IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බිස්වාල් පබිලිස් සමඟ කුස්සියේ වැඩ

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සුපවේදී පබ්ලිස් සිල්වා සමඟ ඇමරිකා සහකාර  රාජ්‍ය ලේකම් නිෂා බිශ්වාල් මහත්මිය රූපවාහිනි නුග සෙවණ වැඩසටහනට සහභාගී වී ඉවුම් පිහුම් කළාය.

සුපවේදියක ලෙස ඇය සැරසී සිටියාය.

ශ්‍රි ලංකාවට  ආවේණික ආහාර වර්ග මෙහිදී  පිළියෙළ කර  ඇති  අතර  ඉන්දියා  ජාතික බිශ්වාල් මහත්මිය සුපවේදී  වැඩසටහන් ප්‍රිය කරන්නියක් බවත් ආහාර පිළියෙළ කිරිම ඇයගේ විශේෂාංගයක් බවත් ඇය කීවාය.

ඉන්දියවේ ගුජරාටයේ උපන් බිස්වාල් (46) ඇමරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයයෙන් උපාධීය දිනා ගත්තාය. ඇය ඉන්දියාවේ සිට මවුපියන් සමග ඇමරිකාවට සංක්‍රමණය වූවාය.

image_1468406856-808af1b09d-9

13669013_1045947962107688_434224074409882394_nimage_1468406817-e6023fa061



අදහස් (0)

බිස්වාල් පබිලිස් සමඟ කුස්සියේ වැඩ

සේරම් Wednesday, 13 July 2016 03:18 PM

වෙනසකටත් එක්ක හොදයි.(හේ)

:       0       0

පෙරේරා Thursday, 14 July 2016 04:16 PM

ඇමරිකාව ඉන්දියාව හරහා එවන කිසිවකට අහුවෙන්නත් එපා, මෝඩ වෙන්නත් එපා (නි)

:       0       0

සරත් Wednesday, 13 July 2016 03:23 PM

අනුන්ගේ වැඩ වලට ඇඟිලි නොගහා ඉන්නත් උගන්වන්න ඔය ගමන්ම (නි)

:       0       0

සමීර Wednesday, 13 July 2016 03:27 PM

කමක් නැහැ. ඊටපස්සේ ආඩි හත්දෙනෙක් එක්ක කැඳ හැළියක් හදයි (නි)

:       0       0

රෝෂන් Wednesday, 13 July 2016 03:38 PM

දැන් ඉතින් පිටතැනක් නෙවෙයිනේ! (අ)

:       0       0

සිසිල් Thursday, 14 July 2016 07:13 AM

මහජනතාව මුලාකරන නාටක ලෙසයි අපි මේවා දකින්නේ (නි)

:       0       0

සිසිර කුමාර Thursday, 14 July 2016 07:20 AM

අපේ රටේ දුප්පත් මිනිස්සු එදාවේල කනහැටි බැලුවානම් මීට වඩා අර්ථවත්. මේවා රට රවට්ටන බොරු සෝභන. (ම)

:       0       0

අරුණ Wednesday, 13 July 2016 03:37 PM

හොද ලුණු අඹුල් ඇතිවම දෙකක කියල දුන්නා නම් තමා හොඳ (අ)

:       0       0

හේමන්ත Wednesday, 13 July 2016 03:42 PM

තමන්ගේ ජාතිය පවා දෙන කාන්තාවක් (අ)

:       0       0

තිලංක Wednesday, 13 July 2016 04:13 PM

මට නම් මේවා පෙනෙනකොටත් තරහයි (නි)

:       0       0

ප්‍රියදර්ශනී බණ්ඩාර Thursday, 14 July 2016 07:36 AM

කලතා හැන්ඳ පදමට ලුණු දමා වරෙන් ,රටවල් බෙදා විනකර දැන් මුන්ගේ බලෙන් .කරනා විනාශය පෙනුනද ?මැද පෙරදිග ගින්නෙන් .කපනා වලක දැන් වැටිලා අනුනට මුන්ගේ පවෙන් , (බ)

:       0       0

නිහාල් Wednesday, 13 July 2016 04:42 PM

මට නම් පෙනෙන්නේ මේවා අපිට දාන සෝබන වැඩ කියලයි. (නි)

