IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බැසිල් වගකීම ගනී : ජාතික සංවිධායකකමින් යයි

  මහින්ද රාජපක්ෂ තම සහෝදරයාගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් ඔහුගේ ඡන්ච ව්‍යාපාරයේ ප්‍රධානියා වූ    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් අද  පෙරවරුවේ ඉල්ලා අස් විය.

මේ පිළිබදව දැනුම් දෙමින් ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා  වෙත ලිපියක් යවමින් බැසිල්  මහතා  ප්‍රකාශ කර  ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් ඉදිරියටත් කටයුතු කරන බවයි. බැසිල් දැනට සිටිනුයේ ලොස් ඇන්ජලීස් නුවර ඔහුගේ ගෙදරය.

ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක‍යා වෙනුවෙන් පූර්ණ සහාය දුන් ශ්‍රිලනිප ඇතුළු සියළුම සන්ධානයේ හවුල්කාර සහ හිතවත් පක්ෂ  නායකයින්, සාමාජිකයින්, ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් වෙත සිය කෘතඥතාවය එම ලිපිය මගින් පලකර ඇති බැසිල්  මහතා විශේෂයෙන් සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ, ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු සියළුම නිළධාරින්ට තමාට මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරිම සඳහා අනගි සහායක් දුන් බව කියා සිටී.

ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්තිසහගතව පවත්වා ගැනීමට සහාය දුන් මැතිවරණ කොමසාරිස් ඇතුළු සියළුම රජයේ නිළධාරින්ද පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු රටපුරා සන්ධාන අපේක්ෂකයාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයින් මෙන්ම සංවිධානයට ක්‍රියාකාරිව දායකවූ ජනතා නියෝජිතයන්ද මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූ බවද ඔහු කියයි.



අදහස් (0)

බැසිල් වගකීම ගනී : ජාතික සංවිධායකකමින් යයි

පතිරණ Thursday, 15 January 2015 09:25 AM

ඔය තනතුරේ හිටියත් ඒ අයට ඕනේ දේ කරන්න බැරි නිසා අයින් වෙලා යන්න ඇති.(හේ)

:       0       0

කුමාර Thursday, 15 January 2015 09:25 AM

දැන්වත් තේරුන එක ලොකු දෙයක්.(හේ)

:       0       0

ශ්‍රියාණි Thursday, 15 January 2015 02:16 PM

රටේ සිටින නායකයන් හෝ සිවිල් වැසියන් රට ගැන සිතීම කෙසේ වෙතත් තම තමන් ගැන සිතන බව පේනවා. පක්ෂ හෝ පාට මාරු වුනාට පෙර රජයේ අතපසුවීම් විවාදයෙන් පමණක් නිවැරිදි කිරීම හෝ යහපාලනය යටතේ සිටින පනින කට්ටිය පිරිවරාගෙන රටේ පොදු යහපත ඉටුකරන්නට හැකිවෙයි කියා සිතීමට නොහැක. කියවීම හා උද්දාමය නවත්වා රට වෙනුවෙන් හා පොදු ජනයාගේ අනාගතය සාර්ථක කරගන්නට පොරොන්දු වූ පරිදි කටුතු කරන්නේ නම් මැනවි (නදී)

:       0       0

තිලක් Thursday, 15 January 2015 09:27 AM

එයාලා කළ දේවල් ජනතාව දන්න නිසා එහෙට වෙලා ඉන්න එක රටට හොදයි.(හේ)

:       0       0

ධම්ම Thursday, 15 January 2015 09:37 AM

මට මේ වගකීම භාරගන්නවා කියන එක තේරෙන්නේ නැහැනේ. ඒක භාර ගත්තා නොගත්තා කියලා ප්‍රතිඵලයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැනේ. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 16 January 2015 02:45 AM

රජකම් කළත් කළකම් පලදෙනවා දෙනවාමයි! මෙම කර්ම විපාකය ගැන අවබෝධයක් ඇතුව වැඩ කළොත් කාගේ කාගේත් ඇඟට ගුණයි (නි)

:       0       0

චාමර Thursday, 15 January 2015 09:50 AM

කෝ මේකේ අර සාස්තර මාමා ට ට ස්තුත්යි කියල නැහැනේ වැඩේ කැතයි අපි නම් මුලින්ම ස්තුති කරන්නේ එතුමාට තමයි (බ)

