(සනත් ගමගේ)
අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍ර දේශයේ දි ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්දයැයි සැකකරන පුද්ගලයින් දෙදෙනා කොග්ගල්ල ප්‍ර දේශයේ කැළයක සැඟව සිටිය දී අත් අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස් පති මහේෂ් සේනාරත්න මහතා කීය.
වෙඩි තැබීමට යොදාගත් ෂොට් ගන් ගිනි අවිය සහ ඔවුන් පැමිණි යතුරු පැදියද අත් අඩංගුවට ගෙන ඇත.
මාතර කොට්ඨාශ අපරාධ විමර් ශන ඒකකයේ නිළධාරීන් විසින් සිදුකල විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා සමඟ යතුරු පැදියද, ගිනි අවියද අත් අඩංගුවට ගැනිමට හැකි වී ඇත.
ඉකුත් 07 දා අම්බලන්තොට නගරයෙන් ගමන් වාරය ආරම්භ කර කොග්ගල් බලා ධාවනය වූ අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථය මදයමලලන්ද ප්‍ර දේශයට ලඟාවනවාත් සමඟම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මඟ හරස් කර බස් රථය නතර කර බස් රථයට ගොඩ වී බස් රථයේ ගමන් ගත් ගත් කාන්තාවකට වෙඩි තබා පලා ගොස් තිබිනි. තුවාල ලැබූ කාන්තාව බැරගම රජයේ රෝහලට මුලින් ඇතුලත් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලටත්, ඉන් පසුව කරාපිටිය මහ රෝහලට මාරුකර යවා දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බසයේදී කාන්තාවකට වෙඩි තැබූ දෙදෙනා අල්ලයි
Bamunuarachchi Sunday, 10 September 2023 07:28 PM
පොලිසියට වෙඩි තියෙන්න ආවා කියලා කැලේදීම මොවුන් දෙදෙනා ඉවර කළානම් රටට සෙතක්. ටෙක්සාස්වල වගේ පාතාලයින්ගේ පොටෝ එක දාලා මරා හෝ පණපිටින් අල්ලා දෙන කෙනෙකුට රුපියල් ලක්ෂ 5ක් දෙනවා කිව්වොත් නම් මිනියවත් ලැබෙයි. හැබැයි වැඩේට කලින් ඊස්ට්වුඩ්ට visa දීලා මෑන්ගේ රිවෝල්වරයත් ගේන්න අවසර දෙන්න වේවි...!