IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


බසය ට්‍රාන්ස්ෆෝමරයක ගැටී 4ක් මරුට - 19කට තුවාල

(ඔගස්ටින් ප්‍රනාන්දු සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
      
වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද(18)  මාරවිල මහවැවදී ට්‍රාන්ස්ෆෝමරයක ගැටී සිදු වූ අනතුරෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගොස්  19 දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ  බව මාරවිල පොලිසිය කියයි.
 
 තුවාලකරුවන් අතර පුත්තලම යුද හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ගම්බිම් බලා යමින් සිටි හමුදා සාමාජිකයන් තිදෙනෙකුද නාවික හමුදා සාමාජිකයකුද කාන්තාවන් සිව් දෙනෙකු ද සිටින බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.

රියදුරුට බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
 
 අනතුරින් මරණයට පත් සිව්දෙනාම පුරුෂයන් බවත් මිය ගිය පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් ඔවුන් වවුනියාව හා අවට ප්‍රදේශවල පදිංචිකරුවන් විය හැකි බවත් පොලිසිය පවසයි.
 
 මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

(ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු)


 (ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

 

 



අදහස් (27)

බසය ට්‍රාන්ස්ෆෝමරයක ගැටී 4ක් මරුට - 19කට තුවාල

රටට ගිය කලක්. Monday, 18 February 2019 04:26 AM

"රියදුරුට බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව". දුප්පත් මගියාට ගිය කලක්... ප්‍රධාන පක්ෂ 2, රනිල් සහ ගෝඨාට මේවා නොපෙනේ. ජවිපය සහ පෙරටුගාමිකයන්ට මේවා නොපෙනේද? මුළුරටම අවුල්? පළමු පුරවැසි (ජනපති) පළමු නීතිය වන ව්‍යවස්ථාව කඩයි නම්, සෙසු හරක් ගැන කවර කතාද? පළමුව කළ යුත්තේ විනය හැදීම... මේ ගැන ගෝඨාභය කියනවා. බය ඇති කළයුතුය. කීප දෙනෙකුට මියයාමට සිදුවේ. අපේ රටේ සිදුවන්නේ කැඩුණු පුරාණ දාගැබ් උඩ නැග ෆොටෝ ගන්න අහිංසක දරුවන්ට දඬුවම් දීමවේ...

:       1252       172

sashika Monday, 18 February 2019 04:27 AM

මේ පෞද්ගලික බස් රථ සමාගමේ බොහොමයක් බස් රථ මාර්ග නීති තුට්ටුවකටවත් මායිම් නොකර ධාවනය කරන්නේ... අනිත් වාහන අයින් කරන්න වෙනවා මේවා ධාවනය කරද්දී...

:       618       1112

Samathasena A . Aluthgamage. Monday, 18 February 2019 04:54 AM

ඉන්දියානු ලොරි චැසි වලට බස් බොඩි තබා මගී ප්‍රවාහනයට යෙදෙව්වාම මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නම ඕනේ. මාරයා ආවේශ වුවන්සේ කිසිදු මාර්ග නීතියක්ද ගරු නොකොට හැකි උපරිම වේගයෙන් ධාවනයේ යෙදෙන රියදුරන් තම වාහනය හදිසි නවත්වා ගැනීමක් ගැන කිසිසේත් සිහි නොකරති. මෙවන් මගමරුවන් අතෙහි පවතින අපගේ ජීවිත ගැන කෙසේ විශ්වාසයක් තබමුද ? දේශපාලකයට සක්‍ර භවන හා සමාන අධි සැප වාහනය. ඒත් ජනතාවට තාක්ෂයෙන් පහල බස්ය.

:       4       651

sandy123 Monday, 18 February 2019 05:00 AM

මුලිකම දේ නොසැලිකිලිමත්කම. තමන් ජීවිත ගණනාවක් සමග ගනු දෙනු කරන වග අමතක වෙනවා සුක්කානම අතට ගත්තම. රියදුරු අසුනේ වාඩිවුනාම තමන්ට වැඩිය කෙනෙක් නැහැ කියන හැගීම උඩ ඔවුන් බසය ධාවනය කරන්නේ. විශේෂයෙන් දුර ගමන් සේවා ධාවනය කරන්නෙම අධික වේගයෙන්. කිව්වත් වගේ මාර්ග නීති තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. සමහර අය මත් වෙන යමක් පානය කර ධාවනය කරනවා. ප්‍රශ්න ගොඩයි. බලධාරීන් කිසිම වැඩක් නැහැ. පුද්ගලික සේවයකින් අන්තිම නරකම සේවම මේ පුද්ගලික බස් සේවය.

