IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බැසිල්ට කැප්පෙටිපොළ හමුවේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කටුගෙය  කොළඹ ජාතික කලා ගාරයේදී   ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද විවෘත කළේය.

කලා කරුවන් හා  ජාතික වීරයින් 14 දෙනකුගේ ජීවමාන ඉටි රූප එහි ප්‍රදර්ශනය කෙරේ.

අතුල හේරත් හා මහීම හේරත් යන පිය පුතු දෙදෙනා  මෙම කෞතුකාගාරයේ ඉටි රූප නිර්මාණ ශිල්පියෝය.

මාලනී ෆොන්සේකා ,රවින්ද්‍ර රන්දෙණිය,ඩබ්ලිව් ඩී අමරදේව,වික්ටර් රත්නායක,සුනිල් එදිරිසිංහ,මහේන්ද්‍ර පෙරේරා,මහාචාර්ය කාලෝ ෆොන්සේකා,මහාචාර්ය සුනිල් ආරියරත්න,බෘස් ලී,චේ ගුවේරා,ශ්‍රී වික්‍රම රාජසිංහ,ඇහැළේපොළ කුමාරි හාමී,මද්දුම බණ්ඩාර හා කැප්පෙටිපොළ නිළමේගේ රැව ඒ ඉටි රූපයන් හි අඹා ඇත.


 

 



අදහස් (0)

බැසිල්ට කැප්පෙටිපොළ හමුවේ

මොහාන් Saturday, 10 May 2014 04:56 AM

මද්දුම බණ්ඩාර කුමාරයාගේ පෙනුම කොහොම වුණත් නිර්මාණ බොහොම වටිනවා.ඔබ දෙන්නාටම මෙවැනි දේ කරන්න තව තවත් චින්තන ශක්තිය පහළ වේවා! (නි)

:       0       0

සුදත් ශ්‍රී Friday, 09 May 2014 07:41 PM

මමත් හේමන්තගේ අදහසට එකඟයි. (නදී)

:       0       0

ලංකා පෙරේරා Saturday, 10 May 2014 05:07 AM

හොඳ වැඩක්.නමුත් ඊට වඩා කළ යුතු දේවල් රටේ තව තියෙනවා නේද? (නි)

:       0       0

ඉන්දික Friday, 09 May 2014 07:50 PM

බැසිල්ට කැප්පෙටිපොළ සැබවින්ම හමු වුනි නම් අපට සතුටු විය හැක. මක්නිසාදයත් එය ජාතිය යළි ගොඩ නඟා ගැනීමට පිටුවහලක් වන නිසාය.කෙසේ වෙතත් මේ නිර්මාණය අප රටට මහත් සම්පතක් වනු නිසැකය.බොහෝ රටවල මෙවැනි නිර්මාණ අසළ ඡායාරූප ගැනීමට විශාල මුදලක් අය කරයි. සංචාරක ව්‍යාපාරයට මෙවැනි නිර්මාණ වලින් විශාල පිටුවහලක් ලැබෙනු ඇති. ජාතියක් ලෙස නිර්මාණශීලි ජාතියක් බිහි කිරීමටද මෙවැනි නිර්මාණ හේතු වනු ඇත. (නි)

:       0       0

ඩොනල්ඩ් Friday, 09 May 2014 07:55 PM

විශිෂ්ට නිර්මාණ දායකත්වයට අපගේ ප්‍රණාමය! වික්ටර් රත්නායක හා රවින්ද්‍ර රන්දෙනිය කලාකරුවන් ඉතාමත් සජීවී බව පෙනෙනවා (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 09 May 2014 07:55 PM

රට ජාතිය කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් බේරාගත් රට වෙනුවෙන් මාරක බෝම්බයකටද ගොදුරු වූ අපගේ කාලීන ජාතික වීරයා වන ජෙනරාල් සරත් ෆොන්සේකාතුමාගේ පිළිරුවක් නැත්තේ ඇයි? (නි)

:       0       0

මධුසංඛ Friday, 09 May 2014 08:13 PM

ඔබ දෙපළට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

අශාන් Saturday, 10 May 2014 05:50 AM

සමන් රොහාන්, මේ වැඩේ මුලික පරමාර්ථය ඒක තමයි. ටික කාලෙකින් ඒවා හදාවි. කොහොම වුණත් හොඳ නිර්මාණයක්. හැබැයි හැදිය යුතුම රූප තව ගොඩක් තිබෙනවා (නි)

