(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ .
ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා " රන් මාවත " ( Gold Route ) පර්යන්තයේ පහසුකම ද ලබා ගත් බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් කීය.
මෙම පහසුකම යටතේ ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු , එනම් රේගු , ආගමන විගමන ආදී නිලධාරීන් එම පර්යන්තය වෙත පැමිණ සිදු කරති .
බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇතැයි ද , ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැසිල් රටින් පිටව යයි
පිටරටවැසියා Friday, 20 September 2024 08:21 AM
එක හොරෙක් පැන ගත්තා...
donFriday, 20 September 2024 04:17 PM
දැන්නම් පැරදුණොත් බේරගන්න කෙනෙක් නැහැ. ඔක්කොම අඳබාලයින් ටික වෙන පක්ෂවලට හේත්තු වෙලා ඉන්නේ.
Asanga Friday, 20 September 2024 08:35 AM
මෙන්න හොරු පනිනවා
achini Friday, 20 September 2024 08:37 AM
හොරා කාපු පට්ට හොරු මාරු වෙනවා එක එක.....
Nimal Friday, 20 September 2024 08:57 AM
එන්පිපි දිනන බව දන්න නිසා කලින්ම ගියා..... සජිත්ට තමයි තියෙන්නේ.... කියටවත් යන්නේ නෑ ඕක බලලා හරි පුළුවන් නම් තේරුම් ගන්න කොයි පැත්තට ද ඡන්දේ දෙන්න ඕනෑ කියලා
ChandhimaFriday, 20 September 2024 04:12 PM
නිමල් කියන විදියට නම් ඡන්දය දිය යුතු සජිත්ට. මාලිමාවට ඡන්දෙ දුන්නොත් රට නැවතත් ආපස්සට. ඒ නිසාම සජිත් ජනපති විය යුතුයි..
Nilantha Friday, 20 September 2024 05:30 PM
ඒ මිනිහා තමන්ගේ ගෙදර ගියාම අපි මොකටද එක එක්කෙනා කියන විදියට ඡන්දය දෙන්නේ...? අපි අපේ හිතට එකඟව ඡන්දය දෙනවා
පිටිගල මිලානෝ Friday, 20 September 2024 09:26 AM
පැන්නට කමක් නැහැ නඩු වලට මාංචු දාගෙනම අරන් එන්න….
ලක්ෂිකා Friday, 20 September 2024 09:40 AM
අලුත් ආණ්ඩුවේ දූෂණ විමර්ශන සහ නඩු කටයුතු වලට අවශ්‍යම කෙනෙක්…..
Kazi Shajahan Friday, 20 September 2024 09:41 AM
හරි නේ... දැන් බැසිල් ආපසු එන්නේ නෑ. බැසිල් ගියා කියන්නේ රනිල් සජිත් නාමල් පරාදයි කියලා
සාගරිකා Friday, 20 September 2024 09:43 AM
මේ පාර කපුටා කලින්ම පැන්නා වරෙන්තුවක් යවලා අල්ලන් එන්න නඩු අහනකොට... ඇතුළට යන්නම ඕනේ කෙනෙක්...!
සාගර Friday, 20 September 2024 05:35 PM
අනේ අනිංචන් මෙහෙම මෝඩයෝද අනාගතයේ රටේ පාලනය කරන්නේ..? ගියපු කෙනා ඇමරිකන් පුරවැසියෙක්... අපි කොහොමද ඒ මනුස්සයා වරෙන්තු යවා ගේන්නේ කියලා පැහැදිලි කරන්න...!
ලුම්බිණි Friday, 20 September 2024 09:44 AM
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු...!
sakkaraya Friday, 20 September 2024 09:49 AM
අනේ කපුටෝ මෙදා පාරවත් ඔහෙටම වෙලා ඉන්න. ආයේ මේ පැත්ත පළාතේ එන්න එපා...
ප්‍රියා Friday, 20 September 2024 10:02 AM
දේශප්‍රේමී කියලා ව්‍යවස්ථා වෙනස් කරලා විදේශ කුමන්ත්‍රණය කරේ තියං ගිය අයට ඕක කලින් වෙන බව නොතේරෙන බාබාලාද..!
Akmal Friday, 20 September 2024 10:03 AM
ඉතින් මොකද?