:       0       402

රමේෂ් Monday, 18 February 2019 05:01 AM

සියලුම බස් ආයතන වලට වේග පාලන සිමා නිතී හා මාර්ග නීති දැඩිව ක්‍රියාත්මක විය යූතුයි, තවද අධික වේගයෙන් ධාවනය කරන සියලුම වාහන සදහා අධික මුදලක් පොලීසිය විසින් අය කල යුතුයි. තවද තත්ත්වයෙන් තොර ඉන්දියන් බස් රථ ආනයනයෙන් ඉවත් කල යුතුයි... ඊට පිලියමක් ලෙස ලංකාවෙ එකලස් කරන මයික්‍රො සමාගමේ බස් රථ හො කොරියාවෙන් ආනයනයන් කර තත්ත්වයෙන් උසස් බස් රථ මාර්ග ධාවනයට රජය මැදිහත් විය යුතුයි....

:       7       253

sas Monday, 18 February 2019 05:44 AM

මේ බස් සමාගම් වල එකම අරමුණ කොහොම හරි මුදල් ඉපයීම. ඒක තමයි මේ අනතුරුවලට මුලික හේතුව.

:       0       102

vipula Monday, 18 February 2019 05:48 AM

දැන් මෙම රථය පදවාගෙන ආපු කෙනාගේ රියදුරු බලපත්‍රය සදහටම අහෝසි කරයිද?. ලංකාවේ මිනිස්සු නීතියට ගරු කරන්නේ දඩුවමට බය මිසක් වෙන දේකට නොවේ. දඩුවමට බය නැති මිනිසුන් කොට්ටාසයක් ඉන්නවා කියලා බලධාරීන්ට කවද තේරෙයිද ?

:       2       201

abaran Monday, 18 February 2019 06:15 AM

තමාගේ වාහනය ඕවටේක් කරාම එය කල පොලිස් නිලදාරියාට සබ්බුව දෙන නීති හදන පාර්ලිමේන්තු මන්තිරි බුවාලා ඉන්න මේ රටේ මේවා ගැන අහන්ටත් දෙයක්ද?

:       0       101

Raveendra Monday, 18 February 2019 06:31 AM

වේගය පාලනය කර ගැනීමට නොහැකි කෙනෙකු රියදුරෙකු වුයේ කෙසේද ? පදවන රථය පාලනය කිරීමට නොහැකි කෙනෙකු කිසි සේත්ම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට කොහෙත්ම සුදුසු නැත යන්න අපගේ තර්කයයි.

:       0       60

palitha Monday, 18 February 2019 06:44 AM

මෙම ප්‍රවාහන සමාගම කොහොමත් මාර්ග නීති, පදිකයන් අනෙකුත් මහාමාර්ගයේ ගමන් ගන්නා වාහන තුට්ටුවකටවත් මායිම් නොකරන ආයතනයක්... රියදුරන් සම්මුඛ පරීක්ෂණයේදී මෙම ආයතනය මගින් දෙන කෙටිවෙලාව අතරතුර ඔවුන් කියන ස්ථානයට බස්රථය ධාවනය කළයුතුයි. රථ වාහන පොලිසියට මෙම ආයතන පාලනය කරන්න තාම බැරිවෙලා තියෙනවා. මොවුන්ට මොනයම් හෝ දේශපාලන හෝ වෙනත් බලයක් තියෙනවා.

:       145       402

nimal Monday, 18 February 2019 07:00 AM

බස් සමාගම අනුරාධපුර - කොළඹ දුවන අවිනීතම සමාගමයි.

