IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ

බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56

එක්සත් ජාතික පක්ෂය - 28

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 09

ජනතා විමුක්ති පෙරමුණ - 06

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 02

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - 02

2009 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 12ක් අහිමිකරගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන දෙකක් අහිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන තුනක් වැඩි කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය මන්ත්‍රී ආසන දෙක එලෙසම රැගෙන තිබේ.

අලුතින් තරඟ බිමට ආ සරත් ෆොන්සේකා ආසන නවයක් හිමි කර ගැනීමට සමත් විය.

 

 



අදහස් (0)

බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ

සුසී Sunday, 30 March 2014 04:17 PM

කොහොමත්‍ ජේ.වී.පී.ය දිනුම්. ඔවුන්ගේ ඥන්ද පිරිසිදුයි. ෆොන්සේකා මහතා උඩඟු නොවී , කට ප්‍රවේශම් කරගෙන ජේ.වී.පී.ය සමඟ සහයෝගයෙන් වැඩ කළොත් යහපත් අනාගතයක් රටේ ජනතාවට උදා වේවි (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 30 March 2014 04:21 PM

අවසානයේ ආරම්භය හොඳින් සිදු වී තිබෙනවා. ඔහොම යං! (නදී)

:       0       0

සුසී Sunday, 30 March 2014 04:32 PM

විපුල,යොහාන් ,අප්පුහාමි ,කුමාර ,ඔබලාගේ අදහස් පළකිරීම ඉතා හොඳයි. අගෙයි ඔබලා වගේ අයගේ අදහස් රටේ මහත්මා දේශපාලන ගමනට ලොකු ශක්තියක්. මගේ අදහස් හා සමගාමී වේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 30 March 2014 04:38 PM

ප්‍රතිචාර දැක්කම හිනා යනවා..බැලුවම මෙච්චර ගත්ත ආණ්ඩුවනේ පැරදිලා තියෙන්නේ..අනිත් අය ඔක්කොම දිනලා...ඡන්දෙ නොදාපු ගොඩත් එයාලටම අර ගෙන. ඒ කියන්නේ මගේ ඡන්දෙත් ගිහින් තියෙන්නේ විපක්ෂෙට. හරි හරි ඔහොම කියා කියා තව කොච්චර කාලයක් යන්න වේවිද බලමුකෝ කට්ටියගේ ඔය ස්වර්ග රාජ්ජය පහල වෙන්න.ඔක්කොම එකතුවෙලාවත් මයිල් ගහක් හොලව ගන්න බැරුව කතාවනම් හරියට අලියෙක් පොළොවේ ගැහුවා වගේ.(නදී)

:       0       0

දිල් Sunday, 30 March 2014 04:44 PM

ආයේ යුද්දේ පටන්ගන්නවා.(නදී)

:       0       0

තුසිත් Sunday, 30 March 2014 04:51 PM

මගේ මුළු පරම්පරාවම ඡන්දෙ දුන්නේ සන්දානෙට. නමුත් මේ පාර අපි සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂෙට ඡන්දෙ දුන්නේ. ඒ ගැන ගොඩක් සතුටුයි.(නදී)

:       0       0

බමුණු Sunday, 30 March 2014 10:14 PM

"අපි ජවිපෙ නොවෙමු. එහෙත් රට ගැන සිතන බුද්ධිමත් පිරිසක් ලෙස, තරුණ අපි ජවිපෙ සමඟ ගොඩනඟා ගත් ස්ථාවරත්වය පිළිබදව අවංකවම සතුටු වන්නෙමු." හරියට හරි. හොරවැඩ එලියට දාන්නේ ඉන්නේ මෙයාල විතරයි.(නදී)

:       0       0

ලංකාතිලක Sunday, 30 March 2014 05:16 PM

ගොඩක් අය ප්‍රතිචාර දමා තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව. ඒ නිසා ප්‍රතිඵලය පේන්නේ ඔවුන්ට වාසි වන විදියට. කෙසේ උනත් ආණ්ඩුවට ඡන්ද ප්‍රමාණයක් අඩු වෙලා කියා පේනවා. එක්සත් ජාතික පක්ෂයට එය ලැබිලා. පොන්සේකා මහතා ජේ වී පි අයට වැඩිය ඉදිරියෙන් සිටීමත් පේනවා.(නදී)

