IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බැසිල් ජාතික රෝහලට

රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (19) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව රෝහල් ආරංචි කියයි.

ජාතික රෝහලේ 15 වැනි වාට්ටුවට ඇතුළු කළ බැසිල් රාජපක්ෂ සඳුදා (18) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු කඩුවෙල උසාවිය විසින් අගෝස්තු 1 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (0)

බැසිල් ජාතික රෝහලට

සොයිසා Wednesday, 20 July 2016 03:12 AM

විශේෂඥ වෛද්‍යවරයෙක් යමෙකුට අසනීපයක් තිබෙනවා යැයි කීමෙන් පසු ඊට එරෙහිවීමට නොහැකිය. මේ වාසිය දඩමීමා කරගෙන මොවුහු ජනතාවට ‘කොකා පෙන්වති‘. නමුත් ජනතාව සැමදාම මොවුන්ගේ ‘කොකා‘ දෙස බලා නොසිටිනු ඇත (නි)

:       0       0

සොපී Wednesday, 20 July 2016 03:18 AM

බන්ධනාගාර රෝහල කොළඹ ජාතික රෝහල සේම සියළු පහසුකම් වලින් සමන්විත රෝහලකි. ශල්‍යාගාරයක් රසායනාගාරයක් ආදී පහසුකම් වලින් සමන්විතය. එබැවින් මරණාසන්න රෝගියෙකු හැර අන් රෝගියෙකු ජාතික රෝහලට යැවීමට අවශ්‍යතාවයක් නැත. (නි)

:       0       0

සොයිසා Wednesday, 20 July 2016 03:15 AM

මේ දිනවල තෝරුන් මෝරුන් සිරගත වෙද්දී සමහර පගාමරුවන්ගේ කල්ලමරේය. සිරකුටිය රෝහල් ඇඳක් බවට පත්කර දීමට සැදී පැහැදී සිටින අයද ඕනෑතරම් ඇති (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 20 July 2016 03:22 AM

රටේ නිතිය මේ යන විදිහට ඉදිරියට ගියොත් අපේ රටේ මිනීමරු ප්‍රභාකරන් රටට කළ විනාශයට වඩා විනාසයක් ඉදීරියේදි සිද්ධ වෙනවා. (ම)

:       0       0

ලසන්ත Wednesday, 20 July 2016 03:51 AM

සැබැවින්ම අසනීපයක් නම් අවස්ථාව ලබාදිය යුතුයි. එසේ නැතුව ව්‍යාජ මවාපෑමක් නම් නිර්දේශ ලබාදෙන වෛද්‍යවරුන්ට එරෙහිව නීති කටයුතු කළයුතුයි. (නි)

:       0       0

අමිත් Wednesday, 20 July 2016 03:52 AM

'හොඳම නළුවා' ඔස්කාර් සම්මානය දෙන්න වටිනවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 20 July 2016 03:56 AM

නවකවදය දීපු අයට ඇප දෙන්නේ නැහැ. ඒත් සල්ලි කෝටි ගණන් ගිලපු අයට නම් දවස් දෙකෙන් ඇප ලැබෙනවා. (නි)

:       0       0

සත්‍යා Wednesday, 20 July 2016 04:04 AM

දරුවන්ටත් හොරකම පුරුදු කරලා මහපාරේ හිඟාකෑවා නම් මීට නම්බුයි. රටටම පේන්න බණ කිව්වා. අයථා මුදල් රාජසන්තක කළයුතුයි. කාටත් හොඳ පාඩම්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 20 July 2016 04:11 AM

මට හිතුනා අනිවාර්යෙන් ලෙඩ වෙයි කියලා (ම)

:       0       0

ෆාහිම් Wednesday, 20 July 2016 04:21 AM

හිරේ ගියොත් විතරද ලෙඩ හැදෙන්නේ (ම)

:       0       0

රෝහිත ඕමාන් Wednesday, 20 July 2016 04:18 AM

අනේ වෙනම පක්ෂ හදලා ජනතාව බේරගන්න ගිය අයට බන්ධනාගාර ගත වුණාම ලෙඩ. මොවුන්ගේ නාඩගම් ජනතාව හොඳින් දන්නවා.(ම)