:       68       204

ප්‍රීති Monday, 18 February 2019 07:05 AM

ඔය වව්නියා කොළඹ ඉගිල්ලිලා යන බස් දිහා පොලිසිය හැරිලාවත් බලන්නේ නැහැ. බස් රථය පදවූ රියදුරා සදාකාලික අබ්බගාතයෙක් වුනා නම් තමයි හොඳ... පව් අසරණ මගීන්ට කාගේ පිළිසරණක්ද? අඩුතරමේ මේ බස් රථවල ගමන් කරන මගීන්ව රක්ෂණය කරලද කියලා සොයලා බලන්නවත් අපේ රටේ වගකිව යුතු බල්ලෙක් වත් නැහැ. බල්ලන්ටම ගිය රට?

:       0       205

dinesh athukorala Monday, 18 February 2019 07:08 AM

මොවුන් කරන්නේ හරක් වගේ පාරේ යන එක. නීති කිසිම ගානක් නෑ. මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට වග කියන්නේ කව්ද..? මේවට ඉක්මන් නීති ගෙන ආ යුතුයි..

:       0       102

Hafeel Monday, 18 February 2019 07:17 AM

දියුණු රටවල්වල මගීන්ගේ ආරක්ෂාව සඳහා තද නීති රීති පනවල තියන්නේ. මගීන් ප්‍රවාහන සඳහා විශේෂ රියදුරු බලපත්‍ර අවශ්‍යයි. දවසේ වැඩ පටන්ගන්නවිට පැය දහයක විවේකය අවශ්‍යයි. ඒ වගේම බීමත්වද පිළිබඳවත් පරීක්ෂණ කරනවා. වාර්ෂිකව වෛද්‍ය සහතික ඉදිරිපත් කළයුතුයි. ප්‍රවාහන සම්බන්ධ මද්‍ය රජය සහ පළාත් ඇමතිලා කිහිපදෙනෙක් ඉඳලත්, බස් සංගම් තිබුණත් මගීන්ගේ ආරක්ෂාව සඳහා කිසිම පියවරක් නැහැ. 1948 ඉඳන් බලයට ආපු පාලකයෝ කියන්නේ අපි තාම දියුණුවෙමින් පවතින රටක් කියලා...

:       0       101

මෝඩයන්ගේ රට Monday, 18 February 2019 07:20 AM

මේ රටේ විනයක් නැත . බස් වර්ජන වලට බය නිසා හරි දේ රජය නොකරයි.

:       0       100

kule Monday, 18 February 2019 08:10 AM

මෙවැනි පාපතර රියදුරන්ට මින් මතු ජීවිතාන්තය දක්වාම රියදුරු බලපත් දීමෙන් වළකින්න. අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසර 5 කට වත් අහෝසි කරන්න නීතිගරුක රියැදුරන්ට මෙවැනි නීති වලින් අගතියක් ඇතිවන්නේ නැත.

:       7       101

රොමේෂ් Monday, 18 February 2019 08:23 AM

දවසකදී ගෙදරින් එලියට බහින පුද්ගලයන්ගෙන් 20 දෙනෙක් විතර ගිය ලෙසම නැවත ගෙදර එන්නේ නැති රටක්... එයිනුත් 8දෙනෙක් විතර සදහටම ගෙදර නොඑන රටක්. 30 වසරක යුද්ධයෙන් මියගිය ජීවිත ගණනට වඩා වැඩියි පසුගිය වසර 30 තුළ මාර්ග අනතුරුවලින් මිය ගිය ගණන. අනතුරු පසුපසින් ගොඩනැගෙන සමාජ ව්‍යාකුලත්වය ඉතාමත් භයංකාරයි. මේ අනතුරින් මියගිය ගණන 4යි. නමුත් කවුද වාර්තාකරන්නේ මේ ජීවිත 4 සමගින් වැළලෙන ඒ හා බැඳුන අනෙකුත් ජීවිත සම්බන්ධව. දරු පැටව් ගණන, කනවැන්දුම් ජීවිත. මේ මියයන්නේ අහිංසක ජීවිත. වැරදිලාවත් අහන්න ලැබෙනවද රිය අනතුරකින් නැතිවුන මන්ත්‍රී, ඇමති කෙනෙක්... අඩු තරමේ ඔවුන්ගේ පවුලේ කෙනෙක්... රිය අනතුරු වළක්වාගන්න වැඩපිළිවෙලක් හදාගන්න ඔවුන්ට වුවමනාවක් නැහැ. මක්නිසාදයත් එය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය අපේ නම් විසඳුම සෙවිය යුත්තෙත් අපිමයි. පක්ෂයක්, පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දය භාවිතා කරනු වෙනුවට, ජනතාවට හැකි අයුරින් කණ්ඩායම් ගතවී අපේ පොදු අවශ්‍යතා හඳුනාගෙන එය අපේක්ෂකයින්ට ඉදිරිපත්කළයුතුයි. මෙතුවක්කල් අපි කෙරුවේ අනුන්ගේ ඊනියා ප්‍රතිපත්තියක් වෙනුවෙන් කඩේ යාම විතරයි. ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳන්න හැකිවෙන්නේ එවිටයි...

