IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බූස්ස කඳවුර හිමිවරුන්ට තහනම් කලාපයක්

( අමල් වික්‍රමරත්න )

ජාතිය බලමුළුව සංවිධානයේ හිමිවරුන්ට හෝ  එම සංවිධානයට අයත් නොවන කවරහෝ හිමිනමකට හෝ අක්මීමන දයාරත්න හිමි ඇතුළු පැමිණෙන තැනැත්තන්ට හා වාහනවලට රෝහීන්ග්‍යා සරණාගතයන් රඳවා සිටින රැදවුම් කදවුර පරිශ්‍රය සහ ඒ අවට ඇති මාර්ගවල රැදී සිටීම හෝ ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම තහනම් නියෝගය රත්ගම පොලිස් ස්ථානාධිපති කමල් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමක් අනුව නිකුත් කෙරිණ.

බූස්ස බන්ධනාගාර පරිශ්‍රයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් බූස්ස රැදවුම් කදවුර පිහිටි ප්‍රදේශයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස්වලින් එල්ලවිය හැකියැයි අපේක්ෂිත තර්ජනයකට මුහුණදීම සඳහා මෙලෙස ආරක්ෂාව දැඩි කර තිබේ.

සංවිධාන කිහිපයක් එම සරණාගත පිරිස්ට යම් බලපෑමක් එල්ල කිරීමට පැමිණෙතැයි සමාජ ජාලාවල සඳහන් වී තිබීම මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට හා උසාවි නියෝගයට හේතු වී ඇතැයි කියැවේ.



අදහස් (43)

බූස්ස කඳවුර හිමිවරුන්ට තහනම් කලාපයක්

බද්රානි Saturday, 30 September 2017 09:38 AM

ම්ලේච්ජ මිනී කන්නන්ගේ දේශයේ සරණාගතයෙක් වුණත් කමක් නැහැ අතට අහුවුණොත් ඉතින් මරාගෙනම කනවා.. එතකොට කෝ අර ඒ රටේ තිබුණු ධර්මය?

:       5065       4367

husen-riyadSaturday, 30 September 2017 10:36 AM

බද්රානි.., මේ අයට ධර්මයක් නැහැ. උඩින් චීවරය දාගෙන හිටියට පංචස්කන්ධයම ගන්න දෙයක් නැහැ. නැත්නම්.., අවතැන්වෙලා, අසරණවෙලා ධර්මද්වීපයට සරණක් හොයන් ආපු උදවියට යන යන තැනට ගිහින් කරදර කරනවද ශිෂ්ට සම්පන්න නම්...? අහෝ.. ධර්මද්වීපයකට වුණු දේ.

:       3420       3116

CitizenSaturday, 30 September 2017 05:10 PM

නමුත් මේ අය වෙන මුස්ලිම් රටකට ගියත් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. වෙනත් රටක මුස්ලිම් ජනතාවක් තවත් රටකට ගන්නේ නැහැනේ.

:       18       279

WijebahuSunday, 01 October 2017 02:18 AM

මේ සිවුරු ඇඳගත් රස්තියාදු කාරයින් පිරිසෙකි. මොවුන්ගේ අභීලාශය බුදු දහමට සහ ශ්‍රී ලංකික බෞද්ධයන්ට නින්දා අපහස ලොව පුරා ප්‍රචිලිත කිරීමය. මේ සිවුරුවලට මුවා වූ තක්කඩි පිරිස වහා අත්අඩංගුවට ගෙන සිවුරෙන් නිදහස් කල යුතුය. බුදුදහමට අපහස කිරීම සම්බන්දයෙන් නඩු පැවරිය යුතුය.