:       0       0

සදිස් Wednesday, 20 July 2016 04:48 AM

මෙවුන්ට උසාවියෙන් රිමාන්ඩ් එක තීන්දු කරනවට වැඩිය හොඳා කෙලින්ම ජාතික රෝහලෙ ගෙවන වාට්ටුව තීන්දු කරනඑක! (ම)

:       0       0

රෝහිත Tuesday, 19 July 2016 12:11 PM

අනේ පවු. මේ හොදට හිටපු මනුස්සයය එකපාරටම අසනීපවෙලා. ඉක්මනට සින්ගප්පූරුවට යවන්න ලෙඩේ වැඩිවෙන්න කලින්. (බ)

:       0       0

නිමල් රණසිංහ Tuesday, 19 July 2016 12:21 PM

නොදකින් පාරට බැස්සම ජාතික වීරයෝ.අහිංසක මිනිස්සු මුළා කරලා බලයට එන්න හදන කපටි. වරදකට අහුවෙලා රිමාන්ඩ් කළාම ලෙඩ. (බ)

:       0       0

ලියනගේ Tuesday, 19 July 2016 12:23 PM

අසනීප කමක් නම් පෙනුනේ නැහැ පසු ගිය දිනවල ඒත් අසනීප නම් රෝහල් ගත වෙන්න ඕනේ නේ අනික අසනීප වෙන්නේ ..අපි නොහිතන වෙලාවටනේ (බ)

:       0       0

උපුල් Tuesday, 19 July 2016 12:28 PM

අනේ මෙහෙමත් විකාර? හිරේ ගියාම හැමදාම ලෙඩ හැදෙනවා. මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට. (බ)

:       0       0

නාමල් Tuesday, 19 July 2016 12:24 PM

ඔන්න පටන් ගත්ත සෙල්ලම (බ)

:       0       0

නදීෂා Tuesday, 19 July 2016 12:31 PM

පව් අප්පා අහිංසකයා (බ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 19 July 2016 12:36 PM

මොකද බඩේ අමාරුවක්ද? ඕකට වස්තියක් කෙරුවා නම් හරි යනවා. (බ)

:       0       0

තිලක් Wednesday, 20 July 2016 05:59 AM

රටක් වශයෙන් ගත්තහම මොනතරම් වැරදි පූර්වාදර්ශයක්ද මේ රටට දෙන්නේ. (නි)

:       0       0

කමණි Wednesday, 20 July 2016 06:00 AM

ඉතින් රටේ නීතිය ගැන ජනතාවට හැඟීමත් ඇතිවෙන්නේ කොහොමද? (නි)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 20 July 2016 06:06 AM

පාද යාත්‍රා යන්න හයිය තිබුන මෙතුමා එක පාරටම ලෙඩ වෙලා කියල නිගමනය කළේ මොන විශ්ව විද්‍යාලයකින් ආපු දොස්තර කෙනෙක්ද ? (ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 July 2016 12:50 PM

හිරේට දාපු ගාන ලෙඩ වෙන සහ හොර ලෙඩ වලට නිර්දේශ දෙන වෛද්‍යවරු ගැන අපේ රටේ නීති අණ පනත් නම් අන්තිමයි , මේවා සංශෝධනය කරන්න කාලය ඇවිත් (බ)

:       0       0

ගුණවතී Wednesday, 20 July 2016 06:14 AM

ඇමෙරිකාවේ හා සිංගප්පූරුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට රටේ ජනතාවගේ රෝහල් වලින් වැඩක් නැතැයි මටත් සිතේ.(ම)

:       0       0

ජගත් Tuesday, 19 July 2016 12:54 PM

කට්ටිය කොහොමත් හිරේට දැම්ම ගමන් යන්නේ රෝහලටනේ. (බ)

