IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බසයක් නැවතුමට පනීයි :බැංකු සේවිකාවක මරුට

කොළඹ ක්‍රීඩා තරඟයකට යෑම සඳහා අහුංගල්ලේ බස් නැවතුමක සිය පියා සමග සිටි බැංකු සේවිකාවක අද අලුයම බසයකට යටවී මියගිය බව පොලිසිය කියයි.

මාතර සිට පැමිණි අර්ධ සුකෝපභෝගී බසයක් තාප්පයද බස් නැවතුමද කඩාගෙන මෙම ක්‍රීඩිකාව යටකර ඇතැයිද පියා තුවාල නොලබා බේරී ඇතැයිද පොලිසිය කියයි .

බස් රියදුරා අත්අඩංගුවට ගැනීමට යයි IMG_4460 IMG_4467

IMG_4478



අදහස් (0)

බසයක් නැවතුමට පනීයි :බැංකු සේවිකාවක මරුට

සහන් Monday, 10 October 2016 12:30 PM

ගාලු පාරේ දුවන්නේ ගංජා ටුවර්ස්ලානේ (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 08 October 2016 08:36 PM

මෙම බැංකු සේවිකාවගේ සැමියාට හා දරුවන්ට මෙම බස් සමාගම විශාල වන්දියක් ගෙවිය යුතුයි. එපමණක්ද නොවේ, මෙම අපරික්ෂාකාරී රියදුරාටද නඩු පැවරිය යුතු වේ. මේ වැනි අනතුරු වලට අපේ කී දෙනෙක් ඉදිරියේ ගොදුරු වේවිද? (නි)

:       0       0

සත්‍යයා Saturday, 08 October 2016 10:38 PM

"My Nation My Country" මඟමරුවන්ගේ යුගයක් මේක. පේනවා නේද වැඩ. (නි)

:       0       0

ජයාත් Sunday, 09 October 2016 01:59 AM

අනිවාර්යයෙන්ම රුපියල් සත පස්සේ දුවන්න ඇති. මේ රටේ මොවුන්ට දඬුවම් නැහැ. උසාවි දමාවි. දඩයක් ගහලා එළියට දමාවි (නි)

:       0       0

පුෂ්ප Sunday, 09 October 2016 02:20 AM

රනිඳු, මම ඔයා සමඟ 100% එකඟයි. හැමදාම නිවන් සුව කිය කියා අපි ඉන්නවා. බස්කාරයන්ට බනිනවා. බලන්න දියුණු රටක ප්‍රශ්නයක් ඇති විට කරන දේවල්. මුලින් ප්‍රශ්නය පහදා ගන්නවා. ඊටපස්සේ ප්‍රශ්නයට මුල් වන දේවල් පහදා ගන්නවා. හැම වසරකම දේශපාලකයෝ මුල්වෙලා විශාල වැඩ කොටසක් කරනවා ප්‍රශ්නය විසඳන්න. මම ඉපදුනු දා පටන් බස්කාරයෝ මෙහෙමයි. මේවා බලලා හිනා වෙලා හෙට උදේටත් රේස් එක පටන් ගන්නවා. (නි)

:       0       0

කමනි Sunday, 09 October 2016 03:08 AM

මේක වේලාව තමයි.(හේ)

:       0       0

ටිකිරි Sunday, 09 October 2016 03:13 AM

ලංකාව කියන්නේ එන එන්නම මිනිස්සු නොමිනිසුන් වෙන්න හදන රටක්,,මිනිසුන්ගේ කිසිම විනයක් ඉවසීමක් නැහැ,,(හේ)

:       0       0

පසිදු Sunday, 09 October 2016 04:12 AM

මෙහි වගකීම සම්පුර්ණයෙන්ම පොලිසිය බාරගත යුතුයි,(හේ)

:       0       0

අනුරාධ Saturday, 08 October 2016 05:02 AM

මෙම සිදුවීමෙන් මියගොස් සිටින බැංකු සේවිකාවට නිවන් සුව ලැබේවා කියා පතමි.(හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 09 October 2016 05:00 AM

ගැමුණු විජේරත්න මහතාට මාර්ග අනතුරු ගැන හිතන්න වෙලාවක් නැහැ. රියදුරන්ට විනීතව රිය පදවන්න ආචාර ධර්ම පද්ධතියක් ඕනෑ වගේම මෙවැනි මාරක අනතුරු සිදුකළවිට රියදුරු බලපත්‍රය අහෝසි කර මාස 6ක් බන්ධනාගාර ගතකළ යුතුයි. (නි)

