IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘බැසිල් ශ්‍රීලනිපය නැති කරන්න ඇවිල්ලා‘

මහින්ද රාජපක්‍ෂ මහතා ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම භාරගෙන විදේශගතව සිටි බැසිල් රාජපක්‍ෂ මහතා දැන් නැවත පැමිණ පක්‍ෂයට තුන්වැනි පරාජයත් ලබාදෙන්නට උත්සාහ කරමින් සිටින බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා අද (23) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රාජ්‍ය බලය ලබාගැනීමටනම් පළමුව කළ යුත්තේ බිම් මට්ටමේ බලය ලබාගැනීම සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයගැනීම බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් පක්‍ෂයේ සිටලූ දෙනා ඒකරාශී විය යුතු බව ද සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට අපේක්‍ෂකයින් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන මාසයේදී ආරම්භ කිරීමට පක්‍ෂය පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා කීවේය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපති මෙන්ම රටේ ජනාධිපතිවරයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පක්‍ෂයේ සියලූ දෙනා ඒකරාශී කරගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. සම්මුඛ පරීක්‍ෂණ ජූලි 12 වැනිදා සිට ආරම්භවීමට නියමිතයි. පක්‍ෂයේ බිම් මට්ටම ශක්තිමත් කර ජයග‍්‍රාහී මැතිවරණ ව්‍යාපාරයකට පක්‍ෂය මෙහෙයවීම අපේ අරමුණයි.‘ යැයි ද ඔහු කීය.

GLA_7368



අදහස් (0)

‘බැසිල් ශ්‍රීලනිපය නැති කරන්න ඇවිල්ලා‘

පී. ඉලංගරත්න Friday, 24 June 2016 12:51 AM

කවුද හොඳ කවුද නරක කියලා මහජනතාව දන්නවා. ඒ නිසානේ තමුන් ආසනෙත් පැරදුනේ. දැන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. (නි)

:       0       0

අනුර Friday, 24 June 2016 02:01 AM

ලෙස්ලි, එ්ක තීරණය කරන්නේ ජනතාව. චන්ද්‍රිකා හෝ ජේ ආර් නොවේ. බල තණ්හා ඇති අය බළලුන් ලවා කොස් ඇට වුණත් බාවනවා. ජාතිය වුණත් පාවාදෙනවා. 1815 වු‍ණෙත් ඒක තමා (නි)

:       0       0

හේමන්ත Friday, 24 June 2016 02:36 AM

බැසිල්ට විතරක් තනිවම ඕක කරන්න පුලුවන්වෙයිද? (නි)

:       0       0

ලෙස්ලි Friday, 24 June 2016 02:36 AM

සදාකාලිකවම ජනපතිකමේ ඉන්න නීති වෙනස්කළේ මහින්ද නේද? අනේ මෙහෙම තණ්හාවක්! (නි)

:       0       0

සමිතා පෙරේරා Friday, 24 June 2016 04:12 AM

ලංකාවේ ඉන්න ජනතාවගෙන් වැඩි හරියක් තවමත් ජීවත්වන්නේ ගෝත්‍රිකයින් විදිහට. ඒ වගේ රටක ජීවත්වන අයට මොන ඡන්දද? අනික මෙතෙක් කලක් අඩු වැඩි වශයෙන් දේශපාලනය කරපු දේශපාලුවන් හොරුන් දුෂිතයින්ට ඡන්දය දෙන්නට තරම් ලංකාවේ ඉන්නේ මන්දබුද්ධිකයින්ද? මේ රට කිසිම දවසක හැදෙන රටක් නොවෙයි. (නි)

:       0       0

අඡීත් Friday, 24 June 2016 09:56 AM

කාට කාටත් රටේ නීතිය ඵක සමාන කළා නම් අපේ ඇමතිවරු අවමානයට ලක්නොවන්නට ඉඩ තිබුණි. එය ඉටු කරන්න දැනටමත් පමා නොමැත (නි)

:       0       0

ලෙස්ලි Friday, 24 June 2016 04:22 AM

අනේ අපි මොකටද මේවට උත්තර දෙන්නේ?? (නි)

:       0       0

දුමින්ද Friday, 24 June 2016 04:22 AM

ජනතාව නම් සැමදා පරාදය (නි)

:       0       0

සොපි Friday, 24 June 2016 04:22 AM

ජනතාව ගෙඩිය පිටින්ම එපා කියලත් මෙයාලා පිං ඇමතිකම් අරගෙන ආවනේ ලැජ්ජා නැතුව පාර්ලිමේන්තුවට ..... (නි)

:       0       0

සුසන්ත Friday, 24 June 2016 04:24 AM

අනේ මගේ කට! තමන්ගේ තත්ත්වය තේරුම් ගත්තොත් හොඳයි (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 23 June 2016 12:22 PM

අනේ ඔයාගේ වැඩක් ඔයා බලාගන්න..අපිටත් බැසිල්ව එපා තමයි..ඔය කව්ද කියලත් අපි දන්නවා..බැසිල් කව්ද කියලත් අපි දන්නවා..අපි යන පාරේ අපි යන්නම්..මේ පාර..(බ)

:       0       0

තාබෘෘ සිල්වා Thursday, 23 June 2016 12:58 PM

කවුරු කොහොම කිවත්,කවුරු පක්ෂ හදාගෙන ආවත් ජනතාව තමයි තීන්දු කරන්නේ සුදුස්සා කවුද කියන එක අපිට ඔය මාධ්‍ය සන්දර්ශන වැඩක් නැහැ (බ)