:       0       0

ලලිත් Tuesday, 19 July 2016 01:00 PM

මට පෙන්නේ මේ දෙගොල්ලොම එකතුවෙලා අපිට බයිස්කෝප් පෙන්නනවා වගේ. (බ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 19 July 2016 01:00 PM

පුදුම වැඩේ කියන්නේ අත්අඩංගුවට ගත්ත ගමන් කට්ටියක් ලෙඩ වෙන එක නේද? පුදුම ලෙඩ්ඩු අපේ ලංකාවේ ඉන්නේ බලාගෙන ගියාම (බ)

:       0       0

තාබෘෘ සිල්වා Tuesday, 19 July 2016 12:58 PM

අපි දැනගෙන හිටියා අත්අඩංගුවට පත් වෙන කොටම රිමාන්ඩ් බන්ධනාගාරය තුලින් ජාතික රෝහලට ඇතුල් වෙන බව (බ)

:       0       0

මැටිපහන Tuesday, 19 July 2016 01:03 PM

මේක මහා විහිළුවක්. තනිකරම රඟපෑමක්. ජනතාව ගොනාට අන්දන එක එයාලට නිකම්ම නිකන් සුළු දෙයක්. මුන්ට රැවටෙන එවුන් ඉන්න එකනේ පුදුමේ. (බ)

:       0       0

නිරේෂ් Tuesday, 19 July 2016 01:00 PM

ඇතුලට ගියාම අසනීප වෙන්නේ බයටද,. නැත්තන් අතුල හරි නැති නිසාද. දැන් ඉතින් බන්ධනාගාර රෝහලට යාවී සැපට ඉන්න . මුන්ගේ වැඩ බලන අපේ රටේ මිනිස්සුත් පිස්සු ගානට තමා වැටෙන්නේ.(බ)

:       0       0

අප්පුහාමි Wednesday, 20 July 2016 06:58 AM

මේ මෙඩිකල් දෙන දොස්තරලා ගැනත් මට නම් දැන් එක එක දේවල් හිතෙනවා. නීතිය තදින්ම ක්‍රියාත්මක කළයුතුය (නි)

:       0       0

චතුරි Tuesday, 19 July 2016 01:08 PM

කාටත් නැති ලෙඩ තමයි මේ පවුලේ අයට තියෙන්නේ.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 20 July 2016 07:05 AM

මේවායින් අපිට කියන්නේ නැවත ජෙනරල් ෆොන්සේකාව රටේ ජනාධිපති කරවාගන්න කියන එකද? (නි)

:       0       0

මාලක Tuesday, 19 July 2016 01:37 PM

මොකක්ද දැන් හැදුන ලෙඩේ.(හේ)

:       0       0

සංජය Tuesday, 19 July 2016 01:40 PM

මෙහෙම ලෙඩ තියාගෙනද ජනතා සේවයේ යෙදෙන්නේ? ඔහොම ලෙඩ නම් විශ්‍රාම ගන්න , (හේ)

:       0       0

සත්‍යා Wednesday, 20 July 2016 07:14 AM

වැට් වලට විරෝධය දක්වනවා වගේ මෙවැනි දේවලටත් විරුද්ධ වෙන්න ඕනෑ. කෝ අපේ සංඝයා වහන්සේලා. (නි)

:       0       0

මේනක Tuesday, 19 July 2016 01:36 PM

පව් අනේ අසරණයා.(හේ)

:       0       0

රොහාන් Tuesday, 19 July 2016 01:37 PM

මේ නාටකය හැමදාම රගන එක දැන් ජනතවට හොදට හුරුවෙලා රජය මේ විහිළු වැඩ දැන්වත් නතර කර නිතිය අනුව සැමට එකම හැන්දෙන් බෙදන්න පදයාත්‍රා යන්න හිටපු මෙය කොහොමද ලෙඩෙක් වුනේ. (හේ)

:       0       0

ධම්ම Tuesday, 19 July 2016 01:42 PM

නීතිය ක්‍රියාත්මක වුනාවේ. එහෙත් සතුරෙකු වුවත් ලෙඩ වූ විට සතුටු වෙන්න තරම් අපේ හිත් ලෙඩවූයේ ඇයි.(හේ)

