හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36.5 ක් පසුගිය ජනපතිවරණයේ දී ඡන්ද වැඩට ගැනිමේ අරමුණින් අවසරයකින් තොරව පළාත් පාලන ආයතන වලට බෙදා දුන්නැයි හිටපු ඇමැති ද දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවකට ද එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය උසාවියට දැන්වීය.
හිටපු අධ්යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවක ද අගෝස්තු 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බැසිල් හා දිවිනැගුම හිටපු ලොක්කාත් රිමාන්ඩ්
හිමාල් Monday, 18 July 2016 10:31 PM
ජුලි 28 පහුවෙනතුරු හිරේ තියාගන ඉන්නද බලන්නේ? මහජනතාව ගෙවන බදු තමයි ආණ්ඩුවේ ආදායම. මොනවට දුන්නත් ඒවා මහජනතාවට ලැබිලා නම් එ්කේ වැරැද්දක් නැහැ. මේවාට කරන වියදම් නම් මහජනතාවගේ මුදල් අපතේ යැවීමක්. (නි)
අශිකා Monday, 18 July 2016 11:13 PM
ජයතු, අහිංසක මහජන සල්ලි කොල්ලකන එක මොන දේශපාලුවා කළත් මහත් පවුකාර වැඩක්. ඔයාලා වගේ දේශපාලුවන්ට කඩේ යන අය ඉන්නකම් අපේ මේ සුන්දර රට කවදාවත් ලෝකයේ ඉහළට ගෙනෙන්න බැරිවෙයි. (නි)
අශිකා Monday, 18 July 2016 11:22 PM
ජයතු, විප්ලව කරලා නෙල්සන් මැන්ඩෙලා, මහත්ම ගාන්ධිලා හිරේ ගියා තමයි. ඒත් ජයතු මහජන සල්ලි ලොරි ගණන් ගිලපු අයට නම් සමාවක් දෙන්න හොඳ නැහැ. ඔයා දැන්වත් ඉතිහාසය කියවන්නකෝ. (නි)
ශාන්ත Tuesday, 19 July 2016 11:05 AM
එක්කෙනෙක් එළියට එනකොට තව එක්කෙනෙක් ඇතුළට යනවා. මැරෙනකන් මෙහෙම ඇතුලට යන්න තරම් චෝදනා ඇති මෙයාලට. ලබන ආත්මයටත් ඇති. (ම)
රෝහණ Monday, 18 July 2016 11:43 PM
අධිකරණය මන්දගාමීයි. වේගවත් කරන්න. කඩිනමින් නඩු අසන්න. වැරදි කරලා නම් දඬුවම් දෙන්න. ජනතා මුදල් ආපසු අයකර ගන්න (නි)
ලෙස්ලි Tuesday, 19 July 2016 12:36 AM
මේ ගමන අසනීප වෙන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)
චාමිනි Tuesday, 19 July 2016 11:39 AM
හැමදාම ඇතුලේ ඉන්න ඕන කෙනක් (හේ)
චානක ලොස් ඇන්ජලිස් Tuesday, 19 July 2016 01:54 AM
අපි බලමු පාද චාරිකා යන්න බලාගෙන හිටිය මොහු රිමාන්ඩ් වුණාට පසුව ගිලන් රියකින් රෝහලකට මාරුවේවිද කියලා? (නි)
චානක ලොස්ඇන්ජලිස් Tuesday, 19 July 2016 02:11 AM
ජයතු, ලෝකයේ අනෙක් නායකයෝ නම් ජනතාව විසින් ගෙදර ඇරියාට පසුව ඔබ ඔය කියන නායකයා වගේ මට බලය දෙන්න කියලා ඉල්ලලා නැහැ (නි)
ජයරත්න Tuesday, 19 July 2016 02:07 AM
බලන්නකෝ යන උජාරුව විතරක්! (නි)
ලෙස්ලි ජයවර්ධන Tuesday, 19 July 2016 02:07 AM
හරියට හතර පෝයටම සිල්ගත් පින්කඳන් වගේ සමහරු නම් ඉන්නේ (නි)
ප්‍රියාන් Tuesday, 19 July 2016 02:56 AM
චානක, ඔයා කියන දේ වැරදිනේ. 29 වතාවක් ගෙදර යවපු අයත් බලය ඉල්ලලා බලයට අාවේ එහෙනම්. ඕක තමා දෙන්න තියෙන හොදම උදාහරණය. (නි)
කමණි Tuesday, 19 July 2016 03:44 AM
මෙට්ටයකුත් අරගෙනමද යන්නේ? (නි)