:       0       0

සනෝජ් Friday, 09 May 2014 08:13 PM

කලාකරුවන්ට සුභ පැතුම්!! (නි)

:       0       0

ශේරෝන් Friday, 09 May 2014 08:15 PM

අපේ මහින්ද සර්ගේ එකකුත් හමුදාවේ අයත් හදන්න. සංචාරකයෝ කැමති වෙන්නේ මයිකල් ජැක්සන්, නෙල්සන් මැන්ඩෙලා, බරැක් ඔබාමා වගේ ඒවාට. හින්දි බබ්බු නම් හදන්න එපා (නි)

:       0       0

ආශා Monday, 12 May 2014 04:43 AM

සමහර පින්තූර වල අයට අයට පණ ආවා නම් ඉතින් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

සරෝජා තිත්තගල්ල Thursday, 15 May 2014 04:26 AM

ජීවමානව ඉන්නවා වගේ. බලන්ඩ අපේ කලාකරුවන්ගේ ඇති දක්ෂ තාවය. අනේ ඔව්, මද්දුම බණ්ඩාර කුමරුට තියෙන්නේ මහා වයසක මූණක්. එක දැන් උනත් වෙනස් කරන්ඩ කියල මම ඉතා කරුණාවෙන් ඉල්ලනවා. එහි වටිනාකම කුඩා දරුවෙක් එම දෙය කල නිසා. එය තමා අපි පිලිබිඹු කරන්ඩ ඔනේ. මෙම කලාකරුවන්ට පිට රට වලට පවා ගොස් ඔවුන්ගේ දක්ෂතාවයන් විදහාපාන්නට අවස්ථා ලැබේවා. අපි ඔවුන්ට සෙත් පතමු. (ස)

:       0       0

අරුණ Saturday, 10 May 2014 02:48 PM

කෝ අන්දරේ නැහැ නේ (අ)

:       0       0

මනෝජ්-සාජා Friday, 09 May 2014 08:58 PM

අගය කළ යුතු වැඩක්.මද්දුම බණ්ඩාරගේ ,මහේන්ද්‍ර පෙරේරාගේ මුහුණු වල පොඩි වෙනසක් කළා නම් සැබෑ ස්වරූපය ඉස්මතු වේවි. (නි)

:       0       0

සිරි Saturday, 10 May 2014 06:27 AM

මම හිතන්නේ මෙතන සියලු නිර්මාණ ඇතුළත් වෙලා නැහැ. ඡායාරූප දානවා කියලත් එච්චර ගොඩක් කොහොම දාන්නද? (නි)

:       0       0

සුවාරිස් Friday, 09 May 2014 09:03 PM

ඔවු ඔවු. අනාගතයේදී අපේ ළමා පරපුරට බලන්න දැන් ඉන්න නිල නොලත් වීරයෝ, පාර්ලිමේන්තුවේ ඇත්තෝ වගේ අයගේත් ඉටිරූප ටිකක් අඔලා තිබ්බා නම් යසයි (නි)

:       0       0

අත්තනායක Friday, 09 May 2014 09:05 PM

ඉතාමත් අගය කළ යුතු දෙයක්.ඔබ දෙපළට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

සුනෙත් Friday, 09 May 2014 09:23 PM

පැකර්ගේ ඉටිරුපෙත් මෙතන තියාවිද ?

:       0       0

සිංහ Friday, 09 May 2014 09:25 PM

මෙතන අනගාරික ධර්මපාල තුමා නැත්තේ ඇයි ?? (ස)

:       0       0

කැනඩා දිසා Saturday, 10 May 2014 07:08 AM

අති විශිෂ්ටයි! ඔබ දෙපල මුළු රටටම ගෞරවයක්. (නි)

:       0       0

සුනේත්‍රා Friday, 09 May 2014 09:40 PM

නන්දන පනාගොඩ මිලානෝ 2014-05-09 19:55:38 යමෙකුගේ පිළිමයක් ඇයි හදල තියෙන්නේ කියල අහනවට වැඩ නැත්තේ ඇයි කියල අහන එක වඩා හොඳයි (ස)

:       0       0

සුනිල් කුමරාප්පෙරුම Saturday, 24 May 2014 12:35 AM

ඉතාම විශිෂ්ට නිර්මාණ ටිකක්. එංගලන්තයේ ඉටි රූප කලාගාරය වගේ. ඔබ දෙපලටම මගේ සුබපැතුම් (ස)