සෙනෙවිරත්න Friday, 20 September 2024 10:08 AM
මම ඊයේ හිතුවා මේ මිනිහා තවම ගියේ නැහැ නේද කියලා..? අද මේ නිවුස් එක දැක්කාම මොවුන් ගැන අපි හිතන හැටි හරි බව පේනවා. යන්න පුළුවන් අය යයි... පව් බැසිල් ගැන දැනට අරයා ළඟට ලැගපු අය කියපු කතා, බැසිල්ගේ සංවිධාන ශක්තිය, මගේ අම්මෝ, කබ්බෝ ෆෝම් කරලා කෙළවා ගත්තු රටවල් අතර අපි ඉහළින්ම ඉන්නවා...
බය්යා Friday, 20 September 2024 10:14 AM
මේ පාර නම් අනිතිම පාරට ඔය යන්නේ ආයෙත් එන්නේ නැහැ ඒක විශ්වාසයි. මොන තරම් පාඩූවක්ද රටට. ජාතියේ අවාසනාව
අරවින්ද මොනරවිල Friday, 20 September 2024 10:29 AM
ආයේ එන්න ලැහැස්ති වෙන්න චුදිතයෙක් ලෙස !
Janabala Friday, 20 September 2024 10:35 AM
එයාගේ ගෙදර සුවිසල් ගොඩනැගිල්ල හෝටල් එක තිබෙන්නේ කා අදත් එන්න එම නිසා මෙවින් සිල්වා මහත්තයාගෙන් අහන්න
Rasi Friday, 20 September 2024 10:48 AM
පේනවනේ කවුද දිනන්න යන්නේ කියල. අලි මන්තරය දිනන්නේ නැහැ, එච්චරයි මන් කියන්නේ.
Jayasekara Friday, 20 September 2024 10:58 AM
වාසියක් එනකොට රටට ගොඩබහින්න... අවාසියකදී රටින් පනින නියම ඇමෙරිකානු ලාංකික පුරවැසියා.
නන්දන පනා-මිලානෝ Friday, 20 September 2024 11:10 AM
රාජපක්ෂ හොර නඩයේ පලායාම නැවතත් ඇරඹේ…
අයන්ති Friday, 20 September 2024 11:11 AM
එමිරේට්ස් ප්ලේන් එකේ කපුටොත් ගෙනියනවාද?
සංදීපා Friday, 20 September 2024 11:14 AM
ඇමරිකාවත් එක්ක කතා කරගෙන ගොඩක් රටවල් හොරු අල්ලගෙන ඇවිල්ලා තියෙනවා.
රම්බොඩ Friday, 20 September 2024 11:14 AM
කොටි සමඟ යුද්ධ කරන කාලේ මෙතුමා සේවයක් කළා. යුද්ධය නවත්වන්න කියලා සරම කරට අරන් ආපු විදේශ බලවේගල සරම පහළට දාලා නැවත යවන්න සාකච්ඡා කළේ මෙතුමා . නමුත් දැන් වෙනස්. ඇමරිකාව තමා ජීවත්වන රට කරගත්තා නම් එහෙටම වෙලා ඉන්න එක තමයි වඩා හොඳ.
Asintha Friday, 20 September 2024 11:17 AM
ඔය යකා හැමදාම කලේ ඕක තමයි... මුන්ට ලංකාවට එන එක තහනම් කරන්න ඕනෑ
donFriday, 20 September 2024 04:15 PM
එහෙම කරන්න කොහෙත්ම බැහැ. වරදක් තියෙනවා නම් දඬුවම් දෙන්නේ රටේ නීතියට සහ එය ක්‍රියාත්මක කරන අයට කොන්දක් පමණයි අවශ්‍ය...
ලාල්-සැන්ට මොනිකා Friday, 20 September 2024 11:18 AM
සුපර් මාකට් වල රාක්ක පුරවලා සහ හයිවේ වල ටිකට් කඩලා ගුවන් යානාවල පලමු පංතියේ ගමන් යන්න පුළුවන්ද?
ලක්සිරි පැරිසියේ Friday, 20 September 2024 11:29 AM
සුබ ලකුණක් . හොරැ රට හැරයනවා . අපට ජිවිතයේ අවසන් කාලය හරි මව්බිමේ ඉන්න අවස්ථාව ලැබෙන පාටයි.
Ruwan R Friday, 20 September 2024 11:52 AM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..
සමන් Friday, 20 September 2024 12:04 PM
කපුටා ජරාවම කන සතෙකි.
