IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බැසිල්ගෙන් ප්‍රශ්න කරන්න ඉන්ටපෝල් සහය

ජනාධිපතිවරණයෙන් පසු රටින් බැහැරව ගිය හිටපු ජනපති  සොයුරු බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමට රජය ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි.

ඇමරිකා පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ  පසුගිය ජනවාරි 11 වැනිදා  අළුයම සිය  බිරිඳ පුෂ්පා රාපක්ෂ සමග  රටින් පිටව ගියේය. ඔහු ඇමරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තයේ වාසය කරයි.

ඔහුට එරෙහිව බරපතල මුල්‍ය වංචා චෝදනා ඇතැයි ඇමති මන්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ‘‘ෂිංහුආ‘‘ චීන ප්‍රවෘත්ති සේවය සමගද පවසා ඇත.

බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සමග එක් වී බරපතල ලෙස මොහු මුදල් වංචා කර ඇතැයි එම පැමිණිලි වලින් සඳහන් වෙතියි සේනාරත්න මහතා පවසා ඇත.

 

 



අදහස් (0)

බැසිල්ගෙන් ප්‍රශ්න කරන්න ඉන්ටපෝල් සහය

ද සිල්වා බෙර්ලින් Saturday, 14 February 2015 02:58 PM

රෝයිගේ කතාව ඇත්ත (නදි)

:       0       0

රොෂේන් Saturday, 14 February 2015 03:10 PM

හොද වැඩක්. මහජන මුදල් කොල්ල කන අයට (නදී)

:       0       0

කවිදු Wednesday, 18 February 2015 07:51 AM

රටට දැයට වැඩක් කරපු කෙනකුට නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ (දිල්)

:       0       0

ඇසිලින්නෝනා Saturday, 14 February 2015 04:17 PM

ඉන්ට පෝල් හරි යන්ට පෝල් හරි ගහමු පොල් හරි ආවම බලමුකෝ. යක්කුන්ට බය පෝල්ලා සොහොන් වල නෝ මේක් හෝම්ස්. (නදී)

:       0       0

නන්දලාල් Saturday, 14 February 2015 05:02 PM

ඡන්ද ප්‍රථිපල පිට උන ගමන්ම හොරෙක් වගේ රටින් පැන්නේ මොකොද කියල දැන් කාටකාටත් පැහැදිලි ඇති නේද? රටේ හිටියා නම් "මහ උළුගෙදර රසබොජුන්" කන්න වෙන බව දන්නා නිසා නේ "වන්වේ ටිකට්" එකක්, ඡන්දෙට කලින්ම අරගෙන බලා හිටියේ (නදී)

:       0       0

ගුණේ Saturday, 14 February 2015 05:17 PM

අරයත් අවසර දුන්නද ? (නදී)

:       0       0

විකුම් Saturday, 14 February 2015 05:37 PM

බොරුවට සද්ද දාලා අන්තිමට නිකම්ම සද්ද නැතුව යයිද කියලයි අපිට බය (නි)

:       0       0

හර්ෂා නිලන්ති Tuesday, 17 February 2015 04:03 PM

ඕක මහා ලොකු දෙයක් යැ.ප්‍රශ්න කළා . උත්තර දුන්නා . එච්චරයි (අ)

:       0       0

හිරාන් Saturday, 14 February 2015 05:42 PM

හොඳ නම් තමයි.හැබැයි ඕවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

විකුම් Saturday, 14 February 2015 05:46 PM

මේ අයට දඬුවම් දෙන්න කොච්චර කල් ඉන්න වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 14 February 2015 06:20 PM

රෝයිගේ කතාව සියයට දාහක් හරි (නි)

:       0       0

යවනාඩ් Saturday, 14 February 2015 06:21 PM

අපි මැදපෙරදිගට වෙලා දරු පවුල් වෙනුවන් කාන්තාරේ දුක්විඳලා එවන සල්ලි පිල්ලි ගහන අය ගැන මට නම් කියන්න තියෙන්නේ දෙවියන්ට පමණයි (නි)

:       0       0

අශෝක Sunday, 15 February 2015 02:20 AM

මුලින්ම ගුවන්තොටුපළේ සහය ගත්තනම් ඕක ඉවරනේ (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 15 February 2015 02:26 AM

රාජපක්ෂ වරුන් රටට කරලා තිබෙන විනාසයේ තරම තවම තේරුම් ගන්න බැහැ. ඒ තරම් විනාසයක් මෙරට සහ ජාතියන්තරව කරලා තිබෙනවා. සියලු පරීක්ෂණ ඉවර උනහම සමස්ත ජනතාවටම තේරුම් ගන්න පුළුවන් වේවි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 15 February 2015 02:30 AM

ලෝකයේ දරුණු ත්‍රස්ත කණ්ඩායම් වලට අවි සහ කුඩු විකුණු අයගේ විස්තර අන්තර්ජාලයේ තිබෙනවා. අනිවාර්යෙන්ම බලන්න. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 15 February 2015 02:32 AM

