IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බැසිල්ගේ තව නඩුවක් කල් යයි

දිවි නැගුම සහනාධාරලාභීන්ට බෙදාදීමට  තිබු රුපියල් මිලියන 33 ක සෙවිලි තහඩු බෙදා හැරීමේ දී  සාවද්‍ය  සාපරාධී පරිහණය කළැයි  නීතිපති ගොනු කර  ඇති  නඩුවේ  විභාගය මාර්තු 15 වැනි දා විභාග කරන බව  මහාධිකරණ විනිසුරු එන්.වී. කරුණාතිලක මහතා  අද (19) නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ, නිහාල් ජයතිලක, කිත්සිරි රණවක, බන්දුල තිලකසිරි යන සැකකරුවන් චෝදනා වලට  නිවැරදිකරුවෝ බවයි.



අදහස් (0)

බැසිල්ගේ තව නඩුවක් කල් යයි

කෝනාර Wednesday, 19 October 2016 10:17 PM

අනුන්ගෙ ඉඩම්/පාරවල් බලෙන් අයිතිකරගෙන සිටින අය ඉඩම් නඩු කල්යනවට ආසයි. පළිගැනිමට කැමති, අය දික්කසාද නඩු කල්යනවට ආසයි. මුල්‍යමය චෝදනා ඇති අය ඒ නඩු කල්යනවට ආසයි. බහුතර නීතිඥවරු ඔය කොයි නඩුවත් කල්යනවට ආසයි. (නි)

:       0       0

කුසුම් Thursday, 20 October 2016 12:49 AM

මාර්තු 15 කියන්නේ තව මාස 5 ට කල්යවලා. ඇයි මේ? මිනිසාගේ ආයු කාලය වසර 500 ක් නෙමෙයි. (නි)

:       0       0

කාලිංග Thursday, 20 October 2016 01:40 AM

අනුන්ගෙ ඉඩම්/පාරවල් බලෙන් අයිතිකරගෙන සිටින අය තමයි දාන තරමක් නඩු දාන්නේ. හේතුව තමයි නඩුව ඇද ඇද හැකිතාක් අනුන්ගේ දේවල් භුක්ති විදින්න. මේවා ගැන විනිසුරුවරු කල්පනා කරනවා නම් හොඳයි. (නි)

:       0       0

කසුන් Thursday, 20 October 2016 01:44 AM

සමහරු කපටි මිනිසුන් ඉන්නවා නඩුවක් දාන්න නිමිත්තක්වත් නැහැ. ඉඩම් සම්බන්ධව පටලවලා නඩු දාන්න ගියාට ඒ නඩුවේ ශීර්ෂයට නමක් නැතිනිසා "විශේෂ" යන ශිර්ෂය යටතේත් නඩු දාලා අසරණ නිවැරදි අයට කරදර කරනවා. මේවා ගැන මීට වඩා අපේ රටේ විනිසුරුවරුන් අවධානය යොමුකරනවා නම් මෙවැනි නඩු කල්නොයවා ඉක්මනින් තින්දු ලබා දෙනවානම් සාධාරණ මනුස්සයට කරන යහපතක්. (නි)

:       0       0

දිනේෂ් Thursday, 20 October 2016 01:46 AM

මිලියන 33 ක සෙවිලි තහඩු? (නි)

:       0       0

නාමල් Thursday, 20 October 2016 01:47 AM

මෙයාට රටේ තියෙන හැම උසාවියකම නඩු. ර‍ට පුරාම ඉඩම් සහ ගෙවල්. වාර්ථාවක් තියන්න පුළුවන් මම හිතන්නේ. (නි)