Cyril Friday, 20 September 2024 12:34 PM
කලින් ම බයට ගියාට හොරා කාපුවා ගන්න ආපහු ගෙන්නනවා මාලිමා ආන්ඩුවක් යටතේ
පොඩිඑකා Friday, 20 September 2024 12:39 PM
බයේ ගියා කියල බලුකතා එහෙම කියන්නෙ නෑ හරිද?
Shabir Friday, 20 September 2024 12:46 PM
රටම කාලා දැන් මාරුවෙනවා ඩුබායි වලට... අනුර ආවේ නැත්නම් ආයෙත් හැරිලා එනවා ලංකාවට
ගමේ එකාලා Friday, 20 September 2024 12:59 PM
හොරා කාපු මහජන මුදල් පොදි ගහගෙන මොළහතා පැනලා ගිහින්...
saparamadu Friday, 20 September 2024 02:09 PM
මේකෙ මාතෘකාව කපුටා රටින් පනී කියලා දැම්මා නම් හරි..!
beau Friday, 20 September 2024 02:20 PM
පල් හොරු... පැනලා දුවන්න.... නිරූපමා රාජපක්ෂ සහ එයාගේ සැමියා ඊයේ පැනලා ගියා මුන් ටික ටික පැනලා දුවනවා මාලිමාවට බයේ
හේමන්ත Friday, 20 September 2024 02:24 PM
බැසිල් ගියාට නාමල් තවම ලංකාවේ ඉන්නවනේ. එයා හෙට රෑට මං හිතන්නේ යන්නේ. අර ඇමතිලා සෙට් එකත් දැන් සුදානම් ඇති රටින් පනින්න.
Wasantha W Friday, 20 September 2024 02:31 PM
යුද්ධය අවසන් කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක්
sunil Friday, 20 September 2024 03:13 PM
ඔය තමා මාලිමාවේ පළමු වෙනි ඡන්ද ප්‍රතිඵලය.
සරත්Friday, 20 September 2024 04:16 PM
මාලිමාව පරාජයට පත්වීම ස්තිරයි. ස්ටේජ් උඩ කෑගහන අය කොහොමද රටක් පාලනය කරන්නේ? පාර්ලිමේන්තු ආව දවසේ ඉඳලාම කලේ එක එකාට බනින එකයි. ඒ හැර බස් හෝල්ට් එකක්වත් හදලා නෑ. එහෙව් මිනිස්සුන්ට රට දුන්නොත් සිම්බාබ්වේ එකක් වෙයි...!
රම්සිFriday, 20 September 2024 06:38 PM
ජවිපෙ පාලනය යටතේ පවතින අකුරැස්ස සමූපකාරය ගැන යූ ටියුබ් එකේ බලලා කතා කරන්න...!
Chandanie Saturday, 21 September 2024 05:20 AM
මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ කියලා නුඹේ අදහස දැක්කම මතක් වුනා 1988-89 කාලයේ මිනීමැරුම් කරපු මිනීමරුවන්ට එහෙම දෙයක් කරන්න නැතුවම බැරුව වගේ ඇති ඒකනේ මාලිමාව වෙනුවෙන් මේතරම් තප්පුලන්නෙ කියලා හිතෙනවා
RaviFriday, 20 September 2024 07:53 PM
සරත්, මම හිතන්නේ ඔබට වහලෙක් මෙන් තව කාලයක් ජීවත්වෙන්න කැමැතියි වගේ. ඒ නිසා තමයි ඔබ හොර දේශපාලකයින්ගේ අසුචි රසකරමින් සිටින්නේ. ඔබට ඔබ ගැන ලැජ්ජාවක් නැතිද? මාලිමාවට 65% වත් ලැබෙනවා. අපේ අනුර සහෝදරයා ජනාධිපති. දේශකාපාලුවන්ට වැඳ වැටී , ඔවුන්ගේ ආවතේවකම් කරමින් , වහලුන්මෙන් සිටි යුගය අවසන් !!!
don Friday, 20 September 2024 04:12 PM
ඉරිදා හවස් වෙනකන් මෙයා ඩුබායි ඉන්නේ. නාමල් හෝ සජිත් දින්නොත් ඉරිදා රෑට නැවත ලංකාවේ. අනුර දින්නොත් කෙළින්ම ඇමෙරිකා...
නයනි Friday, 20 September 2024 04:51 PM
මහ හොරාට දැන් එලොව ගියානම් හොදයි කියලා හිතෙනවා ඇති.
