(ජේ.කේ.එල්. චාමින්ද සහ ජයන්ත සමරකෝන්)
බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45 දෙනොගෙන් අද (13) උදෑසන වනවිට ආහාර ගැනිමේ වර්ජනයේ නිරතව සිටින්නේ රැඳවියන් 20 දෙනෙකු පමණක් බව බුස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි.
දැනට විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 25 දෙනෙකු ආහාර වර්ජනයට සහාය නොදී ආහාර ගැනීම සිදුකරන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. එම රැඳවියන් අතර පොට්ට නවුෆර්, සහරාන්, ආමි සම්පත්, කැවුමා ඇතුළු පිරිසක් සිටින බව බන්ධනාගාර ආරංචි මර්ග සදහන් කරයි.
මේ අතර ආහාර වර්ජනයේ නිරතව සිටියදී හදිසියේ අසනීප වීමෙන් බුස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කරණු ලැබු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාට ප්‍රතිකාර කිරිමෙන් පසු යළි බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් ඇති බවද බන්ධනාගාර කාර්යාලය පවසයි.
මොහු ප්‍රතිකාර සදහා බුස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඊ.සි.ජි පරික්ෂණයට ලක් කිරිමෙන් පසු බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් තිබේ. මේ අතර පොඩි ලැසි, වෙලේ සුදා, නිරෝ , ඔස්ටින් ඇතුළු පිරිසක් තවමත් ආහාර වර්ජනයේ නිරතව සිටිති.
ආහාර ගැනීමේ වර්ජනයක නිරතව සිටින විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් සඳහා ඥාතීන් හමුවීමේ අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර පාලන අධිකාරිය තීන්දු කර තිබේ.
ඉල්ලම් කිහිපයක් මුල්කරගෙන විශේෂ අංශයේ රදවා සිටින රැඳවියන් ඉකුත් 10 වැනිදා සිට ආහාර වර්ජනයක නිරතව සිටිති. කොරෝනා සමයේ විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් සදහා සිය ඥාතින් සමග දුරකථනයෙන් කථා කිරිම සදහා එක් රැදවියකුට විනාඩි 5ක කාලයක් ලබා දි තිබුණි.
ඉරිදා හා බදාදා දින යන වල දින දෙකෙන් ඕනැම දිනයක මෙම රැදවියන්ට එම අවස්ථාව හිමිව තිබිණි. කොරෝනා වසංගතය පහව යාමත් සමග විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් බැලිම සදහා ඥාතීන්ට අවසර ලබාදිමත් සමඟ දුරකථන මගින් ඥාතින් සමග කථා කිරිම අවස්ථා නවතා දමනු ලැබිය.
යළි ඥාතීන් සමඟ දුරකථන මාර්ගයෙන් කථා කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලිම, ඇතුළු ඉල්ලිම් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් ආහාර වර්ජනයේ නිරතව සිටිති.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බූස්සේ තවත් 8දෙනෙක් කන්න යති
sunil Sunday, 13 September 2020 06:08 AM
මොවුන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න... රට හදන්නම් ජනාධිපතිතුමනි..
jagath Sunday, 13 September 2020 07:29 AM
අපි නම් හිතුවේ ගුටිකන්න යනවා කියලා...
මුණසිංහ Sunday, 13 September 2020 08:30 AM
මං එක පාරට දැක්කේ 8 දෙනෙක් කනත්තට යති කියලා වගේ...
Nihal Monday, 14 September 2020 03:34 PM
එහෙම වුණා නම් අපිටත් කිරිබත් තමයි...
චින්තක Sunday, 13 September 2020 10:42 AM
මේ දරුණුතම අපරාධකාරයින්ගේ අහාර වර්ජනයේ සැබෑම සිද්ධිය සඳහන් කරලා නැහැනේ. එනම්, කිසිම පරීක්ෂාවකින් තොරව තමන්ව හමුවෙන්න පැමිණෙන ලෝයර් මහත්වරුන්ට ඉඩ දෙන්න කියන එක. බන්ධනාගාරේට කුඩු සහ ආයුධ ගෙනියන එක නවත්වන්න ඇමතිලා, මන්ත්‍රීලාගේ ඉඳන් බන්ධනාගාරේම ලොක්කවත් චෙක් කරද්දී මේ මුදලට ආත්මය විකුණන කළු කෝට්කාරයින් චෙක්නොකර හරි යනවද? මම හිතන්නේ රටේම ජනතාව බලාපොරොත්තු වෙච්ච උත්තරේ ඊයෙම ආරක්ෂක ලේකම්තුමා දුන්නා. "බඩගිනි හැදුණම කයි" කිව්වා. ඇත්තටම අපි රට වෙනුවෙන් මැතිවරණයේදී පාවිවිචි කරපු ඡන්දෙට දැන්නම් සැබෑ වටිනාකමක් ලැබිලා තියනවා කියලා පොඩි ආඩම්බරයකුත් අපේ හිතේ තිබෙනවා..
sharm warn Monday, 14 September 2020 05:05 AM
මැරෙන්න දෙන්න අනේ. නඩුවල වියදමත් ඉතුරුයි. කූඩුවේ තියාගෙන කරන නඩත්තු වියදමුත් ඉතුරුයි. හෙංචයියන් ලවා කරන ජාවාරමුත් නිකන්ම ඉවර වෙයි... හරිම අහිංසක ඉල්ලීම් ටිකක් නේ.. පව් දෙයියනේ..
මතය Monday, 14 September 2020 07:07 AM
සමාජයේ නීතිගරුක සහ විනයගරුක පුරවැසියන්ට සහ ආර්ථිකයටද දැරිය නොහැකි හානියක් කරන මෙවැනි නැවත නැවත අපරාධ කරන භයානක පිළිල, තිරිසන්නු අඩුම වියදමකින්ම ඉවත් කරන්න.