:       0       0

සිරි Friday, 09 May 2014 03:26 PM

ඉතාම අලංකාර මෙන්ම කාලෝචිත වැඩක් බව කිව යුතුයි. එක අදහසක් පමණක් පල කරනු කැමැත්තෙමි. දැනට ජීවමානව ඉන්නා අයගේ පිළිරු සඳහා ඔවුන් භාවිතා කළ ඇඳුම් ලබාගත හැකිවේ නම් මෙම ආකෘති වඩාත් තාත්වික අන්දමට නිර්මාණය කළහැකි වනු ඇත. (ස)

:       0       0

භානු Saturday, 10 May 2014 07:27 AM

මෙවැනි දක්ෂයන්ට රජයේ අනුග්‍රහය ඉතා වටිනවා. (නි)

:       0       0

සත්‍යයා Friday, 09 May 2014 10:03 PM

මාලිනීලා, රවීන්ද්‍රලා මහේන්ද්‍රල ගොඩේ කැප්පෙටිපොල මද්දුම බණ්ඩාර තියා පණ්ඩිත අමරදේව හෝ මහාචාර්ය කාලෝ ෆොන්සේකාවත් ගැලපෙන්නේ නැහැ. (ස)

:       0       0

කුසුම් Friday, 09 May 2014 03:36 PM

මෙම විශිෂ්ට නිර්මාණයන් කළ පිය පුතු දෙපලට මගේ උණුසුම් ශුභ පැතුම්! ඒත්, අර කඩුව අරගෙන ඉන්න වදකයා දකිද්දී නම්, විශාල හද ගැස්මක් ඇති වුණා. මේකටත් මොනවා වෙයිද කියල? පසුවයි මට මතක් වුණේ මේක ඉටි වලින් කළ නිර්මාණයක් කියල. (ස)

:       0       0

ජයවර්ධන Friday, 09 May 2014 03:50 PM

ඉතා අනර්ඝ නිර්මාණ එකතුවක්. පිය පුතු දෙපලට සුබ පැතුම්!! (ස)

:       0       0

හේමන්ත Friday, 09 May 2014 03:51 PM

හොඳ වැඩක්. නමුත් මහත්වරුනේ, මද්දුම බණ්ඩාරට වයසක පෙනුමක් ඇත. ඔහුගේ මුහුණට මීට වඩා හුරුබුහුටි මෙන්ම ළමා එකතු කළා නම් යෙහෙකි. ඇහැලේපොල කුමාරි හාමි දරුවා වංගෙඩියේ දමා කෙටීම ඉවත් කළ යුතුය. එය කාටත් දකින්න අප්‍රසන්න දසුනක් වන අතර, ඉතිහාසය විදේශිකයෙක් දැක්කොත් එය ප්‍රහේලිකාවක් වෙයි ඔවුන්ට. ඒ වගේම ගැබිණි මවක් මේ දසුන දැක්කොත් ඇයට මහත් කම්පනයක් ඇති වෙනවා නොඅනුමානය. කුඩා ළමයින්ට ද මේ දසුන, අප්‍රසන්න වේවි. (ස)

:       0       0

නිලන්ති Friday, 09 May 2014 03:57 PM

මෙවන් නිර්මාණ කරුවන් අප අගය කළ යුතුයි. මෙවන් පුද්ගලයන් රටට සම්පතක්.තව තවත් මෙවැනි දේ නිර්මාණය කිරීමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

අසෝකා Friday, 09 May 2014 04:01 PM

පසුගිය දිනවල ලංකාදීප පුවත්පතේ පළවුණු කලාකරුවන්ගේ නිමැවුම් දකිද්දී මට හිතුණා.අනේ අපේ රටේ කලා කරුවන්ගේ දක්ෂතා කොයිතරම් තියෙනවද , ඇයි ඒවා අගයන්නේ නැත්තේ කියල.? ඒ සේරම දේවල් සපුරාගෙන මේ පිය පුතු දෙදෙනාගේ දස්කම් ලොවටම පෙනෙන්න කල එළි දැක්ම පිළිබද සිතේ ඇතිවෙන්නේ කියා නිම කළ නොහැකි සතුටකි. ඔවුනට ඒ සදහා නිසි ඇගයීමක් ලැබේවා! කියා මා ප්‍රර්ථනා කරනවා! (ස)

