IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


බැසිල්ට පොහොට්ටුවේ තනතුරක් නෑ

(අංජුල මහික වීරරත්න)

ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තැබූ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණයට එළඹ තිබෙන බව නාමල් රාජපක්ෂ මහතා කීය.

ඊළඟ විධායක සභාවේදී ජාතික සංවිධායක ධුරය සඳහා පත් කිරීම කරනු ඇතැයි ද බොහෝ විට අලුත් මුහුණක් ඊට පත් කෙරෙනු ඇතැයි ද දැනගන්නට ඇත.

පොදුජන පෙරමුණේ මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ද නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද පත්කර තිබේ.

පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත්කිරීමටද පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය දේශපාලන මණ්ඩලයටද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර අලුතින් ස්ථාපිත කර තිබේ.

මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් නියෝජිතයන් පසුව තෝරාගැනීමට පක්ෂය අපේක්ෂා කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

 



අදහස් (6)

බැසිල්ට පොහොට්ටුවේ තනතුරක් නෑ

Kumara Saturday, 16 December 2023 08:21 PM

මින් පස්සේ කොහේවත් ඉඩ නෑ... ඔයාට.

:       0       1

C.K.Lankaputhra Saturday, 16 December 2023 08:26 PM

මොන කැරැල්ලුම් ගැහුවත් මේ සැරේ නං මිනිසුන්ගේ ඡන්දෙ ගනු බොරු. ඒ වගේම තමයි කපුටාගේ වැඩ කොලේ වහලයි ගහන්නේ... මේ සැරේ එක අංචියක්වත් හරි යන්නේ නෑ. දැන් කුල්ල කුජීතවෙලා ඉවරයි.

:       0       1

ගමේ එකාලා Saturday, 16 December 2023 09:36 PM

පොහොට්ටුවෙන් නැති වුණාට මොළහතාට කපුටා කියලා තනතුරක් තියෙන්නේ? ඒ මදෑ.

:       0       1

Pipena Pohotuwa Sunday, 17 December 2023 05:51 AM

බැසිල් මහත්තයා තමයි පොහොට්ටුවේ පියා. අමතක කරන්න එපා එතුමාගේ දේශපාලන දැනුම... දුර දක්නා නුවණ ඔය කාටවත් නෑ.

:       5       0

Nimal Sunday, 17 December 2023 10:25 AM

කොච්චර නැටුවත් ආයේ නම් ඔබලාගේ හොර හැත්තට ඡන්දෙ නම් දෙන්නේ නෑ. ඔන්න කිව්වා.!

:       0       6

fairoos Sunday, 17 December 2023 12:21 PM

කමක් නැහැ... එයාටම දෙමු. ලංකාවේ මිනිස්සුන්ට ඕවා දැන් මතක නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 20 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 635 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1252 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2883 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3266 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 382 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25665 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1136 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site