IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බස්-කාර් හැපී තිදෙනෙක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 13.1  බන්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී ඊයේ (23) සවස ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කල බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඇඟලුම් සේවිකාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය කියයි

තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත

මෝටර් රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දිසාවට  ධාවනය වෙමින් තිබියදී  එම  දිශාවටම ධාවනය වෙමින් තිබූ ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථය මෝටර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ  පුද්ගලයන් දෙදෙනකු ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට හා බස් රථයේ ගමන් ගත් ඇඟලුම් සේවිකාවක ට අනතුරෙන් තුවාල සිදුවී ඇත

පානදුර ඇඟලුම්  කර්මාන්තශාලාවක සිට බියගම ඇඟලුම් කර්මාන්තශාලාවක් වෙත  ඇඟලුම් සේවිකාවන් 25 ක් දෙනෙකු   ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර වී ඇත

තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම වල්ගම නුගේගොඩ සහ කැලණිය පදිංචිකරුවන් ය

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි

අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත  

බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත

   දක්ෂිණ    අධිවේගී  වාහන කොට්ඨාසය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂක පොලිස් අධිකාරී අනුරාද මහින්දසිරි  සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරළගේ  මහත්වරුන් ගේ උපදෙස් මත ගැලනිගම රථවාහන පොලිසියේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන 14612 සම්පත්  13516 පත්මසිරි  මහත්වරු පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

බස්-කාර් හැපී තිදෙනෙක් රෝහලේ

Silva Friday, 24 November 2023 08:56 AM

වරදට අදාල රියදුරාගේ රිදුරැ බලපත්‍රය සදාකාලිකවම අවලංගු කල යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 186 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 112 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 271 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 121 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 632 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1333 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site