:       0       0

තිසා Saturday, 10 May 2014 07:50 AM

මේවා බලලා හිනාවෙලා මදි. ඔවුන්ට අතදී දිරිමත් කළා නම් හොඳයි.ලොවක් වටින ඔබට මගේ සුබ පැතුම් ....! (නි)

:       0       0

ශ්‍රී Friday, 09 May 2014 04:06 PM

කලාකරුවන්ට සුභ පැතුම්!!! හේමන්ත ඉතිහාසය වලලන්න බැරි බව ඇත්ත. නමුත් ඔබේ අදහසට ගරු කරමි. (ස)

:       0       0

ඉන්දික Friday, 09 May 2014 04:06 PM

ඉතාම විශිෂ්ට නිර්මාණයක්. ඒත් මද්දුම බණ්ඩාරගේ විතරක් වයස වැඩියෙන් පෙනෙනවා. තවත් ලෝක ප්‍රකට නිර්මාණ කරන්න ශක්තිය සහ ආධාර ලැබිය යුතුයි. (ස)

:       0       0

අසංක Friday, 09 May 2014 04:09 PM

තව මේකේ අගය වැඩි වෙනවා විජය, රුක්මනී, නන්ද මාලනී, ඩි ස් සේනානායක, සිරිමොවෝ, ජේ.ආර්, කොබ්බැකඩුව ප්‍රසිද්ධ සේවයක් කළ මහත්ම මහත්මීන්ගෙ රූපත් මේ විදියට හැදුවනම්. (ස)

:       0       0

තේජාන්විත Friday, 09 May 2014 04:31 PM

හේමන්තගේ අදහස මමත් අනුමත කරනවා. ඒ එක්කම වදකයා නම් ඉටි රුපයක්මද කියල තාමත් මට සැකයි. ඒක ඒතරම්ම තාත්විකයි. (ස)

:       0       0

ධම්මික වික්‍රමසිංහ Friday, 09 May 2014 04:46 PM

මම හිතන්නෙ මද්දුම බණ්ඩාරගෙ මූණයි, ගහලයගෙ මූණයි මාරු වෙලා. (ස)

:       0       0

ප්‍රසංග Friday, 09 May 2014 11:14 PM

මද්දුම බණ්ඩාර කුමාරයට තියන්නේ නාට්ටාමි කෙනෙක්ගේ මූනක්නේ මෙතන. ලස්සන කුමාරයට නින්දාවක් මේක. (ස)

:       0       0

නිමල් ලලිත Saturday, 10 May 2014 08:35 AM

වැඩේ නම් හොඳයි.මම නම් ජාතික වීරයන් වශයෙන් සළකන්නේ තමන්ට ලැබෙන ලාබ ,ප්‍රශංසා, තාන්න මාන්න වලට වඩා සිංහලයට,සිංහල ජාතියට ආදරය කළ අය. ඒ අනුව මෙතන ඉන්නේ ජාතික වීරයන් ඉතාමත්ම ටික දෙනයි. අනිත් අය දක්ෂයන්. (නි)

:       0       0

සමන් වීරසිංහ Friday, 09 May 2014 05:00 PM

හේමන්තගේ අදහස මමත් අනුමත කරනවා. කොහොම වුණත් ඇත්තටම හොඳ වැඩක්. (ස)

:       0       0

රේනුක Saturday, 10 May 2014 06:06 PM

අතුල,ඔබ ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව තෝරාගත් මාවත හුගක් ලස්සනයි,47 වෙනි ගුවන් හමුදා පාඨමාලාව වෙනුවෙන් මම ඔබගේ අනාගතයට සුභ පතනවා. (ස)

:       0       0

අපූ Friday, 09 May 2014 11:34 PM

මෙතනට ප්‍රභාකරන්ගේ වගේම සරත් ෆොන්සේකාගේ රූපයත් ඇතුලත් කල යුතුමයි කියල මම හිතනවා හේමන්ත කියල තියන එකත් මම හුඟක්ම අනුමත කරනවා. ළමයව කොටන එක ඉක්මනින්ම අයින් කරලා දානවනම් හොඳයි. (ස)

:       0       0

රුවන් Friday, 09 May 2014 11:36 PM

මද්දුම බණ්ඩාර කුමාරයගේ මුහුණ වහාම වෙනස් කරන්න. ඇහෙලේපොල කුමාරිහාමි මේ ආකාරයට යොදා තිබීම හරිම වැරදීයි. (ස)

