IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බසය ගහේ වැදී හතරක් මරුට

මනම්පිටිය කොටලීයේදී බසයක් ගසක වැදීමෙන් සිවිදෙනෙකු මරු මුවට පත්වී  දහනව දෙනෙකු  තුවාළ ලැබූ බව  පොලිසිය කියයි.

කොළඹ සිට මඩකලපුව බලා යමින් සිටි මෙම බසය අද අලුයම තුනට පමණ මෙම අනතුරට ලක් විය.

සමෘද්ධි නිලධරයන්  පිරිසක් එහි ගමන් කළ බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

බසය ගහේ වැදී හතරක් මරුට

අසේල Friday, 12 July 2013 10:51 AM

ආනන්ද අනතුර දුටුවාද? එය රථයේ වැරැද්දක් නොව රියදුරුගේ වැරද්දක් විය හැකියි. (දී)

:       0       0

පැතුම් Friday, 12 July 2013 10:59 AM

ධාවනයට නුසුදුසු බස්රථ ධාවනයේ යෙදීම මේ වගේ අනතුරු වලට මූලිකම හේතුවක් කියලයි මම නම් හිතන්නේ. දුම් පරීක්ෂාවට අමතරව වසරකට වරක්වත් හොඳ තත්ත්ව වාර්තාවක් ලබාදෙනවා නම් හොඳයි. විශේෂයෙන්ම මගී බස්රථ වලට. ජීවිත කීයක් අනතුරේද දැන්? මියගිය තිදෙනාට නිවන් සුව...!!! (දී)

:       0       0

හේමන්ත Friday, 12 July 2013 11:01 AM

අලුයම තුන? යක්කු ගස් නඟින වෙලාවක් මේක. පිස්සුද මේ වෙලාවට ගමන් යන්නේ, නිදිමතේ? (දී)

:       0       0

සරත් Friday, 12 July 2013 11:05 AM

සුක්කානම අතට ගත්තම ඉගිලෙනවා. අහිංසක මෙනිස්සු පරලෝකේ අරිනවා. මුන්ව තියන්න වටින්නේ නැහැ (දී)

:       0       0

රෙමා Friday, 12 July 2013 11:10 AM

රියදුරු මහතා ගේ ඇස් පෙනීම දුර්වලද බලන්න. අධික වේගය නිසා පාලනය කරගන්න බැරුව ඇති. ගස තියෙන්නේ පාරෙන් ගොඩක් ඈතනේ (දී)

:       0       0

අරාබ් Friday, 12 July 2013 11:12 AM

රාත්‍රියේ ගමන ආරම්ඹ කර ඇති බව පෙනී යයි. රියදුරුට නින්ද යන්න ඇති. රෑ ගමන් හරිම අවදානම් (දී)

:       0       0

සෑම් Friday, 12 July 2013 11:24 AM

මීට අවුරුදු විස්සකට තිහකට පෙර තිබුන පටු වලවල් සහිත පාරවල්වල හිමින් එලවලා පුරුදු වෙච්ච රියදුරන් අලුත් කාපට් පාරවල් දැක්කම තමාගේ වේගය පාලනය කරගන්න නොදැනීම නිසා මේ විදියට ජීවිත හානි වෙනවා. මීට විසිඑක් වසරකට පෙර මම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුන විටදීත් මට ඇතිවුන හැගීම " පාරවල් මරු, ඇරලා යන්න තමා තියෙන්නේ "කියලා. නමුත් දින කිහිපයකින්ම මට මාර්ග නීති සහ වේගය ගැන අවබෝධයක් ලැබුනා. (ඩොලර් 160 ක සහ 105ක දඩ දෙකක් තැපෑලෙන් ගෙදරට ආවාට පසු ) ඊට පස්සේ තමා ලංකාවේ තිබුන නරක පුරුදු අතහැරිලා හෝර්න් ගහන්නේ නැතුව විනීතව තමන්ට පාලනය කල හැකි වේගයකින් එලවන්න පුරුදු වුනේ (දී)

:       0       0

කසුන් Friday, 12 July 2013 11:38 AM

අනේ පව් අහිංසකයෝ ටික. (දී)

:       0       0

මාටින් Friday, 12 July 2013 11:50 AM

ගහේ බදින්න එක්කන් ආවද දන්නේ නැහැ. සමෘද්ධි නිලදාරියෝනේ. නමත් හරි නේ? (දී)

:       0       0

දුෂ්මන්ත Friday, 12 July 2013 12:07 PM

මම නම් කියන්නේ මෙම අනතුරු වලට නිසි පිළියම් යොදන්න කියලයි. (දී)

:       0       0

සරා Friday, 12 July 2013 01:07 PM

දැන් හුඟක් රියදුරන්ට පගාව අරන් තමා බලපත්‍ර දෙනවා කියන්නේ.මේ අලුත් පාරවල් වල එලවන වාහන නිසි ප්‍රමිතියට නඩත්තු වෙන්නේ නැහැ. වේග සීමා ගැන සැලකිලිමත් නැහැ රියදුරන්. (දී)

:       0       0

රොහාන් Friday, 12 July 2013 01:14 PM

ගස්ටික කැපුවා නම් ඕක වෙන්නේ නැහැ (දී)