:       0       0

පිටිගල Sunday, 30 March 2014 10:24 PM

රජය වට්ටන්න ඕන නැහැ අසෝකා, නිවැරදි කලයුතු වැරදි ගොඩක් තියෙනවා. ඒවා නිවැරදි කරගත යුතුයි. දැන්මම, ජනතාව රතු එළියක් පෙන්නලා තියෙනවා.(දී)

:       0       0

සෙනරත් Saturday, 05 April 2014 03:46 PM

මේ පාර චන්දෙ යම් පසුබෑමක් තියෙනවද (දී)

:       0       0

නිසා Sunday, 30 March 2014 11:07 PM

ජනතා විමුක්ති පෙරමුණට ජය මාවත විවර වී තිබෙනවා. නැවත ඔබව විනාශ කළ අයට එකතු වීමෙන් වළකින්න. ඔබට ජය! (නි)

:       0       0

උතුම් Sunday, 30 March 2014 01:23 PM

ආණ්ඩුවෙ අවසානය බොහොම ළං වෙලා වගෙයි. විපක්ෂයේ පක්ෂ එකමුතු වෙලා ඉකමනටම රට මේ වැටිලා තියෙන අාගාධයෙන් ගොඩ ගන්ඩ ඕනෑ. යු.එන්. පී. ය ඇතුලු මුලු විපක්ෂයටම සුභ පැතුම්!!! (නි)

:       0       0

සමන් දන්තනාරායන Sunday, 30 March 2014 01:24 PM

ජය වේවා! ජය වේවා! (නි)

:       0       0

සුනිල් Sunday, 30 March 2014 01:25 PM

ෆොන්සේකාගේ ගෙදර වැඩට යනවයි කියපු අයට දැන් යන්න පුළුවන්නේ.නේද? (නි)

:       0       0

අමින්ත Sunday, 30 March 2014 01:25 PM

දැන් සරත් මහතා ඉතා වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. අායෙත් කට වරද්දා නොගෙන ඉන්න ඕනෑ. ජවිපෙත් ඉවසීමෙන් වැඩ කරන්න. මේ ප්‍රතිපලය විපක්ෂයට එකතු වෙන්න කියලා දුන් පණිවුඩයක්. ඒ නිසා විපක්ෂය පොදුවේ ලැබූ මේ ජය විජයග්‍රහණයක් කරගන්න අදිටන් කරගන්න. ආණ්ඩුව පෙරළන සටනට ඔබට ජය! (නි)‍

:       0       0

කලාබර Sunday, 30 March 2014 01:27 PM

ඩලස් ගේ ඡන්ද සමීක්ෂණය අහන්න ආසයි. ලංකාවේ මෝඩ මිනිසුන් අඩු වීම සතුටක්.සජිත්ලා, බුද්ධිකලා, අනුරලා, කරුලා එකතු වෙලා ගම් මට්ටමින් සංවිධානය වුණදාට ආණ්ඩුවට මොනවා වෙයිද? (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්දන Sunday, 30 March 2014 01:28 PM

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණේ එජාප ඡන්ද හා එජනිස ඡන්ද.ප්‍රධාන පක්ෂ දෙකේ දුර්වලකම් දැන් දැන් පෙනෙනවා නේද? (නි)

:       0       0

චාමි Sunday, 30 March 2014 01:29 PM

පැරණි පක්ෂ වලින් සැබෑවටම ජයග්‍රහණය කර ඇත්තේ ජවිපෙ පමණයි (නි)

:       0       0

බණ්ඩාර Sunday, 30 March 2014 01:30 PM

ෆොන්සේකා උඩ යයි. ජවිපෙ යට යයි. යූ.එන්.පී.ය සැනසෙයි. ආණ්ඩුව ගමන යයි. අපිට හිනහා යයි (නි)

:       0       0

සමන් Sunday, 30 March 2014 01:31 PM

අර අහවල් මත්තයාගේ ජිනීවා තර්කයට අනුව ඡන්දය නොදුන් අයත් එක්ක බැලුවම ආණ්ඩුව අන්ත පරාජයක් ලබලනේ (නි)