:       516       221

nimallalithaSunday, 01 October 2017 02:29 AM

උතුරේ සහ නැගෙනහිර ගොස් හෝ විල්පත්තුවට ගොස්අද සිංහලයාගේ තත්ත්වය බලන්න. අපි මේ සටන් කරන්නේ තනතුර උසස් කර ගැනීමට හෝ වෙනත් යමක් බලා පොරොත්තුවෙන් නොවේ. අපි වගේ අය එදා සිටිය නිසා අද සිංහලයෝ කියන අය සිංහලයන් වැඩි ප්‍රදේශ වල යහතින් ඉන්නවා. නැතිනම් අද සිංහලයන් කියන ජාතිය සිංහලයන් වැඩි පෙදෙස්වල සිටින්නේත් අසරණයන් වශයෙන්. මේ උපාසකයන්ට මම කරන්නේ එකම අභියෝගයි.මේ බලපෙරේත දේශපාලකයන්ට කියල හැකිනම් මඩකලපුව කාත්තන්කුඩියේ බෞද්ධ විහාරයක් සාදවන්න. එසේත් නැති නම් පාර මැද තිබෙන එළාරගේ පිළිරුව ඉවත් කරවන්න. මේ අභියෝගය කරන්නේ ඔබලාට පමණක් නොවේ. සිංහල දේශපාලන බල ප්‍රේතයන්ට සහ උන්ට මහා පරිමාණයෙන් ගති කම් කරන අයට. එකම පැතුම මරණින් පසු සිංහලයට වින කරන එවුන්ගෙන් පාලි ගත හැකි ආත්මයක් ලැබීම. එය ලැබුනහොත් ......

:       139       413

maheeSaturday, 30 September 2017 11:11 AM

සහතික ඇත්ත, බද්රානි. ඔවුන් අර මංගල කිව්වා වගේ චීවරධාරීන් පමණයි.

:       2065       1214

SAMANSaturday, 30 September 2017 12:18 PM

ඒ කියන ධර්මයයි, අපේ දේශයයි රැකගන්න තමයි මේ හදන්නේ. එහෙම නැතිව ඔබ කියල තියන විදියට කව්රුත් මෙතන මරාගෙන කන්න ගිහින් නැහැ. ඒ රටේ තිබුණු ධර්මය ඔබ එහෙටම ගිහින් අහගන්න.

:       1403       3397

ranaviSaturday, 30 September 2017 01:43 PM

සමන් මහතා අපේ රටේ තවමත් මේ තාක් දුරට හෝ ධර්මය ආරක්ෂාවෙලා තියෙන්නේ සාමාන්‍ය පුරවැසියන් නිසා. දේශපාලකයෝයිො, සමහර නමට පැවිද්දොයි මේවා සේරම නැත්තටම නැති කරලා... අද කරන්නේ පුද්ගලික වුවමනාවන්..

:       1329       1137

SusilSaturday, 30 September 2017 03:44 PM

"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධානුසාසනං ".. පරම සත්‍යය එයයි.

:       0       11

Yamuna Saturday, 30 September 2017 05:26 PM

අපි බෞද්ධයෝ... අපිට වෙනත් මාර්ගවලින්, වෙනත් තත්වයන්ගෙන් ප්‍රතිචාර දක්වන්න තියෙනවා. මේ මොහොත තුළ මුස්ලිම් බලපෑම් භූමියෙන් ඉවත් කළ යුතුයි.

