IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බැසිල්ගේ ඔරුතොට කන්තෝරුවේ බඩුත් අදී

හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ගම්පහ ඔරුතොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ බඩුද පොලිස් ආරක්ෂාවද ඉවත් කරයි.

පෞද්ගලික ව්‍යාපාරිකයකුට අයත් බව කියන ඉඩමක හිටපු ඇමැති මෙම ගෙය ඉදිකර ඇතැයිද ආණ්ඩු වෙනසත් සමග වරින්වර කාර්යාලයේ තිබූ බඩු එහි සේවකයන් විසින් ඉවත් කර ඇතැයිද ඉඩම හිමි ව්‍යාපාරිකයාට අයත් ජිප් රියක්ද කාර්යාලයේ ගාල් කර ඇතැයිද පෞද්ගලික ආරක්ෂක ආයතනයකින් රැකවළුන් එහි රඳවා ඇතැයිද දැනගන්නට ඇත.

බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 9 වැනිදා ඇමරිකාව බලා පිටත් විය.

20150116_094254

 



අදහස් (0)

බැසිල්ගේ ඔරුතොට කන්තෝරුවේ බඩුත් අදී

සරසි Friday, 16 January 2015 09:02 AM

අරලිය ගහ මන්දිරය පෙර සිටම අගමැති නිල නිවස ලෙසයි පැවතුනේ. ඒ දේවල් පවා වෙනස් උන හැටි දහම් ට මතක නැතිව වගේ. (නදී)

:       0       0

ජනක Friday, 16 January 2015 06:38 PM

මට නම් පිස්සු වගෙයි (නි)

:       0       0

රණවීර Friday, 16 January 2015 09:13 AM

දැන් හැමදේම එළි වෙනවා නේද?(දිල්)

:       0       0

සිසිර Friday, 16 January 2015 09:29 AM

මොකද මේ වෙන්න යන්නේ.(හේ)

:       0       0

චන්ද්‍රලතා Friday, 16 January 2015 11:35 PM

රූපසිංහ මහත්මයා, ඔබ හොඳ ලස්සන උදාහරණ දෙකක් කියලා තිබෙනවා. ඔයා වගේ තමයි මමත් ඔය වුණ දේ ගැන හිතන්නේ.ඔබට සුබ දවසක්! (නි)

:       0       0

කාන්ති Friday, 16 January 2015 09:51 AM

බලමුකෝ තව ඉස්සරහට... (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 16 January 2015 09:53 AM

අවුරුදු 5ක් පිටරට දුක්විඳලා හරිහම්බ කළ මම දෙවියන්ට කිවුවේ "අනේ බැරි වෙලාවත් ඔය කෙනෙකුට මගේ නිවස තිබෙන පැත්තෙන් යන්න හිතක් පහළ නොවේවා" කියලා.ඇයි කියලා කියන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 16 January 2015 09:57 AM

තවත් අවුරුදු කිහිපයක් ගියා නම් අපිට ඉතියෝපියාවකට ,සෝමාලියාවකට, බංගලිදේශයකට .... ඉන් එහාට ගිය රටක් තමයි ඉතුරුවෙන්නේ. (නි)

:       0       0

පී. යහපාල Friday, 16 January 2015 09:57 AM

සත්‍යපාල මහත්තයාට, ටිකිරි බණ්ඩා හා තිලක් ඩුබායි යන නම් වලින් ලියන එකම තැනැත්තාට ඇතුළු මෙකී නොකී ප්‍රතිවාදී සැමට යහපාලනය ලැබිලා තිබෙනවා.හෙට පිවිතුරු හෙටකුත් ලැබේවි.සැමට සුබ පැතුම්! (නි)

:       0       0

කලීල් බංඩාරවෙල Saturday, 17 January 2015 10:42 AM

අනේ මොනවද මේ වෙන්නේ ? (නදී) ......

:       0       0

චාරු Saturday, 17 January 2015 02:25 AM

එහෙම නම් චන්ද්‍රලතාලා රුපසිංහලා කියන්නේ හැමෝගෙම කිල්ලෝට වල හුණු තිබෙන නිසා මේ රටේ කිසිම නීතිවිරෝධී , සමාජ විරෝධී වැඩක් ගැන සොයන්න අවශ්‍ය නැහැ කියලා වෙන්න ඇති. (නි)

:       0       0

රසිකා Friday, 16 January 2015 10:12 AM

රජයේ බදු මුදලින් හැදුව මේ ගෙය අයති වෙන්නේ ව්‍යාපාරිකයාට. නොමිලේම මාලිගාවක්. රාජ සන්තක කරන්න ඕනේ මේවා ඉඩමේ වටිනාකම පමණක් ගෙවල. (ස)

:       0       0

දහම් Friday, 16 January 2015 10:30 AM

අරලියගහ මන්දිරය ජනපති නිල නිවස උනේ කවදාද මතක් කරන්න. ඔයාට මතක නැති වෙලා හින්දයි කියන්නේ.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 16 January 2015 10:48 AM

මේ නිවාස පමණක් නොව අවට නිවාසත් පාවිච්චි කළා. (හේ)