:       0       0

රංජිත් Sunday, 30 March 2014 01:33 PM

මේ විදිහට ආසන කීපයක් අඩු වුණාට මේක ආණ්ඩුව ගෙදර යන පාර කියලා තීරණය කිරීම ඉතාමත් පටු අදහසක් පමණි. අඩියක් දෙකක් පස්සට යන්නේ ලොකු පිම්මකට කියලා කියන්නත් පුළුවන් නේද? කොහොමත් මේ ගමන නවත්වන එක හරි අමාරු දෙයක්. (නි)

:       0       0

වසන්ත Sunday, 30 March 2014 01:34 PM

මෙහෙම බලද්දී රනිල්, ජෙනරල් සරත් ෆොන්සේකා, අනුර එකතු වුණා නම් කොහොමට තියෙයිද? (නි)

:       0       0

සචිත් Sunday, 30 March 2014 01:37 PM

ආණ්ඩුව වැඩ කරන හැටි ගැන ජනතාව අවධානයෙන්. හොරකම්, නාස්ති, මාධ්‍ය අනිසි ලෙස ජනතාව රැවටීමට යොදා ගැනීම, දේශපාලනය පවුල්කරණයට ලක් කිරීම ආදිය නැවැත්වීම පමණයි ආණ්ඩුවේ පැවැත්මට කළ හැකි එකම දෙය ලෙස මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

මචන් Sunday, 30 March 2014 01:39 PM

බස්නාහිර කියන්නේ මුලු ලංකාවම නෙමෙයි. රටේ අනෙක් පළාත් වලින් පැරදිලත් තවම විපක්ෂයේ අයගේ බොරු කටමැත දෙඩවීම් නම් අඩු වෙලා නැහැ.මේ ආණ්ඩුව තව අවුරුදු 10කටවත් කාටවත් හොලවන එක බොරු. ජය වේවා! (නි)

:       0       0

අංජන Sunday, 30 March 2014 01:40 PM

උතුම්, සමන්, සුනිල්, අමිත්ත, 2009 වගේ ප්‍රතිපලයක් කොහොමද 2014 බලාපොරොත්තු වෙන්නේ? ආණ්ඩු කරනකොට තමයි ඡන්දෙ අඩු වෙන්නේ. මම හිතන විදියට මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක්. බඩු මිල ගැන හිතලම මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. කොළඹ වටේ දෙමළ, මුස්ලිම් ටිකයි, ගාල්ල නගරයේ මුස්ලිම් ටිකයි ආණ්ඩුවට දෙන්නේ නැහැ කොහොමත්. බලන්න කළුතර , ගම්පහ. (නි)

:       0       0

අජිත් Sunday, 30 March 2014 01:43 PM

ඔය ටිකවත් ලැබුනේ කවුරු නිසාද කියලා තේරෙනවනේ. ඇමතිවරුනි, දැන්වත් මොළය පාවිච්චි කරලා වැඩ කළොත් තමා හොද (නි)

:       0       0

අජිත් Sunday, 30 March 2014 01:43 PM

දැන්වත් මොළය පාවිච්චි කරලා වැඩ කරන්න. (නි)

:       0       0

රංග Sunday, 30 March 2014 01:43 PM

ඒ වුණාට කියන්නෙ නම් මේ මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා කියලා නේද? (නි)

:       0       0

සුරංග Sunday, 30 March 2014 01:43 PM

ඇමතිලා ටික අන්න රූපවාහිනියේ කියනවා මේ මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලලු. මෝඩ කතා කිය කිය උඩ පැන පැන ඉන්නේ නැතුව රට ගැන හිතන්න, තමන්ගෙ බඩ ගැන හිතන්නේ නැතුව. නැත්තම් එජනිස පහළටම වැටෙයි. (නි)

:       0       0

පාල Sunday, 30 March 2014 01:44 PM

බස්නාහිර ජනතාවට ජය වේව‍‍ා! (නි)

:       0       0

පාල Sunday, 30 March 2014 01:44 PM

තවම අහිමි වුණේ 12යි. බලමුකෝ තව ඉස්සරට... (නි)

:       0       0

පාල Sunday, 30 March 2014 01:44 PM

දැන්වත් මොළය කල්පනා කරලා වැඩ නොකළොත් අවසානය අත ළඟයි. (නි)

:       0       0

පාල Sunday, 30 March 2014 01:44 PM

ජය‍ වේවා! විපක්ෂයට ජය වේව‍ා! (නි)

