IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බුවනෙකබා රාජ සභා මණ්ඩපය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

(ඩයනා උදයංගනී)

කුරුණෑගල, ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.

මෙය ආරක්‍ෂක අංශවල ද සහයෝගය ලබාගෙන ප්‍රතිසංස්කරණය කරන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද උපදෙස් දී ඇතැයි කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එය සියයට 95ක් පමණ මුල් තත්ත්වයට ගෙනඒමට හැකි බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් එම කාර්යය සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි ද හෙතෙම කීවේය.

බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිවරයා විසින් පත්කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ සභාපතිවරයා ද වන සෙනරත් දිසානායක මහතා පැවසුවේ එම කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කිහිපයේදී අගමැතිවරයාට භාරදෙන බවත් ප්‍රායෝගික අසීරුතා හේතුවෙන් අගමැතිවරයා නියෝග කළ පරිදි 23 වැනිදා එය භාරදීම අසීරු බවත්ය

අවසන් වාර්තාව සකස් කිරීමට තවත් කරුණු සෙවිය යුතු බව ද හෙතෙම කීවේය.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ එම දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘බුවනෙක හෝටලය’ නමින් හඳුන්වා ඇති මෙම ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලිය යුතු බව කී සෙනරත් දිසානායක මහතා මෙය කුරුණෑගල රජ කළ බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය බව ජනප්‍රවාදයේ තිබුණත් ඒ සම්බන්ධයෙන් මහවංශයේ හෝ වෙනත් ලිඛිත මූලාශ්‍රවල සඳහන්ව නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (49)

බුවනෙකබා රාජ සභා මණ්ඩපය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

Nuwan Tuesday, 21 July 2020 01:31 PM

95%ක් විනාශ වෙලා තියෙන එක කොහොමද 95% ක් මුල් තත්වයට ගෙන එන්නේ? අනික ඕක ඡන්දෙ ඉවර වුණාම ජොනිගේ තැබෑරුමක් දාන්න ගනීවි... ඡන්දෙ කාලෙ වැඩ කරනවා පෙන්වන්න වුවමනාවෙන්ම කඩපු බව තමයි පේන්නේ... සිහි බුද්ධියෙන් බලන අයට..

:       0       1447

Sanath KandyTuesday, 21 July 2020 06:51 PM

ඔක්කොටොම කලින් වැරදිකාරයන්ව නීතිය ඉදිරියට ගේන්න.

:       3       304

lalTuesday, 21 July 2020 09:34 PM

මේක නැවත ප්‍රතිසංස්කරණය කරන්න රජයේ සේවකයෝ හැකි පමණ වැටුපෙන් දායක වෙන්න. මසක හරි අඩක් වැටුප හරි කමක් නැහැ.

:       256       12

M Perera Tuesday, 21 July 2020 01:39 PM

ආණ්ඩුව කඩනවා පිස්සන් වගේ. ජනතාවගේ සල්ලිවලින් ආයේ හදනවා. නියම වැඩේ. වැරැදි කාරයෝ ජොලි කරනවා.

:       109       1605

සෑම් Tuesday, 21 July 2020 01:46 PM

අනේ හපොයි, අපි රැවටුණා. මේ අයටත් ආයේ ඡන්දෙ දෙනවද?

:       179       2258

දිමුත්Wednesday, 22 July 2020 03:48 AM

දැන් දැන් කොමසාරිසුත් නිකං අමුතු කතා කියන බවක් පේනවා. බුවනෙකබා රජ්ජුරුවන්ට වලෙන් නැගිටලම එන්න වෙයි වගේ.

:       0       530

Sachin Tuesday, 21 July 2020 01:57 PM

කුරුටු ගැහුවට හිරේ දැම්ම අර දෙමළ ළමයා.... මෙයා අපේ කෙනෙක් හින්දා නීතිය නැවුණා..

:       2       1030

de silva Tuesday, 21 July 2020 02:08 PM

හදන අය කරගන්න ඕනේ කඩපු මනුස්සයාගෙන්.., හමුදාවේ ඉන්නේ හොරු කඩන ඒවා හදන්නවත්, පොහොට්ටු බයියන්ට ආවතේව කරන්නවත් නොවේ. රට ආරක්ෂා කරන්න. මේ අයට ඡන්දෙ දුන්නොත් නිදහස් චත්‍රරස්‍රයත් ඩෝසර් කරාවි හෝටල් හදන්න.

