IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බසය තාප්පයේ ගැටී 13 ක් තුවාලයි

බලපිටිය රන්දොඹේදී  පෞද්ගලික බසයක් තාප්පයක ගැටී මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

මින් තිදෙනෙකුගේ තත්වය බරපතල බව පැවසේ.

අනතුර සිදුවීමත් සමග බස් රථයේ රියදුරා පැනගොස් ඇතියිද රියදුරා සොයාගැනීමට නොහැකි වී යැයිද පොලීසිය කියයි.

 



අදහස් (0)

බසය තාප්පයේ ගැටී 13 ක් තුවාලයි

අසේල Sunday, 28 July 2013 09:21 AM

මග මරුවා ට්‍රැවල්ස් කට්ටිය ආයෙත් පටන් අරගෙනද උඩින් යන්න.බලපිටියේ කට්ටිය බලන් ඉන්නේ කාට නෙලන්නද කියලා.රියදුරා හිටියා නම් ඉතින් සොරිම තමයි. (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Saturday, 27 July 2013 09:41 AM

නැත්නම් හොදට කන්න වෙන්නේ බලපිටියෙන් !! (දී)

:       0       0

නිමල් Saturday, 27 July 2013 09:42 AM

හදිසිස්ය සහ නොසැලකිල්ල නිසා හදිසි අනතුරු සිදු කරන අවිචාරමත් රියදුරන්ගේ අනතුරු සාදාරන බව පවසන අය, එම අනතුර හදිසි අනතුරක් බව පවසන අය මෙම රියදුරාගේ පැන යාම ගැන පවසන්නේ කුමක්ද. මේවා හදිසි අනතුරු නොව නොසලකිමත් පැදවීම නිසා සිදු කරන අනතුරුය. මග මරුවා මෙල්ල කිරීමට අනතුරක් සිදුවුයේ රියදුරු වරදින් නම් වහනය සඳහා රක්ෂණය ගෙවීම නතර කල යුතුය. රියදුරුට දැඩි දඬුවම් පැනවිය යුතුය. (දී )

:       0       0

ප්‍රසාද් Saturday, 27 July 2013 09:52 AM

අනතුරටපත් සියලු දෙනාම ඉක්මනින්ම සුවපත්භාවයට පත්වේවා. තෙරුවන් සරණයි. (දී)

:       0       0

අතුල Saturday, 27 July 2013 09:59 AM

හැමදාම උදේ වෙබ් එකට ලොග් වුණාම කියවන්න වෙන්නේ අනතරුක් නැත්නම් මරා ගැනීමක් මොකද මේ රටට වෙලා තියෙන්නේ. වගකිව යුත්තන් ඇයි ඇස් කන් පියාගෙන ඉන්නේ (දී)

:       0       0

චන්දි Saturday, 27 July 2013 10:34 AM

නිමල්,ඔයාගේ අදහසට මාත් එකයි වාහන රක්ෂණය කරලා වන්දි ගන්නවා අනතුරට පත් වෙන අයට..,!! එක්කෝ මරණය ..නැත්නම් ආබාදිත බාවය ..!දැන්නම් අපිට උදේට පත්තරේ කියවන්නත් හිතට බයයි වගේ (දී)

:       0       0

නිශේන්ද්‍ර Saturday, 27 July 2013 10:32 AM

අනතුරක් උනාම රියදුරන්ට ආගන්තුක සත්කාර කිරීම අතින් ඔය බලපිටිය රත්ගම පැත්තේ අය ඉතා ඉහලින් සිටිනබව රියැදුරා දන්නා නිසා හැංගෙන්න ඇති . (දී)

:       0       0

ගමගේ Saturday, 27 July 2013 10:48 AM

මම නම් හිතන්නේ මේක සාමාන්‍ය දෙයක්. මෙවෙනි සිදුවීම් අපේ ශ්‍රී ලංකාවේ සුලබ සිද්දියක්. කලබල විය යුතු නෑ. ඉදිරියටම යමු. අර දේශිකා වගේ හිතලා සිත සනස ගම්මු. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු. (දී)