:       0       0

තිස්ස Wednesday, 13 July 2016 05:23 PM

අපේ මර්වින් මහත්තයා කලින් වගේ විවාහ යෝජනාවක්වත් ගෙනේවිද මන්දා? (නි)

:       0       0

ලලිත් Wednesday, 13 July 2016 05:40 PM

පබිලිස් එහෙ යයිද නැත්නම් මෙයා මෙහෙ නවතියිද කියලයි මම මේ කල්පනා කරන්නේ. (නි)

:       0       0

ඉන්දු Thursday, 14 July 2016 08:16 AM

මම හිතුවේ මාධ්‍ය සංදර්ශනවලට දක්ෂ අපේ අය විතරයි කියලයි..(ම)

:       0       0

ලලිත් Thursday, 14 July 2016 10:53 PM

මොකක්හරි බරපතල වැඩකටයි සූදානම් වෙන්නේ. සිංහලයින්ට කෑම දැකපු ගමන් සේරම අමතක වෙනවා. උතුරේ අයට ආගම ධර්මය ගැන කී ගමන් එකත්පස්ව ඉන්නවා. අන්තිමට මොන ගිනිගෙඩියක් වෙයිද මන්දා? (නි)

:       0       0

රජිත් මංජුල Wednesday, 13 July 2016 09:02 PM

ලංකාවේදී කිරට මිරිසට දඩමස් උයලා කාලා ඇමරිකාවට ගිහින් කියන්නේ වෙන කතා (නි)

:       0       0

සත්‍යයා Wednesday, 13 July 2016 09:21 PM

පබිලිස් වගේ කෙනෙක් රටේ මීළඟ ජනාධිපති කෙරුවොත් අඩු වශයෙන් ජාතියට රහට හරි කන්න දේවි. අැමෙරිකාවත් උදව් දෙන්න ඉඩ තියෙනවා. (නි)

:       0       0

සුසිත තිලකරත්න Wednesday, 13 July 2016 10:09 PM

රටම කාලා යන්නකෝ... (නි)

:       0       0

ලලිත් Wednesday, 13 July 2016 10:14 PM

ඉවරයි. පබිලිසුත් ඉවරයි. කාට සාස්තරේ දුන්නත් දුරින් හරි ඉන්දියාවට ගෑවුණ කෙනෙකුට සාස්තරේ දුන්නොත් ඉවරයි. තව මාසෙකින් දෙකකින් ගුජරාටි කොම්පැනි වලින් පබිලිස්ගේ කෑම ලෝකෙටම අපනයනය කරයි තලප්පාවක් බැඳගත් කෙනෙකුගේ ෆොටෝ එකකුත් ලේබල් එකට දාලා. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 14 July 2016 11:03 PM

පබිලිස් එක්ක එකතුවෙලා ඉවුවා කියන්න පුලුවන්නේ (නි)

:       0       0

දනුක Wednesday, 13 July 2016 11:30 PM

ඔබතුමිය කිසිම දවසක වැරදි දෙයක් කියා නැහැ. හරි දේ කිව්වේ. නීතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය එක්ක මේ ගැන කතා කරලා වැඩක් නැහැ. බලය බෙදීමකට නම් අපි විරුද්ධයි. (නි)

:       0       0

සිළිඳු Thursday, 14 July 2016 03:12 AM

පබිලිස් මහත්තයා ළඟකදී කේන්දරේ එහෙම බැලුවේ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ලසන්ත Thursday, 14 July 2016 03:31 AM

මෙහි ඉහළ ඇති ප්‍රතිචාර දුටුවහම අපි කොච්චර මෝඩ නුගත් ජාතියක්ද කියලා දුකත් හිතෙනවා. ඉන්දියාවේ ඉපදී ඇමරිකාවේ ඉහළම තනතුරක් දරන්නට දක්‍ෂතාවයක් තියෙන අය තවත් කොපමණ ඉන්නවද? අපි ඒවාට ගරහන අය නොවී ලංකාවෙන්ද එවන් දක්ෂයන් බිහිකිරීමට උදවුවීමට කාලය ඇවිදින්. (නි)