:       57       1625

Dhammika Tuesday, 21 July 2020 02:08 PM

කෝ දැන් කඩපු කට්ටියට මොකද වෙන්නේ? පොඩි මිනිහෙක් කළා නම් මේ වෙනකොටත් හිරේ...

:       0       1125

මාපාවිටWednesday, 22 July 2020 04:00 AM

නීතිය සමාන වෙන්න ඕන කියන එක බටහිර මතයක්. පෙරදිග සංස්කෘතිය ඇතුලෙ රජවරුන්ට නායකයන්ට නීතිය බලපාන්නෙ නෑ. එහෙම වුණොත් රට අරාජික වෙනවා. නායකයන්ට ඔවුන්ගේ දරුවන්ට තමන්ට රිසිසේ සම්පත් පරිභෝජනය කරන්න නිදහස තිබිය යුතුයි. සාමාන්‍ය මිනිස්සුන්ට තිබෙන නීතිය නායකයන්ටත් අදාල වෙන්න ඕන කියනවනම් ඔබ දරන්නෙ බටහිර මතයක්. පෙරදිග රාජ්‍ය පාලනය වෙන්නෙ බාහු බලය මත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බටහිර මතයක්. රාජ සභා රජවරුන්ට අයිති දේවල්. ඒව කඩන එක හදන එක ජනතාවට අදාල නොවේ. බදු ගෙවීම මනු රජ කල පටන් පැවත එන්නකි.

:       310       20

සපුමල්.(Sapumal.)Wednesday, 22 July 2020 05:45 AM

ඔබතුමා මොන ලෝකෙද ජීවත් වෙන්නේ .... දැන් කොහෙන්ද රජවරු. දැන් ඉන්නේ මොන මගඩි වැඩේ කරලා හරි ඡන්දය අරගෙන පාර්ලිමේන්තු යන දේශපාලනඥයින්. ඔබතුමා කියන විදිහට එහෙනම් ඡන්දෙ දීමත් බටහිර මතයක් නේ. නිකන් විකාර කතා කියන්න එපා.

:       1       190

Krunarathna Gampola Tuesday, 21 July 2020 02:13 PM

සියලු දෙනාම දැනගනිත්වා.. ඡන්දෙකාලෙට මාතෘකා හැමට පිළිතුරු සැපයීම හා ගැටලු විසඳීමත් විග්‍රහ කිරීමත් ඒ අයගේ අලුත්ම ප්‍රවණතාවයයි. වියත් මග කතාකරන දේවල් ඕනෙ නේද?

:       0       529

chandima Tuesday, 21 July 2020 02:28 PM

මේ තරම් වටිනා රාජසභාවේ හෝටල් දාන්න දුන්නේ කවුද?

:       805       499

MaheshTuesday, 21 July 2020 02:58 PM

ගාල්ලේ කොටුවේ පැරණි ගොඩනැගිලිවල ඔය වගේම ව්‍යාපාර කරන්නේ? නමුත් ඒවාට හානි කරන්න බෑ. පොඩ්ඩක් බුද්ධිය පවිච්චි කරන්න හොඳේ...

:       0       461

sapumalWednesday, 22 July 2020 03:11 AM

කොළඹ කොටුවේ තියෙන ලන්දේසි රෝහලත් දැන් හෝටලයක්. ඒවා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම කොන්දේසි සහිතව දීලා තියෙනවා.

:       0       239

helaya Tuesday, 21 July 2020 02:34 PM

ජොනියා කීවා වගේම කාලා ඉන්න හිතෙන රටක්... 69 ලක්ෂයක් ජනතාවගේ පැතුම වෙයිද?

:       0       806

sira Tuesday, 21 July 2020 02:37 PM

2/3 ලබාදෙන්න ඉල්ලන්නේ මේ වගේ මුදලාලිලා රජකරවන්නද?

:       1       1260

Mahesh Tuesday, 21 July 2020 02:38 PM

කෞතුකාගාරයට වැඩේ දුන්නු අයට ඕවා සමතලා කරන එක පොඩි දෙයක්... ඕකේන් මොකක් හරි ගන්න වෙන්න ඕනෑ කැඩුවේ. නිකන් කරා වෙන්න බෑනේ.. දැන් ඉතින් හදනවා..