:       0       0

ඩිලාන් Tuesday, 19 July 2016 01:51 PM

ඇප ගත්ත දවසට වාහන වල උඩ නගින්න එපා හරිද...ලෙඩේ වෙඩි වෙන්න පුළුවන්. (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 20 July 2016 07:17 AM

ලසන්ත, අනිවාර්යෙන්ම වෛද්‍යවරුන්ට එරෙහිව නීති මඟින් ගතයුතු උපරිමය කළයුතුයි. ඉදිරියටවත් මෙවැනි රඟපෑම් නැතිවෙන්න (නි)

:       0       0

සෙනරත් Tuesday, 19 July 2016 01:55 PM

මේ අය ජාතික හොර මේ අයනට ඡ්දේ දෙන හරක් ඉන්නවා අපේ රටේ (අ)

:       0       0

අශෝක Tuesday, 19 July 2016 02:01 PM

මනුස්සයන්ට ගරහන්න එපා අපිට වෙන්න පුළුවන් කාලයට බාරදෙන්න (අ)

:       0       0

නන්ද Tuesday, 19 July 2016 02:19 PM

අපේ බැසිල් මහත්තයට ප්‍රතිකාර කරන වෛද්‍ය වරුනි, කරුණාකර මෙතුමාගේ ශරීරයේ කොයි ප්‍රදේශයකද ඔය ලෙඩේ තියෙන්නේ කියා රටේ ජනතාවට දැනගන්න සලස්වන්න.(හේ)

:       0       0

ආසිරි Tuesday, 19 July 2016 02:28 PM

මේ අය රිමාන්ඩ් කරපු ගමන් රෝහලට තමයි යන්නේ.(හේ)

:       0       0

මලිත් Tuesday, 19 July 2016 02:28 PM

බයට පපුවේ අමාරුවද දන්නේ නෑ.(හේ)

:       0       0

භද්‍රානි Tuesday, 19 July 2016 02:33 PM

මොහුට ලෙඩක් තියනවා යැයි, සනාථ කළ දොස්තරවරයා කවුද? එසේ නැත්නම් ලංකාව තුල තමන්ට ලෙඩක් තිබේ යැයි කටින් කී පමණින් ලෙඩෙක් විය හැකිද?(හේ)

:       0       0

යසිරු Tuesday, 19 July 2016 02:29 PM

මේ දේවල් දකින කොට හිනා යනවා.(හේ)

:       0       0

නිම්මි Tuesday, 19 July 2016 02:29 PM

මේ මොන විකාරයක්ද අනේ? (හේ)

:       0       0

නවරත්න බණ්ඩා Tuesday, 19 July 2016 02:48 PM

මේක පුදුම වැඩක් .බෝවෙන්න රෝගයක් වගේ .දුප්පත් අයට මේක නැහැ නේද ? (අ)

:       0       0

කේ පෙරේරා Tuesday, 19 July 2016 02:47 PM

එතකොට පාද යාත්‍රාවට සහාබාගි වෙන්න බැරිවෙයි වගේ මේ වගේ කපටියන්ට සහ හොරුන්ව හිරගේම තමා සුදුසු. (අ)

:       0       0

නිරේෂ් Wednesday, 20 July 2016 08:07 AM

සල්ලි වලට යට වෙන ම්නිනිස්සු වගේ පෙනෙන්නට ඉන්න යක්කු ඉන්නකන් අපේ රට කවදාවත් ඉදිරියට යන්නේ නෑ. (හේ)

:       0       0

සමන් සි පෙරේරා එංගලන්තය Tuesday, 19 July 2016 02:55 PM

එදාට අපේ රටේ නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් කරන්න. (අ)

:       0       0

දීපාල් නිරෝෂා Tuesday, 19 July 2016 03:01 PM

පොලිසියෙන් බන්ධනාගාරයට, බන්ධනාගාරයෙන් රෝහලට, රෝහලෙන් පස්සේ උසාවි ඇප, ටික දවසකින් නැවතත් පොලිසියට,..... සංසාර චක්කරේ අතුලෙත් තවත් චක්කරයක්. (අ)

