රුපියල් කෝටි 5කට මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් දැඩි කොන්දේසි සහිත ඇප මුදා හරිනු ලැබීය.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙස නියෝග කළාය.
සෑම මසකම අවසන් ඉරු දින උදේ නවයත් 12ත් අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර බැසිල් රාජපක්ෂගේ මස්සිනා කෙනකු සහ ගෘහ නිර්මාණ ශිල්පියකු අත්අඩංගුවට ගත් අතර ඔවුහු දැන් ඇප පිට සිටිති.
උසාවියට ඇතුළු වීමට දේශපාලනඥයන්ට සම්පූර්ණ නිදහස තිබූ නමුත් මාධ්‍යවේදීනට සිය රාජකාරිය කිරීමට පොලිස් අධිකාරී ඉඩ නොදුන්නේය. මෙම සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹින්ද මාධ්‍යවේදීහු ගොස් සිටියහ.
පොලිස් අධිකාරී සුදත් මාසිංහ උසාවිය ඇතුළට මාධ්‍යවේදීන්ට යාමට අවසර නොදීම හේතුවෙන් උසාවියේ සිදුවූ දේ නිසියාකාරව වාර්තා කිරීමට ඔවුනට නොහැකි විය.
නඩුව ජූලි 18 වැනිදාට කල් තැබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බැසිල්ට රට යන්න බෑ : බර ඇපයක් නියම වේ
විජේලතා රාජපක්ෂ Thursday, 12 May 2016 04:31 PM
ලෝක හොරුන්ට, වංචාකාරයන්ට මාංචු නැහැ. අහිංසකයින් ඈනුමක් ඇරියත් මාස හත අටක් හිරේට. මොකක්ද මේ නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ? (නි)
සේරම් පැරිස් Thursday, 12 May 2016 05:21 PM
තවත් යහපාලන සංදර්ශනයක් වගෙයි. බැසිල්ගේ සිනාමුසු මුහුණෙන් පෙනෙන්නේ ඔහුට විරුද්ධව කිසිවක් නොවන බව පැහැදිලි වගයි. සාමාන්‍ය කෙනෙකු මෙම වරදට අසුවුණොත් සිදුවන්නේ වෙනත් ක්‍රමයක් (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 12 May 2016 06:44 PM
පොලිස් අධිකාරීවරයා මොකද උසාවියේ වැඩට ඇඟිලි ගහන්න ගියේ? මේකෙන් වෙන්නේ රජය අපහසුතාවයට පත්වීම පමණයි. (නි)
චින්තක Thursday, 12 May 2016 09:30 PM
වරදක් කළා නම් ඉතින් දඬුවම් විඳින්න වෙනවාමයි (නි)
හෆීල් Thursday, 12 May 2016 10:56 AM
මාරයිනේ, ඇපත් දීල ඉවරයි. මේකට තමයි කියන්නේ... (ර)
ධම්ම Thursday, 12 May 2016 11:35 AM
මේකට තමයි කියන්නේ.. ක්ෂණික නූඩ්ල්ස්. (ර)
සමන් Thursday, 12 May 2016 12:02 PM
හෆිල්, ධම්ම ... යහපාලනය කියන්නේ මිනිස්සු හිතෙන හිතෙන වෙලාවට හිරෙදාන එක නෙවේ. යමෙක් වැරදි කරලතියනවානම් ඔවුන්ට නීතියෙන් නියමාකාරයෙන් දඩුවම් දෙයි. රටේ ඉදිරි පරම්පරාවට ආදර්ශයක් අපි අද දෙන්න ඕනේ. රට නියම දිශාවකට ගෙනියන්න ඕනේ. (ර)
ජගත් ලියනගේ Friday, 13 May 2016 03:28 AM
වරදක් කළත් සිතකින් නොවේ... නරකද පක්ෂ මාරුවක් ගැන හිතුවොත්? (නි)
සේන Thursday, 12 May 2016 12:41 PM
මට පෙන්නේ කට්ටිය ඊළඟ මැතිවරණෙ එනකල් කල්මරනවා (බ)
රොහාන් Thursday, 12 May 2016 12:42 PM
අපි ඔය වගේ වැරැදි කළානම් අපිට මේ වෙන කොට හිරේ.(හේ)
ජගත් ලියනගේ Thursday, 12 May 2016 01:05 PM
බලමු බලමු, අන්තිමටම මොකද වෙන්නේ කියලා. (ර)
සමන් Thursday, 12 May 2016 01:36 PM
මේවා කාලෝචිත නාටක වැට් අමතක කරන්න (බ)
නිම්මි Thursday, 12 May 2016 02:10 PM
අනේ ඔව් සමන් රට නියම දිශාවට යනවා තමයි. (ර)
මාගලි ප්‍රනාන්දු Friday, 13 May 2016 06:00 AM
දුප්පත් අයට නම් නිසි දඬුවම් පමණටත් වැඩියෙන් ලැබෙනවා. ඒත් මේ වගේ අයට? (නි)
දසුන් Thursday, 12 May 2016 02:40 PM
මට පෙන්නේ වැට් එක අමතක කරවන්න. (ර)
ජයන්ත Thursday, 12 May 2016 03:17 PM
මම හිතුවේ අවුරුදු ගාණකට හිරේ යවයි කියලා.(හේ)