:       0       0

තුසිත් Thursday, 15 January 2015 02:24 PM

පරම්පරාගත බුදලයක් කියල දෙයක් නොතිබුන වෘත්තීය හෝ උසස් අධ්‍යාපන සුදුසුකම් සහ එයින් උපයාගත් ආදායම් නැති සමහර දේශපාලකයන් කෝටිපතියන් වෙලා ඉන්නවා. හැබැයි ඉතින් අපේ කට්ටිය නම් කියන්නේ අනේ කමක් නැහැ කියලා. (නි)

:       0       0

ආනන්ද Thursday, 15 January 2015 09:59 AM

මානවී, බොහොම දෙනෙක් එයාලට රැවටිලා තමයි ඉන්නේ.(හේ)

:       0       0

රන්දික Thursday, 15 January 2015 10:01 AM

මොකද මේ මිනිස්සු මෙතරම්ම කුහක. තාම එක වැරැද්දක් වත් ඔප්පු වෙලා නැහැ. ඔය සහෝදරයෝ එකමුතුව නොසිටින්න අද මේ රට මොනවගේ එකක්ද.(හේ)

:       0       0

චන්ද්‍රා Thursday, 15 January 2015 03:02 PM

පක්ෂයට සහ සහෝදරයට පින් සිදුවෙන්නට රට කාලා හම්බකරන් පැන්නා මදැ ඔහොමයන්,...(අ)

:       0       0

ගීත් Thursday, 15 January 2015 10:05 AM

ජනාධිපතිතුමාට මේ වගේ පරාජයත් අත් වීම පිළිබඳව මේ කවුරු කවුරුත් වගකිව යුතුයි (දිල්0

:       0       0

පිටිගල මිලානෝ Thursday, 15 January 2015 10:24 AM

නව ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට කිව්වේ සියලු හොරුන්ව ලුහුබැඳ අල්ලා දඬුවම් දී හොරා කාපු මුදල් ආපසු ගන්නවා කියාය. මේකත් අර එල් ටී ටී ඊ නැව් වලට වුනා වගේ වෙයිද? (බ)

:       0       0

වීර Thursday, 15 January 2015 10:26 AM

ඔය මහා ලොකු චන්ද්‍රිකා නෝනා ගේ එංලන්තෙ තියන මාළිගාව හොයන්න කියන්න කව්රුත් නැද්ද (බ)

:       0       0

දිල්ෂාන් Friday, 16 January 2015 03:45 AM

සිංහල බෞද්ධයන්ට පහර වදින විදියට කොෆි අනන් ගේ හිතවතෙක් මහා බැංකුවේ අධිපති කරලා දැනටම. තව ඉස්සරහට තේරේවි කබලෙන් ලිපට වැටුණු බව. (නදී)

:       0       0

අල්විස් Saturday, 17 January 2015 01:22 AM

එහෙනම් අපිව දාලා ගියා නේද?? (නි)

:       0       0

විපුල Friday, 16 January 2015 03:55 AM

සහෝදරයෝ කොහොමද විපතකදී දාලා යන්නේ. (නදී)

:       0       0

සරසි Friday, 16 January 2015 04:03 AM

තමන්ගේ පරාජයේ වගකීම එක එක්කෙනා පිට පටවල වැඩක් නැහැ. පරාජය ඇරඹුණේ පුතාලට ඕන විදියට සෙල්ලක්කාර වැඩ කරන්න ඉඩ දුන්න දවසේ ඉඳන්. අඩු වශයෙන් අර පුජනිය තැනක කාර් රේස් පවත්තමින් නැට්ටුක්කාරියන් නටවමින් කල වැඩේ වත් එපා කියන්න දිව නැමුනාද ? බාලිකා පාසල් වලට කඩන් පැනල ගැහැණු දැරිවියන්ට නටන්න කතා කරනවා. මේවා කලේ බැසිල් මහතාද ? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 16 January 2015 04:22 AM

මෙවර ජනපතිවරණය සාධාරණව පවත්වන්න කටයුතු කළහැටි රටම දන්නවා. මැතිවරණ කොමසාරිස් තුමා සහ කාර්ය මණ්ඩලය සාධාරණ ලෙස කටයුතු කල නිසා මැතිවරණ ප්‍රතිපලය නිවැරදිව ලැබුනා. ස්තුති කරන්න ඕනේ එම නිලධාරීන්ටයි. ඔබතුමාලා කරන්න ගිය වැඩේ අපි දන්නවා. අනේ, තවත් කට මැත දොඩන්නේ නැතුව ඔහෙටම වෙලා ඉන්න බලන්න. (නදී)