:       0       0

සුසිල් Tuesday, 19 July 2016 02:57 PM

බොරුවට අපේ සල්ලි නාස්ති නොකර ඉක්මනට නඩු අහල මෙයාට දෙන දඬුවමක් දෙන්න, හැබැයි ආපහු ඇමෙරිකාවට නම් යන්න දෙන්න එපා, ඒක තමයි දෙන්න පුලුවන් ලොකුම දඬුවම, හොර සල්ලිවලින් මාලිගා අරන් තියෙන්නෙ . (අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 19 July 2016 03:11 PM

මොකක්ද මේ හිරේට ගියගමන් හැදෙන ලෙඩේ පාලනයක් නැතිව මුත්‍රා යනවාද? කෝ අර පසුගිය දිනවල තිබුණ බලවේග ගතිය?(අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 July 2016 03:12 PM

මම හිතන්නේ දේශප්‍රේමය උතුරා ගලා යනවා. (අ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 July 2016 03:14 PM

මෙතන අදහස් දාපු සැවොමට අවශ්‍ය බැසිල් මහතා හිරේ දුක්විදිනව දකින්න. වරදක් කරලා තියෙනවනම් උසාවියෙන් වැරදිකරු කරනකල්වත් ඉන්න බැරිද? එයාගේ බලපුළුවන්කාරකම් බලලා ඔයාලා උණ හදාගන්න එපා. ඔය කොයි නායකයත් ඔහොම තමයි. නිම්මිල අසිරිලා නැන්දලා ඔය කොයි කව්රුත් නිකන් ප්‍රෙෂර් හදා ගන්න එපා. එකෙන් පාඩුවත් අපිටමයි! (අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 19 July 2016 03:19 PM

මෙයාලට හිරේට ගියගමන් හැදෙන ලෙඩ හොයාගන්න දොස්තරලා ගැනත් වෙනමම බලන්න වෙනවා, මොකද එයාල වැටුප් ගන්නේ ජනතාවගේ මුදලින්, (අ)

:       0       0

සංක Tuesday, 19 July 2016 03:14 PM

මෙවුන්ට එක එක තැන වල ගිහින් ගිරිය පුප්පගෙන කෑ ගහනකොට කිසිම ලෙඩක් නැනේ. (අ)

:       0       0

සැන්ඩ්‍රා Wednesday, 20 July 2016 08:36 AM

මේ මහා බැංකුව නෙමෙයිනේ . කොළඹ ජාතික රෝහල නේ අනේ . (හේ)

:       0       0

රොෂාන් Tuesday, 19 July 2016 03:41 PM

ඇත්ත කතා කරන්න පුරුදු වෙන්න.(හේ)

:       0       0

පෙරේරා Tuesday, 19 July 2016 03:45 PM

මට නම් ගොඩක් දුකයි.(හේ)

:       0       0

මේනක Tuesday, 19 July 2016 03:46 PM

බන්ධනාගාර රෝහලේ අය මාරු නොකලොත් හැමදාම ඔහොම තමයි.(හේ)

:       0       0

රවිඳු Tuesday, 19 July 2016 03:49 PM

වැරදි කරලා අත්අඩංගුවට පත්වෙද්දී ලෙඩවෙන තක්කඩි ඉන්න ලෝකේ එකම රට ලංකාවද? මේ කාවද රවට්ටන්නේ? රටේ නීතියද? ජනතාවද?(හේ)

:       0       0

ශ්‍රිලාල් Tuesday, 19 July 2016 03:54 PM

මීට කලින් හොදට හිටපු කෙනා එක පාර ලෙඩෙක් වුනේ කොහොමද?(හේ)

:       0       0

වින්ද්‍යා Tuesday, 19 July 2016 03:59 PM

මේ දේවල් ප්ලෑන් කරලා කරන වැඩද කොහෙද?(හේ)