:       0       0

පාල Sunday, 30 March 2014 01:44 PM

විපක්ෂයේ ජයග්‍රහණය දැන් අත ළඟයි. (නි)

:       0       0

කපිල Sunday, 30 March 2014 01:44 PM

විපක්ෂයේ ඔක්කොම ආසන ටික එකතු කළත් ආණ්ඩුවට වඩා අඩුයි කියලා මේ අයට තේරෙන්නේ නැද්ද? ෆොන්සේකාගේ පක්ෂයේ පටන් ගැනීමත් අවසානයත් ඕකම තමයි කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

ජගත් Sunday, 30 March 2014 01:54 PM

නියමයි නියමයි. පවතින දේශපාලන ක්‍රමයේ අවසානය අත ළඟයි. මිනිස්සු මොළය කල්පනා කරලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තිබෙනවා. ජයවේවා! (නි)

:       0       0

නිරාන් Sunday, 30 March 2014 02:04 PM

හොද ආරම්භයක්. විපක්ෂයට හැමෝම එකතු වෙලා මේ රට බාරගන්න (නි)

:       0       0

යොහාන් Sunday, 30 March 2014 02:15 PM

මෙම ප්‍රතිඵලය ගැන රජය සළක බැලිය යුතුයි. සන්ධානයට ආසන 12ක් අඩුවීමෙන් පෙනෙන්නේ රජයට ඡන්දය දුන් කොටසක් විරෝධය පළ කරන බවයි. ඔවුන් මෙය තේරුම් ගෙන වැරදි හදාගත යුතුයි. එජාපය එකමුතු නැති බැවින් ජනතාව ක්‍රමයෙන් ඔවුන්ගෙන් ඇත්වෙනවා. එක් නායකයකු යටතේ ඔවුන්ද සංවිධානය විය යුතුයි. ජවිපෙ නැවත ගමනක් අරඹා ඇති බව පෙනේ. ඔවුන් ඉවසීමෙන් ලැබූ ජයග්‍රහණය රඳවා ගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉදිරියට පැමිණියේ ෆොන්සේකා මහතා නිසාය. නමුත් දැන් ලැබූ මන්ත්‍රී ධූර සමඟින් ජනතාව සමඟ කටයුතු කළ යුතුයි. නොඑසේ නම් ෆොන්සේකා මහතාගේ ප්‍රසිද්ධිය අඩුවූ කල පක්ෂය දියවී යනු ඇත (නි)

:       0       0

සංක Sunday, 30 March 2014 02:16 PM

බලනකොට දකුණින් සහ බස්නාහිරින් යන දෙකෙන්ම 60% ට අඩුයිනේ. (නි)

:       0       0

අසෝකා Sunday, 30 March 2014 06:48 PM

රජය වට්ටන්න කාටවත් බැහැ ජය වේවා! ඒක හීනයක් කියල හිතා ගන්න.(නදී)

:       0       0

සිතිර Monday, 31 March 2014 01:04 AM

ඇත්තටම විපක්ෂ‍ය එකතු වුණා නම් ගොඩක් ප්‍රශ්න වලට විසඳුමක් සොයන්න පුලුවන්.සරත් සර්ට සුභ පතනවා! ජයෙන් ජය වේවා! (නි)

:       0       0

දිල්ශාන් Sunday, 30 March 2014 02:25 PM

දැන්වත් විපක්ෂයේ නායකත්වය ගැන තීරණයක් ගත්තොත් නරකද? (නි)

:       0       0

වසන්ත ඉලංගකෝන් Sunday, 30 March 2014 02:25 PM

ජය වේව‍‍ා! (නි)

:       0       0

විපුල Sunday, 30 March 2014 02:26 PM

අපි ජවිපෙ නොවෙමු. එහෙත් රට ගැන සිතන බුද්ධිමත් පිරිසක් ලෙස, තරුණ අපි ජවිපෙ සමඟ ගොඩනඟා ගත් ස්ථාවරත්වය පිළිබදව අවංකවම සතුටු වන්නෙමු. (නි)

:       0       0

සංක Sunday, 30 March 2014 02:28 PM

ඒත් කෙනෙක් නම් කිව්වේ දකුණින් සහ බස්නාහිරින් 64% හා 61% කියලා නේද? (නි)

