ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස දෙකක දින 66ක් පුරා සිර වී සිටි 2000 පිරිසක් ගම් බිම් බලා යැවීමෙ වැඩ සටහනක් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) උදෑසන පිළියන්දල බස් නැවතුම්පළ භූමියේ දී සංවිධානය කර තිබුණි .
මේ සඳහා ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාස දෙකට අයත් පොලිස් වසම්වල සිර වී සිටි 2000 පිරිසක් ශ්‍රී ලංගම බස් බස්රථ 45 කින් ගම් බිම් බලා යැවිමේ කටයුත්ත මෙසේ සිදු කෙරිණි .
මෙසේ පිටත්ව යන පිරිස පිළියන්දල බස් නැවතුම්පළ භූමියට පැමිණිමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම හා පොලිස් නිලධාරීන් විසින් ගමන්මලු පරික්ෂා කිරීමේ කටයුත්ත ද සිදු කෙරිණි .
අනතුරුව පැමිණි සියලු දෙනාට දිවා ආහාරය ලබා දීම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අතින් සිදු කිරීමෙන් පසුව සියලු දෙනා ගම්බිම් බලා යාමේ කටයුත්ත සිදු විය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ,ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි ය රොහාන් ප්‍රේමරත්න ,සහකාර පොලිස් අධිකාරී රමිදු ද සිල්වා , කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර ,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ හා පොලිසියේ උසස් නිලධාරීහු නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස්නාහිර සිරව සිටි 2000 ක් ගම්බිම් යවති