:       0       0

නුවන් Saturday, 27 July 2013 11:04 AM

අතුල : මේවට කව්ද වග කියන්ඩ ඕනේ? හැම දෙකටම නායකයන්ට බනින ඔබ වගේ කට්ටිය ඉන්න කන් මේ රට හැදෙන එකක් නැ. රියදුරු මාරු වෙන එක සාමාන්‍ය දෙයක්. ඕනෑම මනුස්සයෙක් ගුටි කන්ඩ බයයි. අනතුරු වලක්වා ගැනීම තමයි කරන්ඩ ඕනේ. ඉක්මන් සුව පතමු. (දී)

:       0       0

ගාසි Saturday, 27 July 2013 11:22 AM

නුවන් කෝ සේනාව ? (ස)

:       0       0

රුපවති Saturday, 27 July 2013 11:25 AM

ඇයි ලංකාවේ මෙපමණ රිය අනතුරු ? දැක්කනේද ඊයේ මවයි දරුවයි ටිපර් රියකට යටවෙලා ..? මේවට විසදුම් නැතිනිසා තමයි මහජනයා නීතිය අතට ගන්නේ ? අනතුරු සිදුකරන බස් හිමියන්ගෙන් වන්දි ගන්න වැඩ පිළිවෙලක් යොදනවා වගේම ඩ්‍රයිවර්ගේ දේපල ඇපයට තබාගන්න වැඩ පිළිවෙලක් යොදන්න ඕන රැකියාවක් දෙන විට ආයතනය ....?මේ විදියට ලංකාව තව අවරුදු 10ක් රන් කලොත් මුළු ලංකාවම අබ්බගාතයෝ වෙයි . එතකොට කව්ද වගකියන්නේ ඒ ජීවිත වලට ..? (දී)

:       0       0

අතුල Saturday, 27 July 2013 11:29 AM

නුවන් මම කියන්නේ නායකයන්ට බනින එක නෙමේ. රියදුරු බලපත්‍රයක් දෙනෙකුට යමි තද නීති මාලාවක් තියෙන්න ඔනේ. ඒ වගේම එකම වැරැද්ද දෙතුන් වතාවක් කරනකොට යම් කිසි නීති මාලාවක් තියෙන්නෙන. ඕනේ ඒ මේ රටේ මිනිස්සු වීනිත විනය ගරුක සමාජයක් කිරීමට දඬුවම් නැතිනම් අපේ සමාජය ගොඩ ගන්න බෑ. ඒ සඳහා වගකිවයුතු අය දැන්වත් සොයා බැලීමක් කරන්න වෙනවා. අනතුරකින් කෙනෙක් මරුනම පාඩුව ඔහුට හා ඔහුගෙන් යැපෙන්නන්ට පමණයි. නීතියක් නැතිව රේස් ගිහිල්ල මේ රටේ කී දෙනෙක් නම් දැන් මැරිල තියෙවා ද කවුද ඒ ජීවිත වලට වගකියන්නේ. ඔයාට පුළුවන් ද ඔවුන්ගේ දුක ගන්න. බුදු සරණයි (අ)

:       0       0

නුවන් Saturday, 27 July 2013 11:32 AM

මොන සේනාවද අයියේ ?? (දී)

:       0       0

චන්දි Saturday, 27 July 2013 11:34 AM

ඔව් අතුල,ඔයා කියන්න වගේ එකම වැරැද්ද හෝ වැරදි කිහිපයක් කලොත්.., ටිකක් බරපතල දඩුවමක් දෙනවානම් රියදුරන් ටිකක්වත් පරිස්සමින් වාහනය පදවාවී අනතුරු ටිකක්වත් අඩුවේවි. (ස)

:       0       0

සුදත් ශ්‍රී Saturday, 27 July 2013 11:52 AM

ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල රියදුරු බලපත්‍රය කියන්නේ හරියට ජාතික හැඳුනුම්පත, චරිත සහතිකය වගේ දෙයක්. මාර්‍ග ධාවනයේ දී කරන වැරදි සෑම දෙයක්ම බලපත්‍ර අංකය යටතේ වාර්තා ගත වෙන අතර කිසි දිනක ඒවා මැකිය නොහැකියි. වාහනයක් මිලදී ගැනීම, විකිණීම සහ විශේෂයෙන්ම රක්ෂණය කිරීම වැනි කටයුතු වලදී එයින් වෙන බලපෑම සුළු පටු නැහැ. ඒ නිසා ඒ රටවල රියදුරන් වාහන පදවන්නේ ඉතා ප්‍රවේසමෙන් සුපරික්ෂාකාරීව. (ස)

