IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බැසිල් මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද උදේ දිවුරුම් දුන්නේය.

ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 10ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

 



අදහස් (21)

බැසිල් මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 08 July 2021 10:01 AM

දැන්වත් ඉතින් බලමුකෝ, පොහොට්ටුවාදීන් දාපු සද්දේ කොතරම් දුරට සාර්ථක වේවිද කියලා.. බැසිල් මහතාගේ ආගමනයෙන්, බඩු මිල, තෙල් මිල අඩුවී රට සුඛිත මුදිත වුවහොත් එහෙම... අම්මපා එහෙම වුනොත්, වැඩේ නම් ගොඩේ ගොඩ. ඒත් එහෙම වේවිද දෙවියනේ...? එහෙම වුනොත්, පොහොට්ටුව ගොඩේ ගොඩ. ඒත්, නොහැකි වුනොත් නම් ...!!!

:       0       0

Karunajeewa Thursday, 08 July 2021 10:13 AM

කෝට් එක කලින් අන්දලා, පස්සේ කමිසය ඇන්දවීමේ කලාව..

:       0       0

අනුරාධ Thursday, 08 July 2021 10:25 AM

සර්ට ගොඩදාගන්න බැරි වුණු රට මෙතුමා දියුණුවෙන් දියුණුවට පත් කරයි. මෙතුමාව ජනාධිපති කරන්න තිබ්බේ මුලින්ම.

:       0       0

රාජුන් Thursday, 08 July 2021 10:30 AM

දැන් තමයි සෙල්ලම් බලන්න පුළුවන්...!!!

:       0       0

Chris Thursday, 08 July 2021 10:55 AM

ඉවක් බවක් නැතිව ණය ගැනීමේ අනිසි ප්‍රතිඵල අද පැහැදිලිව දැක ගන්නට පුළුවන. මේවායේ බලපෑම ඉදිරි කාලයේදී තවත් දැඩිව දැනෙන්නට ද පුළුවන.

:       35       63

මහසෙන් Thursday, 08 July 2021 11:08 AM

රට වැසියනි දැන් මෙසේ හඩ ගා කිව.හැක "දන් සැල් දොරහි නැත යදියෝ.. පන්සිල් රකිති මැරවරයෝ.මේ කේතුමතී නුවරයි

:       24       7

Nuwan Thursday, 08 July 2021 11:10 AM

තිරය පිටුපස ඉදන් රට කරපු අය

:       0       16

Kamal Koyrala Thursday, 08 July 2021 11:23 AM

ජයවේවා..!!! සෞභාග්‍යයේ දැක්ම... දැන් තමයි ආරම්භය...!!! 

:       115       12

nimal Thursday, 08 July 2021 11:38 AM

හරි බඩු තමයි. දැන් 10%ක් නෙමෙයි. 100% ක් ගහනවා. මේ තමයි අවසාන රැඟුම... ලක්මෑණියනි, ඔබට නිවන් සුව පතමි..!!! 

:       23       160

ජෝන් සිල්වාThursday, 08 July 2021 04:55 PM

රටේ ජනතාව කැමැත්ත දුන්නේ මෙයාගේ මද්දුම අයියාට මිස මෙහාට නොවෙයි. අයියාට බැහැ කියලා මල්ලිට පවරන්න ඉඩනොදෙන්න දිනේෂ් වාසු වැනි ජ්‍යෙෂ්ඨයින්ට කොන්දක් නැතිවීම රටේ අභාග්‍යයක් කියලා හිතෙන්නේ කාටද?

:       0       1

ඉඳුනිල් ප්‍රියන්ත Thursday, 08 July 2021 11:41 AM

දැන් ඉතින් රටේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි. කිරියෙන් පැණියෙන් විතරක් නෙවෙයි.. ඩොලර් වලිනුත් උතුරනවා ඒ වගේම බයියන්ගේ හැම ලෙඩේම සුවවෙනවා. අනුර කුමාරගේ මූනේ ලපේ නිසා රටට වෙච්චි අසුබ කාලය බැසිලාගමනයත් සමගම ධුරිභූත වේවා..!!!

:       27       17

De Thursday, 08 July 2021 12:47 PM

ගොඩම තමයි, රටම තමයි... !!!