:       0       0

ආකාශ් Thursday, 15 January 2015 10:54 AM

ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්තිසහගතව පවත්වා දුන් මැතිවරණ කොමසාරිස්තුමාහට ස්තුතියක්. එතුමා නොසිටින්න අද මේ රට මොනවගේ එකක්ද.(හේ)

:       0       0

දයාල් Friday, 16 January 2015 04:34 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. තේරෙයි ඉදිරියට (නි)

:       0       0

අජීවන් වීර් Thursday, 15 January 2015 04:00 PM

මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූවයි කියන මනුෂ්‍යා මොන තරම් නිහතමානිද ? නේද ? (නදී)

:       0       0

ශිරන්ති Thursday, 15 January 2015 11:02 AM

අනේ ඉක්මනට ලංකාවට එන්නකෝ. මෙහෙ බොහෝ උදවිය බලා ඉන්නවා ඔබතුමා එනකම්.(නදී)

:       0       0

දිල්ශාන්ත Friday, 16 January 2015 04:51 AM

ගහපු සල්ලි වලට කව්ද වග කියන්නේ? ජේ.වී.පී එක අල්ලස් හා දුෂණ විමර්ශනයට පැමිණිලි කරලා තියන්නේ. (නදී)

:       0       0

රජීව් Thursday, 15 January 2015 11:05 AM

රාජපක්ෂලා යුද්දය අවසන් කලේ ඔවුන්ගේ ජීවිතයට අවදානමක්ද රැගෙනයි. යුද ජයග්‍රහණයට අයිතිකරුවන් බොහොමයක් සිටියත් කොටි සංවිදානයට උවමනා රාජපක්ෂලාගෙන් පලිගැනීමට බව හැමදෙනාම දන්නවා. එක ඡන්දයක් පැරදුන පමණින් ඔවුන් දේශපාලනයෙන් ඉවත් විය යුතු නැහැ. වැරදි කර ඇත්නම් ඒවාට දඬුවම් ලැබෙයි. මේ රටේ සිටින සියලු දේශපාලකයන් අතින් කිසිදා වැරදි සිදුවී නැතිද? (නදී)

:       0       0

සත්‍යපාල Thursday, 15 January 2015 11:09 AM

තමුන්ගේ බල ප්‍රදේශයේ රතුපස්වල විරෝධය වෙලාවේ ගජ මිතුරු කැසිනෝ රජා වෙනුවෙන් විරෝධකරුවන්ට වෙඩි තියපු දවසෙම දැනගත්තා විනාශය අද හෙටම කියලා. ඒ දරුවන්ගේ ශාපය තමයි ඔය ඵලදුන්නේ. (නදී)

:       0       0

සන්දීපා Friday, 16 January 2015 05:09 AM

ඔබ ආයෙත් නොඑන තරමට අපි නම් බොහෝ කැමතියි. ඔය හොඳටම ඇති. පින් අත්වනවා ඇත. (නි)

:       0       0

සුමනදාස Thursday, 15 January 2015 11:16 AM

අව්‍ුරුදු දෙකට කලින් ඡන්දෙ තිබ්බ එක මේ රටේ ජනතාවගේ මහා භාග්‍යයක්. අවරුදු දෙක හිටියා නම් ලංකාවේ මිනිසුන්ට රටක් ඉතිරිවන්නේ නෑ. රට බේරලා දුන්න සරත් ෆොන්සේකා මැතිඳුන්ට බුදු සරණයි. (නදී)

:       0       0

පද්ම සිරි Thursday, 15 January 2015 04:39 PM

ඔබතුමා දන්නේ නැහැ. ප්‍රාදේශීය නායකයෝ අයියාට සහාය නොදුන් බව. (නදී)

:       0       0

සුමනදාස අබේගුණවර්ධන Thursday, 15 January 2015 11:24 AM

මම ලනුවක් දුන්නේ රට බේරා ගන්න ඕන නිසා. බැසිල් කෝටිපතියෙක් උනේ දුප්පත් මහජනයාගේ මුදල් වලින් (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 15 January 2015 05:01 PM

මිනිසුන් බුද්ධියෙන් තොරවෙන තාක් මේ ගොල්ලන්ට එය ඉල්ලමකි. (නදී)

:       0       0

බණ්ඩා Thursday, 15 January 2015 11:25 AM

ඔබතුමා රට පැන්නාට කමක් නෑ හොරකම් කරපුව අපහු දීල (නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර Thursday, 15 January 2015 11:26 AM

ඔබතුමාට බාර ගැනීමට තව ගොඩක් වගකීම් තියෙනවා. ලංකාවට එන්නකෝ. අල්ලස් හා දුෂණ කොමිසම ඇහැ ගහගෙන ඉන්නේ. (නදී)