:       0       0

ලකී Friday, 09 May 2014 05:03 PM

මොවුන් දෙදෙනා අති දක්ෂ නිර්මාණ ශිල්පීන් බව මොනවට පැහැදලි වේ. මෙතැනට වීජේවීරගේ ඉටිරුපයක්ද අවශ්‍ය බව හැඟේ. (ස)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 10 May 2014 09:13 AM

මෙතන දේශපාලකයින්ගේ පිළිරූ හැදුවොත් මේ උතුම් කාර්යය දේශපාලනීකරණය වෙලා සමාජයේ පිළිකුලට ලක් වේවි.පිය පුතු දෙපලගේ නිර්මාණ හැකියාව පිළිබඳව රටේම ගෞරවය ඔවුන් වෙත ලැබිය යුතුයි.(නි)

:       0       0

සදුනි Friday, 09 May 2014 05:10 PM

අගය කළයුතු වැඩක්. අඩුපාඩු ඉදිරියේදී නිවැරදි කර ගනීවි. (නි)

:       0       0

සරත් Friday, 09 May 2014 05:12 PM

මේවා මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

අනුර Friday, 09 May 2014 11:51 PM

අර කඩේ යන කෙනාව අයින් කරලා . ජෝති ' විජය නන්දා' හරි වෙන හොඳ කලා කරුවෙක් හදන්න . (ස)

:       0       0

රේණුක Saturday, 10 May 2014 09:31 AM

ගුවන් හමුදා සේවයෙන් පසුව ඔබ අවතීර්ණ වුන මාවත හුගක් ලස්සනයි ...(ස)

:       0       0

ඉරේෂා Friday, 09 May 2014 05:18 PM

අගය කරන්න ඕනෑ නිර්මාණයක් (නි)

:       0       0

චින්තක Saturday, 10 May 2014 10:03 AM

මෙවැනි ස්ථාන වෙන රටවල තියෙනවා. බලන්න යන්න දහස් ගානක් ගෙවන්න ඕන. සං චාරකයෝ එනවා හරියට. අපේ රටෙත් මෙතුමල ලවා ලෝක ප්‍රසිද්ධ අයගේ ඉටි රු සහිත කලාගාරයක් හැදුව නම් හොඳයි. (අ)

:       0       0

රත්නසිරි Saturday, 10 May 2014 06:57 PM

අතුල හේරත් කලා කරුවානෙනි ! ඔබ හොඳ කලාකරුවෙක් අප රටට දායද කර දී තිබෙනවා ඒ මහීම හේරත් . මද්දුම බණ්ඩාර වීර කුමරුගේ ක්‍රියාව නීර්භීත වුනාට, සුරතල් මුහණක් වුනා නම් හොදයි. "එක කඩු පහරින් මගේ හිස වෙන් කරන්න "…ඒ හරියටම ක්‍රි.ව: 1814 මැයි 17 වෙනිදාය. රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ කුමරු නැවත අප රටේම ඉපදෙනු මැන ! ඇහැළේපොළ කුමාරි හාමී, දසුන සත්‍ය දෙයක් වුවත්. එම රාජ අන මානවර්ගයාටම අපහාසයකි. ශ්‍රී වික්‍රම රජු මුලා වු තැන ජනතාවගේ පිලිකුලට පත්වීම ආරම්භයයි. බැසිල්‍ රාජපක්‍ෂ මැති තුමාගේ මුහුණේ වෙනසක් පේනවා කැප්පෙටිපොළ නිළමේ සහ චේ ගුවේරාගේ රුව දැකීමෙන්. අනික ඉටිපිලිමයක් කොපමණ කල් තබා ගත හැකිද? (ස)

:       0       0

සුසිල් Saturday, 10 May 2014 12:35 AM

බැසිල් මහත්තයා ටිකක් බය වෙලා වගේ මොකද කඩුව අතේ තිෙයනවාෙන් ඉටි උනත් පරිස්ස මෙන් (දී)

:       0       0

ඉන්දික Saturday, 10 May 2014 10:26 AM

ලංකා පෙරේරා, මෝඩ කතා කියන්න එපා. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලොන්ට කරන්න පුලුවන්දේ. නැතුව ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න කියලද කියන්නේ? (ස)

:       0       0

ලලිත් අෙපාන්සු Sunday, 11 May 2014 12:49 PM

මාසයකට හොඳ මුදලක් උපයන වෘත්තියක් කරගන්න පුළුවන්. ලංකාදීපෙන් ප්‍රසිද්ධියක් ලැබුණොත්. (ස)