:       0       0

මොහාන් දමාම් Sunday, 30 March 2014 02:34 PM

සියලු දෙනාටම වැඩ කළ යුතු කාලය ඇවිල්ලා වගෙයි.දැන් ජනතාව බුද්ධිමත්. රවටන්න හිටන්න එපා.රට සංවර්ධනය වෙනවා වගේම ජනතාවත් සංවර්ධනය වියයුතුයි. මිනිස්සු දුප්පත් වෙලා රට දියුණු වෙලා වැඩක් නැහැ. (නි)

:       0       0

මොහාන් දමාම් Sunday, 30 March 2014 02:40 PM

ජාතිවාදය වපුරන පුද්ගලයන්ව ඔවුන්ගේම ජාතියේ ජනතාව පවා ප්‍රතික්ෂේප කරලා. අපට අවශ්‍ය අකමුතු රටක්. (නි)

:       0       0

ලක්ෂාන් Sunday, 30 March 2014 02:41 PM

දැන් දැන් මිනිස්සු හිතන විදිය වෙනස් වෙලා වගෙයි. (නි)

:       0       0

මොහාන් දමාම් Sunday, 30 March 2014 02:43 PM

දැන් කී දෙනෙක් රජයට යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මිතුන් Sunday, 30 March 2014 02:57 PM

මුලින්ම වැඩකට නැති සියළු ඇමතිලා ඉවත් කළ යුතුයි. ජනාධිපතිතුමයි, බැසිල් ඇමතිතුමයි, ගෝඨාභය මහත්තයයි ඔය ඇමතිලා සියල්ලෝම කරන වැඩ වලට වඩා වැඩක් කරනවා රටේ. අනෙක් බොහෝ අය බොරුවට රටේ සල්ලි නාස්ති කරනවා. ඇමති සංඛ්‍යාව අඩු කරලා රාජ්‍ය සේවකයන්ගේ පඩිය රු.500ක් වැඩි කරන්න බලන්න. (නි)

:       0       0

සිලරත්න Sunday, 30 March 2014 02:59 PM

බස්නාහිරින් ආණ්ඩුවට රතු එළියක් ...පුරසාරම් නවතා වැඩ කරන්න වෙයි. (නි)

:       0       0

පද්මිණි Sunday, 30 March 2014 03:08 PM

රට දිනා දුන් නායකයාට ජය පතමි! තව ශක්තිමත් වෙන්න. (නි)

:       0       0

‍රොෂාන් Sunday, 30 March 2014 03:12 PM

හිතා මතා වැඩ කළ යුතු කාලයක් (නි)

:       0       0

මනෝජ්-සාජා Sunday, 30 March 2014 07:51 PM

වසන්ත , ඔයා කියන දේ මේ කපේදි නම් වෙන්නේ නැහැ. තුසිත් මේක නම් පාටියක් දාන්න වටිනා වැඩක්. පරම්පරාවේ ඔක්කොමත් එක්ක අද හවස සෙට් වෙමුද? (නදී)

:       0       0

කුමාර Sunday, 30 March 2014 03:21 PM

ඡන්දය නොදා ඉන්න ප්‍රතිශතය බැලුවොත් මිනිස්සු ඉන්නේ කල කිරීමෙන් කියලා පේනවා. ඒ ප්‍රතිශතයට තමා ඇත්තටම ආණ්ඩුව පෙරලන්න ඕනේ අය.(නදී)

:       0       0

පිටිගල Sunday, 30 March 2014 03:38 PM

ආණ්ඩුවේ අසීමිත බලය අඩු වෙලා විපක්ෂයේ බලය තව ටිකක් වැඩි විය යුතුයි.ආණ්ඩුවත් පැවතිය යුතුයි. ප්‍රාදේශීය පාලකයින්ගේ දූෂණ, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ,මත්ද්‍රව්‍ය ජනතාවට පෙනිලා තියෙන බව කවුරුත් වටහා ගත යුතුයි. ඉදිරියේදී තව හොඳට පෙනෙයි. (නි)

:       0       0

අප්පුහාමි Sunday, 30 March 2014 03:59 PM

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහ ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක යන මහතුන්ට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සමන් Friday, 04 April 2014 02:49 AM

ඉස්සරහට කල්පනා කරලා වැඩ කළොත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 55 0

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1065 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 167 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 268 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1952 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 8920 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 406 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1415 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site