‘නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි‘ ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි .
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති, අමාත්‍ය මණ්ඩලය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති, මැගසින් බන්ධනාගාර අධිකාරි, නීතිපති ඇතුළු 45 ක් නම් කරනු ලැබ සිටිති.
රාජපක්ෂ පවුලට එරෙහිව ගෙන යන පළිගැනීම් යටතේ තමා අත්අඩංගුවට ගෙන ඇති බවත්, දිවි නැගුම වංචාවට තමා සම්බන්ධ නැති බවත් පෙත්සමේ සදහන්වේ. සෞඛ්‍ය හේතු මත පීඩා විදින තමා මෙලෙස නීති විරෝධී ලෙස රිමාන්ඩ් බාරයේ රදවා තැබීමෙන්. මූලික අයිතිය උල්ලංඝනය වන බව ද ඔහු කියා සිටී.
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බැසිල්ගෙන් මහ උසාවියට පෙත්සමක්
අර්ජුන රණවන Wednesday, 20 May 2015 10:56 AM
දිවි නැගුම වංචාවට තමා සම්බන්ධ නැති නම් සම්බන්ධ අය කවුද කියා කියන්න. . (ම)
පිටබැද්දර ජයා Wednesday, 20 May 2015 11:07 AM
කෑවනම් බන්ඩෝ ... කියන පැරණි කියමන මතක් වුනා ! (බ)
රෝහිත Wednesday, 20 May 2015 11:16 AM
කවුද සම්බන්ධ කියන්න? (බ)
නාමල් Wednesday, 20 May 2015 11:30 AM
එහෙම නිදහස් කරන්නද මෙච්චර අමාරුවෙන් යහපාලනයක් ගෙනාවේ... (ම)
සමන් Wednesday, 20 May 2015 12:03 PM
දැන් නම් උසාවියට තියන ගෞරවයත් නැති වෙන්න යන්නේ, මේකටත් අර උත්තරේම දුන්නොත්. (බ)
ජයා Wednesday, 20 May 2015 12:15 PM
රෝහිත, හිතන්න පොලිසිය ඔබව අත්අඩංගුවට ගන්නවා ඔබ ඔබගේ පළාතේ වුන හොරකමකට. ඔබ කියනවා ඔබ එහෙම එකකට සම්බන්ද නෑ කියලා. එතකොට කවුරුහරි කෙනෙක් අහනවා එහෙනම් කවුද සම්බන්ධ කියන්න කියල. ඔබ දෙන පිළිතුරම තමා ඔබේ පැනයට පිළිතුරත්.
පියල් වීරසිංහ Wednesday, 20 May 2015 12:17 PM
ලංකාවේ තියන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (අ)
විජිත් Wednesday, 20 May 2015 12:19 PM
අන්න යහපාලනය යාපනයේ උසාවියට ගරු ගල්වලින් ගහල තියෙන්නේ (බ)
ධම්ම Wednesday, 20 May 2015 12:20 PM
පව්! බැසිල් ගැන උද්ගෝෂණය කරන්න කවුරුවත් නැහැ. (බ)
දිලිප් Thursday, 21 May 2015 03:29 AM
දේශපාලන බලයෙන් මත් වූ අය ලෙස හා පවතින නීති අභිබවා සිය හිතුමනාපයට හා පෞද්ගලික වාසියට කටයුතු කිරීමේ අනිසි ප්‍රතිපල අද ඔවුන් අත් විදින්නේ. මේ සියල්ලක්ම ඔවුන්ගේ පුද්ගලික බුදල් නොවේ. රජයේ මුදල් යනු ජනතාවගෙන් අයකර ගත් බදු මුදල්. ඒවා ස්වකිය සුඛ විහරණයට යොදා ගෙන ඇත්නම් එය ඉතා ලජ්ජාශීලි හා නින්දිත ක්‍රියාවක්. පවතින නීති හා ඒවා සැමට සම සේ ක්‍රියාත්මක වන ආකාරය ගැන ජනතාව අවදියෙන්.(නදී)
රකිත් Thursday, 21 May 2015 04:12 AM
ගුවන් තොටුපලින් බැහැලා එන කොටනම් පෙනුනේ නැහැ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රශ්නයක්. උසාවියට ඉදිරිපත් කළාට පසුව තමයි එක පාරටම සෞඛ්‍ය තත්ත්වය වෙනස් වුනේ. (නදී)
පාලිත Wednesday, 20 May 2015 12:44 PM
"දිවි නැගුම වංචාවට තමා සම්බන්ධ නැති බවත් පෙත්සමේ සදහන්වේ" ඒ කියන්නේ පිලිගන්නවා තමා සම්බන්ද නැති උනාට වංචාවක් වෙලා තියෙන බව? (කේ)
නන්දලාල් Wednesday, 20 May 2015 01:00 PM
මෙයාත් සහෝදරයාගේ අඩි පාරේ යන්න හදනවා වගෙයි.(හේ)
කරුණාපාල Wednesday, 20 May 2015 01:00 PM
අත්අඩංගුවේ කියලා නමට කිව්වට, ඒ භයානක අසනීපය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වෙලානේ දැන් එතුමා ඉන්නේ? ඉතින් ඔය විදිහටම තව මාස කීපයක් රෝහලේම නැවතිලා ඉඳලා, රෝගය නිට්ටාවටම සුවකරගෙන ගෙදර ගියොත් නේද වඩා හොඳ?(හේ)
පද්මිණි Thursday, 21 May 2015 04:41 AM
මේ පවුල කවදාවත් හිතුවේ නැහැ බලය අහිමි වෙයි කියලා.(හේ)
ප්‍රසාද් Wednesday, 20 May 2015 01:14 PM
හොරු අල්ලන එක හොද වැඩක්.(හේ)
ගිහාන් Thursday, 21 May 2015 04:49 AM
ලොකුම දේශපාලන පලි ගැනීම වුනේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ෆොන්සේකා මහතා තරඟ කළ අවස්ථාවේ. ඒක නිත්‍යානුකුලයි කියලා දැන් මේවා තමන්ගේ පුද්ගලික කැමැත්තේ වාසියට දේශපාලන පලි ගැනීම අර්ථ දක්වන්න ඕනෑම කෙනෙකුට පුළුවන්.(හේ)
සමන් Wednesday, 20 May 2015 01:21 PM
දැන් දුක තේරෙනවා නේද?(හේ)
ඉසුරන්දි Wednesday, 20 May 2015 02:12 PM
ජයා ඔයාගේ කියමන දිහා බැලුවම මට පොඩි කාලේ අපි ගොත ගොත කියපු කතාන්දර මතක් වෙනවා.(හේ)
දීපාල් නිරෝෂ් Wednesday, 20 May 2015 03:07 PM
වැරැද්දක් වංචාවක් කරල නම් නඩු පවරන (අ)
සුමුදුහේවා Wednesday, 20 May 2015 08:15 PM
මෙතන තියෙන්නේ දේශපාලන පලිගැනීමක් බව දන්නෝ දනිති. (නදී)
සුමුදු හේවා Thursday, 21 May 2015 08:19 AM
සත්‍යය,දන්නෝ දනිති. (නි)
සුමුදු හේවා Thursday, 21 May 2015 08:21 AM
ගිහාන්, දේශද්‍රෝහීවීමේ වරදට දඬුවම් කිරීම දේශපාලන පළිගැනීමක් හැටියට අර්ථ නිරූපනය කිරීමත් තමුන් උපන් රටට ද්‍රෝහීවීමක් බව ඔයාට වැටහෙන්නේ නැද්ද? (නි)