IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බැසිල්ගේ බිරියයි දුවයි රට : යෝෂිත අදත් එෆ්සීඅයිඩියේ

බරපතල වංචා හා දූෂණ කොමිසමට කැඳවා සිටින පුෂ්පා රාජපක්ෂ හා ඇගේ දියණිය තේජනී අද දෙවැනි දිනටත් දන්වා ඇත්තේ කොමිසමට පැමිණීමට නොහැකි බවයි.

තමන් රටින් පිට සිටින නිසා පැමිණීමට නොහැකි බව කොමිසමේ පොලිස් ඒකකයට දන්වා ඇතැයි එහි ප්‍රකාශකයෙක් කියයි.

මැයි 4 හා 5 වැනිදාත් ඔවුන් කැඳවා තිබුණත් ඔවුන් පැමිණියේ නැත.

පුෂ්පා හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂගේ බිරියයි. තේජනී ඒ දෙදෙනාගේ දියණියයි.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත අදත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටියේය.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සිදුවී යැයි කියන වංචාවක් ගැන ඔහු බදාදාත් එෆ්සීඅයිඩියට කැඳවා තිබිණි.

 



අදහස් (0)

බැසිල්ගේ බිරියයි දුවයි රට : යෝෂිත අදත් එෆ්සීඅයිඩියේ

ජයතු Friday, 13 May 2016 02:42 PM

වැරදි ලෙස තම දරැපවුල රැකිම බුදුදහමට අනුව ඉතාමත් බරපතල පාපකර්මයකි මුදල් ඉදිරියේ දහම කොයිබටද? (බ)

:       0       0

විරාජ් Friday, 13 May 2016 02:45 PM

1948 ඉදන් ලංකාවේ තිබුනේ ආණ්ඩු වර්ග දෙකයිනෙ කොළ/නිල් විතරයි මේදෙගොල්ලෝ හොරු කියල දැන දැනම ඡන්දෙ දෙනවා. ජවිපෙ ආදර්ශයෙන් පෙන්නලා තියනවා හොරකම් කරන්නේ නෑ කියල .එ්ත් අපේ රටේ මෝඩ ඡන්දදායකයා ඡන්දෙ දෙන්නේ හොරුන්ටමයි (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 13 May 2016 07:28 AM

බිරිඳයි, දුවයි කලින්ම රට යැවුවේ ඇයි? මෙයත් හොරෙන්ම රටින් පැනලා යයිද කියලා හිතන්නත් ඉඩතිබෙනවා. (නි)

:       0       0

තිලකසිරි Friday, 13 May 2016 07:35 AM

ලංකාවේ හැම නීතියක්ම තියෙන්නේ දුප්පත් එදා වේලා දුක්මහන්සියෙන් හරිහම්බ කරගෙන දුක්ඛිත ජිවිතයක් ගතකරන, කිසිවක් කරන්න බැරි දුප්පත් අසරණ මිනිසුන්ට විතරයි කියන එක මොනවට පැහැදිලි කරනවද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 May 2016 07:34 AM

බරපත දුෂණ නඩු වලදී, මුලින්ම හිරේ දාන්න. ඉන්පස්සේ නඩු අහන්න. එහෙම කරන්න පුළුවන් නම් අපි කැමතියි (නි)

:       0       0

පුෂ්පකුමාර Friday, 13 May 2016 07:52 AM

බලය තිබෙද්දී ධර්මය අමතක උන අයට මේවා හොඳ පාඩම්.(ම)

:       0       0

රජිත් Friday, 13 May 2016 04:50 PM

සල්ලි වලින් සැප විඳින්න පුළුවන් කියලා කව්රුහරි හිතනවා නම් ඒ තමයි ලෝකේ ඉන්න ලොකුම මෝඩයා. අපි හම්බ කරන ලොකුම ධනය තමයි පින් සහ පව්. ඒවා තැන්පත් කරලා තියෙන හිත තමයි තීරණය කරන්නේ මිනිසාව සනසනවද වනසනවද කියලා (නි)

:       0       0

චානක Friday, 13 May 2016 08:12 AM

ප්‍රශ්නයක් නැහැ. ඕනෑකරන පුද්ගලයා ලංකාවේ ඉන්නවානේ (නි)

:       0       0

නාලනී Saturday, 14 May 2016 10:21 AM

තිලක් දන්නා දේවල් අනේ අපිටත් දැනගන්න ලියන්න ඔයා ගොඩක් දේවල් දන්නවනේ. (ර)

:       0       0

කමනි Friday, 13 May 2016 08:36 AM

උසාවියට පුළුවනි රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගමන් බලපත් අවලංගු කරලා අවශ්‍ය අයව නැවත ගෙන්වන්න (බ)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 May 2016 08:42 AM

බැසිල්ගේ භාර්යාවගේ නමට ඇමරිකාවේ නාන තටාක සහිත අධි සුඛෝපභෝගී නිවාස 7-8 ක්ම තිබෙනවා කියල ලිපිනයන් සහිතවම ෆොටෝ සමග විස්තර අන්තර්ජාලයේ තිබුන.ඇමරිකාවේ එවැනි අධි සුඛෝපබෝගී නිවාස 7-8 ගන්න කොහේ මුදල්ද?කාගේ මුදල්ද? (බ)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 May 2016 08:45 AM