:       0       0

රේණුකා Saturday, 10 May 2014 12:39 AM

ඇත්තටම හරිම ලස්සනයි (දී)

:       0       0

අනුර Saturday, 10 May 2014 10:33 AM

කුසුම්, ගහලයා ඈත්ත මිනිසෙක් (ස)

:       0       0

සතිස් Saturday, 10 May 2014 12:47 AM

අතුල, ඔබට සහ ඔබගේ පුතාට සුබ පැතුම්. ඉතා හොඳ නිර්මාණ එකතුවක්. ඔබ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන කාලයේත් ඉතා අලංකාර චිත්‍ර ඇඳපු කෙනෙක්. නැවතත් ඔබට සුබ පැතුම් ! (දී)

:       0       0

මිලානෝ ජයන්ත Friday, 09 May 2014 06:06 PM

ඉතාමත් අගය කලයුතු දෙයක් අසංක ගෙ අදහසක්. හේමන්තගෙ අදහසටත් ගරුකරමි.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 09 May 2014 06:07 PM

රවීන්ද්‍ර වෙනුවට ,විජය, ගාමිණි වැනි රටටද යමක් කල කෙනෙක් දමන්න තිබුනා. වීර මද්දුම බණ්ඩාර කුමාරයා නිකන් මොංගල් වැඩිහිටියෙක් වගේ, ළමා පාටක් පෙනෙන්න වත් නැහැ.(නදී)

:       0       0

අරුණ Saturday, 10 May 2014 11:35 AM

මද්දුම බණ්ඩාරට තියෙන්නේ ඩග්ලස් රණසිංහගේ මුහුණ. තරමක් මෝරපු ගතියක් තියෙනේ. අවුරුදු 7 ක කුමාරයෙක් බව නොපෙනේ. (ස)

:       0       0

මේනක Friday, 09 May 2014 06:18 PM

හේමන්තගේ සහ තෙජාන්විතගේ අදහස් වලට මාත් එකගයි. පිය පුතු දෙපලගේ නිර්මාණ අගය කරමි (නි)

:       0       0

චන්දන Monday, 12 May 2014 12:10 PM

විශිෂ්ට වැඩක්.මහාචාර්ය කළෝ ෆොන්සේකා සහ මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි විශිෂ්ටයන් හැමදාකටම ජීවමාන කිරීම.(නි)

:       0       0

වාසල Friday, 09 May 2014 06:23 PM

පිටරට වල නිර්මාණ දැකලා ලංකාවේ නිර්මාණ ශිල්පීන් දෙපලක් මෙහෙම කළා කිවුවම අපටත් ලාංකිකයෝ වීම ගැන ආඩම්බර හිතෙනවා. තවත් හොද නිර්මාණ කිරීමට ඔබ දෙපලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පතනවා. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 09 May 2014 06:26 PM

පුදුමයි...ඒත් ඇත්තයි! (නි)

:       0       0

දර්ශන Saturday, 10 May 2014 02:14 AM

හේමන්තගේ අදහසට එකඟයි (ස)

:       0       0

දසුන් Friday, 09 May 2014 06:31 PM

ඉතාමත්ම අගය කළ යුතු වැඩක් (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ, Saturday, 10 May 2014 02:16 AM

ඔය අතරට තව අපේ ජාතික වීරයන් තුන් දෙනෙක් ගේ රෑප අඩුයි. ඒ තමයි අපේ ගරැ ජනාදිපති උතුමානෝ මහින්ද රාජපක්ෂ මහතා, ගොඨාභය රාජපක්ෂ මහතා සහ මෙහි මුලිකත්වය දැරූ බැසිල් රාජපක්ෂ මහතා. (ස)

:       0       0

නලින් Friday, 09 May 2014 06:36 PM

නිර්මාණ අගය කළ යුතුයි.නමුත් හේමන්තගේ අදහසට මාත් එකඟයි. (නි)

:       0       0

විරාජ් ඒකනායක Friday, 09 May 2014 06:40 PM

මද්දුම බණ්ඩාර කියන්නේ ලස්සන කුමාරයෙක් (නි)

:       0       0

මංජුල Friday, 09 May 2014 06:41 PM

ඉතාම හොඳ වැඩක්. රජයෙන් මේවට ආධාර කරන එකත් හොඳයි. හැබැයි හේමන්ත කිවුව දේ ගැනත් සැළකිළිමත් වෙන්න බලන්න (නි)