:       168       357

Ajith NissankaSaturday, 30 September 2017 11:54 PM

මුස්ලිම් සරණාගතයන් ලංකාවට ආපු ප්‍රථම අවස්ථාව මෙය නොවේ! සිංහල රජ කාලයේ පටන්ම ඔවුන් මෙහෙ එනවා! පෘතුගීසි ලන්දේසි යටත් විජිතවල ඔවුනට ඇතිවන හිරිහැර නිසා සිංහල රජවරුන් ඔවුනට තමන්ගේ බල ප්‍රදේශ වල දේශපාලන රැකවරණ ලබාදීමට තරම් අපේ රජවරු කාරුණික උනා! නැගෙනහිර සහ උඩරට ප්‍රදේශ වලට මුස්ලිම් ජනතාව පැමිණියේ එලෙස! අද වගේ සමහර හාමදුරුවරු වගේ සිවුර උස්සගෙන එම සරණාගතයන්ට හිරි හැර කල බවට නම් අපේ ඉතිහාසයේ සඳහන් නැහැ! අවාසනාවකට සමහර ස්වාමින්වහසේලා දැන හෝ නොදැන හොර තක්කඩි දේශපාලුවන්ගේ හොර දෑත ශක්තිමත් කරන්න ඕන ජහ ජරා වැඩක් කරනවා! ලස්සන වැඩේ කියන්නේ එම දුෂිත චිවරධාරීන් අතලොස්සට ඇඟිලි දික්කරනකොට මහා සංඝරත්නයට මුවා වෙලා ගැලවෙන්න හදනවා! ඒ වගේම එලෙස සරණාගතයන් ලෙස සිංහල ප්‍රදේශ වල රැක වරණය ලබාගත් සමහර මුස්ලිම් ජනයා කළගුණ සලකලා තියෙන විදිය ගැනත් අපේ ප්‍රසාදයක් නැහැ!

:       393       154

pakayaSunday, 01 October 2017 07:30 AM

මොවුන්ව ඔවුන්ගේ රටවල් වලට යවන්න..

:       126       415

nisar Saturday, 30 September 2017 09:54 AM

විරෝධතාවය ඉංග්‍රීසියෙන් කරනවා නම් එයට අවස්ථාව ලබා දිය යුතුයි. එතකොට තමයි ලෝකයාට ඇහෙන්නේ. සිංහලෙන් කෑගහනවා නම් දේශපාලන අරමුණක් තියෙනවා.

:       1019       811

ranavi Saturday, 30 September 2017 10:04 AM

රෝහින්ග්‍යා සරණාගතයින් 55 ක් 2008 ලංකාවට ඇවිත් 2012 දී පිටත් කලා. ඒ කාලේ ජාතික කැක්කුම තිබුණු බලමුළු නරි රැලක් වගේ හැංගිලා හිටියේ. අද වර්ජන පිකටින් කරන්නේ පවතින රජයේ නොන්ජල්කම හින්දයි..

:       247       119

Srimala Saturday, 30 September 2017 10:07 AM

ඇත්තට අපිට මේ ගැන ලැජ්ජයි. රෝහීන්ග්‍යා සරණාගතයන් දරුවන් 16 වැඩිහිටි 15 යි... මොන ජාතියක මොන ආගමක වුණත් සරණාගතයින්ව භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස්වලින් එල්ලවිය හැකියැයි අපේක්ෂිත තර්ජනයකින් ආරක්ෂා කිරීමට සිදුවීම.... අනේ අපොයි අපේ නිර්මල බුදු දහමට කරන හානියක්...

:       1517       1306

C.K.Lankaputhra Saturday, 30 September 2017 11:06 AM

දෙවියනේ බුද්ධාගමට ගිය කලක් මේ අය නිසා.

:       619       521

Hafeel Saturday, 30 September 2017 11:11 AM

2008 සහ 2012 වසරෙත් රාජපක්ෂලා බලයේ ඉන්න කොටත් මෙම සරණාගතයින් මෙම රටට පැමිණියා. එතකොට පාරට නොබැහැපු මේ හිමිවරු දැන් මෙහෙම කටයුතු කිරීම කාගෙහරි පටු අරමුණවල් ඉටුකිරීම සඳහාද?

:       2091       2011

හිරු Saturday, 30 September 2017 11:35 AM

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න.

:       1126       1412

ලුම්බිණි Saturday, 30 September 2017 01:35 PM

බුදු දහම අපකීර්තියට පත් නොකර ඉන්නවා නම් නේද හොඳ හාමුදුරුවරුනේ?

