IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බැසිල්ට මහාධිකරණයෙන් ඇප

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.ඩී.එස්.මොරායස් මහතා අද (8) ඇප නියම කළේය. ඇප කවරාකාර විය යුතු ද හා ඇප කොන්දේසි සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණය තීන්දු කිරීමට නියමිතය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි සැකපිට බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක රිමාන්ඩ් කැර සිටියේය.

මෙවැනිම නඩු කිහිපයකට මහාධිකරණය බැසිල් රාජපක්ෂට ඇප ලබාදී තිබීම සහ විමර්ශනය කළයුතු වැදගත් අදියරයන් මේ වනවිට අවසන්වී තිබීම යන හේතු මත එම නියෝගය ලබාදුන් බව විනිසුරු පැවසීය.

මේ අතර බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති ඇප ලබාගැනීම සඳහා ගිලන් රියකින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටී.



අදහස් (0)

බැසිල්ට මහාධිකරණයෙන් ඇප

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 08 August 2016 09:43 AM

නාමල් රාජපක්ෂලාගේ "නෙලුම් කුලුනෙන් " පමණක් ගැහිල්ල රුපියල් ලක්ෂ 66,500 ක් කියල ඒ කුලුන හදන්න ගත්තු චීන ජාතික සභාපතිම මලයාසියාවේ සම්මන්ත්‍රණයකදී කියලත් තිබුන .ඩුබායි රටේ බැංකු ගිණුම් නමයක තිබෙන කළු සල්ලි වල වටිනාකම රුපියල් කෝටි 46,500 ක්.ලංකාවේ සහ ලෝකයේ සගවල තිබෙන ධනස්කන්දය ජනතා සතු කරලා ජනතාවට සහන සලසන්නේ කවදද ? (බ)

:       0       0

ජයරත්න Monday, 08 August 2016 06:12 AM

මේ පවතින නීතියෙන් යම් දවසක මේ අයට දඬුවම් ලැබුනත්, මේගොල්ලෝ තැන් තැන් වල හංගලා තියෙන හොරකම් කරපු සල්ලි වලින් ඉතුරුවෙලා තියෙන ටිකවත් භාණ්ඩාගාරයට ගන්න බැහැ. ඒකට නීතිය මීට වඩා ශක්තිමත් කරන්න ඕනෑ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 08 August 2016 06:36 AM

නඩු වලටම යහපාලනේ කාලය ඉවරයි (නි)

:       0       0

ගයාන් Monday, 08 August 2016 06:41 AM

මේ චෝදනාව කළ පුද්ගලයන් දන්නවද හොරකම් කරපු සල්ලි තිබෙන්නේ කොහෙද කියලා? සිංහලයිනි, රැවටෙන්න එපා. මහින්දව එළවීමේ වැඩිම උවමනාව තිබුනේ ඇමරිකාවට බව මේ බොහෝ දෙනෙක් දන්නේ නැත (නි)

:       0       0

සේන Monday, 08 August 2016 06:41 AM

බට, පළාත් පාලනවලට බෙදුවනම් කොහෙද හලෝ හොරකමක් වෙලා තිබෙන්නේ.මේවා බොරු නඩු කියල පැහැදිලියි .සිරිසේන තුමා වැඩියම වෛර මෙයත් එක්ක එජාප ආණ්ඩු කාලවල මීට වැඩිය බරපතල දේ සිදුවුණා .ලිත ගැහුවටත් රිමාන්ඩ් කළා.මේ අසාධාරන පලිගැනීම් වලට කෙදිනක හෝ ප්‍රතිචාර ලැබේවි (බ)

:       0       0

බණ්ඩාර Monday, 08 August 2016 06:54 AM

පරංගි කලේ ඉදන්ම පිට දේශක්කාරයින්ට රට පාවා දෙන ඒක තමයි සිංහලයෝ කලේ. අදත් ඒ දේමයි මේ යහපාලන ආණ්ඩුව කරන්නේ (ම)

:       0       0

වීරවර්ධන Monday, 08 August 2016 07:05 AM

දැන් ඉතින් රෝහලෙන් ගෙදර යන්න සනිපවෙයි (නි)

:       0       0

ලුම්බිණි Monday, 08 August 2016 07:07 AM

මහින්දව එළවීමේ වැඩිම උවමනාව තිබුනේ ලංකාවේ ඡන්දදායකයන්ට බව ඡන්දයෙන් පෙනුනා. යමෙක් වැරදි කරලා තියෙනවද කියලා උසාවියකින් හොයන එකත් අද රට පාවාදීමක් වෙලා. (නි)