:       0       0

ඩී. එස්. හේවගේ Saturday, 10 May 2014 09:10 PM

මෙය ඉතාමත් වටිනා කාලෝචිත කටයුත්තකි. ඔවුන්ගේ නිර්මාණ හැකියාවද ඉතාමත් උසස් තත්වයේ ඇත. එවැනි හැකියාවන් ඇති නිර්මාණකරුවන් හා එවැනි උසස් අදහස් ඇති පාලකයින්ද සිටීම ගැන රටක් විදියට අපට සතුටු විය හැකි නමුත්, ඔවුගේ අවධානයෙන් ගිලිහුනු එක් ශ්‍රේෂ්ඨ චරිතයක් ගැන ඔවුගේ අවධානය යොමු කිරිමට සිතුවෙමි. ඔහු නම් විජය කුමාරණතුන්ගයන්ය. ඔහුගේ පිළිරුවක් මෙහි නැති එක විශාල අඩුවකි. (ස)

:       0       0

සිතුම් Saturday, 10 May 2014 02:55 AM

මිල කල නොහැකි පුදුම ලස්සන නිර්මාණ. පුංචි කුමාරයාට පුංචි මුණක් දාන්න.එංගලන්තේ ඉටිරුප කලාගාරයේ මට්ටමටම තියනවා. ඔබ දෙන්නගේ වටිනා දෑත් වලින් කරුණාකරලා දේශපාලුවන්ගේ රුප නම් හදන්න එපා.පිය පුතු දෙපල චිරන් ජයතු! (ස)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Saturday, 10 May 2014 02:58 AM

ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ගොඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සරත්ෆොන්සේකා මහතාද ඇතුලු ජාතිකවීරයන්ද අතරට එක් කරන්න අනාගත පරපුරට දැක බලාගන්න (ස)

:       0       0

අමාර Friday, 09 May 2014 06:50 PM

මද්දුම බණ්ඩාරට සුදු ලේ ගෑවිලා නැහැ. ඒකයි කළු. සිංහල අපි සුදු වුණේ පස්සේ. (නි)

:       0       0

කුමාර Friday, 09 May 2014 06:50 PM

ඇයි දෙවියනේ,‍කෝ විජය කුමාරතුංග? (නි)

:       0       0

චමිලා Saturday, 10 May 2014 09:53 PM

මහේන්ද්‍ර මෙතනට සුදුසු නැහැ . අර බබාව කොටන එක අයින් කරන්න . (ස)

:       0       0

අතුල Friday, 09 May 2014 06:56 PM

ඉතා අගය කලයුතු වැඩක්. දුටුගැමුණු රජතුමාගේ සහ මහා පරාක්‍රමබාහු , සේනක බිබිලේ වගේ වීරයන්ගෙත් ප්‍රතිමා අනාගතේ හදන්න ශක්තිය ලැබේවා. (අ)

:       0       0

තාරක Saturday, 10 May 2014 04:21 AM

මේ රුප පෙළට වීර කැප්පෙට්ටිපොළ ඉංග්‍රීසින්ට පාවාදුන් කෙනාවත් පහසුවෙන් ඇතුළත් කරන්න පුළුවන්. ඒක රටේ ළමයින්ට හොඳ දැනුමක් වේවි. (නි)

:       0       0

සජීව් Saturday, 10 May 2014 04:28 AM

අපේ ජනාධිපතිතුමාගේ එකකුත් හදන්න. එතුමත් ජාතික වීරයෙක් (නි)

:       0       0

චම්පා Friday, 09 May 2014 07:32 PM

ලොකු වැඩක්. ඔබට දෙපලට සුභ පැතුම්. හේමන්තගේ අදහස හරියට හරි. කුමාරිහාමි දසුන එපාමයි. ඒත් කෝ වීරයෝ? මාර්ටින් වික්‍රමසිංහ , සුනිල් ශාන්ත, රුක්මනී දේවි, හෙන්රි ජයසේන, අයිරාංගනී සේරසිංහ, අර්ජුන රණතුංග? ඔබට ජයම වේවා! (නි)

:       0       0

රොෂාන් Friday, 09 May 2014 07:35 PM

ඇති විශිෂ්ට නිර්මාණයක් .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1448 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 2 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 25 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 200 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 385 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 373 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site