:       0       0

ජයන්ත Tuesday, 19 July 2016 04:00 PM

මෙච්චර කාලයක් හොදට හිටියනේ.(හේ)

:       0       0

ප්‍රින්ස් Tuesday, 19 July 2016 03:59 PM

වරදක් කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)

:       0       0

මනෝජ් Tuesday, 19 July 2016 04:30 PM

අනේ මොකටද මගේ කට? (නි)

:       0       0

මහේෂ් Tuesday, 19 July 2016 04:40 PM

මහජනතාවට තවම ඇත්ත තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ලලිත් Tuesday, 19 July 2016 04:41 PM

මහලොකු ජනතා නායකයෝ. හැමදාම අසනිපයි. තනිකරම බොරුව (නි)

:       0       0

දර්ශන Tuesday, 19 July 2016 05:23 PM

“හෙට උදේට ලස්සනට අර ගෙවන වාට්ටුවට යයි. එතකොට කෑමබීම, ඒසී කාමර, රූපවාහිනී, හිතවතුන්, හැමදෙයම ලැබෙයි. ගිය පාර අපිට මතකයිනේ“ කියලා මම ඊයෙම කිවුවනේ (නි)

:       0       0

ශ්‍රීමාලි Tuesday, 19 July 2016 05:21 PM

දැන් ඇප ලැබුන ගමන් එළියට ඇවිල්ලා වාහනයක් උඩ නැගලා ගිරිය පුප්පගෙන කතාවකුත් තියයි. එතකොට කිසි අසනීපයක් නැතිවෙයි. මෙහෙමත් විහිළු! (නි)

:       0       0

තිළිණ Tuesday, 19 July 2016 05:41 PM

රටේ ඔක්කොම මෝඩයෝ කියලා වෙන්න ඇති සමහරු හිතාගෙන ඇත්තේ මගේ හිතේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 July 2016 05:37 PM

රටේ නීතිය මේ තරම් හෑල්ලුවට පත්කරන රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. (නි)

:       0       0

තිලංග Tuesday, 19 July 2016 05:38 PM

මේ කියන විදිහට මහජන මුදල් රුපියල් කෝටි ලක්ෂයක් දෙකක් හොරකම් කරලා වුණත් සැප විඳිමින් ඉන්න පුළුවන්නේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 19 July 2016 05:41 PM

සුපිරිම ජීවිතයක් ගතකරපු ලිබියාවේ ගඩාෆිට ඒ රටේ මිනිස්සු පැය 24 ක් යන්න කලින් දඬුවම් දුන්නේ ඔන්න ඔය වගේ නීතියෙන් බේරෙන්න දඟලන නිසා තමයි. (නි)

:       0       0

සෙන්පති Tuesday, 19 July 2016 05:43 PM

බලනකොට මෙයාලට ජනතා නියෝජිතයෝ වෙන්න සුදුසු නැහැනේ. ලෙඩ ගොඩක්නේ! (නි)

:       0       0

තිලකසිරි Tuesday, 19 July 2016 05:44 PM

රටක් වුණාම මෙවැනි දේවල් වලට ඉඩදෙන්න හොඳ නැහැ. ලෝකයේ මිනිස්සු අපිට හිනාවෙනවා. (නි)

:       0       0

තිලංක Tuesday, 19 July 2016 05:51 PM

පුදුමාකාර විදිහටනේ මෙයාලා අසනීප වෙන්නේ (නි)

:       0       0

ෂශි Wednesday, 20 July 2016 10:19 AM

එපා මොනවත් කියන්න මෙතුමාට, රට බේරාගත්තු එක් නායකයෙක් (අ)

:       0       0

සුනිමල් Tuesday, 19 July 2016 05:58 PM

හිරේ යන ලොක්කන්ගේ අසනීප සහතික කරන දොස්තරලා ගැනත් හොයලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

කන්නන්ගර Tuesday, 19 July 2016 06:28 PM

පැදුරෙ නිදාගන්නෙ කොහොමද ඉතින්? (නි)