:       0       0

සනත් Friday, 16 January 2015 10:56 AM

අපි නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා අනේ! (නි)

:       0       0

රූපසිංහ Friday, 16 January 2015 11:04 AM

දැන් හොරු දුෂකයෝ මංකොල්ල කාරයෝ ඔක්කොම ඉන්නේ පරාද උන පැත්තේ විතරමද? එතකොට දිනපු පැත්තේ හොරු ඇත්තෙම නැද්ද? ඔක්කොම සිල් අරගෙනද? රහත්වෙලද? (ස)

:       0       0

සරත් පියසේන Friday, 16 January 2015 11:28 AM

සමෘද්ධි ව්‍යාපාරය තුළින් ජන පිබිදීමක් සිදුකළ බැසිල් රාජපක්ෂ මහතාට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ජිලෝ Friday, 16 January 2015 12:03 PM

කොහොමද රූපසිංහ ඉතින් ඒගොල්ලන්ට නඩු දාන්නේ? ෆයිල් ටික නැහැනේ. ඔයාවත් ගිහිල්ලා ඒ ෆයිල් ටික එළියට දාන්න කියන්නකෝ. (නි)

:       0       0

දහම් Friday, 16 January 2015 06:26 AM

එහෙම කාර්යාල අනිත් පක්ෂවලට තිබුනේ නැද්ද? එ්කේ ඇති වැරැද්ද මොකක්ද? (නදී)

:       0       0

සත්‍යපාල Friday, 16 January 2015 07:10 AM

මෙයට වසරකටත් වඩා පෙර සිට රජය විනාශය කරා යන බව සාස්තරකාරයෙක් නොවන මා දුටුවෙමි. රජයට නොතේරුණා නම් එවැන්නන් රට පාලනය කළා නොවේදැයි සිතෙන විටත් ඇග කිලි පොලායයි. සේනාදීර, මේ අය කවුද කියලා දන්නවා වගේම ඔය අය කවුද කියලත් දන්නවා. ඔය ගමේ මිනිස්සු පාරට බැස්සේ ඇත්ත කාරණයක් වෙනුවෙන්. එහෙත් ධන බලය,මැර බලය,නිල බලය,දේශපාලන බලය යන සියල්ලම අහිංසක ගම්වැසියන්ට එරෙහිව කටයුතු කළා. රතුපස්වල සටනේ රජයට විරුද්ධ පක්ෂවල අය සිටින නිසා එය ආණ්ඩු විරෝධි සටනක් ලෙස පෙන්වන්නට උත්සාහ කිරීම වරදක්. ඕනෑම සටනකදී ප්‍රශ්නයක් තිබුනද කොටසක් බය පක්ෂපාතකම නිසා ඉදිරියට නොඑන විට බොහෝ විට මතුවෙන්නේ පවතින රජයකට විරුද්ධ පුද්ගලයන්ය. එහෙත් ඔවුන්ද ගමේ සාමාන්‍ය මිනිසුන් මිස ත්‍රස්තවාදීන් නොවේ. ඔවුන් උත්සහ කළේ එකමුතුව දැවැන්තයකුට එරෙහිව නැගීසිටිමකි. බොහෝවිට පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීමට එන රාජ්‍ය නායකයන් පවා රතුපස්වල ගොස් මිනිසුන් හමුවීමට ඉඩ ඇතිබව මා විශ්වාස කරමි. එසේ වුවහොත් එම ගමේ මිනිසුන් රට පාවාදීමට ගියා කියමින් අපහස නොකළ යුතුය. මෙම ප්‍රශ්නය නොවිසදා මෙතනට ගෙන ගිය නිලධාරීන් සහ බලධාරීන් එයට වගකිව යුතුය. මා පවතින රජයට තවමත් යම් හිතවත්කමක් දැක්වුවද දිනෙන් දින කරන අත්තනෝමතික ක්‍රියා ගැන දැඩි කණගාටුවකින් සිටිමි. ටිකෙන් ටික ගිලෙමින් ගොස් නහය ළගටම පැමිණි පසු ගැලවෙන්නට දගලනවාට වඩා ප්‍රශ්න වලට විසදුම් ලබාදී බොහෝ දුරක් යන්නට නොසිතීම කණගාටුවකි. රතුපස්වල සිද්දිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීහු ගුටි කෑහ. ඔවුන් පසු පස රජයේ බුද්ධි අංශ පැන්නුවේය. ඔවුන්ට විවිධ ප්‍රශ්ණ ඇති කළහ. මේවා දන්නේ ඔවුන්ම පමණි.