:       43       12

nimal Saturday, 30 September 2017 02:18 PM

සමන් ධර්මය ආරක්ෂා කරනවා කියන්නේ ධර්මය අනුව හැසිරෙන එකයි. අධාර්මිකව හැසිරිලා එම ධර්මයේ උගන්වන, පටහැනි විදිහට හැසිරිලා කොහොම ද ධර්මය රකින්නේ? ඔය කෑගහන්නේ ජීවන මාර්ගයක් විදිහට සසුන් ගත වූ අය. එයාලා ධර්මය ඉගෙන ගෙන නැහැ.

:       819       1101

naushiSaturday, 30 September 2017 03:27 PM

නිමල් මහත්තයාගේ කතා සම්පූර්ණ ඇත්ත. අපේ රටේ මනුස්සකම රැකිලා තියෙන්නේ නිර්මල බුදුදහම පිළිපදින කාරුණික හදවත් ඇති සාමාන්‍ය මිනිසුන්ගෙන් මිස ධර්මය කියාදෙන අයගෙන් නොවෙයි.

:       273       126

samanSunday, 01 October 2017 04:48 AM

ධර්මය ආරක්ෂා වෙන්නේ අපි ආරක්ෂා උනොත් නේද? අපි ආරක්ෂා වෙන්නේ අපේ රට ආරක්ෂා උනොත් නේද? රටේ නායකයා කියන පුද්ගලයා පත්තර බලලා කරුණු කාරණා දන ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි .එතකොට ඔබ තුමා කියන විදිහට ජීවන මාර්ගයට හරි සසුන් ගතවෙලා ඉන්න අය කෑ ගහලා හරි ඉතිරි කර ගත්ත දෙයක තමා ඔබතුමාටත් ජීවත් වෙන්න වෙන්නේ.

:       330       571

wasantha Saturday, 30 September 2017 02:53 PM

හාමුදුරුවනේ, මෛත්‍රිය යන වචනයේ අරුත පළමුව වටහා ගන්න. නිර්මල බුදුදහමට අගෞරව කරන්න එපා.

:       387       626

PRABATHSaturday, 30 September 2017 08:31 PM

සෙනරත් රජතුමාගේ මෛත්‍රීය තමයි දැන් අපි දැන් අත්විදින්නේ...

:       8       254

sarath Saturday, 30 September 2017 03:24 PM

මේ උනන්දුවම ,නැගෙනහිර පන්සල් කඩන ඒවා බේරගන්න තිබුන නම් ,මිනිස්සු ඉස්ලාම් අන්තවාදය ට තියෙන භය නැති කරගනී. කොයි කෙසේ වෙතත් සරණාගතයින් එක්ක අන්තවාදීන් ඇතුල් වෙනවා කියන එක යුරෝපේ වෙන සිද්ධි වලින්ම පැහැදිලි වෙනවා.ආණ්ඩුවට කිසි සුදානමක් නැහැ මේ පිළිබඳව. මිනිස්සුන් ගේ හැසිරීම ආණ්ඩුවේ කල් මැරීමේ ප්‍රතිඵලයක් .නැතිනම් ලන්දේසි සමුලඝාතනය කරන්න ගිය මුස්ලිම් අනාතයින්ට රජ කාලේ සලකු විදියත් අද විදිහත් අතරේ වෙනසක් වෙන්න වෙන හේතුවක් නැහැ....

:       29       217

minipe Saturday, 30 September 2017 03:58 PM

ධර්මය නම් ආරක්ෂා කල යුතු දෙයක් නොවේ. එය විශ්වාසයක් පමණි.

:       49       57

susantha Saturday, 30 September 2017 04:30 PM

හුසේන්, ඔයා ධර්මය ගැන අපේ හාමුදුරුවන්ට කියලා දෙන්න කලින්... අර සත්තු වගේ අනිකුත් මිනිස්සු මරණ මරන්න පොලඹවන උගන්වන ඔයාලගේ උන්ට කියන්න. මියන්මාර් වල අහිංසක භික්ෂූන් කපලා කොටලා, මරල වැඩේ වැරදුණාම රටින් පැනල දැන් අහිංසකයෝ වෙන්න හැදුවට එහෙම වෙන්නේ නැහැ. ලංකාව තවත් මියන්මාරයක්, බංගලාදේශයක් වෙනවට අපිත්, බෞද්ධ හාමුදුරුවොත් කැමතිත් නැහැ. වෙන්න දෙන්නෙත් නැහැ. එ්ක හොඳට මතක තියාගන්න.