:       2       201

sandy123Monday, 18 February 2019 10:50 AM

ඔබේ අදහස් ඉතා කාලචිත වුවද එය උඩුගම් බලා පිහිනන වෑයමක් නොවේද? ජනතාව ඒකරාශී කිරීම, මූලික අවශ්‍යතා හඳුනා ගැනීම, හොඳ ජනතාවාදී අපේක්ෂකයෙක් සොයා ගැනීම, ඔවුන් තේරී පත් වුණු පසු එය ක්‍රියාවට නැගීම යනු ගොඩබිමක් නොපෙනෙන මහ මුහුදේ යාත්‍රා කරනවා වගේ... මූලික කරුණු සපල කර ගත්තත් අන්තිම කරුණ අප කෙසේ කරන්නද? මන්දයත් හැන්ද අප අතින් ගිලිහි ගොස් ඔවුන් අතට පත් වන නිසාවෙන්...

:       0       0

රොමේෂ් Monday, 18 February 2019 12:01 PM

බොහොම සරලයි. අපේ එක පොදු අවශ්‍යතාවයක් තමයි පොදු ප්‍රවාහනය. පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ අපිම තමයි. පොදු ප්‍රවාහනය භාවිත කරන්නන් සමස්ත ජනතාවම සේවයක් සලසනවා. (හැමෝම ණයවෙලා හෝ තමන්ගේම වාහනයක් පාරට දැම්මොත් එක්කෙනෙක්ටවත් වෙලාවට වැඩට යන්න පුළුවන් වෙයිද?). නමුත් පොදු ප්‍රවාහනය භාවිතා කරන්නන්ට නිසි ඇගයීමක් ලැබෙනවද? ඔවුන් අනතුරේ... රාජකාරි දුම්රියක් දිහා බැලුවොත් තත්වේ තේරුම් ගන්න පුළුවන්... සමාජයේ මතයක් හරහා පීඩනයක් අතිකෙරුවොත් සියලුම ජනතා නියෝජිතයන් පොදු ප්‍රවාහනය භාවිතාකළ යුතුයි (ඉතාමත් අත්‍යවශ්‍ය රාජකාරියකට හැර) ඔවුන් අත්දකීවී සැබෑ ජනතා ප්‍රශ්නය... උදේ කෝච්චියේ පාර්ලිමේන්තු එන මන්ත්‍රී කෙනෙක් එක්කෝ පා.ම. කම අතහරියි. නැතිනම් විසඳුම් හොයන්න පෙළඹෙයි. මත සමාජගත කිරීම පමණයි අප කළයුතු වන්නේ. මේ සඳහා සමාජ ජාල මාධ්‍ය භාවිතාකරන්න පුළුවන්... ජනතාව දැන්දැන් හිතන විදිහේ පැහැදිලි වෙනසක් තියෙනවා. දේශපාලකයා අපිව පාලනය කරනවා වෙනුවට අපි දේශපාලකයා පාලනය කරන්න අවශ්‍ය කාලයයි මේ... සෞඛ්‍යය, අධ්‍යාපනය මේ හැමදේටම මෙය අදාළයි.

:       0       28

rocky Monday, 18 February 2019 09:30 AM

රටක් පාලනය කරන්න බැරි නායකයන් ඉන්න මේ රටේ වාහනයක් පාලනය කරගන්න බැරි ඩ්‍රයිවර්ලා ඉන්න එක පුදුමයක් නොවෙයි!

