරුවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 28 214 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 28 383 0

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල


ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ
2024 නොවැම්බර් මස 28 465 0

දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.


කිරළව පාලම ගිලා බසියි
2024 නොවැම්බර් මස 28 766 0

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී


ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 301 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 917 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site