:       0       0

අමිල - බලන්ගොඩ Saturday, 27 July 2013 11:52 AM

මේවට පදිකොයෝ හැටියට අපිත් වග කියන්න ඕනි. අනතුරක් දැක්ක ගමන් රියදුරාට බැනගෙන බැනගෙන ගිහින් වැඩක් නෑ. මම දැකල තියනව සමහරු කහ ඉර උඩ යන්නේ මුහුදු වෙරළේ විවේක සුවයන් ඇවිදිනවා වගේ. කිසිම ගානක් නෑ. සමහර අම්මල ළමය පාරේ මැදට දාල එයා අයින් වෙලා යනවා. සමහරු පාරේ යන්නේ දැන් ලෝක විනාසේ වෙනවා වගේ. ටිකක් විපරමෙන් බලන්න. (ස)

:       0       0

චමිල නුවන් පෙරේරා Saturday, 27 July 2013 12:07 PM

බස් රේස් දුවන මානසිකත්වෙන්නේ රියදුරෝ වාහනේට නගින්නේ. ඇසිපිය හෙලෙන තත්පරෙන් අනතුරු වෙලා ඉවරයි. කවුරුත් අමාරුවේ. රියදුරා පැන්නා කියලා හෘද සාක්ෂියෙන් බේරුමක් තියෙද? (ස)

:       0       0

පෙරේරා Saturday, 27 July 2013 12:38 PM

රියදුරෙක් අතින් වෙන වැරදී බොහොමයි. නමුත් පහර දීම නොකළ යුථුයි. මන්ද තුවාල කරුවන්ට අසාදාරනයක් හා නීතිමය කටයුතු සදහා. (ස)

:       0       0

මොහොමඩ් Saturday, 27 July 2013 01:15 PM

රෑට ඇඟෙ අමාරුවට මත්පැන් බීලා පාන්දරින් එනවා. පව් අහින්සක මිනිස්සු මැරෙනවා. ඩුබයි රටේ වගේ තදින් නීතිය ක්‍රියාත්මක කලොත් ටිකක් හරි අඩුවෙයි. (ස)

:       0       0

ජයන්ත Saturday, 27 July 2013 01:35 PM

මේ ඔක්කොටම මුල අපි හරි විදියට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නොකරන නිසයි. අද බලන්න රියදුරු පත්‍ර විබාගය පාස් වෙන්න මුදල් දුන්නාම (අල්ලස්) බල පත්‍රය ගෙදරට ගෙන්න ගන්න උනත් පුළුවන්. ඔය ගොල්ලෝ ඔක්කොම රියදුරු පත්‍රය ගත්තේ හරි විදියටද. අවන්කවම තමා තමාගෙන්ම අහලා බලන්න. ඉතින් බොරු කියන්නේ සහ ලියන්නේ නැතිව මේ ක්‍රමය වෙනස් කරන්න රජයට පුළුවන් විදියට කියන්න සහ ලියන්න. එතකොට මේ ජීවිත විනාශ වීම අඩු කිරීමට ඉඩ ලැබේවි. (ස)

:       0       0

චමිල නුවන් පෙරේරා Saturday, 27 July 2013 01:42 PM

කොහොම ප්‍රමිතියකට බලපත්‍ර දුන්නත්, වැඩක් නෑ ජයන්ත මහත්තයෝ සිහි කල්පනාව නැතිව රිය පදවනවා නම්, නින්ද, විවේකය ගැන සැලකිලිමත් වන්නේ නෑ, හිතන්නේ තරඟ කරලා දිනන්නයි. (ස)

:       0       0

ගමගේ Sunday, 28 July 2013 10:36 PM

කවුද මේ පාර මැද්දේ තාප්ප බැන්දේ? (නි)

:       0       0

දසුන් Saturday, 27 July 2013 01:57 PM

කෝ මේ බළපිටි කියන කොල්ලෝ. බළපිටි කොල්ලන්ගේ කටවල් විතරයි වැඩ නැහැ කොහොමත්.(නදී)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 02:23 PM