:       2       1105

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 21 July 2020 03:04 PM

ප්‍රතිසංස්කරණය කරන්න කලින් මේක කඩා බිඳ දැමූ නරුමයින්ට දඬුවම් කළේ නැහැ නේද..? මේවා කාට කියන්නද? පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් දේශපාලන අණට කීකරු සුවච කීකරු ගෝලයෙක් වගෙයි පේන්නේ.. නහයට ලණුව දමා දක්කන්න පුළුවන් උගතුන්ගෙන් වැඩක් නෑ. එවැනි අය නූගතුන්ට වඩා හානිකර දේවල් තමයි කරන්නේ..

:       0       1205

Champa Tuesday, 21 July 2020 03:08 PM

මොනවා? මේකට නම් මගේ කන් දෙකිනුත් ගින්දර පිටවුනා. අපේ ඉතිහාසය තනිකරම කන පිට හරවන මේ ආණ්ඩුව ගැන කිසි විශ්වාසයක් නැහැ. 2018 මහින්ද අගමැති වෙච්ච වෙලාවේ මේ නගරාධිපතිම කිව්වා මේ ඓතිහාසික රජ සභා මණ්ඩපය නගර සභාවට පවරා ගත්තා කියලා. මගේ කේන්තිය නිවුණාම මම ඒ ප්‍රවෘත්තිය මෙතන දානවා. මේක කඩලා තියෙන්නේ ගෝඨාභයගේ සහ මහින්දගේ ආණ්ඩුව කියලා මේ කතාවෙන් හොඳටම පේනවා. දවස් දෙකකට ඉස්සෙල්ලා කියපු දේ දැන් වෙනස් කරලා කියනවා. දැන් නම් මමත් කියනවා පොහොට්ටුවට 2/3 දෙන්න එපා කියලා. මේ ගොල්ලෝ ගැන කිසිම විශ්වාසයක් නැහැ. අපේ ඇස ඉදිරිපිටම මෙහෙම දඩමස් කරනවා නම්, ඡන්දෙන් පස්සේ ඇමරිකාවට අනුරාධපුරේ ඓතිහාසික ඉඩම් ටික දීලා රට පාවා දෙන එක සුළු වැඩක්. මෙච්චර කල් මම විශ්වාස නොකළාට, රාජපක්ෂ මහත්තුරු අගෝස්තු ඡන්දෙන් පස්සේ MCC ගිවිසුම අත්සන් කරන්න පොරොන්දු වුණා කියලා ඇමරිකන් තානාපති කියන කතාවත් ඇත්ත...

:       342       2313

බද්රානි Tuesday, 21 July 2020 03:38 PM

ඇත්තටම මේ පුරාවිද්‍යාත්මක රාජසභා මණ්ඩපය දෙමල හෝ මුස්ලිම් පෞරාණික ගොඩනැගිල්ලක් ලෙස පිහිටා තිබුනා නම්, ඔවුන් දිවි හිමියෙන් මෙය ආරක්ෂා කරන බව ස්ථීරයි. මේ අමන සිංහල ජාතිය හැර ලොව සියලුම ජාතීන් ඔවුන්ගේ පුරා වස්තු ආරක්ෂා කරන්නේ දිවි හිමියෙන්. ඇත්තටම කියනවා නම්, මේ අවලම් පව්කාර ජාතියට මේ පින් බිම හොඳ වැඩියි. වර්තමානය වෙද්දී, රජවරුන්ගේ පැටිකිරිය ප්‍රසිද්ධියේ කියන්න තරම් මේ රටේ දේශපාලන නායකයින් අලජ්ජි වෙලා? නින්දිතයි,! ලැජ්ජයි!!

:       40       1335

PrasadTuesday, 21 July 2020 06:50 PM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ.

:       46       4

Dasa P Tuesday, 21 July 2020 04:44 PM

කවුරුහරි කියන්න මුහුදු මහා විහාරයද නැත්නම් බුවනක හෝටලයද වැඩියෙන් වටින්නේ කියලා.

:       108       209

ile Tuesday, 21 July 2020 04:53 PM

ගණිකා මඩමක් කිවිවා, ගබ්සා මධ්‍යස්ථානයක් කිව්වා, හොර අරක්කු වික්ක තැනක් කිවිවා, කැඩුෙව් ඒ් හින්දා කිව්වා. දැන් ඉතින් හදන්නේ ඇයි.

:       0       129

mahinda Tuesday, 21 July 2020 04:54 PM

ඔක්කොම එකයි.

