IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බැසිල්ගේ මල මළක්ලු

බැසිල් රාජපක්ෂ මහතා ද සම්බන්ධ වී සිටින නව පක්ෂයේ මල්පොහොට්ටුව පිපෙන්නේ නැති මෝදු වෙමින් පමණක් තිබෙන එකක් බවත් එයට බිය විය යුතු නැති බවත්, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පරාජයේ වගකීම භාරගෙන සාටකය ද ගලවා දමා ඇමෙරිකාවට ගිය බවත්, මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට වගකීම භාර දී කාල්ටන් වෙත ගිය බවත් කී අමාත්‍යවරයා ඉන්පසු තමන් ඇතුළු පක්ෂය නන්නත්තාර වූ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සිදු වූ බවද සඳහන් කළේය.

එසේ නොකළේ නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිීකයින්ට පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් ඇති වී සලාක ක්‍රමයට ගුටි කන්නට සිදුවන බව ද ඇමතිවරයා කීවේය. ශ්‍රීලනීප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ ඉදිරියට යා යුත්තේ එක්ව බවත් පක්ෂය දෙකඩ කිරීමෙන් ජයග්‍රහණය කරා යා නොහැකි බවත්ය.

විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල අලූත් පක්ෂයට යන්නේ තමන්ගේ පක්ෂය රැකගෙන වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය යන්න හදන්නේ පක්ෂය දෙකඩ කර බව ඔවුන් සිහියේ තබාගත යුතු යැයි ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.

(ඡායාරූපය මනෝජ් හර්ෂික)

bb



අදහස් (0)

බැසිල්ගේ මල මළක්ලු

සත්‍යා Friday, 18 November 2016 02:39 AM

විජිතමුණි මහත්තයෝ, ඔයාලත් කතාකරන්නේ අනාගත සුරක්ෂිතතාවයකටත් පොඩි ඉඩක් තියාගෙන කියලා පේළි දෙකක් මැද වචන දිහා බැලුවහම අපට හැඟෙනවා. මලක් වෙන්න තිබුන පොහොට්ටුවක් නෙලාගෙන නොවෙයි බලෙන් කඩාගෙන අතේ තියාගෙන ඉන්නකොට ඒක අතේම පරවෙනවා මිසක් කොහොමද මහත්තයෝ මෝදුවෙන්නේ? (නි)

:       0       0

උපාලි Friday, 18 November 2016 02:52 AM

ඔන්න බලන්න ඊළඟ ඡන්දයේදී මෙයා දැන් ඉන්න ජනපතිට බැන බැන මල් පොහොට්ටුවට හේත්තු වෙනවා. (නි)

:       0       0

ගයන් Saturday, 19 November 2016 05:02 AM

මෙතුමා තමා මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අවංකව සේවය කරපු පුද්ගලයා. මෙතුමාව ඉතාමත් සැළසුම්සහගත ලෙස පරාජය කළා. මෙතුමා අවංක ජනතා සේවකයෙක්. (නි)

:       0       0

දිලිප් Friday, 18 November 2016 03:47 AM

රටේ දේශපාලන නරාවලක දිග පළල ගැන මිනිස්සු හොඳටම දැන් දැනුවත්. පොහොට්ටුව ලත්තැන ලොප් වෙන්න මුල්තැන ගත් පුද්ගලයා හේතු වෙනවා නියතයි. (නි)

:       0       0

ඉඳුනිල් Friday, 18 November 2016 05:27 AM

මෙයා ගැනනම් මම කතාකරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

සජී Friday, 18 November 2016 07:17 AM

අප්පච්චි මළා නම් ඇයි ඔච්චර බයවෙලා (නි)

:       0       0

සිරි Friday, 18 November 2016 07:34 AM

අප්පච්චි මළේ නැහැ. ඡන්දයක් දිනන්න බැරි ඔබලාගේ වදන් අපිට දැන් වලංගු නැහැ (නි)

:       0       0

ලක්ෂි Thursday, 17 November 2016 03:52 PM

නිල්පාට සායම් බාල්දියට වැටුණ නරියෙකුත් ඔය වගේ කතාවක් කිවුවලු (නි)

:       0       0

සුජීව Thursday, 17 November 2016 05:06 PM

මේ කතාකරන දෙන්නාම, තමන්ගේ මන්ත්‍රීකමෙනුත් පරාජය වූවා. යන්න කඩේ. දෙන්නම් ඡන්ද ගොඩක් ගෙදර යන්නම ඊළඟ ඡන්දෙදී. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා Sunday, 20 November 2016 02:26 PM

එකට හිටපු අයනේ.(හේ)

:       0       0

පේදුරු Thursday, 17 November 2016 10:40 PM

එයාලව අපි ගණන් ගන්නේ නැහැ. එ්ත් ඔයාලව අපි කොහොමටවත් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඔයාලා නිකන් කෑගහන්නේ නැතුව ඉන්න (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 18 November 2016 10:06 AM

ලැබුන ඇමතිකම රැකගන්න ගොඩක් රෙදි හෝදන්න වෙනවානේ. මෙවැනි කතා කීම ඔබගේ දේශපාලන බංකොලොත්බාවයට හොඳම නිදසුනක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 105 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 781 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1099 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 305 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 672 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 206 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site