:       0       0

රණවක Sunday, 09 October 2016 05:05 AM

මේක මඟමරු ත්‍රස්තවාදයක්! මොවුන් මර්දනය කරනු පිණිස හමුදාව යොදවනු හැකිය. පොලිසියට මෙය කළ නොහැකිය. (නි)

:       0       0

උදය Saturday, 08 October 2016 06:13 AM

ඉන්දියන් නිෂ්පාදිත සියලුම වාහන පැ.කි.මී. 60 ට වඩා වේගයෙන් ධාවනය කිරීම අනතුරුදායකයි. මෙය සැඟව ඇති සත්‍යයක්. ඉන්දියන් වාහනයක වේගයෙන් යනවා යනු "මරුවා සමඟ යනවා" වැනිය​. එය පදවන්නාත් ගමන්ගන්නාත් මහාමාර්ග වල ගමන් කරන අයත් මේ ආකාරයෙන් ජීවිත වලින් වන්දි ගෙවන්නේ ඒ නිසාය (නි)

:       0       0

නන්ද Saturday, 08 October 2016 06:21 AM

දිනපතාම සිදුවන බරපතල රිය අනතුරු හා ඉන් සිදුවන මරණ හා වෙනත් බරපතල විපත් ඉවරයක් නැහැ. ඒවා වැළැක්වීමට කිසිම ප්‍රායෝගික ක්‍රියාවලියක් අනුගමනය කරන වගක් පෙනෙන්නේ නැහැ. රියදුරන් පමණක් නොවෙයි මගීන් පවා කිසිම අවධානයකින් ඉන්න බවක් පෙනෙන්න නැහැ. ඒ කෙසේවෙතත්, මේ අනතුරු වැළැක්වීම සඳහා නිසි පරිදි ක්‍රියා නොකිරීම ගැන, අදාළ අමාත්‍යවරයාත්, නිලධාරීනුත්, පොලීසියත් පොදුවේ රජයත් ලැජ්ජා වියයුතුයි. (නි)

:       0       0

අංගොඩ ලාල් Sunday, 09 October 2016 05:36 AM

උදය, විහිලු කතා කියන්න එපා. කවදාහරි කරපු පරීක්ෂණයකින් ඔප්පුවෙලා තියෙනවද වාහන අනතුරු වලට මුල ඉන්දියන්, කොරියන්, ජපන් හෝ වෙනත් රටක නිපද වූ වාහනවල නිෂ්පාදන දෝෂයක් නිසාය කියලා. අපේ රටේ වැඩිපුරම මාර්ග අනතුරු සිදුවෙන්නේ පුද්ගලික බස් සහ ත්‍රී රෝද රථ වලින් බව තමයි ඇත්ත. ඒ අනතුරු වලට මුල රියදුරන්ගේ නොසැලිකිළිමත්කම, නින්ද යාම, අධික වේගයෙන් රිය පැදැවීම කියන දේ තමයි අනිත් සත්‍යය (නි)

:       0       0

අනුරාධ Saturday, 08 October 2016 06:25 AM

ගැමුණු විජේරත්න මහතා, මෙම සිදුවීම ගැන ඔබගේ අදහස කුමක්ද? මෙවැනි අනතුරු බස් රථ මඟින් ගොඩක් සිදුවෙනවා. මිනිසුන්ගේ ජීවිත වලට පවා තර්ජනයක් වී තිබෙනවා (නි)

:       0       0

අජිත් Saturday, 08 October 2016 06:54 AM

ලංකාවේ රිය අනතුරු අපරාධ ලෙස සළකන්නේ නැහැ. එ්ක වෙනස් කරනතුරු මේ අපරාධ වෙනවා. (නි)

:       0       0

රොමේෂ් Sunday, 09 October 2016 07:58 AM

මෙතන තියෙන්නේ ඉන්දියාවේ බස් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ බස් රියදුරන් සහ ඔවුන් පාලනය කිරීමට නීතියක් නොමැතිකමයි. කොහොමත් ඔය බස්කාරයෝ පාරේ යන්නේ කිසිම විනයක් නැතුව. එකට වයකියන්න ඕනෑ මේ වගේ තරුණ ජීවිත නෙමෙයි. විනයක් නැති රටක බස් රියදුරන්ගේ විතරක් විනය හදලා වැඩකුත් නැහැ. (නි)

:       0       0

ගුණසිරි Saturday, 08 October 2016 07:44 AM

මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ ඒ යුවතිය මිනිස් ආත්මයක් ලදහොත් අප්‍රමාදීව නිවන් පිණිස පිළිවෙත් පුරත්වා.! (නි)

:       0       0

රොකී Saturday, 08 October 2016 08:26 AM

අනේ මන්දා මේවා කවදා නතරවෙයිද කියලා (නි)