අපේ දහදිය මහන්සියෙන් උපයන මුදල් වංචා කරපු අයට වැහි නැති හෙන ගහන්න ඕනේ. එ්ක රාජපක්ෂ වරුන්ටත් එකයි අනික් හොරුන්ටත් එකයි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 15 February 2015 02:35 AM

මිනීමරු ප්‍රභාකරන්ලා 35 දෙනෙකුට අවරුදු 35 කදී කරන්න බැරි උන විනාශයක් මේ අය කරලා තිබෙනවා කියල මොලේ කළදක් තිබෙන ඕනෑම කෙනෙකුට වැටහෙනවා. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 15 February 2015 02:37 AM

ස්විස් බැංකු වල අපි කන පාන් කෑල්ලෙන්, පරිප්පු ටිකෙන් හාල් ටිකෙන් ගහපු බදු මුදල් ඩොලර් ප්‍රකෝටි ගණනින් තැන්පත් කරපු 92 නගේ විස්තර සති අන්ත පුවත්පතකින් හෙළි දරව් කරලා තිබෙනවා. බලන්න. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 15 February 2015 02:39 AM

රටට කරලා තිබෙන විනාශයේ තරම අනුව රාජපක්ෂවරු නැවත ලංකාවේ දේසපාලනය කරන්න ඕනෙම නැහැ. (අ)

:       0       0

කනිෂ්ක Sunday, 15 February 2015 02:46 AM

තිලක් - ඩුබායි ඒවා දැන්වත් කියවල දැනගන්න වුවමනාවක් සමහරුන්ට නැහැ. තවමත් අර ඡන්ද ලක්ෂ 58 මතක් කර කර අනේ අපොයි කියා ගත්ත ගමන්. තවත් සමහරු පොදු අපේක්ෂකයාට ඡන්දෙ දීපු අයගේ මි මුත්තන් මතක් කර ගත්ත ගමන්. (අ)

:       0       0

සම්පත් පෙරේරා Sunday, 15 February 2015 03:21 AM

ඡන්දේ දිනපු ගමන් රට පැනිමයි මෙම බරපතල දූෂණ චෝදනායි අතර ඇති ප්‍රබල ධනාත්මක රේඛිය සම්බන්ධය දැන් තමයි හරියටම තේරෙන්නේ. අපිම හම්බ කරපු, අපිට සහන දෙන්න තිබුනු මුදල් නේද මේකෝටි ගණන් එහා මෙහා වෙලා තියෙන්නේ. (අ)

:       0       0

සාලිත Sunday, 15 February 2015 03:22 AM

තිලක් ගේ කතාව හරියටම හරි. මේ අය කරපු අපරාදයට දෙයියන්ගෙන් කිසිම ගැලවීමක් නැත (අ)

:       0       0

රණසිංහ Sunday, 15 February 2015 03:57 AM

පුහුල් හොරා කරෙන් දැනේ කියලා අපේ මි මුත්තෝ කියලා තියෙන්නේ කට කහනවටැයි.(අ)

:       0       0

දිනේෂි Sunday, 15 February 2015 04:06 AM

මහින්ද මහත්තයා යුද්දෙට දේශපාලන නායකත්වය දුන්නා. ගෝඨාභය මහත්තයා යුද්දෙට සෑහෙන දායකත්වයක් ලබලා දුන්නා. මෙතුමා ඇමරිකාවට වෙලා ඉඳලා හොඳම කාලේ ලංකාවට ඇවිත් ඇමතිකමකුත් අරගෙන මේ කියන විධියට බරපතල ලෙස දූෂණ චෝදනා ලබලා ඡන්දෙ පැරදුන ගමන් පැදුරටත් නොකියා ඇමරිකාවට ගියා. (අ)

:       0       0

රසික් කටාර් Sunday, 15 February 2015 04:28 AM

සද්දේ තරමට වැඩ නැහැ ,ඕකත් ටෙලි ඩ්රාම එකක් තමා.හේතුව තමා ලංකාවේ ඉන්න බුම්මට්ටයෝ නිසා. (අ)

:       0       0

රසික් කටාර් Sunday, 15 February 2015 04:28 AM

මේකත් ටෙලි නාට්‍යක කොටසක් වගේද ?(දිල්)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 05:51 AM

අපරාදේ! 9 වෙනිදා උදේ කිවුව විදියට ගුවන් තොටුපොළ වැහුවා නම්, අශ්වයා පනින්න කලින් ඉස්තාලය වහන්න තිබුනා (නි)

:       0       0

හේමන්ත Tuesday, 17 February 2015 03:27 AM

පුදුම වැඩේ කියන්නේ හොරකම් නොකළ අය ඉන්නේ අතේ ඇඟිලි ගාණටනේ! (නි)