:       1       359

K Perera Saturday, 30 September 2017 05:33 PM

දැන් බලනකොට අපේ රටේ මනුස්සකමක් ගෑවිලාවත් නැත්තේ භික්ෂූන්ට සහ දොස්තරවරුන්ටනේ! අනේ අනිච්චං!

:       237       517

sarath Saturday, 30 September 2017 06:04 PM

නමුත් නීත්‍යනුකූල පුරවැසිකම නොලැබුණත් හොර රහසේ මෙරටට ගොඩබසින රෝහින්ග්‍යා සරණාගතයන්ට මුස්‌ලිම් ජාතිකයන් බහුතරයක්‌ වෙසෙන පළාතක රහසේම ජීවත්වීමේ හැකියාවක්‌ නොමැති ද යන්න කෙනෙකුට ප්‍රශ්න කළ හැකි වේ. ඇත්තෙන්ම සමාජය තුළ පවතින්නේ එම අනියත බියයි. වර්තමානයේ ලෝකයේ සිදුවන බොහෝ යුද ගැටුම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා දෙස ඇස්‌ ඇර බලන විට කෙනෙකුට එසේ පෙනීම සාධාරණ සිතිවිල්ලකි. මිනිසුන් ජාතියක්‌ හෝ වර්ගයක්‌ ලෙස වෙන් කොට ලිවීමට අකමැති වුවත් අකමැත්තෙන් වුවද ලිවිය යුත්තේ අද ලෝකයේ අැති බොහෝ ගැටම්වලට මුලපුරා ඇත්තේ මූලධර්මවාදී මුස්‌ලිම් ආගමිකයන් වන බවයි. ඔවුහු නිතැතින්ම ආක්‍රමණශීලී ප්‍රචණ්‌ඩ පිරිසක්‌ වෙති. නොසඟවා පවසන්නේ නම් මෙරට ජනතාව තුළ මතුයම් දිනකදී විය හැකි මූලධර්මවාදී ආක්‍රමණයක්‌ පිළිබඳ බියක්‌ තිබේ. ඊට උඩගෙඩි දෙන සිදුවීම් ඕනෑ තරම් පසුගිය දස වසක කාලය තුළ සිට මේ දක්‌වා සිදුවෙමින් තිබේ. විල්පත්තුව වනසා ජනාවාස ඇති කිරීම පිළිබඳවත් අමාත්‍යාංශය තුළ මුස්‌ලිම් පල්ලි ඉදිකිරීමට සැරසීමත් පිළිබඳවත් රිෂාද් බදියුදීන් ඇමැතිවරයාට මෙරට බහුතර සමාජයෙන් චෝදනා එල්ල වන්නේ ඒ නිසයි.

:       10       252

චාමර Saturday, 30 September 2017 06:35 PM

කොහෙද අර කියන ධර්මය...? බුදුන් ගෙනාපු අවිහිංසාව. ධර්මයේ කියන්නේ අන් අයට මෙත් ගුණ වඩවන්න කියලයි නේද?

:       240       76

PA-RA Sunday, 01 October 2017 01:35 AM

මියන්මාරයේ මේ මිනිස්සු බෞද්ධ මිනිසුන්ට කරපු වැඩ වලට අපේ රටේ මිනිස්සු නොදැන කතා කිරීම හරිම කැතයි. ලෝකයේ නොව යුරෝපයේ ගැටවලට අහුවෙන වට වඩා ඇත්තට ඉඩ දීම මානව හිමිකමකි අයිතියකි, අපේ හාමුදුරුවරු ඔය සරණාගතයින්ට අවැඩක් කරලා නැහැ, ඔවුන් කියන්නේ වැරදි කරුවන් මේ භූමියේ තිය ගන්න එපා කියලා.