:       0       0

කපිල Tuesday, 19 July 2016 06:38 PM

දැන්නම් මෙයාලව අපිට එපාවෙලා (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 July 2016 07:35 PM

මෙන්න දේශප්‍රේමි නායකයෝ (නි)

:       0       0

පද්මිණි Tuesday, 19 July 2016 08:01 PM

නීතියේ දෙවඟන අන්ධයි වගේ හිටියට ලංකාවේදී ඇහැක් වහලා වගෙයි කටයුතු කරන්නේ. (නි)

:       0       0

නයනී Tuesday, 19 July 2016 08:28 PM

අනේ කරුණාකරලා ඔය අත්අඩංගුවට ගන්නවා කියලා කරන විහිලුව නවත්වන්න. අඩුම තරමේ අහිංසක මිනිස්සු මොවුන්ට ගෙවන රෝහල් සේවකයන්ගේ බිලවත් ඉතුරුවෙයි. මොකෝ ඉතින් අත්අඩංගුවට ගත්තා කියලා වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

තිලක් Tuesday, 19 July 2016 08:41 PM

රෝහලේ හිටියත් හිර ගෙදර හිටියත් එකමදේනේ. කරන වැඩක් නැහැ, කාලය කාදැමීම විතරයි (නි)

:       0       0

අශිකා Tuesday, 19 July 2016 10:18 PM

මම නම් කියන්නේ මොවුන් පරීක්ෂා කරන දොස්තරලා ගැනත් පරීක්ෂණ කරන්න ඕනෑ. මොකද ඔහු මේ තීරණය දෙන්නේ ජනතාව රැවටූ කෙනෙකුටනේ. මේ දොස්තරලට මේක කලින්ම කියලා, මෙයාලා ජනතා සේවයට නුසුදුසු ලෙඩ්ඩු කිවුවා නම් අපි මොවුන්ට ඡන්දෙ දීලා ඔය වටිනා කියන තැනට යවන්නේ නැහැ (නි)

:       0       0

සිල්වා Tuesday, 19 July 2016 10:37 PM

දුප්පතා විතරද රිමාන්ඩ් එකේ ඉන්න ඕනෑ නඩුව අසනතුරු? බැසිල්ට බැරිද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 July 2016 11:10 PM

මේ ලෙඩ නිර්දේශ කරන වෛද්‍යවරු ගැනත් අධිකරණය හොයලා බලන්න ඕනෑ (නි)

:       0       0

සිසිල් Tuesday, 19 July 2016 11:24 PM

බලනකොට ලෙඩ ගොඩක්නේ (නි)

:       0       0

නිමල් Tuesday, 19 July 2016 11:50 PM

ඉස්සරවෙලා පාද යාත්‍රා යවන්න. එතකොට සීනි සහ කොලෙස්ටරෝල් අඩුවෙනවා. ඊටපස්සේ ඇතුළට ගෙනල්ලා පැදුරක් හෝ මෙට්ටයක් ගෙදරින් ගෙනවිත් දෙන්න. මකුණොත් දෙන්නෙක්ව දාන්න. (නි)

:       0       0

රෝහණ Wednesday, 20 July 2016 12:17 AM

මේ රෝගීන්ගේ නඩු ඉක්මන්කර වැරදි ඔප්පුවුවවොත් දඬුවම් දෙන්න. අධිකරණය මන්දගාමීයි. දක්ෂ අධිකරණ ඇමතිවරයෙක් පත්කරන්න. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 20 July 2016 12:54 AM

පයින් එන හැටි බලාගන්න නම් ඇප දීලා බලන්න වෙයි (නි)

:       0       0

රොකී Wednesday, 20 July 2016 01:40 AM

මොහුට මෙම පහසුව ලැබෙන බව මුළු රටම පාහේ දැනසිටියා. (නි)