:       0       0

ඉන්ද්‍රා Monday, 08 August 2016 10:48 AM

මේ හැම මුහුණකින්ම පේනවා ගසා කෑ තරම ඒ ටිකත් අරගෙනම රට හදන තැනට එනවා කීවොත් ආයිමත් රජ වෙන්න පුළුවනි (බ)

:       0       0

ලියනගේ Monday, 08 August 2016 07:34 AM

ගයාන් චෝදනාව එල්ල කරපු අය නෙවෙයි සල්ලි හොරකම් කරපු අයයි දන්නේ සල්ලි තියෙන්නේ කොහෙද කියල. චෝදනාව එල්ල කරපු අය කරලා තියෙන්නේ මුදල් වංචාව හෙළි කිරීමයි. ඔයාල වගේ හොරුන්ට කඩේ යන, කත් අදින බත් බැලයො නිසයි මේ රට ගොඩ ගන්න බැරි. (බ)

:       0       0

ටී. සිල්වා Monday, 08 August 2016 07:50 AM

නායකයන් වෙනුවෙන් බලා නොසිටින්න. තනිව තම වගකීම ඉටුකරන්න, මිනිසා වෙනුවෙන් මිනිසාට (නි)

:       0       0

සම්පත් Monday, 08 August 2016 07:51 AM

දැන් කවුද ඇතුළට දාන්නේ? අනේ හැබෑට ආණ්ඩුවේ වැඩ? (නි)

:       0       0

ලසන්ත Monday, 08 August 2016 08:00 AM

මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා කවුරුවත් කියන්නෙ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

බුද්ධික Monday, 08 August 2016 08:04 AM

බරපතල ලෙස ලෙඩවුණා හිරේට ගිය ගමන්ම. ඇවිදගන්නවත් බැරුව හිටියේ. අද එළියට ආව ගමන්ම ඇවිදගෙන රජයට විරුද්ධව පෙළපාලි යයි. වැරදි කරන්න හොඳයි. ඒවාට දඬුවම් කරන්න බැහැ. (නි)

:       0       0

හෆීල් Monday, 08 August 2016 11:13 AM

මෙච්චර ඉක්මනින් ඇප ලැබෙනවානම්, සාමාන්‍ය මිනිහක් සුළු ප්‍රමාණයක් හරි මෙහම වංචා කළානම්, මේ වනවිට දඬුවමුත් ලැබිලත් ඉවරයි. පහුගිය කාලේ හොරණදී දුප්පත් පාසල් ළමයකුට වෙච්ච දේ දිහා බලනකොට, රටේ නීතිය දැන් හෑල්ලුවට ලක්වෙලා නේද? (බ)

:       0       0

රොමේෂ් Monday, 08 August 2016 08:03 AM

ජාත්‍යාලය වපුරාගෙන මිනිසුන්ගේ ලේ කකියවන හැඟීම් වලට ආමන්ත්‍රණය කරන දේශපාලකයන්ට ආවඩන මෝඩ ජනතාවකුත් අපේ රටේ තවම ඉන්නවා නේද කියලා දැනෙද්දී, ඔවුන් කළ හොරකම් නිසා දැනෙන වේදනාවට වඩා හිතට වේදනාකාරීයි. (නි)

:       0       0

උපාලි Monday, 08 August 2016 08:08 AM

ජයරත්න, ඔබ දන්නවා නම් සල්ලි හංගල තියෙන තැන පොලිසියට කියන්න. නිකන් බොරුවට හොරු කිව්වට මේ වෙනතුරු මොනවද ඔප්පු කළේ? (නි)

:       0       0

ඇලෙක්ස් Monday, 08 August 2016 08:22 AM

නීතීයෙන් මොන සහනය ලැබුනත් කවදාවත් හෘද සාක්ෂියෙන් සහනයක් ලැබෙන එකක් නැහැ (නි)

:       0       0

උදය Monday, 08 August 2016 12:10 PM

දැන්වත් මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මිනිහෙකුට දාන්න ලේසිම චෝදනාව දුෂණ හොර වංචා කියලා.? (ර)

:       0       0

සිරිමලි Monday, 08 August 2016 09:05 AM

දැන් ඇප ලැබුනට පසුත් ගමන් යන්නේත් ගිලන් රියකින්ද ? රටේ අධිකරණයත් නීතියත් කෙතරම් අපහාසයට ලක්කරනවද බලන්න පුළුවන්, (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 August 2016 09:32 AM

ඔය විදිහට රටම සුරාගෙන කෑවත් අවුලක් නැහැ.නීතියෙන් නිදහස් වෙනවනේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 28 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 314 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 449 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 355 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1222 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1111 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25596 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site