:       0       0

කාගිල් Thursday, 15 January 2015 05:11 PM

වරදක් කර නැත්නම් මොන හේතුවකටද රටින් යන්න ගියේ? අනෙක් බොහෝ දෙනාගේ වැරදි වැඩ නිසා අවසානයේ දඩුවම් ලැබුවේ මහින්ද මහතා. තවද මෙපමණ කාලයක් ලංකාවේ බොහෝ අය දැනගෙන හිටියේ නැහැ මොහුට ඇමරිකාවේ ගෙයක් තිබෙනවා කියලා. සමහරවිට මීට වැඩි දේවල් ඉදිරියට එළිවෙන්න පුළුවන්. (නි)

:       0       0

සාරා Thursday, 15 January 2015 11:47 AM

හැමදේම විවෘත මනසකින් දකින්න. පක්ෂග්‍රාහී වෙන්න එපා (නදී)

:       0       0

කුමාර Thursday, 15 January 2015 05:38 PM

අනේ ඔයාලා මේකට කලබල වෙන්න එපා. මේ මත්තලට පොඩ්ඩක් එහා තැනක්නේ! ඉඩම් වැඩිය ගණන් නැතිලු මෙහෙ (නි)

:       0       0

නන්දලාල් Thursday, 15 January 2015 05:53 PM

දැන් එහේ ඉඳගෙන කතා කියනවා.එයා නම් ආයෙත් ශ්‍රී ලංකාවට එන එකක් නැහැ මම හිතන්නේ (නි)

:       0       0

පතිරණ කපිල Thursday, 15 January 2015 12:03 PM

දැන් ඕවා කියලා වැඩක් නැහැ. මහජන මුදල් කෑවා නම් වමාරන්න (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 15 January 2015 12:11 PM

නුඹ අද ඇමරිකාවේ පුරවැසියෙක් හා ධනවතෙක්... කොහොමද එහෙම වුණේ? (නි)

:       0       0

රාජා ගුණවර්ධන Thursday, 15 January 2015 12:25 PM

දැන් වගකීම ගත්තට වැඩක් තිබෙනවද? අපිට මහින්ද මහත්තයා අහිමිවුණෘ (නි)

:       0       0

ජීවන් Thursday, 15 January 2015 12:40 PM

රාජපක්ෂ පවුල වැරදි කලා. අද ඒකට ජනතාව දඬුවමක් දුන්නා. එය එසේ විය යුතුයි. හැබැයි මතක තියාගන්න. ඔය සහෝදර ශක්තිය තිබුනේ නැතිනම් අදටත් මේ රට ලේ විලක්. (නදී)

:       0       0

සුප්‍රා Thursday, 15 January 2015 12:56 PM

ඔහොම ප්‍රීතිවන්න, මේක සොදුරු ලෝකයක් , කිය කිය, අපිත් ලංකාවෙන් යනවා. ඔයාලට සතු‍ටු හිතෙයි, මහින්දට ඡන්දේ දුන්නු උනුත් යනව කියල. තාම වතුර හැලියට දර විතරයි දාල තියෙන්නේ (නදී)

:       0       0

උත්පල පේරුසිංහ Thursday, 15 January 2015 11:22 PM

මෙයා ඇමරිකාවේ ජීවත්වෙන්නේ. ඔහුගේ නිවස හා මගේ කිවස අතර සැතපුම් 40 යි. ඔහු මෝටර් රථයක් පාවිච්චි කළා. . අවුරුදු 10 කට විතර කලින් ඉදලා. ඩොලර් 1100 යි. ඒක විකුනන්න හදනවා. කව්රුත් ගන්නේ නැහැ පරණ නිසා. (නදී)

:       0       0

සුනිල් Thursday, 15 January 2015 11:25 PM

ඡන්දයට කොච්චර බලපෑම් කලාද, දැන් සාධාරණව කෙරුවයි කියලා ස්තුති කරනවා. මොනවාද මේ කතා? (නදී)

:       0       0

බංඩාර Thursday, 15 January 2015 01:18 PM

රාජ්‍ය නායකයෙකු නැතිව හමුදාවක් කොහොමද යුද්ධයක් දිනන්නේ. (නදී)

:       0       0

නිමල් Thursday, 15 January 2015 01:19 PM

පුදුම කලකිරීමක් ඇති වෙන්නේ මේ රන්දික වගේ අයගේ කොමෙන්ටු දැක්කහම. (නදී)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 15 January 2015 01:23 PM

