IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බැසිලුත් පනී

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමග අද අළුයම ඩුබායි බලා  පිටත්ව ගියේය.

ඔවුහු ඩුබායි හරහා ඇමරිකාවේ  ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා ප්‍රාන්තයට ගිය බව දැනගන්නට ඇත. රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු ඇමරිකාවේ   පදිංචිව සිටිති.

කලු පැහැ ඩිෆෙන්ඩර් රථයකින් හා බී.එම්.ඩබ්ලිව් රථයකින්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තට පැමිණි බැසිල් රාජපක්ෂ හා බිරිය  එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට දිවයිනෙන් පිටත් විය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරය දැරූ ඔහු සීමා රහිත ලෙස බල තල හිමිකරගෙන සිටි  ඇමරිකානු පුරවැසියෙකි.

 බැසිල් රාජපක්ෂ මහතා  ගම්පහ  දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසියේය.  ඔහුගේ පළමු නාම යෝජනා පත්‍රයෙහි රැකියාව ලෙස සඳහන් කර තිබුනේ ගොවිතැනයි.

ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර සිට ඔහුගේ ගම්පහ කාර්යාලයේ තිබු ලිය කියවිලි ඇතුලු බඩු භාන්ඩ සියල්ල රැසක් රැගෙන ගොස් තිබිණි.

පුෂ්පා රාජපක්ෂ මහත්මිය 'ලිය අබිමන්'  සභාපතිනිය ලෙස කටයුතු කළාය.

 



අදහස් (0)

බැසිලුත් පනී

සුජිත් Sunday, 11 January 2015 08:51 AM

මේ අයට හෙන ගහන්න ඕනා අහිංසක මිනිස්සුන්ව රවට්ටලා හොරකම් කරලා රට පනිනවට (නදී)

:       0       0

රන්ජිත් Sunday, 11 January 2015 09:47 AM

අසීමිත බලතල අත්කරගෙන හිටියා.හැකි ක්‍රමයකින් නැවත අල්ලා නඩු මඟට ගෙනියන්න ඕනෑ (නි)

:       0       0

බුද්ධික Sunday, 11 January 2015 09:57 AM

හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ (නි)

:       0       0

සිසිර Sunday, 11 January 2015 10:24 AM

කෝ කවද්ද හොරු ටික අල්ලන්නේ? (නදී)

:       0       0

රාජු Monday, 12 January 2015 11:54 AM

එයාලට නම් මොකද? ද්විත්ව පුරවැසිභාවය තියෙනවනේ. ලංකාවේ ඉන්න බැරි තත්වයක් ආවොත් ඇමරිකාවට යන්න පුළුවන්නේ. (නි)

:       0       0

සුජිත් ටෝකියෝ Saturday, 10 January 2015 10:30 PM

හොරකම් කළේ නැත්නම් ඇයි පැනල යන්නේ? (බ)

:       0       0

සුජිත් Saturday, 10 January 2015 10:51 PM

පෞද්ගලික හේතුවක් හින්දා රට යන්න ඇත්තේ.(හේ)

:       0       0

අසේල Saturday, 10 January 2015 10:52 PM

වෙච්ච දෙයක්.දුක තමයි.(හේ)

:       0       0

අජිත් Saturday, 10 January 2015 11:02 PM

මේ අය වෙනුවෙන් ඇන කොටා ගත්ත ගම්වල මිනිස්සුන්ට තමයි යන්න තැනක් නැත්තේ.(හේ)

:       0       0

කුමාර Saturday, 10 January 2015 11:07 PM

ගිය අයට ආයේ එන්න වෙනවා.(හේ)

:       0       0

රොෂාන් Saturday, 10 January 2015 11:17 PM

පිටරට පුරවැසි හිටපු නායකයෝ රට හැර යනවා,(හේ)

:       0       0

මාධව Sunday, 11 January 2015 12:04 AM

හරිම දේශ ප්‍රේමියෝ .මෙයාලට රැවටුණ කට්ටිය කොහෙද? (දිල්)

:       0       0

රශ්මි Sunday, 11 January 2015 12:07 AM

ඔය තියෙන්නෙ දේශප්‍රේමිත්වය. (දිල්)

:       0       0

වීරවිල ජනක Sunday, 11 January 2015 12:10 AM

මේ පින් බිමේ ඉන්න වාසනාවක් නැතිව ඇති (දිල්)

:       0       0

සමන් Sunday, 11 January 2015 12:15 AM

ගියාට කමක් නැ.දුෂණ චෝදනා ඔප්පු වුණොත් එන්න ඕනේ හොදද (දිල්)