:       0       3

Ratne Tuesday, 21 July 2020 05:17 PM

මතක ද ජෝන් පාරක් කඩලා විනාශ කළා. මෙවර ජොනීගෙ ගෝලයින් රාජ සභා මණ්ඩපය විනාශ කළා. දේශපාළු පිශාචයින් විනාශ කරන සම්පත් යලි ගොඩනැගීමට රටේ භාණ්ඩාගාරයේ මුදල් වැය කිරීම සුදුසු ද ? හානිය සිදු කළ පුද්ගලයින්ගේ දේපළ විකුණා එම වැය වන මුදල් සහ දඩ මුදලක් අය කරගත යුතුය.

:       0       146

විජිත් Tuesday, 21 July 2020 06:58 PM

ප්‍රතිසංස්කරණය කතාවක් නොවෙයි අපි අහන්නේ. පුරාවස්තුවක් ලෙස සලකු මේ ගොඩනැගිල්ල විනාශ කරපු අය අත්අඩංගුවට ගන්න බැරි හේතුව කුමක්ද...?

:       0       270

මෝ Tuesday, 21 July 2020 08:11 PM

අපූරුයි වැඩේ. හමුදාව යොදවලා ආයි හදන්නෙ නගරාදිපතිගෙ සල්ලිවලින්ද? කෝ කඩපු අය හොයලා දඩුවම් දෙන්නෙ නැද්ද.

:       0       215

Saman Tuesday, 21 July 2020 11:00 PM

මින්පස්සේ කඩන්නේ මොකක්ද.?

:       0       46

naushi Wednesday, 22 July 2020 12:46 AM

ලක්ෂ 69 බයියන්ට අබසරණයි.

:       1       646

ranjith Wednesday, 22 July 2020 01:07 AM

මේ වැඩ නිසා මහජන මුදල් නේද නාස්ති වෙන්නේ.

:       22       74

janahithaWednesday, 22 July 2020 09:31 AM

මහජන මුදල් තියෙන්නේ මහ බැංකුවේ ඒක හොරු කඩලා ගොඩක් කල් තවම අල්ලන්න යනවා.

:       0       0

sapumal Wednesday, 22 July 2020 03:12 AM

මේකටත් දිස්ලයික් දාපු අය ඉන්නවා කියන්නේ ලංකාවේ ඉන්න වහල්ලුන්ගේ තරම පේනවා නෙහ්...

:       205       398

sapuaml Wednesday, 22 July 2020 03:15 AM

අපගේ ගෞරවය නැවත රජ සභා මණ්ඩපය ගොඩ නැගීම ගැන.

:       33       1

anura nanayakkara Wednesday, 22 July 2020 03:47 AM

ජනාධිපතිතුමාව විනාශ කරනවා මේ මිනිස්සු...

:       18       125

Rata PerataWednesday, 22 July 2020 06:27 AM

එයාගෙත් අලුතින් විනාශ කරන්න දෙයක් නැහැ.

:       1       268

නවරත්න Wednesday, 22 July 2020 07:31 AM

ඔව් ඔව්.. එයා බබා. මුකුත්ම දන්නෙ නෑ. සිරිසේන මහත්තයා නම් පත්තරේ බලල දැනගත්තේ.... මෙයා එහෙමත් නෑ... වැරදෙන ඔක්කොම මහින්ද අගමැති සහ කල්ලියට. සෑර් මුකුත්ම දන්නෙ නෑ..

:       0       248

keishan Wednesday, 22 July 2020 04:56 AM

ඡන්දේ කාලෙට පරන දේවල් අමතකවෙන්ඩ පොඩි ආතල් එකක්දීලා තිනේනෙ. කොහොමත් අපිට මොකක්හරි එකක එල්ලිලා ආතල් එකක්නේ ගන්ඩ ඕනි. ( නැත්තම් මේ වගේ225 ක් තේරෙයිද) මේකත් සතියයි. ආයත් හුරේ තියයි ජයව්වා කිය කිය

:       0       46

හතේ මහත්තයා Wednesday, 22 July 2020 05:53 AM

රාජසභාව හැදුවේ ඉතිහාසයේ උන්න රජ කෙනෙක්. ඒක මේ පාර කඩල දැම්මේ වර්ථමානයේ රජ කෙනෙක් විදියට වැජඹෙන කෙනෙක් සහ ඔහුගේ ගෝලයෝ. රජවරුන්ට කොහොමත් පුරවැසියන්ට බලපාන නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඉතින් ගෙදරින් පෑනක් අරන් ගිහින් තුනෙන් දෙකක්ම අරන් තව පාරක් රජ වෙන්න ඡන්දයක් දෙන්න...

:       0       124

arjjuna Wednesday, 22 July 2020 07:12 AM

පුරාවිද්‍යා චක්‍රවර්තීලා කෝ මහා නායක හාමුදුරුවන්ට පේන්නේ නැතිද.?