:       0       0

කල්ප Wednesday, 20 July 2016 01:52 AM

බලයට පත්වෙනකොට දුන් පොරොන්දු අමතක කරන්න ඕවා කරලා වැඩක් නැහැ. බලය රැකගන්න ඕවා කළාට ඡන්දය කල්දදා ඉඳලා හරියන්නේ නැහැ. දඬුවම් දෙන්න ඕනෑ ඔක්කොටම. එක පැත්තක අයට විතරක් නෙමෙයි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 20 July 2016 02:25 AM

මෙයාට අසනීපයි කියලා කියපු දොස්තරලාමද දන්නෙ නැහැ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයටත් විරුද්ධ (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 20 July 2016 02:56 AM

රටේ අවාසනාවට, අපේ අවාසනාවට, උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට තමයි එදා අපිට ජෙනරල් ෆොන්සේකාව විධායක ජනාධිපති කරවාගන්න නොලැබුණේ. එහෙම වුණා නම් එක කම්බා හොරෙක්වත් මේ වෙනකොට ලංකාවේ පය ගහලා ඉන්නෙ නැහැ. ඉන්නවා නම් ඉන්නෙත් යකඩ කූරු ගණන් කර කරයි. (නි)

:       0       0

සෙන්සාන් Wednesday, 20 July 2016 02:57 AM

ඔන්න ඔය කතා නවත්තලා රටේ අනාගතේ ගැන හිතමු (නි)

:       0       0

ටිරෝන් Wednesday, 20 July 2016 02:59 AM

එයාලට හොඳටම විශ්වාසයි ඉක්මණින්ම එළියට එයි කියලා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 20 July 2016 03:00 AM

රාජපක්ෂලා ලංකාව දේශපාලන භූමියෙන් සදහටම අතුගාලම දාන්න කාලය ඇවිල්ලා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 20 July 2016 03:01 AM

මදැයි අපිත් වැඩිම ඡන්දයෙන් පුර්ණ බලය දීලා නායකයෝ පත් කරගත්තා. දුකයි. (නි)

:       0       0

චාමිනී Wednesday, 20 July 2016 03:02 AM

මේ බොරු කාටද? (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Wednesday, 20 July 2016 02:59 AM

සුළු වැරැද්දටත් පොලිසියෙන් අල්ලලා රිමාන්ඩ් කරන අහිංසක මිනිසුන් අපාදුක් විඳිද්දී, රටේ ජනතාවගේ ධනය කොල්ලාකාලා රිමාන්ඩ් වුණාම මෙහෙම සැප විඳින්න පුළුවන් නම් ඒක අනාගතේ රට කොල්ලකන්න හිතා ඉන්න අයට දිරිදීමක්. මෙවැනි නරක පූර්වාදර්ශ සැපයීමද 'යහපාලනය' කියන්නේ? (නි)

:       0       0

තිලක් Wednesday, 20 July 2016 03:05 AM

බඩගින්නට පාරේ අයිනේ බතල අල ගළවපු අසරණයා මාස 6 යක් බරපතල වැඩ ඇතුව හිරේට. පුදුම නීතියක්නේ ලංකාවේ තියෙන්නේ. (නි)

:       0       0

මාලක Wednesday, 20 July 2016 03:06 AM

ඒක නම් අලුත්ම වර්ගයේ අසනීපයක් වෙන්න ඇති (නි)

:       0       0

බුද්ධික Wednesday, 20 July 2016 03:01 AM

රට වටේ යන්නේ ආණ්ඩුව පෙරළන්න. එතකොට බොහොම නීරෝගීයි. කරපු හොරකම් වලට හිරේ ගියාම එකපාරටම ලෙඩ වෙනවා. (නි)

:       0       0

රොකී Wednesday, 20 July 2016 03:08 AM

කාවද මේ රවටන්නේ? අනේ මන්දා මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

සොයිසා Wednesday, 20 July 2016 03:11 AM

හැම සැකකරුවෙක්ම මෙහෙම කළොත් රටේ නීතියට මොකද වෙන්නේ? අපි මොනතරම් දීන ජාතියක්ද කියලා හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 105 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1355 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8333 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 496 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1806 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3499 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39031 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site