:       16       360

Ahinsaka Sunday, 01 October 2017 01:43 AM

එක්දහස් නමසිය අසුගණන්වල ජවිපෙ භීෂණය නිසා සිංහල බෞද්ධ අය විශාල වශයෙන් බටහිර රටවලට ගොස් දේශපාලන රැකවරණ පතා සරණාගතයින් වුනා. ඔවුන් අතර සාමාන්‍ය ජනතාව මෙන් ජවිපෙ සාමාජිකයින්ද ජවිපෙ නායකයින්ද සිටියා. ඒ අතර මා හොඳින් දන්නා ගාල්ලේ බෞද්ධ පන්සලක වැඩසිටි ස්වාමින් වහන්සේ දෙනමක්ද සිටියා. ඊට අමතරව තවත් සියගණනක් ස්වාමින් වහන්සේලා රටෙන් පලාගියා. සමහරු මේ රටවලට ගොස් සිවුරු විසිකරලා ඩෙනිම් කලිසම් සහ ටී ෂර්ට්ද, සමහරු ටයි කෝට් ද ඇඳගෙන මහණකම හැරගිය අවස්ථාද තිබුණා. ඔවුන් එංගලන්තය, කැනඩාව, ඇමෙරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවල සරණාගතයින් වී දැන් එහි පුරවැසියන්ද වී ඉතා හොඳින් වාසය කරනවා දැකීම සතුටකි. සමහරුන් ලංකාවට විදේශ විනිමය ගෙන එන සම්පතක්ද වුනා. LTTE කලබල කාලයේ විශාල වශයෙන් දමිල ජනතාව ඉන්දියාවට සහ විදේශ රටවලට පැනගොස් එහි සරණාගතයින් වුනා. ඒ හැම රටකම ඔවුන්ට හොඳට සැලකුවා. ඉතා මෑතකදී වයස 21ක රෝහින්යා තරුණියක් සිංහල බෞද්ධ පොලිස් නිලදාරියෙක් විසින් අසනීපයකට කළුබෝවිල රෝහලේ නැවතී සිටියදී පැහැරගෙන ගොස් දුෂණ කර ඇති බවද ලංකාවේ සහ විදෙස් මාධ්‍ය මගින් මා දැන දැනගතිමි ...

:       343       185

rocky Sunday, 01 October 2017 03:32 AM

බෞද්ධයෙක් වන මගේ ගෙදරත් මෙතැන් සිට හාමුදුරුවන්ට තහනම්!සිවුර පෙරවා ගත්ත මෙම ම්ලේච්ඡයන්ගෙන් ආරක්ෂා වී සිටිය යුතුයි. බුදු අම්මෝ, මටනම් මේ භයානක පිරිසගෙන් පාංශකූලයවත් එපා! සිවුරක් දකිනකොටත් ඇඟ හිරිවටෙනවා!අනේ අපොයි, බුද්ධාගමට ගිය කල. බුදුන් වහන්සේ අද පහල වුනොත් උන්වහන්සේ වෙනත් ආගමකට යන්න වුනත් පුළුවනි!

:       543       173

maheeSunday, 01 October 2017 08:26 AM

රොකී, මමත් ඔබ සමගයි. මමත් මේ දන්දීම නවත්වල දැන් අවුරුද්දකට වැඩියි. මම කරන්නේ වැඩිහිටි හා ළමා නිවාසවලට උපකාර කිරීමයි. මගේ ගෙදර අයටත් මම කියලා තියෙන්නේ මම මැරුණහම පාන්ශුකුල දෙන්න එපා, වැඩිහිටි නිවාසෙකට දානයක් දීලා මට පින් පමුණුවන්න කියලයි.