:       0       0

සල්ගාදු ප්‍රන්සය Friday, 16 January 2015 07:18 AM

කොහොමත් ඉක්මනට බදු ෆයිල් ඉවත් කරාම , ජනතාවට පේන්න කඩා පනින හමුදා යවලා පොඩි සංදර්ශනයක් දමාවි. සැමදා උනා වාගේම ඡන්දෙන් පස්සේ කියපු දේවල් සිදුවන්නේ නැහැ.(නදී)

:       0       0

සුනිල් Friday, 16 January 2015 01:28 PM

තව තව දේවල් ඉදිරියට... (නි)

:       0       0

සත්‍යපාල Friday, 16 January 2015 07:26 AM

මේකත් උසාවි නියෝගයක් අරන් පරික්ෂා කරලා බැලුවනම් හරි. ඉදිරියේදී කරන පරීක්ෂණවලට අවශ්‍ය ලිපි ලේඛන එහෙම තියනවාද කියාලා . (ස)

:       0       0

රණසිංහ Friday, 16 January 2015 02:16 PM

මම ඉන්නේ ගමපහ ඇත්තටම මේ ගෙදර හැමදාම මම පහු කරගෙන වැඩට යන්නේ. මේක පක්ෂ කාර්යාලයක් නෙවේ මේක ගෙදරක්. මේකත් රම්ය, සුරම්ය, ශුබ වගේ තිබ්බ මාලිගා වලින් එකක්. මේක පර්චස් 30 ක් දිග ගෙයක්. ඉඩම අක්කරයක් වගේ. ඒ කාලේ තාප්පේ විතරක් හදන්න ලක්ෂ 40 ක් වගේ ගියා. ගෙදර වටිනාකම නම් කියන්න බැහැ. සූර්ය කෝෂ වහලේ පුරාවට පල්ලෙහයෙන් දුවන්න හදපු දාවන පථයත් තියනවා. සුපිරි සැප ගෙයක්. ඔක්කොම බලල පහු කරගෙන යනකොට හිතෙනවා අනේ අපේ සල්ලි නේද මේ කියලා. (නදී)

:       0       0

සිල්වා Friday, 16 January 2015 07:56 AM

යහපාලනය කෙසේ වෙතත් මද පාලනයක ආරම්බයද මේ (නදී)

:       0       0

දුමිත් Friday, 16 January 2015 02:23 PM

මෙහෙම ගියොත් රටේ තිබෙන ආයතන සියල්ල සීල් කරන්න වෙයි වගේ. (නදී)

:       0       0

පාලිත Friday, 16 January 2015 08:05 AM

ඉතා ඉක්මනින් දුෂණ ගසාකෑම සහ වංචා ගැන තිබෙන පැමිණිලි විභාගයට ගෙන වරද කරුවන්ට දඬුවම් දී ඉවරයක් කරන්න. එක පාර්ශවයකට ආරක්ෂාව සපයන්නත් අනිත් අයවලුන්ට විතරක් නඩු පවරන්නත් යනවා කියලා අපි හිතන්න ඉඩ තියන්න එපා. අපි මේ වෙනසට තුන් හිතින්ම සහයෝගය දුන්නේ රටේ අනාගතය ගැන සිතලා. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 16 January 2015 08:06 AM

අත පුච්චා නොගෙන සීරුමාරුවට සිද්ද කරන ගනුදෙනු ගැන මමද ඇස් යොමා බලා සිටිමි. රට විනාශයෙන් විනාශයටම පත් කරපු "මෙගා හොරු" අධිකරණය ඉදිරියට ගෙන එන තෙක් බලා සිටිමි. (නදී)

:       0       0

අරුණ Friday, 16 January 2015 08:10 AM

ඒ අයට කවදා හරි වරදිනවා කියලා දැනගෙන හිටියේ නෑ.(හේ)

:       0       0

ගිහාන් Friday, 16 January 2015 08:11 AM

මේ සිද්ධ වෙන දේවල් ගැන මහජනතාව දැනුවත් කර විනිවිද භාවයෙන් යුක්තව අදාල ක්‍රියාමාර්ග ගත්තොත් නේද හොඳ ? (හේ)

:       0       0

තිලක් Friday, 16 January 2015 08:12 AM

රජ සැප වින්දා වගේ නෙමෙයි.කළ දේවල් වලට දැන් දුක් විදින්න වෙලා.(හේ)

:       0       0

අමා Friday, 16 January 2015 08:16 AM

සත්‍යපාල ඔබට කලින් විජයදාස රාජපක්ෂ මහතා මස 8න් ඒ අනාවැකිය කියා තිබේ (නදී)

:       0       0

සමන්ත Friday, 16 January 2015 08:17 AM

පුද්ගලික දේපල රැසක් බලහත්කාරයෙන් අත් පත් කරගත් අවස්ථා ගැන අපිට ආරංචි වී තිබෙනවා. මේවා සොයා බලා නියම අයිතිකාරයන්ට ඒ දේවල් නැවත ලබා දෙනවා නම් හොඳයි. (නදී)

:       0       0

රන්ජිත් Friday, 16 January 2015 04:00 PM

සරසි, අලුත් එක්කෙනා එතනට යන්නේ නැත්තේ ඇයි කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

නුවන් Friday, 16 January 2015 08:40 AM

දහම් අනිත් අයට කාර්යාල තිබ්බා. නමුත් බලෙන් අනුන්ගේ දේපල අත්පත් කරගෙන නොවේ. ඔබ පහුගිය වසර 3,4 හිටියේ වෙන ග්‍රහ ලෝකෙකද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 449 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 50 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 371 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 468 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 684 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site