:       0       0

ජනක Tuesday, 17 February 2015 10:53 AM

මේ වගේ මිනිස්සු ගැන කතා කරලා අපි ගහමරා ගන්න එක තේරුමක් නෑ නේද (දිල්)

:       0       0

අප්පුහාමි Sunday, 15 February 2015 10:18 PM

මම මේ කල්පනා කරේ, ඇසිලින් නෝනා බන්දුල පෙරේරා දන්නා ඉංග්‍රීසි වචන ගැන. (අ)

:       0       0

සැම්සන් Thursday, 19 February 2015 04:58 AM

කර්මය පළදේ. රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලට කළදේට දෙවියන් රවටන්න බැහැ කවදාවත්. (නි)

:       0       0

දිනේෂ් Monday, 16 February 2015 12:47 AM

මෙතන සමහරු කියන්න වගේ ඇයි 9 වෙනිදා ගුවන් තොටුපොළ වැහුවේ නැත්තේ? (නි)

:       0       0

සිමන් Saturday, 14 February 2015 08:05 AM

අනේ පව් බැසිල් හරිම අහිංසක මිනිහෙක් එයා මේවගේ ජරා වැඩකරන්නේ නැහැ. නිකම් බොරුවට මිනිසුන්ට පද හදන්න එපා (නදී)

:       0       0

රාජා Monday, 16 February 2015 02:25 AM

ඩුබායි තිලක් සැහෙන වෙහෙසක් ගන්නවා රට වෙනුවෙන්. මුලින්ම එල්ටීටීඊ එකට අවි විකුණු අය ගැනත් විස්තර තියෙනවද? අනික් අතට රාජපක්ෂලා තමා එල්ලුම්ගස් අරින්න ඕන අහිංසක ප්‍රභාකරන් මහතාව කරදරයට දැම්මට. ඉඳල හිටලා හොඳ බෝම්බයක් පුපුරන්නේ නැති නිසා හිතට අමාරු වගේ (නදී)

:       0       0

සම්පත් Monday, 16 February 2015 02:43 AM

මේවා දේශපාලන වාසි ගන්න කියන කතා. බැසිල් රාජපක්ෂ යුද්ධය වෙලාවේ නිහඩව ලොකු කාර්ය බාරයක් කළා. උතුරේ සංවර්දනේටත් ලොකු දායකත්වයක් දුන්නා. කොටින්ම ලංකාවේ සංවර්දන වැඩ බොහොමයක් එතුමාගේ මග පෙන්වීමෙන් සිදුකළා. ඒ හැමදේම අමතක කරන්න එපා. වටේ හිටපු අය කරපු ඒවාට එතුමා පලි නැහැ (නදී)

:       0       0

හංසිකා උපමාලි Friday, 20 February 2015 06:12 AM

බැසිල් කියන්නේ නිකම් ගණුදෙනු කාරයෙක් විතරයි. ඔහු අරගලකරුවෙකු නොවේ. ඔහුට දේශපාලන දැක්මක් හෝ දේශපාලන දර්ශනයක් නොමැත. දේශපාලන දැක්මක් දර්ශනයක් ඇති නියම අරගලකරුවන් සටන්කරුවෝය. ඔහු තමන්ගේ අරගල අත්හැර පලා නොයන්නෝය. අරගල බීමේදීම ජීවිතයෙන් සමුගත්තද අරගලය පාවා දීමට හෝ අරගලය අතරමග නවතා දමා පලා යාමට කටයුතු කරන්නේ නැත. එසේ කරන්නේ අරගලකරුවන් හෝ වීරයන් නොව ගණුදෙනු කාරයන් පමණකි. මන්ද ගණුදෙනුකාරයෙන් ද දේශපාලන දර්ශනයක් හෝ දේශපාලන දැක්මක් නැති බැවිනි. ගනුදෙනුකරුවන්ට ඇත්තේ හුදෙක් වෙළද ගනුදෙනුවකට වඩා එහා නොගිය චින්තනයක් පමණක් බැවිනි. ඒ නිසාම බැසිල් ගනුදෙනුකරුවෙකු මිස දේශපාලනඥයෙකු නොවේ.(දිල්)

:       0       0

රෝයි Saturday, 14 February 2015 11:10 AM

දැනට රට තුළ ඉන්න අයට ඇති පැමිණිලි වලට වග විභාගයක් නැතිව විදෙස් ගත අයට මොන නඩුද? මේවා කාලය මරන්න කරන වැඩ. මහා ඡන්දය ළඟ එන නිසාත් නැවත වේදිකාවේ කියන්න ඕන නිසාත් මේවා විභාග වෙන්නේ නැහැ. මහා ඡන්දයකින් පස්සේ මේවා කතා කෙරෙන්නෙත් නැහැ. එහෙම දෙයක් කීවද කියල අපෙන් අහයි. ලංකාවේ පොරොන්දු දේශපාලනය ඉතා පිළිකුල් සහගතයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 133 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 82 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 623 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1415 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 189 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 92 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site