:       309       27

chandana Sunday, 01 October 2017 03:54 AM

මේ රට ව්‍යසන වලින් රැක ගැනීමේදී එදත් අදත් පෙරමුණේ හිටියේ සංඝරත්නය. අපේ කාදිනල්තුමත් (මම සිංහල කතෝලික බැතිමතෙක්) මේ රටේ හාමුදුරුවරුන්ට තියන අනන්‍යතාව ඉතාම පැහැදිලිව දක්වලා තිබුණා. දේව වචනය අනුව "ඒ කම්මුලට ගහද්දි මේ කම්මුලත් ගහන්න ඇල්ලුවනම්" අද වතිකානුවෙත් ISIS ධජය උස්සලා. මේ සරණාගතයෝ මියන්මාරයේ හමුදාවට ගහන්න ගිහින් ඒ රටෙන් පන්නපු කට්ටියක්. ඒ දවස්වල යුද්දේ තියෙද්දී අපේ රටේ හිටපු "තස්ත්‍රවාදීන්ව" වෙන රටක් බර අරගෙන සත්කාර කරොත් අපිට කොහොමද හිතෙන්නේ? අනික මේ සරණාගත තස්ත්‍රවාදීන් එකට මේ රටේ හිමිකම දෙන්න වෙහෙසෙන්නේ අන්තිම ජාතිවාදී, කැළෑ පාළු මුස්ලිම් දේශපාලකයන් පිරිසක්. ඒක නිසා ඔය දරුවෙක් මල්ලෙක් නැති උදවිය

:       606       1159

nisarSunday, 01 October 2017 06:33 AM

ලුම්බිණියයි බරණැස් නුවරයි පරංගියා වතිකානුවට මාරු කෙරුවේ අවිහිංසාවෙන් වෙන්න ඇති.......

:       227       28

srimalaSunday, 01 October 2017 06:51 AM

මියන්මාරයේ ඉස්ලාම් තස්ත්‍රවාදීන් ඉන්න බව ඇත්ත , නමුත් හැම මුස්ලිම් මිනිහම තස්ත්‍රවාදීන් නොවේ.අපේ රටෙත් දෙමළ කොටි තස්ත්‍රවාදීන් හිටියට කොච්චර අහිංසක දෙමළ මිනිසුන් ඉන්නවද ? ඔවුන් සියලුදෙනා තස්ත්‍රවාදීන්ද ? 83 සිංහල ත්‍රස්තවාදීන් දෙමල මිනිසුන් මරනකොට ඔවුන්ගේ ගෙවල් ගිනි තියනකොට ඔබ , අපි සියලුදෙනා එම ත්‍රස්තවාදී ගණයට වැටුනේ නෑ නේද ?

:       101       513

Nuwan Sunday, 01 October 2017 04:43 AM

සිල් රෙදි සොරුන් බේරා ගැනීමට සතියකට පෙර අතට ගත් පාත්‍රය සෝදා වේලා, පත් කඩෙන් පිස දමා නැවත දෝතට ගෙන, මෛත්‍රී සිත් පෙර දැරිව, අප රටට පැමිණි අනාථ පවුල් පහක් වෙනුවෙන් එකම එක ආහාර වේලක් සපයා දීමට පිණ්ඩ පාතේ වැඩියා නම් ඔබ වහන්සේලා වෙනුවෙන් මොන තරම් නම් ලෝක පිළි ගැනීමක් ඇති වෙයිද? ඔය කණ්ඩායමේ සිටින එක පිරිමි දරුවෙකු බුද්ධශාසනයට ඇතුලත් කරගැනීමට යෝජනා කළා නම් දෙවිවරු පවා සාධුකාර නොදෙද්ද? සමහර විට මියන්මාරයේ පවතින ආගමික යුද්ධය පවා නතර වීමට ඒ පිණ හේතු වාසනා නෙවෙයිද?