:       0       0

සමන්ත Thursday, 20 October 2016 01:52 AM

දවසකට විත්තියෙ නිතිඥවරයා නැහැ‍. ඊළඟ දවසේ පැමිණිල්ලේ නිතිඥවරයා නැහැ‍. මේවට කිසිම අවවාද කිරීමක් දඬුවමක් නැහැ. දෙන්නම ආවදාට විනිසුරුතුමා නිවාඩු. විමසිම් පටන්ගත්තත් දින දෙන්නේ මාස 5-6 පන්නලා. පළවෙනි දවසෙ කියපුවා කාටවත් මතක නැහැ. තීන්දුව ළංවෙනකොට විනිසුරුතුමා මාරුකරලා. ඔහොම තමයි කල්යන්නේ ලංකාවෙ නඩු. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 19 October 2016 06:26 AM

නඩු කාරයන් ලංකාවේ නැතිනම් හිඟ නම් පිට රටින් හෝ නඩුකාරයෝ ගෙනත් වැරදි කරුවන්ට දැඩි දඩුවම් දීලා ඒ මුදල් ජනතා සතු කරන්න.(හේ)

:       0       0

යසන්ත Thursday, 20 October 2016 02:01 AM

කිසියම් නඩුවක විමසීම් පටන්ගත්තාට පසු මාස ගණන් ඈත දින නොදී ළග ළඟ දින දෙනවා නම් නඩු කල්යාම සෑහෙන දුරකට අඩු කළහැකියි. අනෙක් කාරණය විමසීම් කරන විට විනාඩි 10-15 නොදී පැය 2-3 ක් හෝ දුන්නා නම් ඊළඟ දිනය දීමට අවශ්‍ය වන්නේත් නැහැ පොඩි නඩුවල. විනිසුරුවරුන් ප්‍රායෝගික වෙනවා නම් අද වෙනකොට උසාවි වල මේ තරම් ඉඩම් සහ දිකකසාද නඩු ගොඩගැහෙන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 20 October 2016 02:03 AM

කෝනාර, කාලිංග සහ කසුන් කියන දෙයට මම 100% ක් එකඟයි. මේක තමයි අපේ රටේ තත්වය. හැමතැනම තැළෙන්නේ සාධාරණ මනුස්සයා. (නි)

:       0       0

ඕපාත Thursday, 20 October 2016 02:07 AM

කිසියම් නඩුවක් කතා කිරීමට පෙර, එම නඩුවේ දින කීයක් පැමිණිල්ල විසින් මඟහැර දින ගෙන තිබේද, විත්තිය විසින් මඟහැර දින ගෙන තිබේද යන්න ප්‍රසිද්ධියේ කියා පටන් ගන්නවා නම් බොරුවට කල් අදින නීතිඥයන්ට සහ සේවාදායකයන්ට ලැජ්ජා හිතෙනවා. විනිසුරුවරයාටත් තේරුම් යනවා කවුද බොරුවට අදින්නේ කියලා. (නි)

:       0       0

උදාර Thursday, 20 October 2016 02:10 AM

"විශේෂ" යන ශිර්ෂය යටතේත් නඩු දාලා තියෙන නඩු ගැන සැළකිලිමත් වෙලා ඒවා හැකිතාක් ඉක්මනින් විසඳන ක්‍රියාපිළිවෙලක් හදන්න. මොකද බොහෝ වෙලාවට මෙහෙම නඩු දාන්නේ ඇත්ත නිමිත්තක්වත් නැති නිසා තමයි. මේ ගැන සමික්ෂණයක් කළොත් මම කියන දෙය තවත් තහවුරු වෙයි. (නි)

:       0       0

රණසිංහ Thursday, 20 October 2016 02:13 AM

විමසිම් කරනවිට යතුරැ ලියනය කළාට ඒවා බොහොමයක් වැරදියටයි සටහන් වෙන්නේ. මේවා නිවැරදි කරන්නත් කාලය යනවා. හරියට නිවැරදි වෙන්නෙත් නැහැ. ඇයි මේ වොයිස් රෙකෝඩර් වගේ පහසුකම් අපේ රටේ අධිකරණ විසින් ප්‍රයෝජනයට නොගන්නේ. බොහොම ලාබයි. (නි)