සුප්‍රා, සීතල වතුර එකක් බොමුද ? (නදී)

:       0       0

රකිත් Friday, 16 January 2015 01:22 AM

එතකොට දැන් සමෘර්ධි බැංකු වලින් අතුරුදහන් වූ කෝටි, ප්‍රකෝටි සල්ලිවල වගකීම බාරගන්නේ කවුද? ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත් ලොස් ඇන්ජලිස් වල හොඳ ආශ්චර්යමත් ජිවිතයක් ගත කරන්න පුළුවන් නේද? අපිට ගහන්න ඕනේ ගස් බැඳලා මඩු වල්ගෙන්. (නදී)

:       0       0

කලීල් Thursday, 15 January 2015 01:52 PM

ඇයි දැන් එපාවෙලා.... (නි)

:       0       0

සරත් Friday, 16 January 2015 01:50 AM

ඔය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ වැඩි දෙනෙක් කියන්න පටන් අරගෙන නේද පරාජයේ වගකීම තනිකරම බැසිල් බාරගත යුතුයි කියලා. මේවාට උත්තර දෙන්න එයා නැවත නොඑන පාටක් තමයි මට නම් පෙනෙන්නේ. ඇමරිකාවට ගියාට පස්සෙද පරාජයේ වගකීම බාරගන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 15 January 2015 09:06 AM

ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්ති සහගතව පවත්වා ගැනීම වැළැක්වීමට කටයුතු කළේ කවුද කියල මම මේ කල්පනා කළේ (බ)

:       0       0

සුප්‍රා Thursday, 15 January 2015 02:00 PM

නිමල් , රන්දිකගේ අදහස් දැක්කහම නෙමෙයි කළකිරෙන්නේ. වෙන්න යන විනාශය පෙනෙනකොටයි. දැන් ඉතින් බලා සිටිමු. වෙන කරන්න දෙයක් නැහැ. කොහොම වුණත් අපේ මිනිසුන්ට විපාක ලැබෙයි. (නි)

:       0       0

සමන්ත Friday, 16 January 2015 02:01 AM

ඔය කොහොම කිවුවත් ආයෙත් ලංකාවට එනකොට මල් මාලා දාලා පිළිගනීවි. (නි)

:       0       0

සෑම් Thursday, 15 January 2015 09:06 AM

වසර දෙකකට කලින් මැතිවරණයක් ලබා දීපු මිනිහට ස්තුතියක් තියා සඳහනක් වත් නැහැ. ඔහොම තමා, බොහොම ඉක්මනට කළගුණ අමතක වෙනවා. (බ)

:       0       0

විජේරත්න Thursday, 15 January 2015 09:07 AM

සමෘද්ධි බැංකු වල තිබුන සල්ලි වල වගකීම ගන්නේ කවුද ? (බ)

:       0       0

රකිත් Friday, 16 January 2015 02:03 AM

විදේශ රටක ජීවත්වන කෙනෙකුට පුලුවන්ද අපේ රටේ පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු හැටියට රැකියාවක් කරන්න? ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේකද? (නි)

:       0       0

මානවි Thursday, 15 January 2015 09:09 AM

බැසිල්ගේ ගෙදර තියෙන්නේ ලොස් ඇන්ජලිස් නම්, ලංකාවේ මෙපමණ කලක් දේශපාලනය කෙරුවේ කොහොමද? (ර)

:       0       0

රකිත් Friday, 16 January 2015 02:07 AM

මුදල් වංචාවලට වරදකරුවන් වී දැනට සිරගෙවල්වල සිටින සියලුම සිරකරුවන් නිදහස් කිරීම සළකා බලන මෙන් අභිනව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

දිලාන් Friday, 16 January 2015 02:09 AM

ලෝකයේ කොහේ හිටියත් එයාලගේ ආරක්ෂාව සහතිකයි (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 15 January 2015 09:16 AM

මහින්ද සර්, දැන ඉතින් ඔබ තුමාත් මෛත්‍රී පිලට එන්න, කතාව එතනින් ඉවරයිනේ. (හේ)

:       0       0

අචිර Thursday, 15 January 2015 02:06 PM

එතකොට කෝ මේ කරන චෝදනා වලට උත්තර? (නි)

:       0       0

පතිනායක Thursday, 15 January 2015 02:09 PM

අවංකවම පිළිගත් එක හොඳයි (නි)

:       0       0

සමීර Thursday, 15 January 2015 09:24 AM

දැන් ඉතින් හිටියත් වැඩක් නෑනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 279 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 206 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 555 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 86 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 254 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site