:       309       247

sampath Sunday, 01 October 2017 06:40 AM

සරණාගතයන් ගැන සිතනකොටනම් දුකකි ..නමුත් අපිවත් කෙමින් කෙමින් සරණාගතයන් වෙන බව තමයි මේ හිමිවරු කියන්නේ ..අපේ රටේ බොහොම සීතල යුද්දයක් තියෙනවා කියල දැනෙනවා ...අපේ ඉඩම් අපිටත් හොරෙන් නොවටින තරම් මුදල්ගෙවා ලබාගන්නවා .විල්පත්තුවට මොකද වෙන්නේ ..???.අපේ මිනිස්සු හරිම පෙරේත, තම ගැන විතරක් හිතන බව මුලු ලෝකයම දන්නවා එක නිසා තමයි මේ හිමිවරු පුනපුනා කියන්නේ මව්බිම රැකගන්න කියල .තාම තේරෙන්නේ නෑ ටිකක් කල් යාවි ..එතකොට ප්‍රමාද වෙලා තියේවි .අපිට යන්නම් තැනක් නැත ..

:       40       287

kumar (galf) Sunday, 01 October 2017 06:57 AM

මේ තමා තිරිසන් බව, සිවුර දාගෙන හිටයත් ලෝගුව දාගෙන හිටියත් එකම තමා, ISIS ලා තලෙයාබාන්ලා මියන්මාරයේ හාමුදුරුවරු අපේ ලංකාවේ සත්තු වගේ හැසිරෙන හාමුදුරුවරු, ඔක්කොම එකම වංසේ අය.

:       544       311

Nuwan Sunday, 01 October 2017 06:59 AM

භික්ෂු සංගායනාවක් තියන්න කාලය නැවත උදාවී ඇත

:       66       113

Akash Sunday, 01 October 2017 07:36 AM

අපේ හාමුදුරුවනේ....ඔය කාලකන්නි ජීවත්වෙන රටේ ඉපදීම ගැන කනගාටුවෙන්න...අපේ රටේ මුස්ලිම් පාලනයක් ගොඩ නගන්න වැඩ කරගන්න, එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔබ වහන්සේලා ජාතිවාදීන්වෙලා ඉන්නේ සිංහල කාලකන්නි වෙනුවෙන් කතාකරන නිසා විතරයි. අපිට අපේ රටේ වැඩ කරන්නවෙලා තියෙන්නේ අනුන්ගේ රටක ඉන්නවා වගේ.

:       356       859

nimallalitha Sunday, 01 October 2017 09:09 AM

සිංහලයේ අනාගතය, අනාගත සිංහලයාගේ අයිතිය ගැන සටන් කරන අපිට බනින, තමාගේ ඉඩමෙන් අඟලක් හෝ අල්ලපු ඉඩමට යා වුවහොත් මරා ගන්න මේ උපාසකයන් විවාහ වුයේ මන්ද? එතන අය එසේ කරන නිසාද? තම දරුවන්ට අල්ලපු ගෙදර නැතිනම් වෙනත් මිනිසෙකුගේ වාසගම නොතබා තමන්ගේම වාසගම තැබුවේ මන්ද? තමන් ජාතක කල ඒ දරුවන්ට ඉපදුණා නම් ඔහේ කියා නොසකලා හරින්නේ නැතුව ලොක්කෙකු කරන්නට උත්සාහ කරන්නේ මන්ද? තමනේ බිරින්දෑව , බිරින්දෙක් නැති අයෙකු පාමින් ඉල්ලා සිටියහොත් පින් තකා නොදෙන්නේ මන්ද? මෙන්න මේ හේතු නිසා තමයි අපේ වුවමනාවට හෝ වෙනත් කරුණකට හෝ උපදින අනාගත සිංහලයන් වෙනුවෙන් මේ රටේ ඉතිරි හරිය හෝ රැක ගැනීමට අපි උත්සාහ කරන්නේ...

:       47       174

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 437 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 596 1

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 600 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 578 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 662 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 1074 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2027 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site