:       0       0

කාන්ති Thursday, 20 October 2016 02:20 AM

රස්සාවක් කරන කෙනෙකුට හාෆ් ඩේ එකක් දාලා උසාවි ගිහින් එන්න බැහැ. මොකද තමාගෙ නඩුව කතා කරන නියමිත වෙලාවක් නැහැ. උදේ 9 සිට සවස 4 වනතුරු දැන් කතා කරයි දැන් කතා කරයි කියලා බලා ඉන්න ඕනෑ. සමහර දාට 4ට ළංවෙලා කියනවා දැන් කාල වේලාව නැහැ. පසු දිනයකට කල් දානවා කියලා. අමාරුවෙන් හොයාගත් නීතිඥ ගාස්තුව ගෙවලා තව මාස 4 ට විතර පසු එන දිනයක් අරගෙන හූල්ල හූල්ලා ගෙදර එනවා. ඇයි මේ ගැන නොසිතන්නේ? (නි)

:       0       0

සිල්වා Thursday, 20 October 2016 02:26 AM

සමහර නීතිඥවරු ඉන්නවා අද ඇවිත් දිනයක් ගන්නවා. මාස 4 ට පමණ පසු එන ඊළඟ නඩු දිනෙත් ඇවිල්ලා මම අද ලෑස්ති නැහැ කියලා තවත් මොකක්හරි කියලා තව දිනයක් අරගෙන යන. මෙහෙම වුණාම සාධාරන මනුස්සයාට දැනෙන පීඩනය, දුක, ගැන අපේ රටේ කාටවත් තේරෙන්නේ නැති එකයි දුක. (නි)

:       0       0

ජීවන්ත Thursday, 20 October 2016 02:28 AM

"විශේෂ" යන ශීර්ෂය යටතේ නඩු දාන 90% ක්ම කපටියි. කවුරුහරි අසරණයෙක් තමයි තැලෙන්නෙ මේ නිසා. (නි)

:       0       0

ප්‍රතිභා Thursday, 20 October 2016 02:31 AM

නීති හදලා තියෙන්නේ සාධාරණ මනුස්සයට සාධාරණය ඉටු කරගන්නයි. නමුත් ලංකාවේ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. නීතියේ ඇති හිඩැස් නිසා අසාධාරණ කෙනා නඩු දාලා අනෙක් කෙනාව තලනවා බොහෝවිට. (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 20 October 2016 02:34 AM

ඉඩම්/පාරවල් වල ඇත්ත අයිතිකරුවන් නඩු දාන්න කැමති නැහැ. මොකද කල්යන නිසා තමන්ට අසාධාරනයක් වෙන නිසා. මේවගේ නඩු දාන තරමක් දාන්නේ හොරට අනුන්ගෙ ඉඩම්/පාරවල් අයිති කරගන්න දඟලන අය. නඩුව දාලා කරන්නේ අදින එක. ඒක තමයි අපේ රටේ කලාව. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 19 October 2016 08:51 AM

අනේ දුප්පතාගේ තහඩු ටිකටත් වැඩේ දීලා වගේ. (ර)

:       0       0

හෆීල් Wednesday, 19 October 2016 09:49 AM

මෙයාගේ නඩුවලට පමණයි වෙනම උසාවියක් ඔන වේවි වගේ. (ර)

:       0       0

ගයා Thursday, 20 October 2016 05:43 AM

මේ අනුව 1977 සිට පැවති යුඑන්පී ආණ්ඩු කාල තුලදී සිදුවූ මෙවන් වැරදි බොහෝ ඇත .ඒවත් සොයා බැලුවොත් ඉතා අගේ කරමු.(ම)

:       0       0

ගම්ලත් Thursday, 20 October 2016 08:20 AM

නඩුවක් කල්දාන්න පුළුවන් උපරිම කාලය කොපමණද ? දන්නා කෙනෙක් ඉන්නවනම් දැනගන්න කැමැතියි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 21 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 73 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1796 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 491 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site