IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


'බෙවිස් බාවා' ගේ 'බ්‍රීෆ් උයන'

2016-04-23-ent-77


කාර්ය බහුල ජීවිතයෙන් තරමක් හෝ මිදී යම්තාක් දුරට අස්වැසිල්ලක් ලබාගැනීමේ අරමුණින් සුන්දර පරිසරයක නිදහසේ ගතකරන්නට බලාපොරොත්තුවන අයගේ ගතත් සිතත් ප්‍රබෝධයෙන් පිනාගැනීමට උචිත චමත්කාර උද්‍යානයක් පිළිබඳව මග සලකුණු ගෙන එන්නයි මේ සූදානම.

කොළඹ සිට අලුත්ගමට ගොස් අලුත්ගම - මතුගම මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරනවිට දර්ගා නගරය පසුකර ඉදිරියට යනවිට හමුවන අඹගස් හංදියෙන් වමට හැරී කිලෝමීටරයක් පමණ ගමන්කළ විට ගමන් කරන මාර්ගය දෙකට බෙදෙයි. එයින් දකුණු දෙසට දිවෙන මාර්ගයේ ගමන් කළ විට අපේ රටේ පමණක් නොව විදෙස් රටවලත් සංචාරකයන්ගේ සිත් ඇදගත්, උද්‍යාන අලංකාරයට උනන්දුවක් දක්වන පිරිස්වල විශේෂ අවධානයට ලක්වූ චමත්කාර ජනක ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාලතම මල් උයන ලෙස සැලකෙන "බ්‍රීෆ් (Brief) උයන" හමුවෙයි.

"බාවා උයන" නමින්ද ප්‍රචලිත මෙම දර්ශනීය උද්‍යානය නිර්මාණය කරනු ලැබ ඇත්තේ බෙවිස් විලියම් ෆෙඩ්රික් බාවා විසිනි. ඔහු සුප්‍රකට සිත්තරකු, මූර්ති ශිල්පියෙකු, භූමි අලංකරණ ශිල්පියෙකු මෙන්ම ගෘහනිර්මාණ ශිල්පියෙක් ලෙසටත් ලෝක ප්‍රසිද්ධව සිටි ජෙෆ්රි බාවාගේ සහෝදරයාය.

බේවිස් බාවා ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදාවේ මේජර්වරයෙකු විය. සෝල්බරි සාමිවරයාගේ හා හෙන්රි මුවර් මන්ක් යන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයන්ගේ පරිවාර නිලධාරිවරයා ලෙසද මොහු කටයුතු කර තිබේ.

ඔහු ආලයෙන් වෙලී සිටි තරුණිය හදිසියේම ඔහුගෙන් වෙන්වීම නිසා සහ "බෙවිස්ට කසාද බඳින්න තහනම් කරලා, ඔහු විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකුම මංගල යහනේදී මියගියාලු, ඔහු අසාමාන්‍ය පුරුෂයෙක් ලු" ආදී ඔහුගේ කඩවසම් පෙනුම හා ගලපා මිනිසුන් පැවසූ කතාවලට හිත රිදවාගෙන තමන්ගේ දෙමාපියන්ගෙන් උරුම වූ කාලවිල ගමේ පිහිටි මෙම උද්‍යානය පිහිටි ඉඩම තෝරාගෙන තමන්ගේ ජීවිතය හුදකලාව උරුම කරගනිමින් අලුතින් ආරම්භ කළ බව අතීත ලිපිලේඛනවල සඳහන් වෙයි.

ඔහුගේ හුදකලා බව කලාවෙන් ගෙවාදැමීමට සිතූ ඔහු අක්කර 05ක් පමණ වූ එම ඉඩමේ නිවසක් පමණක් නොව අපූරු උද්‍යානයක්ද නිර්මාණය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔහු අවුරුදු 40ක් පුරා වෙහෙසී නිර්මාණය කරන ලද මෙම උද්‍යානයේ දුර්ලභ ගෘහනිර්මාණ කලාවක් ඇතුළත්ව තිබෙනවා. එහි පිහිටා තිබෙන මැදුරේ සහ උද්‍යානයේ සියලු මූර්ති හා චිත්‍ර සියල්ල ඉදිවී තිබෙන්නේ ද ඔහු අතිනි. කදිම මූර්ති, ප්‍රතිමා රැසක්, සත්ත්වයන්, සත්ත්ව මුහුදු, සම්පූර්ණ වූ ශරීරාංග පෙන්නුම් කරන නිරුවත් පිරිමි රූපවලින් උද්‍යානය පිරී තිබුණත් එහි දක්නට ඇත්තේ එක් ගැහැනු රුවක් පමණි. ඒ ඔහුගේ මව වූ මේතාගේ රුවය. බෙවිස් ගැහැනුන්ට කොතරම් වෛර කරන්නට ඇත්දැයි අපට ඒ මගින් පැහැදිලි වෙයි.

ජීවිතය පුරාවට හුදකලාව අත්වින්ද, මේ සුන්දර මිනිසා ජීවිතයේ අවසන් භාගයේ තමන්ගේ අතින් නිර්මාණය කළ මේ උද්‍යානය සහ අනිකුත් ඉඩකඩම් සිය සේවක පිරිස අතර බෙදාදී තිබුණා. 1992 වර්ෂයේ සැප්තැම්බර් 08 වැනි දින මේ පරාර්ථකාමී මිනිසා ඔහුගේ කලාකාමී හදවත %බ්‍රීෆ් උයන^ ලෙස ඉතිරි කරමින් 84 වියේදී ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

අදටත් "බෙවිස් බාවා" ගේ මන්දිරය සහ උද්‍යානය සංචාරකයන් වෙනුවෙන් විවෘතව පවතින අතර හුදකලා බව විඳගන්න කැමති ඔබටත් එහි යන්න පුලුවන්. සොබාදහමට ආදරය කරන කෙනෙකුගේ නෙත සිත පිනවීමට හැකි මෙම උද්‍යානය සතියේ දින 07 ම උදෑසන 08.00 සිට සවස 5.00 දක්වා විවෘතව පවතී. උද්‍යානය නැරඹීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 300ක මුදලක් සහ උද්‍යානය ඇතුළුව බංගලාව නැරඹීමට එක් අයෙකුගෙන් රුපියල් 1000ක මුදලක්ද අය කරනු ලබයි.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර/ තිසර ගංගාදර

 

 2016-04-23-ent-69
2016-04-23-ent-70
2016-04-23-ent-71
2016-04-23-ent-72
2016-04-23-ent-73
2016-04-23-ent-74
2016-04-23-ent-75
2016-04-23-ent-76
2016-04-23-ent-78
2016-04-23-ent-79
2016-04-23-ent-80
2016-04-23-ent-81
2016-04-23-ent-82
2016-04-23-ent-83
2016-04-23-ent-84
2016-04-23-ent-85
2016-04-23-ent-86



අදහස් (0)

'බෙවිස් බාවා' ගේ 'බ්‍රීෆ් උයන'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 61 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 478 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 246 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 357 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1115 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2901 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site