බලදරින් දැන් දැන් වෙන වැඩ වලට බැහැල ඕව දිහා බලන්නේ නැහැ.මේවට කව්රුවත් කතා කරන්නෙත් නැහැ.නීතිත් නැහැ එකනේ රියදුරා පැනල දුවන්නේ. (ස)

:       0       0

අනුර Saturday, 27 July 2013 02:57 PM

මේ හැම අනතුරක්ම වෙන්නේ රියදුරන්ගේ නොසැලකිලිමත් කම නිසා.(නදී)

:       0       0

මානගේ Saturday, 27 July 2013 03:45 PM

රන්දොඹේ වංගුව හැමදාම කරදරයක් නිසා "වංගුව කෙලින් කරන්න" හිතුනද දන්නේ නැහැ.(නදී)

:       0       0

ජයන්ත Saturday, 27 July 2013 03:57 PM

චමිල කියන එකෙත් වැරද්දක් කියන්නේ නැහැ. එකත් හරි. මිනිස්සු සිහි කල්පනාවෙන් එලවන්න පුරුදු වෙන්න ඕනේ. හැබයි ඕනෑම රටක් මාර්ග අනතුරු අඩුවෙන්නේ මුලදී හොදට වාහාන එලවන්න සහ මාර්ග නීති දැන ගැනීමෙන් පමණයි. අනිත් ඒවා කාලයත් සමග සහ පල පුරුදු කම ලැබී මෙන් ඉගෙන ගැනීමක්. (ස)

:       0       0

රූප වතී Saturday, 27 July 2013 04:07 PM

සුදත් ශ්‍රී, ඔයා කියනදේ 100%ක් හරි. මෙහෙ යුරෝපා රටවලත් ඔය නීතියමයි. මගේ ලයිසන් එක ගන්න මම තුන් පාරක් ටෙස්ට් එකෙන් ෆේල් උනා. හතර වෙනි පාර තමා මම පාස් උනේ. අපේ ලංකාවෙ නම් රුපියල් 3000 ක් මිට මෙලෙව්වම ලේසියෙන් ලයිසන් එක ලැබෙනවා. ඒ වගේ ප්‍රතිපල තමා අද අපි පත්තරෙන් හැමදාම උදේට මේ කියවන්නේ. රටට ආදරයක් නැති අතලොස්සක් මිනිස්සු නිසයි මෙහෙම වෙන්නේ.(නදී)

:       0       0

චන්දි Saturday, 27 July 2013 04:47 PM

හා ,හා, දසුන් ,කට වැරැද්ද ගන්න එපා බලපිටියේ කොල්ලන්ට වඩා කෙල්ලෝ සැරයි. දැන් ඔයා අහයි මමත් බලපිටියේද කියල ! අනේ නැහැ ...හැබැයි මම ගෙදර යනවිට බලපිටිය පහුකරන් යන්නේ.(ස)

:       0       0

රණේ Sunday, 28 July 2013 07:54 AM

මේවා නම් පුදුම ප්‍රශ්න ! (නි)

:       0       0

බමුණු Tuesday, 30 July 2013 06:43 AM

'වගකිව යුත්තන් ඇයි ඇස් කන් පියාගෙන ඉන්නේ " ඇස් කන් පියාගෙන නැහැ. ඊයේ ටීවී එකේ දැක්කා ආයුධ අතට අරගෙන ඉන්නවා. කෝ පොලිසිය? මෙහෙමත් රටක්? (නි)

:       0       0

බමුණු Tuesday, 30 July 2013 06:54 AM

"ඇයි ලංකාවේ මෙපමණ රිය අනතුරු" ඇයි බලපත්‍ර ලැබෙන හැටි දන්නේ නැද්ද. මේක මහා විකාර රටක්. (නි)

:       0       0

බන්දු Tuesday, 30 July 2013 06:54 AM

මාර වැඩේ රූපවතී නැන්දට හොඳට තරහා ගිහිල්ල. (අ)

:       0       0

සමරේ Sunday, 28 July 2013 08:09 AM

ඇයි ලංකාවේ මෙපමණ රිය අනතුරු ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 276 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 207 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1458 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 373 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 811 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 527 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site