:       0       291

chandana Wednesday, 22 July 2020 08:23 AM

අපි මහ ධීන ජාතියක්.

:       0       185

de silva Wednesday, 22 July 2020 09:14 AM

ඔබ කුරුණෑගල ඡන්දේ දෙනවානම් උගත් කමක් තිබෙන, හොරකම් මැරකම් අඩුවෙන්ම කරපු කෙනෙක් බලලා මනාපේ ගහන්න.

:       0       128

Champa Wednesday, 22 July 2020 09:58 AM

කුරුණෑගල නගරාධිපති දැන් කියන්නේ තනිකර බොරු.

:       0       130

ChampaWednesday, 22 July 2020 11:43 AM

කෝ මෙතන නගරාධිපති 2018 කල පවරා ගැනීම දාල නැත්තේ ඇයි?

:       0       0

sampath Wednesday, 22 July 2020 10:25 AM

කවුරුහරි ලනුවක් දුන්නාවත්ද.?

:       0       1

කෙකිල්ලේ Wednesday, 22 July 2020 11:09 AM

මහ රජානෝ කුරුණෑගලින් ඡන්දෙට එනවලු. ආවට පස්සේ මොනවාහරි කරයි.

:       0       0

Champa Wednesday, 22 July 2020 11:31 AM

අගමැතිතුමා කිව්වා කියන මේ ඉතිහාස කතාව වැරදියි. "මේ ගොඩනැගිල්ලක් කැඩුවා කියනවා. මේක හදපු බුවනෙකබාහු රජ්ජුරුවෝ මුස්ලිම් කාන්තාවක් බැඳලා ඉඳල තියෙන්නේ." මුස්ලිම් කාන්තාවගේ කතාව අදාළ වෙන්නේ යාපහුව රාජධානිය කරගත්ත පලවෙනි බුවනෙකබාහු රජුට. ඔහුගේ බිසවට (රන් දෝලියට) කාලයක්ම දරුවන් ඉඳලා නැහැ. පස්සේ තමයි මුස්ලිම් කාන්තාවක් මගදී හම්බ වුණා කියන්නේ. මේ කාන්තාවට රජුගෙන් දරුවෙක් ලැබෙන්න හිටපු හින්දා ඇයට (යකඩ දෝලිය විදිහට) රජ මාලිගයේ ඉන්න දීලා තියෙනවා. පස්සේ කාලෙක පලවෙනි බුවනෙකබාහු රජු යුද්ධයකට යනකොට රජුගේ සිංහල බිසවට (රන් දෝලියට) දරුවෙක් ලැබෙන්න ඉඳලා. ඔහු යුද්ධය දිනලා එනකොට කළු කොඩියක් පෙන්නලා කරපු විහිළුව හින්දා සිංහල බිසව සහ ඇගේ පරිවාර කාන්තාවන් ගලෙන් පැනලා මැරුණා. රජ බිසව මැරුණු බව දැකපු රජ වාසල රෙදි හෝදන කාන්තාව, රාජ කුමරයාවයි, ඔහුගේ රාජකීයත්වය පෙන්වන්න රන් හවඩියකුයි අරගෙන රජ මාලිගයෙන් පිටවෙලා ගිහින් ගොවි පවුලකට දීලා රහසේ හදාගන්න. ඔහු තමයි පසු කාලෙක දෙවෙනි බුවනෙකබාහු නමින් රජ වෙන්නේ. මුස්ලිම් යකඩ දෝලියගේ පුතාට රජ වෙන්න ලැබුනේ නැහැ. මේ කුමාරයෙක් ගැන කියන්නේ නිකාය සංග්‍රහය විතරයි. මහාවංශයේ හෝ චුලවංශයේ නැහැ...

:       0       0

pradeepa Wednesday, 22 July 2020 01:06 PM

අපි බලාගෙන ඉන්නවා කුරුණෑගල බුද්ධිමත් ජනතාව දිහා... මේ කළ වැඩේ හරිද? වැරැදිද? කියා 05 වැනිදාට දෙන ප්‍රතිචාරය කොහොමද කියලා බලන්නකෝ...

:       0       0

naliya Wednesday, 22 July 2020 01:11 PM

අනේ අපි කෝවිඩ් අරමුදලට දුන්න සල්ලි..? ආණ්ඩුව හොඳට සල්ලි තියෙන නිසානේ කඩලා හදන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 660 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 808 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 367 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 219 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 318 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 697 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site