:       0       0

චමිල නුවන් Saturday, 13 July 2013 04:10 PM

දුර ගමන් දාවනය වන බස් රථවල හුවමාරුවට රියදුරෙක් ගෙන යවවා නම් මේ අනතුරු ටිකක්වත් අවම වේවි කියලයි මගේ අදහස. එකම පුද්ගලයෙක් දාවනය දිගටම යෙදෙද්දි නිදිමත ඒන්න පුලුවන්. (ස)

:       0       0

අමිත් Wednesday, 24 July 2013 09:13 AM

කොහොමත් මඩකලපුව, කොළඹ දුවන බස් ඉගිලෙන්න හදනවනේ. උන්නම් ඉගිලෙයි පව් අහිංසක මිනිස්සුන්ගේ ජිවිත. අනිත් අයත් මේවා දැකලා හැදෙනව නම් තමයි හොද.(නදී)

:       0       0

ගමගේ Friday, 12 July 2013 02:33 PM

ලියන්න දෙයක් හිතට එන්නේ නැහැ මේ අපරාදය දැක්කම. ඇත්තටම මේ ඩ්‍රයිවර් මේ මිනිස්සුත් මරාගෙන මැරෙන රියදුරෙක් වෙන්න ඇති. මොකද මම එහෙම කියන්නේ. මොකා වුනත් යන්න ඕනෑ තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගෙකින්නේ. පෑගෙන තරමට ලෙල්ලටම පාගලා ගිහිල්ලා තමනුත් මැරිලා අනිකවත් මරනවා. මේ හයියෙන් යන මානසිකත්වය නතර කලයුතුයි. දියුණු රටවල මෙහෙම අනුන්ගේ ඇඟ උඩින් ගිහිල්ලද කාලේ ඉතිරි කරගෙන ඒ මිනිස්සු රට දියුණු කලේ? අපිට අනිච්චාවත සංඛාරා තමා. (දී)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 12 July 2013 08:18 AM

බුදු අම්මෝ! දැන් වාහන වල යන එක අන්තිම භයානකයි (නි)

:       0       0

වරුණ Friday, 12 July 2013 10:03 AM

මම හිතන්නේ රියදුරු මහත්තයට නින්ද ගිහිල්ලා (දී)

:       0       0

වෙනුර Friday, 12 July 2013 10:04 AM

සමහරවිට රියදුරුට නින්ද යන්න ඇති . පවු. මොනවා කරන්නද? ජීවිතේ හැටි ඔහොම තමා.කව්රු හරි රියදුරු එක්ක කතා කර කර ගියා නම් එහෙම නොවෙන්නත් තිබුනා (දී)

:       0       0

ලුම්බිණි Friday, 12 July 2013 10:05 AM

රියදුරු මහතාට නින්ද ගිහින් වගේ. (දී)

:       0       0

නිමල් ලලිතා Friday, 12 July 2013 10:11 PM

පුද්ගලික බස් සේවය ආරම්භ වන තුරුම ප්‍රදාන නගරවල වෙලා සටහන් කරුවන්ගේ කාර්යාල තිබුනා. කෙතරම් වේගයෙන් ගියත් නියමිත වෙලාව එනතුරු එම ස්ථානයෙන් පිටත් වීමට බැහැ. මෙහෙ ඉන්න රියදුරාට සුළුවෙන් හෝ සහනයක් ලැබුනා. නමුත් අද එහෙම නැහැ. කොන්දොස්තරගේ සහ රියදුරාගේ රැකියාවේ ස්තිරත්වයක් නැති නිසා රැකියාව රැකගැනීමත් ,වෙනත් කරුණු නිසාත් කොටසක් මුදල් සෙවීමට හෙමින් (කොට කොටා ) යනවා. කොටසක් වෙරිවුණු සතුන් වගේ වේගයෙන යනවා. සුළු ප්‍රමාදයකින්, වැරදීමකින් මහම විනාසයක්. මම ලංකාවේදී වෘත්තියෙන් රියදුරෙකු නොවුනත්, මද පෙරදිගදේ බස් රියදුරෙක්, ලංකාවේදීත් සමහර අවස්ථාවලදී දුර ගමන් පුද්ගලික බස් සේවා රියදුරෙක්, ඒ වගේම බීමත් අම්න රියදුරෙක් නිසා පියා අහිමි උන කෙනෙක්.(නදී)

:       0       0

විදානගේ Friday, 12 July 2013 10:16 AM

ආයිත් දෙකක් නැහැ බීලා යන්න ඇති (දී)

:       0       0

මහේෂ් Friday, 12 July 2013 10:31 AM

බුදු හාමුදුරුවන්ගේ මධ්‍යම ප්‍රතිපදාව දැන් හැමදේටම අදාල වෙනවා. බසයේ ඉස්සරහ ගියොත් ඇක්සිඩන්ට්, පසු පස ගියොත් පිටි පස්සෙන් ඇවිත් අනිනවා, බසයේ මැද යන එක තමා නුවනට හුරු. (දී)

:       0       0

නසාර් Friday, 12 July 2013 10:39 AM

නින්ද නොයන රැ ඔබව සිහිවෙනවා ......නින්ද යන රැ අනතුරු සිදුවෙනවා ..... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 32 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 167 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 175 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 276 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 947 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 575 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site