කසුන් Tuesday, 19 July 2016 04:24 AM
අසමත් රාජ්‍යක ස්වරුපය. පැහැදිලි දේශපාලන පලිගැනීම්. ඕනේ මෝඩයකුට හිතා ගන්න පුළුවන්. ආණ්ඩුව අසමත්කම හැර වෙන දෙයක් නොමැත. (ම)
සිල්වා Monday, 18 July 2016 11:21 AM
මේක විහිළුකාර රටක් වෙලා දැන් (නි)
ප්‍රියාන් Monday, 18 July 2016 12:04 PM
යහපාලන ආණ්ඩුව කරන්නේ තව තවත් රාජපක්ෂලාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම පමණකි.(අ)
දුෂාරා Monday, 18 July 2016 12:09 PM
හොඳ උපසකල වගේ තමයි ඉන්නේ (අ)
දර්ශන Monday, 18 July 2016 12:39 PM
හෙට උදේට ලස්සනට අර ගෙවන වාට්ටුවට යයි. එතකොට කෑමබීම, ඒසී කාමර, රූපවාහිනී, හිතවතුන්, හැමදෙයම ලැබෙයි. ගිය පාර අපිට මතකයිනේ (නි)
ජනහිත Monday, 18 July 2016 01:41 PM
ජනතාවට විහිළු සපයන්න නම් එපා (නි)
තිස්ස Thursday, 21 July 2016 02:41 AM
ආ! ඔය කට්ටියම ඉන්නේ... (නි)
ජගත් Monday, 18 July 2016 01:59 PM
මේ කට්ටියම හිරේ දාලා අැප නොදී හිටියා නම් හරි (නි)
ටී.සිල්වා Monday, 18 July 2016 02:04 PM
අවංකව රාජකාරි කරන නිලධාරීනුත් මුහුණ දෙන්න බයෙන් ඇති මේ යන විදියට ආණ්ඩුවට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර දිහා බලනකොට (නි)
ජයතු Monday, 18 July 2016 02:32 PM
ලෝකයේ සැම වැදගත් නායකයෙක්ම සිර ගෙදර දිනක් හෝ ගතකර අැත රාජපක්ෂවරුන්ට ඒ සුදුසුකම අැත. අැමරිකානු පුරවැසිකම අත්හැර ඔවුන් රටට ජාතියට වැඩ කිරිමට රට බාරදිය යුතුයි. (බ)
කෝලිත Monday, 18 July 2016 02:38 PM
මෙයාලට ලජ්ජා නෑ ...අපේ කරුමේ...(බ)
අමිල Monday, 18 July 2016 03:06 PM
හිතා මතා පළිගන්නවා (බ)
ජෙරමි Monday, 18 July 2016 04:45 PM
අපි හොරුන්ට හොරු කිවුවහම එ්ක පළිගැනීමක් වෙන්නේ කොහොමද? (නි)
අනිල් Monday, 18 July 2016 05:02 PM
නිසියාකාර පරීක්ෂණ මඟින් ගොනුකළ අධිකරණ ක්‍රියාමාර්ගයකට අනුව මිස වෙනත් ක්‍රමයක් අදාළ නැති බව මධ්‍යස්ථ වහලුන් නොවන අපට පැහැදිලියි (නි)
සම්පත් Monday, 18 July 2016 06:01 PM
බලය රැකගැනීම සදහා මෙවැනි දේ රජය විසින් සිදුකරනු ලබනු ලබයි අපිට නම් හිතෙන්නේ (නි)
පද්මිණි Monday, 18 July 2016 06:12 PM
බැසිල්,නාමල් පිළිගත්තට ජයතු,අමිල වගේ අයට නම් පිළිගන්වන්න බැහැ. විලංගු ගළවාගන්න බැරි හැටි. (නි)
ඇන්ටන් Monday, 18 July 2016 06:12 PM
හොරු ඇල්ලුවද ඇල්ලුවද කියලා අහපු කටිටිය දැන් පළිගන්නවෝ පළිගන්නවෝ කියලා කෑගහනවා. අපේ අවාසනාවට දෙපැත්තේම හොරු, මංකොල්ලකාරයෝ, මැරයො තමා පාර්ලිමේන්තුවේ ඉන්නේ. (නි)
රොහාන් Tuesday, 19 July 2016 08:33 AM
මෙයා මොනතරම් වැරදි කළත් තවම මෙයාලට දණ ගහල වඳින උදවිය තවම මේ රටේ ඉන්නව අන්න එ්ක තමා අපිට තියන දුක. (බ)
සජිත් Monday, 18 July 2016 08:58 PM
මහජන මුදල් හොරකම් කරන අය රිමාන්ඩ් එකට යන්න කලින් මාධ්‍යයට මුහුණ දෙන්නේ හරියට ජාතික වීරයෙක් හිරේට ගියා වගේ. ලැජ්ජා නැතිකමක හැටි (නි)