:       0       0

ආර්. වික්‍රම Friday, 24 June 2016 05:52 AM

ඔයාලත් කරන්නේ, මේතාක් කරලා තියෙන්නේ ඔය බැසිල්ලා කරන්න යනවා කියනදේම තමයි! (නි)

:       0       0

ජයම්පති Thursday, 23 June 2016 02:11 PM

දැන් මේ විදිහට කියලා ඒ පැත්ත හොඳ වෙනකොට හෙමිහිට මාරුවෙයි. අපි නොදන්න ලයිව් කිවුවලු. (නි)

:       0       0

කේෂලා අමන්දා Friday, 24 June 2016 06:35 AM

එ්ක ඉතින් කියන්න දෙයක් නෑ. ඔයාලත් මිට පහකට ඉස්සෙල්ල ඒ අයට සේවය කළානේ. (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 23 June 2016 02:39 PM

ඔය කියන ශ්‍රීලනිපේ නැතිවෙන්න දෙයක් කොහෙද තියෙන්නේ. (නි)

:       0       0

චතුරි Thursday, 23 June 2016 02:39 PM

බැසිල් විතරද නරක? පුලුවන්නම් එක නමක් කියන්න පිරිසිදු චරිතයක්. බැසිල්ගේ වරදක් නැහැ. (නි)

:       0       0

නිම්මි Thursday, 23 June 2016 02:45 PM

හරියට හරි මුන් තමයි අප්පච්චි මළා කියල පක්ෂේ නැති කළේ (බ)

:       0       0

පරාක්‍රම Thursday, 23 June 2016 03:06 PM

එදා කතා වෙනයි. අද කතා වෙනයි . පැදගෙන යන ඔරුව පෙරලුනාට පස්සේ ඒ පිට නැගගත් කෙනෙක් , ඒක ඒ පැත්තට වැඩිය මේ පැත්ත තමයි හොඳ කිව්වලු. (බ)

:       0       0

ගෝමස් Thursday, 23 June 2016 03:25 PM

දැන් ප්‍රධාන පක්ෂ දෙකම එකට වැඩ කරන නිසා, බැරිද අපේක්ෂකයෝ වැදගත් උගත් ලිස්ට් එකකින් දෙපක්ෂටම තෝරාගන්න කටයුතු කරනවානම් .... එතකොට කව්රු දිනුවත් මෝඩයෝ, හොරු, සල්ලාලයෝ, කුඩු කාරයෝ, මැරයෝ අයින් කරගන්න අඩිතාලම දැමීමක් වෙවිනේද... (බ)

:       0       0

සුසන්ත Thursday, 23 June 2016 04:38 PM

මේ වගේ අයව ආරක්ෂා කරන්න ගිහින් තමයි මහින්ද මහතා නැතිවුණේ. ජනතාව කුණු කූඩයට දැම්මට පස්සේ පිනට මන්ත්‍රීකමකුත්, ඇමතිකමකුත්, කෝටි ගණන් වටිනා සැප වාහනත්, සියලු පහසුකමුත් දුන්නාට පස්සේ ඉතින් දුන් කෙනාගේ පිටනොකසා වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

රජිත් Thursday, 23 June 2016 06:18 PM

පක්ෂ නම් කව්රු කෑවත් රටේ මිනිසුන්ට වැදගත් නැහැ. හැබැයි පක්ෂයයි රටයි දෙකම කන ඔබතුමාලා ගැන තමයි රටේ දැන් අවදානය තියෙන්නේ (නි)

:       0       0

අනුර Thursday, 23 June 2016 06:40 PM

මෙතුමාගේ කතාව ඇත්ත (නි)

:       0       0

සිරි Thursday, 23 June 2016 07:40 PM

පක්ෂයේ ජය ගැන කතාකරන්න කලින් තමන්ගේ ජය ගැන උනන්දු වුණොත් නේද හොඳ? (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 23 June 2016 10:50 PM

මහජනයා ඉදිරියට විත් කතාකොරන්න ඔබට අයිතියක් නැහැ කියා ඔබට සිතෙන්නේ නැද්ද? ඔබව මිනිස්සු පන්නා දැමූ බව අමතකද? (නි)

:       0       0

ලාල් Thursday, 23 June 2016 11:17 PM

සමහරු නම් දැන්මම බයවෙලා වගේ... (නි)

:       0       0

කවි Thursday, 23 June 2016 11:33 PM

දැන් බැසිල් මහින්ද වැඩක් නැහැනේ ඔයාලට. ඔබතුමලා මේ පාර ඡන්දෙන්වත් දිනලා පෙන්නන්න ඔයාලගේ හැකියාව. ඔබතුමාලා දැන් මාස 15 ක් තිස්සේ ජනතාවට කරපු එක දෙයක් කියන්න බලන්න (නි)

:       0       0

ටෙෂාන් Friday, 24 June 2016 12:43 AM

අපිට නම් තේරෙන්නේ එකදෙයයි. මේ හැමෝම එකතුවෙලා කවදාහරි අපිට රටක් නැතිකරනවා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 24 June 2016 12:43 AM

ජේ.ආර්. සහ චන්ද්‍රිකා බලය අහිමිවුණාට පස්සේ පැත්තකට වුණා. නමුත් මහින්දට තවමත් බලතණ්හාව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 33 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2127 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1088 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 958 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 738 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2504 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38821 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site