දුෂිතයන්ට නිතිය ක්‍රියාත්මක කරලා දැඩි දඩුවම් දීල එම දනස්කන්දය රාජ සන්තක කරලා දුප්පත් මිනිසුන්ට සහන දෙනවා වෙනුවට,කම්බා හොරු ඉදිරියේ නිවට නියාලු,බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අසරණ මින්සුන්ට බදු පිට බදු ගහමින් ගෙන යන වැඩ පිළිවෙල පිළිකුලෙන් යුතුව හෙළ දකිනවා. (බ)

:       0       0

හර්ෂ Friday, 13 May 2016 07:17 PM

වැට් බද්ද වැඩිකිරීම වසාගන්න මේගොල්ලෝ අපිව ගොනාට අන්දනවා (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 May 2016 08:47 AM

අපි දරුවන්ට උගන්වන්නේ ධර්මයෙන් හැසිරෙන්න,අවංක ගුණ ගරුක ලෙස ජිවත් වෙන්න කියල. (බ)

:       0       0

ධම්ම Friday, 13 May 2016 09:24 AM

තිලක් -ඩුබායි හිතනවද ඡන්දෙට පෙර කියපු දේ ඡන්දෙන් පසු මේ ගොල්ලෝ කරයි කියලා. එහෙම වෙන්නේ නෑ. මේක තමයි දේශපාලන චක්කරේ. ඒක තේරුම් ගන්න.(අ)

:       0       0

විපුල Friday, 13 May 2016 09:36 AM

තිලක් ඩුබායි ට ලංකාවේ කිසිම ආණ්ඩුවක් හරියන්නේ නැති පාටයි. (අ)

:       0       0

සමන් Friday, 13 May 2016 10:08 AM

මේ මොහොතේත් රටේ කොහෙහරි නැති බැරි මිනිස්සු හිරේ දානවා ඇති කරපු වැරදි ඔප්පු කරන්නේ නැතිව. නමුත් ඇති හැකි අය මේක සෙල්ලමක් වගේ දිනන්නේ කවුද කියා සෙල්ලම් කරනවා. දිනෙන් දින එකතුවෙන දුෂිත් ගනුදෙනු හා සම්බන්ද ක්‍රියා ගැන ජනතවට කතා කරන්න යහපාලනය නිදහස දුන්නට, දුෂිත දේශපාලකයන් නීතියට කොටු නොවී සිටීම ගැන ජනපති හා අගමැති ඔවුන්ව පත්කළ යහපාලන ලැදි ජනතවට පිළිතුරු නොදී සිටීම යහපාලනය නොවේ.(හේ)

:       0       0

සුමිත් Friday, 13 May 2016 10:39 AM

තිලක්, මටත් ඔය ප්‍රශ්නෙම තමා අහන්න තියෙන්නේ. මෙයාලට කොහෙන්ද මෙච්චර සල්ලි? (නි)

:       0       0

ආර්. වික්‍රම Saturday, 14 May 2016 02:39 AM

ලංකාවේ වඩාත්ම දැවෙන ප්‍රශ්න දෙක... නැත්නම් ඉතින් අපේ ප්‍රශ්න ඔක්කොම විසඳිලානේ තියෙන්නේ! (නි)

:       0       0

රංචාගොඩ Saturday, 14 May 2016 02:43 AM

තිලක් -ඩුබායි, ඔයාගේ මොළේ හොඳ නැහැ කියලා කට්ටිය කියනවා. ඒක ඇත්තද? අන්තර්ජාලයේ තියන කතා ඔක්කොම ඇත්ත කියලද හිතන්නේ? (නි)

:       0       0

රත්නසිරි Friday, 13 May 2016 11:05 AM

වැට් බද්ද වැඩි කිරීම වසාගන්න කරන වැඩ (බ)

:       0       0

ලංකා Saturday, 14 May 2016 03:39 AM

එයාලා වෙලාවට එයි (නි)

:       0       0

නනදලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 13 May 2016 11:39 AM

කවුද එයාලට රට යන්න අවසර දුන්නේ? (නි)

:       0       0

සෑම් Friday, 13 May 2016 12:00 PM

මොකද අම්මටයි දුවටයි මෙහෙ එන්න බැරිද? (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 13 May 2016 01:16 PM

රත්නසිරිට නම් ඇත්ත පෙනුනා. බඩු මිල වැඩි වෙද්දී වැට් බද්ද වැඩි කල ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඉන්න හැම මූසලයෙකුටම වාහනත් ගෙන්නනවා. ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ, දරුවන්ට පාසල් නැහැ, මිනිස්සු අපාදුක් විඳිනවා. මන්ත්‍රීලාට සුර සැප. මෙවුන් මේ කන්නේ මෙවුන්ගේ අම්ම අප්පාගේ බූදලේ නෙවෙයි, මිනිසුන් වෙනුවෙන් වියදම් කළ යුතු මුදල්. (බ)

:       0       0

සත්‍යයා Friday, 13 May 2016 01:33 PM

මිනිහා කරපු වැඩ නිසා පුෂ්පයේ සුවඳත් නැතිව ගියා. තාත්ත කරපු වැඩ නිසා දුවගේ තේජනීය බවත් නැතිව ගියා. හම්බ කළ මුදල් බල්ලටද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 757 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 563 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 807 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 597 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 323 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site