ඩීසල් සහනය ගිවිසුමකින්ම ඉල්ලා පෞද්ගලික බස් අද රටපුරාම වර්ජනය කිරීම නිසා පාසල් සිසුන් සහ කාර්යාල සේවකයෝ අතුලු ජනතාව දස දහස් ගණනින් අතරමංවූහ.
අතරින් පතර ධාවනය වූ පෞද්ගලික බස්රථ වලට ද, දිගටම ධාවනය වූ ශ‍්‍රී ලංගම බස්වලටද ස්ථාන කිහිපයනදී පහර දී ඇත. මාතර පොලොන්නරුව පෞද්ගලික බසයට වල්ගම දී ද, අමිපාර අමිබලන්ගොඩ ශ‍්‍රී ලංගම බසයට පඹුරණදී ද ප‍්‍රහාර එල්ල වී ඇත. බොහෝ පළාත් වල පොලිස් විශේෂ බලකාය ආරක්ෂාව සඳහා කැඳවා තිබූ බව මීට ස්වල්ප වේලාවකට පෙර අපේ ප‍්‍රාදේශීය වාර්තාකරුවෝ පැවසූහ.
ඡායාරූප - සරත් සිරිවර්ධන/ තිලිණි ද සිල්වා
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බස් ගමන නවතී
නිලාන් වික්‍රමසේකර Monday, 13 February 2012 08:43 AM
Rs 84 ට තිබුණ ඩීසල් 1L දැන් Rs 115 සාදාරණ විදියට ඉතින් බස් ගාස්තු වැඩිවෙන්න ඔන. ඕක දැන් නෙමෙයි තෙල් මිල වැඩිකරන්න කලින් රජයට බලන්න තිබුන එක ගැන
නාමල් විජේරත්න Monday, 13 February 2012 08:59 AM
දුවන බස් වලට ගහන්නේ වැඩකට නැති මිනිස්සු. මගීන් යන්නේ කොහොමද කියල හිතන්න ඕන..
රන්දීක Monday, 13 February 2012 09:10 AM
ඔහොම යන් .. ඔහොම යන්..
දර්ශන Monday, 13 February 2012 09:11 AM
වර්ජනය සාර්ථකයි. 95% බස් නැත. ඉන්ධන මිල වැඩි කිරීම ගැන රජයට බලවත් විරෝධය. විශේෂයෙන්ම භූමිතෙල් භාවිත කරන ජනතාවට කාගේ සරණක්ද?
ශ්‍රීලාල් Monday, 13 February 2012 09:32 AM
අසරණ අපි තමයි අමාරුවේ වැටෙන්නේ..
ජීවන් Monday, 13 February 2012 09:39 AM
මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අපි අනාතයි..
කසුන් Monday, 13 February 2012 09:41 AM
අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු.. ආණ්ඩුව කතරන වැඩ නිසා අපිට අපේ රස්සාවලටත් යන්න බෑ. මේකට මොකක් හරි විසදුමක් ලබා දෙන්න..
අශාන් Monday, 13 February 2012 09:45 AM
අපේ ලංගමය හොදට තිබුණනම් ඔය ප්‍රශ්න නැහැනේ..
ඩී එම් පී Monday, 13 February 2012 11:42 AM
මේ අවස්තාවේදි මගින් ගැන හිත හිතා ඉන්න් ගියොත් මගීන් හැම්දාම පරදයි මොකද පුද්ගලික බස් හිමියන්ට පාඩුවිඳින්න මේ කර්මාතය කරගෙන යන්න බැහැ. මේකට සාධාරණ විසඳුමක් උවමනා වෙනව. මේ මිනිස්සු ඉල්ලන්නෙ බස් ගාස්තු වැඩිකරන්න කියල නෙව්යි.
ඩී එම් පී ගාමිණී Monday, 13 February 2012 12:31 PM
මේ අවස්තාවෙදි මගින් ගැන හිත හිතා ඉන්න් ගියොත් මගීන් හැම්දාම පරදයි. මොකද පුද්ගලික බස් හිමියන්ට පාඩුවිඳින්න මේ කර්මාතය කරගෙන යන්න බැහැ.මේකට සාධාරණ විසඳුමක් උවමනා වෙනව. මේ මිනිස්සු ඉල්ලන්නෙ බස් ගාස්තු වැඩිකරන්න කියල නෙව්යි. ඉන්දන සහනාදාරයක් ඉල්ලල එතකොට ඒ සහනාදාරය ලැබෙන්නෙ මගීන්ට ආණ්ඩුව කරපු කරන හැම අසාධාරණයකටම රටේ මිනිස්සු කටවහගෙන හිටපු නිසා තමයි පාලකයො ඕන ඕන විදිහට නටන්නෙ. හරිනම් රටේ ජනතාවත් මේකට හවුල් වෙලා සහයෝගය දීල මේ ඉන්දන මිල වැඩිවීමට එරෙහිව වීදි බහින්න ඕන.
ඉන්ද්‍රජිත් Monday, 13 February 2012 02:59 PM
අශාන් කියනවා ලංගමේ තිබුන නම් මෙහෙම නැහැ කියල. එතකොට ඉතින් පාඩු පිට ඔහේ දුවාවි. ඒකෙ පාඩුව ගෙවන්න වෙන්නේ මහජනතාවටම බව මේවා කියනකොට හිතෙන්නේ නැත්ද? ඔයාලට ඕන කොහොම හරි අදට යන ගමන යන්න බස් එකක් විතරද?