ලලනි Friday, 20 September 2024 04:55 PM
කපුටි කලින්ම පැනලා වගේ….
විජිත් Friday, 20 September 2024 04:56 PM
කපුටා බොහෝම සංවේදී සතෙක්. තව දවස් දෙකකින් හුළං හමන දිශාව අනිවාර්යයෙන්ම වෙනස් වෙන බව ඉව වැටිලා. මේ ලබන යුගය කොහෙත්ම තමන් ඇතුළු ජරාව කන සතුන්ගේ ශරීර සුබදායක නොවන බව ඒ සතා දන්නවා. මෙහෙ හිටියොත් අනිවාර්යයෙන්ම කූඩුවට යන්න වෙනබව දන්නා නිසා රටෙන් පැන්නා. මාන්චුදාලා ලංකාවට ගෙනෙන්නත් බැරි නැහැ. මට ආරංචි හැටියට ධම්මික පෙරේරාගෙන් ඡන්දෙට ටිකට් එක දෙනවා කියන පොරොන්දුව පිට, පෝස්ටර් ප්‍රින්ට් කරන්න ගත්තු රුපියල් මිලියන 100 ටත් කෙලලාලු... # මාලිමාවට ඡන්ද කෝටියක් #
මර්ෂුක් Friday, 20 September 2024 05:03 PM
මහින්දට ගෝරි ගොඩයි. කොල්ලෝ ටික, රත්තරං අම්මන්ඩි, ඩඩ්ලියා ඇරෙන්න ඉතුරු සහෝදරයෝ ඔක්කොටෝම බරපතල වැඩ ඇතිව අච්චු ලැබෙනකොට… ස්වභාව ධර්මයා නඩු ටික අහන්න ළඟයි.
Chandima Friday, 20 September 2024 05:15 PM
එතකොට රනිල්? එයා කොහේද?
Che Friday, 20 September 2024 05:17 PM
මෙයා හැමදාම කරන්නේ ලංකාවට ඇවිල්ලා මිනිසුන් රවට්ටලා, සල්ලි ටික හොරා කාලා ඇමරිකාවට මාරුවෙන එක තමයි...
සුරෛන් Friday, 20 September 2024 05:41 PM
මෙයා ඡන්දේ දාන්නෙවත් නැතුව යන්නේ දන්නවා සජිත් ආවාම නීතිය ඉදිරියට දක්කනවා කියලා...
රම්සි Friday, 20 September 2024 06:40 PM
සරත්, මාලිමාව පරාජයට පත්වීම ස්තිරයි. ස්ටේජ් උඩ කෑගහන අය කොහොමද රටක් පාලනය කරන්නේ? පාර්ලිමේන්තු ආව දවසේ ඉඳලාම කලේ එක එකාට බනින එකයි. ඒ හැර බස්6 හෝල්ට් එකක්වත් හදලා නෑ. එහෙව් මිනිස්සුන්ට රට දුන්නොත් සිම්බාබ්වේ එකක් වෙයි.!. සරත් මහත්තයා, ජවිපෙ පාලනය යටතේ තිබෙන අකුරැස්ස සමූපකාරය ගැන යූ ටියුබ් එකේ බලලා ඉන්න...!
Nandana Friday, 20 September 2024 06:42 PM
දැන් අල්ලයි...!
විපරම Friday, 20 September 2024 07:55 PM
බලයේ හිටපු කාලේ ආර්තික සංවර්ධන ඇමැතියා. තමුන්ගේ ආර්තිකය මහාපරිමාණයෙන් සන්වර්දනය කරගත්තු, මොළහතා ආර්ථික ඝාතකයෙක් කියලා අධිකරණයෙන් පවා වරදකරු වෙලා ඉන්නේ? සදහටම හිරගෙදර ඉන්න ඕන කෙනෙක්? අධිකරණයෙන් වරදකරු වූ ආර්ථික ඝාතක මොළහතා රටින් හොරෙන්ම පනී...
sam Saturday, 21 September 2024 06:25 AM
මේ හොරාකාපුවාට ගෙවපු ඩොලර් 206 යත් ලංකාවෙන් හොරාකාපු සල්ලි කාලකන්නියා යකෝ ලැජ්ජ නැද්ද පැනලා යන්න
රෙක්ස් Saturday, 21 September 2024 08:12 AM
ඔහොම හිටපං පුතා......, රිටර්න් ටිකට්එක ආන්ඩුවෙන්....!