:       47       8

මනම් Thursday, 08 July 2021 02:16 PM

හරක් පට්ටියට තවත් රට කෙනෙක්. ප්‍රශ්නේ මේ ඔක්කොම එකතු වෙලා තණකොළ වෙනුවට රට කන එකනේ...

:       10       134

විජිත් Thursday, 08 July 2021 02:20 PM

ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික ඉතිහාසයේ, ඒ වගේම නිදහස යන සත්වයාට වඩාත්ම අවශ්‍යම මානව අයිතිවාසිකමේත්... මෙතෙක් කිසිම දිනක අත්නොවිඳි අඳුරුම, අවාසනාවන්තම, අභාග්‍යමත්ම, මර්දනකාරී යුගයේ ආරම්භය අද දින සිට පටන්ගත් බව මම මේ කෙටි සටහනින් මෙසේ ලියා තබන්නම්. මිනිසුනේ.. ඔබ විසින්ම ඔබේ ගෙලට තොණ්ඩුව දමාගත්තේ ඇයි...?

:       62       261

P. විශ්වා.Thursday, 08 July 2021 04:24 PM

කෝ අනේ අද දිනේ කිම වුනේද? දරුවනි, අහෝ..!! නෑ.. පෙනෙන්ට කිසි තැනේ... නෑ පෙනෙන්නට කිසි තැනේ...කොයි ගියේද මා දමා...!!! පෙම්බර මා පැටවූනේ.. පෙම්බර මා පැටවූනේ..? (ලංකා මාතාවගේ විලාපය.)...

:       27       226

විජිත්Thursday, 08 July 2021 10:56 PM

ඔයා හරි, ශ්‍රී ලංකා අම්මා එයා ලොකු කරදරයක වැටිලා ඉන්නේ කියලා පැටවුන්ගෙන් උදව් ඉල්ලනවා. මම අවංකවම ලැජ්ජා වෙනවා මම ගැන... ඇයට අපිව අවශ්‍යම මොහොතේ ඔයත් මමත් වෙන රටවල... මේ කොරෝනා ප්‍රශ්නය නිසා ඔක්කොම ප්‍රශ්න තවත් අවුල්වෙලා. මම ලංකාවේ හිටියානම් මුළු කාලයම විරෝධතා, උද්ඝෝෂණ කරුවන් වෙනුවෙන්ම වැය කරනවා. අඩුගානේ ඒ අයට කන්න බොන්නවත් යමක් දිගන්න බැරිවුණු එක ගැන, වචනයකින් හෝ ඒ අයව උද්යෝග කරන්න බැරිවුණු එක ගැන මගේ හිතේ ලොකු පසුතැවිල්ලක් තියෙනවා.

:       2       127

P. විශ්වා.Friday, 09 July 2021 02:59 PM

නැහැ, ඔබ ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. මම ඔබ ගැන අතිශයින්ම ආඩම්බර වෙනවා. මේ අතිශයෙන්ම දූෂිත, නින්දිත පවුල් වාදය ගැන, ඔබ තරම් නිර්භීතව සටහන් තැබූ වෙන කෙනෙක් ඉන්නවා දැයි සැකයක් ඉපදෙනවා. ඔබ ඔබේ කොටස පක්‍ෂ බේදයකින් තොරව කළා.. ඔබ රටට ණය නැති සත්‍ය වශයෙන්ම ලංකා මාතාවට ආදරය කරන පුත්‍ර රත්නයක්... ඔබෙත්, මගෙත් එකම පැතුම කවදා හෝ ඉටු වේ යයි උපේක්‍ෂාවෙන් බලාසිටිනවා හැර වෙන විකල්පයක් අපට නැත...

:       18       57

Shan Thursday, 08 July 2021 02:36 PM

මට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා..?

:       21       98

chandana Thursday, 08 July 2021 03:18 PM

ලාංකීය ඡන්ද දායකයාට සතුටුවිය හැකි දවසකි. ඔබගේ ඡන්දයේ ප්‍රතිඵල තමයි මේ...

:       1       23

Warmi Thursday, 08 July 2021 04:39 PM

69 ලක්ෂයේ සෞභාග්‍යය ආරම්භ විය..

:       21       0

Gebanis Thursday, 08 July 2021 07:49 PM

මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන්න කළින් ඇමැති ධුරයේ දිවුරුම් දීම නීතියට අනුකූල නැහැ.

:       4       44

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 161 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 421 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 478 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 515 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 593 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 207 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2087 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site