:       0       0

බිහාන් ලක්මක් Sunday, 11 January 2015 12:18 AM

මෙන්න ගොවියා මොඩ් ගොවියා. (නදී)

:       0       0

සුමේෂ් Sunday, 11 January 2015 01:26 AM

වැරදි කලේ නෙත්නම් ඇයි මේ අට රටින් පනින්නේ.(හේ)

:       0       0

නදීර Sunday, 11 January 2015 01:34 AM

උසාවි නියෝගයක් මත රටින් පිටවීම තහනම් නොකර ඇති ඕනෙම පුරවෙසියකුට ඕනෙම මොහොතක රටින් පිටවීමට හෝ රටට පැමිණීමට ප්‍රජත්රන්තවදීවූත් , මානව අයිතිවසිකමකුත් ඇති බව අපි පිළිගත යුතුය .(හේ)

:       0       0

ශාන්ත කුමාර Sunday, 11 January 2015 02:53 AM

හොරුන්ට පැනලා යන්න දෙන්නෙ නැහැ කියලා කට මැත දෙඩවූවනි. පිළිතුරු දෙනු. (නදී)

:       0       0

අබ්දුල් රහමාන් Sunday, 11 January 2015 03:42 AM

පලයල්ලා පලයල්ලා මහජන මුදල් මංකොල්ල කාගෙන උඔලා යටින් ගියත් උඩ දෙවියන් බලාගෙන ඉන්නවා. (නදී)

:       0       0

රොහාන් කොට්ටගේ Sunday, 11 January 2015 04:12 AM

රට යනවා කියන්නේ පනිනවා කියන එකද? ඇත්තටම පැන්නා නම් ඒ නීතියට බයේද? එහෙනම් පැන්නා කියන එක පොලිසියට අපහාසයක් නේද?(දිල්)

:       0       0

ගයාන් Sunday, 11 January 2015 04:13 AM

මෙයාලගෙ හොද හොද වැඩ තව ටික දවසකින් එලියට එයි.එතකල් ඉවසන්න වෙයි ටික දවසක් (දිල්)

:       0       0

රන්ජිත් Sunday, 11 January 2015 04:16 AM

ඔක්කොම රට පනින්නේ දැන් තමයි.(හේ)

:       0       0

ඇල්දෙණිය Sunday, 11 January 2015 04:20 AM

මොකද එක පාරටම රට යන්න හිතුවේ.(හේ)

:       0       0

ගයාන් Sunday, 11 January 2015 04:39 AM

ඔන්න රටට අාදරේ කට්ටිය.(හේ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Sunday, 11 January 2015 04:53 AM

ඇමරිකන් පුරවැසියෙකුට මෙහේ ඡන්දේ ඉල්ලන්න පුළුවන්ද.(හේ)

:       0       0

රංජිත් Sunday, 11 January 2015 04:55 AM

ඇමෙරිකා පුරවැසියෙක් කොහොමද ලංකාවේ පාර්ලිමේන්තුවට ආවේ (දිල්)

:       0       0

ගාමිණි Sunday, 11 January 2015 05:06 AM

හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් .කතා කළොත් මාතෘභූමිය.ඒ කට්ටිය පනිනකල් මේ රටේ කවුරුත් දන්නේ නැද්ද.රටේ ඉන්න මිනිසුන්ට දැන්වත් පෙනෙනවද ඇත්ත නැත්ත (දිල්)

:       0       0

ශ්‍යාම් Sunday, 11 January 2015 05:09 AM

හැමෝම එකතු වෙලා අයතා විදියට හම්බ කරපුවා අය කරගන්නේ කොාහාමද?(දිල්)

:       0       0

හෆීල් Sunday, 11 January 2015 05:48 AM

එතකොට ඡන්දේ දීපු පාක්ෂිකයෝ අසරණ වෙනවනේ.(හේ)

:       0       0

සඳුන් Sunday, 11 January 2015 06:19 AM

මේක හැමෝටම හොඳ පාඩමක්.... ඔය වගේ අයව ළංකරගන්නවට (බ)

:       0       0

ජනක Sunday, 11 January 2015 06:23 AM

ඇයි මේ ගොල්ලන්ට රටින් පනින්ට දෙන්නේ. (බ)

:       0       0

ප්‍රසංක Sunday, 11 January 2015 07:35 AM

ඇයි යන්න දුන්නේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1450 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 601 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 425 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 685 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 440 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1237 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site