:       0       0

ගජබා Thursday, 14 July 2016 10:26 AM

ඔය හදන්නේ අපේ මිනිස්සුන්ගේ හිත දිනාගන්න බොරු පාට් දාලා. එතකොට ඒගොල්ලන්ගේ අදහස් අපේ ගොන් සෙට් එක උන්ගේ කතා වලට අහු වෙලා රට පාවල දෙයි කවදාහරි .. (ම)

:       0       0

යමුනා Thursday, 14 July 2016 04:12 AM

බලන්න කොච්චර නපුරු සිතුවිලි ද අපේ කට්ටිය ලියල තියෙන්නේ කියල. හැම දේම ගැන සැකෙන්නේ බලන්නේ. (ම)

:       0       0

ටෙරන්ස් Friday, 15 July 2016 02:15 AM

අනේ මේවා දැකලා අැඟේ මාලු නටනවා අපේ (නි)

:       0       0

විද්‍යා Friday, 15 July 2016 02:19 AM

කොහොමහරි අපි අපේ වැඩේ කරගන්න ඕනෑ. මේ නෝනා වගේ උගතුන් ලෝකයේ සිටින්නේ අතලොස්සයි. ශීලාචාර මිනිසුන් ලෙස සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳාගන්න ඕනෑ. පසුගිය රජයේ විදේශ සේවයට පත්කළේ නෑදෑ හිතමිත්‍රයෝ. සමහරු අන්තර්ජාතික ප්‍රශ්න විසඳා ගැනීමට සුදුසු අය නෙමෙයි (නි)

:       0       0

විමලදාස Thursday, 14 July 2016 01:27 PM

කාලෙකට පස්සේ අද වෙන්න ඇති කුස්සියකට ආවේ (නි)

:       0       0

සෑම් Thursday, 14 July 2016 06:11 AM

ලසන්ත, අැමෙරිකාවෙන් ඉහළ තනතුරු දෙන්නේ ඇයි කියලා හිතාගන්න බැරිද? කොන්ද පණ තියෙන ඇමෙරිකන්කාරයෝ නොකරන තරම් වැඩ කරන්න සූදානම් නම් අපිත් ඇමෙරිකාවේ. (නි)

:       0       0

සමිත් Wednesday, 13 July 2016 01:01 PM

කුස්සියට නෙමෙයි මෙයාව දන්නා ඕනි (හේ)

:       0       0

මංගලිකා Wednesday, 13 July 2016 01:13 PM

රහට උයන්න පුළුවන්ද දන්නේ නෑ.(හේ)

:       0       0

දුමින්ද Thursday, 14 July 2016 06:15 AM

වෙනසකට ඔබින දේශපාලන සූපවේදිනියක් (නි)

:       0       0

උද්දික Thursday, 14 July 2016 01:40 PM

එයාලට ඕනෑ දේවල් අපේ අය කරලා දෙයි. අපේ ලක්ෂ 62ම ඔහේ බලාඉඳියි (නි)

:       0       0

රාමා Wednesday, 13 July 2016 01:25 PM

බොරු සෝබන වැඩ. කවදාද දන්නේ නැහැ අන්තිමට එහේ කුස්සියකට ගියේ. (නි)

:       0       0

ධම්ම Wednesday, 13 July 2016 01:36 PM

ඇමරිකාවෙන් ඇවිල්ලා දැන් නාටකත් පෙන්නනවා. (නි)

:       0       0

රත්න Thursday, 14 July 2016 06:38 AM

පබිලිස්ට හොරා මෙතුමිය කෑමවලට එකතු කරන දේවල් එක්ක අපේ මහත්තුරු කෑවහම මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නවරත්න Wednesday, 13 July 2016 02:28 PM

පුදුමයි මේවාට අපේ අය වැරදි නොකියන එක (නි)

:       0       0

නිම්මි Wednesday, 13 July 2016 02:34 PM

අනේ විකාර! වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

ලසන්ත Wednesday, 13 July 2016 02:48 PM

මෙහේ කෑමත් කලා, කෑමත් උයලා ගිහින් මෙයා මොනවා කියයිද දන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 77 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1736 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4641 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3418 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3524 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site