IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


බස්නාහිර අවුරුදු 20-30 අයට අන්තර්ජාලයෙන් ලියාපදිංචිවී කොවිඩ් එන්නත ගැනීමේ ක්‍රමයක්

( තිළිණි ද සිල්වා)

බස්නාහිර පලාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 වැඩි ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත (ඔන්ලයින්) හා කෙටි පණිවුඩ සේවාව මගින් සිදුකල හැකිබව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියා සිටී.

බස්නාහිර පළාත් 20-30 අතර ජනතාව මෙම එන්නටත ලබාගැනීමට සුදුසුකම් ලබන අතර ගම්පහ සහ කළුතර දිස්තික්වල 20+ සියලු දෙනාම එසදහා සුදුසුකම් ලබයි. එන්නත් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙන බැවින් සුදුසුකම්ලත් පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ 1906 යන අංකයෙන් කෙටි පණිවුඩ ද සේවා හා ලියාපදිංචි වීමේන් එන්නත ලබා ගැනීම පහසුවන බවද එම නියෝජිතායතනය පෙන්වා දේ.

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය , කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජංගම දුරකථන සේවාවන් සමග ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ.

 



අදහස් (1)

බස්නාහිර අවුරුදු 20-30 අයට අන්තර්ජාලයෙන් ලියාපදිංචිවී කොවිඩ් එන්නත ගැනීමේ ක්‍රමයක්

කල්පනා Tuesday, 07 September 2021 06:37 PM

මෙම ක්‍රමය අනෙකුත් දිස්ත්‍රික්ක වලටත් දීර්ඝකරන්න ස්තුතියි

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 716 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 584 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 258 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 213 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට
2024 නොවැම්බර් මස 12 334 0

කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site