IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බස්නාහිර සබේ ගාලගෝට්ටි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණිදා විකෘති කළ ජාතික කොඩියක් පෙන්වීමට විරෝධය පළ කිරීම සඳහා බස්නාහිර පළාත් සභාවේදී යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය ගත් උත්සාහය අද (28) පරාජය විය.

ඉන්පසු සභාවේ කලබල ඇතිවිය. මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හෙළ උරුම මන්ත්‍රීවරු ඇතුළු පිරිස් ජාතික කොඩි රැගෙන සභාවේ එසවූහ.  සභාව මිනිත්තු 10 කට නැවතිණි. අවසානයේ න්‍යාය පත්‍රයේ කටයුතු කිරීමට නොහැකිවීමෙන් රැස්වීම පසුවට කල් තැබිණි.

DSC_6635-(1) DSC_6641-(1) DSC_6659

 

 



අදහස් (0)

බස්නාහිර සබේ ගාලගෝට්ටි

චන්න Tuesday, 28 April 2015 01:40 PM

සිරි,ජාතික කොඩිය එක එක මෝඩයට ඕන විදියට වෙනස් කරන්න බැහැ.(බ)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Tuesday, 28 April 2015 02:14 PM

සිරි මහත්මය- ජාතික කොඩිය පරණ අලුත් කියලා දෙකක් වෙන්න බැහැ. ජාතීන් කිහිපයක් නියෝජනය කරන මේ රටේ එකම එක ධජයයි, එකමරටක්....... එකම ධජයක්.......(බ)

:       0       0

නිමල් ලාලිත Tuesday, 28 April 2015 02:46 PM

මෙතන පැවැත්වුයේ විරෝධතාවයක් මිස ජාතික කොඩි වැනීමේ හෝ එසවීමේ තරඟයක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම්තුමා එදා සිංහයෙකු ලෙස වැජඹුනු නිසාත්,මෙම පිරිස එතුමාට සිංහයෙකු ලෙස සළකන නිසාත් සිංහ කොඩියක් වැනුවා විය නොහැකිද? එමෙන්ම ලංකාවට නිදහස ලැබීමේදී එසවුයේද මෙවැනි කොඩියකි. තනි සිංහ කොඩි වැනීම හෝ එසවීම තහනම් කර තිබේද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 28 April 2015 03:35 PM

නීතිය කඩකරන හරි පුද්ගලයාව සොයාගෙන ඔහුට විරුද්දව කටයුතු කරගන්න ශක්තියක් නොමැතිව කරන විකාරයක මහත.. (බ)

:       0       0

සිරි Tuesday, 28 April 2015 04:13 PM

චන්න, ෆස්රුල්, එහෙම වෙන්නේ අපි මේ අරන් යන්නේ ජාතික කොඩිය, මේක තමයි අපේ ජාතික කොඩිය කියාගෙන ගියොත්. එහෙම දෙයක් වෙලා නැහැනේ මෙතන. අනික මම කලිනුත් කිව්වත් වගේ, එහෙමනම් නීතිය කොඩිය ගීතය දෙකටම එක වෙන්න ඕන. ඇයි දෙකක්? එකයි මම කියන්නේ. 1948 තිබ්බ කියල ජාතික ගීය තවත් භාෂාවකින් කියන්න පුලුවන්නම් (1972 ව්‍යවස්ථාවට විරුද්ධව), 1948 තිබුන කොඩිය ගෙනිච්චම මොකද! (බ)

:       0       0

සුමුදු හේවා Tuesday, 28 April 2015 10:00 PM

චන්න සහ ෆාස්රුල්, සිරි කියන කතාව ඇත්ත. අප අපේ වත්මන් ව්‍යවස්ථාවට අනුව ජාතික කොඩිය සේ සැළකෙන තීරු සහිත සිංහ කොඩියට ගරුකළ යුතු වුවත් එය අපගේ පුරාණ සිංහලේ සිංහ කොඩිය එනම් ගැමුණු රජ දවස සිට එන සැබෑ ඓතිහාසික ජාතික කොඩිය වෙනස් කිරීමෙන් නිර්මාණය කර ගත්තකි. (නි)

:       0       0

සිරි Tuesday, 28 April 2015 11:39 AM

ජාතික ගීය නිල වශයෙන්ම වෙනස් භාෂාවකින් ගයද්දී හොඳයි (ව්‍යවස්ථාවට පවා විරුද්ධව). ජාතික නොවන රැලියකදී පරණ ජාතික කොඩිය අරන් ගියාම ඇඟ කසනවා. විකෘතියක් වෙන්නේ දැන් තියන කොඩිය වෙනස් කරානම්, එහෙම දෙයක් වෙලත් නෑ. වෙලා තියෙන්නේ පරණ ජාතික කොඩිය අරන් ගිය එක, ඉතින් මොකද? (බ)

:       0       0

ජයා Tuesday, 28 April 2015 01:04 PM

මේ අය ආ දවසේ සිට කරන්නේ නඩුදාන එකනේ. වෙන කරන්න වැඩක් නැහැනේ. මට හිතාගන්න බැහැ ඉස්සරහට මොනවා වේවිද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 103 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1956 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2257 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2955 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site