:       0       0

රත්න Saturday, 08 October 2016 09:03 AM

මෙයද බොහෝවිට රියදුරුට නින්ද යාම නිසා සිදුවුණා විය හැකියි. නින්ද යාම නිසා වන අනතුරු මෑතක සිට විශාල ලෙස වැඩිවෙලා තියෙනවා. එවැනි අනතුරක දී මාස 6 කටවත් රියදුරු බලපත් අවලංගු කරන්නේ නම්, නිදිමත /අධික වෙහෙස සහිතව රිය පැදවීමේදී දෙවරක් සිතන බැවින් අනතුරු තරමක් දුරට හෝ අඩු කරගත හැකි වෙනවා. මේ පිළිබදව අදාළ නීති අංශ සැළකිල්ල යොමු වේවා. (නි)

:       0       0

සමන් Saturday, 08 October 2016 09:05 AM

මෙම සොයුරියට නිවන් සුව පතමි. ලංකාවේ සිදුවන මෙවැනි අනතුරුවලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ නොසැළකිල්ල සහ ඉවසීමක්, විනයක් නැතිකම. කරුණාකර නව නීති හඳුන්වාදී හෝ මෙවැනි අහිංසක ජීවිත නිරපරාදේ විනාශ වීම වළක්වන්න ක්‍රියාකරන්න. බොහෝ රටවල මාර්ග පද්ධතියේ තිබෙන සිසිටිවී දර්ශන නිරීක්ෂණය කරමින් අවිනීත රියදුරන්ගේ නොපනත්කම් මර්ධනය කරන නිසා එවැනි වැඩවලට බොහෝ රියදුරන් නොපෙළඹේ. (නි)

:       0       0

කමනි Saturday, 08 October 2016 09:08 AM

මේ වගේ අපරාධකාරයින් මට්ටු කරන්න රටේ නීතිය හැදෙන්නේ කවදාද? (නි)

:       0       0

කින් බෙනට් Saturday, 08 October 2016 09:58 AM

මුදල් පිටුපස වේගයෙන් හඹායන්න ගිහින් සිදුකළ තවත් මිනීමැරුමක්. කරුණාකර අලුත් නීතියක් ගෙන්න බර වාහන රියදුරන්ට රිය පැදවීම කළහැකි වෙලාව සීමාකිරීමේ. මොවුන්ට කිසිම විවේකයක් නැහැ. බස් හිමියාගේ ආදායම වැඩිකිරීමට අධික වෙලාවක් මහන්සියෙන් රැකියාව කරන්න වෙනවා (නි)

:       0       0

රනිඳු Saturday, 08 October 2016 10:39 AM

අපිට මේ පිස්සු බස් එළවිල්ල ගැන නීතියක් සම්මත කරගන්න බැරිනම් හැමදාම මිනිසුන්ට නිවන් සුව ලැබේවා කිය කියා තමයි ඉන්න වෙන්නේ. (නි)

:       0       0

අමල් Monday, 10 October 2016 07:07 AM

මේකනම් මහම මහ අපරාධයක්. (ර)

:       0       0

රොෂාන් Saturday, 08 October 2016 11:32 AM

මේක රියදුරුට නින්ද යාමෙන් සිදුවූ අනතුරක්. කෙසේවෙතත් මියගිය අයට නිවන් සුව පතනවා, මෙවන් අකල් මරණයක් නොවන්න කියා! (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 08 October 2016 01:11 PM

මෙවැනි අකල් මරණ ගැන අහනකොට දැනෙන්නේ විශාල කණගාටුවක්. ඇයට නිවන් සුව. (නි)

:       0       0

යදිත් Monday, 10 October 2016 09:26 AM

මේ ලගදි තිබ්බේ අපුරුවට පාරෙ අයිනෙන් යන ගැනු ළමයෙක්ව බස් එකක් හප්පනවා.මේ අයව කවදා හදන්නද?(හේ)

:       0       0

රන්ජිත් Saturday, 08 October 2016 03:29 PM

අනේ දෙවියනේ! මේ මොන අපරාධයක්ද? (නි)

:       0       0

සහන් Sunday, 09 October 2016 01:13 PM

මේ බස් රියදුරාට මරණ දඩුවම දිය යුතුයි. තනිකරම පාරේ අනිත් පැත්තට ගිහින්. විශේෂයෙන් මාතර කොළඹ, තංගල්ල කොළඹ බස් ඩ්‍රයිවර්ලා ගැන පොලීසිය හොයා බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 312 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1031 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 213 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1033 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 407 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1052 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site