:       0       42

kamal Monday, 18 February 2019 09:42 AM

ඩී එස් සමාගම පිළිලයක් තහනම් කරන්න. රියදුරන් තිරිසන්නු...

:       0       415

ජනක Monday, 18 February 2019 11:53 AM

මේ රටේ ඉන්න අවිනීතම අසික්කිතම මනුස්ස කොට්ඨාශය තමයි බස් රියැදුරන්... දේශපාලකයන්ටත් වඩා මට නම් මොවුන් හිරිකිතයි...

:       0       3

නිමල් Monday, 18 February 2019 12:14 PM

විශේෂයෙන්ම ලංකාවේ දුර ගමන් බස්රථවල රියදුරන්ගේ නොහික්මුණු භාවය බොහෝවිට අප දැක ඇත. මෙයට පොලිසියත් බලපත්‍රය දෙන අයටත් කළ හැකි දෙයක් නැත. කළයුත්තේ දැඩි නීති ක්‍රියාත්මක කිරීමයි. ඔය විනයක් නැති රියදුරා පැදවූ බසයේ ඔබ දරුවන් සමග ගමන් ගත් අවස්ථාවක් නම් මෙය ඔබගේ ජීවිතයට සහ දරු පවුලට කෙතරම් හානියක් කළහැකිද? හැමදාම කියනවා පමණයි ටික දිනකින් හැමෝටම අමතකයි...

:       0       4

Athula Monday, 18 February 2019 01:04 PM

මේවා ගැන රට ගැන වගේ වගක් නැහැ.. අපරාද රියඅනතුරු, මත් උවදුර, අවනීතිය, සොරකම් මාර්ග තදබදය ගහමරා ගැනීම්....

:       0       1

lanka Monday, 18 February 2019 01:22 PM

මේ මාරක අනතුර පසුපස සිටින්නේ අවිනීත රියදුරන්ට වඩා, බස් රථ අයිති කොම්පැනි කාරයින්ය. ඔවුන්ගේ එකම පරමාර්ථය මිනි මරා හෝ මුදල් සොයා ගැනීමයි. මෙවැනි දේ ලංකාවේ පාලනය කල හැකි හොඳම ක්‍රමය නම් මෙවැනි අනතුරුවලට ගොදුරු වුවන් සඳහා විශාල වන්දි මුදල් බස් කොම්පැනි වලින් අය කර ගැනීමට හැකි වන සේ නීති සම්පාදනය කිරීමයි. පොලිසියට රටේ සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි රාජකාරි කළ නොහැකි බැවින්, පොලිසියට රටේ සියලු ස්ථානවල සිදුවන අනතුරු වැළක්විය නොහැක...

:       0       4

Gunda Monday, 18 February 2019 05:40 PM

මේ ප්‍රශ්නයට ලේසිම විසඳුම තමයි පාරේ තැන් තැන් වල වේගමාපක සවි කරලා අධික වේගයෙන් යන වාහන වලට දඩකොල ගෙදරට එවීම. ඕකට සුළු මුදලක් යන්නේ. ලොකු මුදලක් ගියත් සියලුම වාහන අයිතිකරුවන්ගෙන් එම මුදල අය කර ගන්න එකයි රජය කල යුත්තේ.

:       0       1

jayatissa Tuesday, 19 February 2019 12:22 AM

මමත් දවසක් මිහින්තලේ ඉඳලා කොළඹ බස් එකක ආවා. දඹුල්ලට ටිකක් එහාදී එලවාගෙන ආපු රියැදුර 80 වක විතර ස්පීඩ් එකෙන් දුවන බස් එකේ සීට් එකෙන් අයින් වෙලා අනිත් රියදුරාට ඉඳ ගන්න ඉඩ දුන්නා. මටත් දෙවියන් බුදුන් සිහිවුනා. විනාඩි 5ක් ගියේ නැහැ දඹුල්ලට ආවා. එතෙන්දි මාරුවෙන්න තිබුනනේ. අහිංසක මගියා මොනවා කරන්නද .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 2 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 462 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 336 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 219 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 328 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 478 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 669 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site