IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


බස් ගාස්තුව සියයට 10 කින් වැඩිකරන්න’යි ඉල්ලයි


 
 
 
(මහින්ද නිශ්ශංක)

ඩීසල් මිල නැවතත් වැඩි කිරීම නිසා බස් ගාස්තුව ද සියයට 10කින් පමණ වැඩිවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඉකුත් මැයි මාසයේ සියයට 12.5කින් බස් ගාස්තුව වැඩි වූ පසු මේ වනවිට ඩීසල් මිල රුපියල් 14කින් වැඩි වී ඇති බැවින් අනිවාර්යයෙන් බස් ගාස්තු වැඩිවීමක් ලබාදිය යුතු බව ද ඔහු කීය.

මේ සඳහා බදාදා (12) සිට රජයට දින තුනක් ලබාදෙන බව ද ඒ මහතා පැවසීය.



අදහස් (11)

බස් ගාස්තුව සියයට 10 කින් වැඩිකරන්න’යි ඉල්ලයි

Asanka Tuesday, 11 September 2018 11:55 AM

අපේ පඩිත් වැඩි වන තෙල් වලට සමානව වැඩිකළ යුතුය

:       0       20

amila Tuesday, 11 September 2018 12:43 PM

රටක අනෙකුත් බොහෝ වියදම් රඳා පවතින්නේ ඉන්ධන මිල අනුවයි. සූත්‍රයෙන් ඉන්ධන මිල වැඩි අඩුවීම මත එම සියලු වියදම් හැම මාසයකම උච්චාවචනය විය යුතුයි. වියදම් පමණක් නොව රජයේ, පෞද්ගලික අංශ වල ශ්‍රමිකයන්ගේ පඩියට අමතරව සෑම මසකම අඩු වැඩි වන පරිදි ඉන්ධන දීමනාවක් ලබා දිය යුතුයි.

:       0       25

rocky Tuesday, 11 September 2018 01:25 PM

පෞද්ගලික බස් සේවය වහාම අහෝසි කරන්න! සී.ටී.බී. එක නගා සිටුවන්න!

:       0       23

ranjith Tuesday, 11 September 2018 01:37 PM

හැකි හැම අවස්ථාවකම දුම්රියෙන් හෝ ලංගම බස් වලින් යන එක තමයි හොද. පුද්ගලික ඒවගේ රෙගුලාසි බලනවට වඩා

:       0       23

OMG Tuesday, 11 September 2018 01:52 PM

මේ කැඩිච්ච ගණන් වලින් බස් ගාස්තුව වැඩි කරන්න එපා. අපිට ඔයගොල්ලන් එක්ක රණ්ඩු වෙන්න බැහැ. ඔයගොල්ලන් කතා කරන්න දන්නා හරි විනීත උදවියනේ. ඉතින් වැඩි කරනකොට 20, 30, 40, 50 කියලා ගණන් දාන්න. දෙපැත්තටම පහසු වෙනවා.

:       1       24

ධනුෂ්ක Tuesday, 11 September 2018 02:50 PM

මේ අවසානය නොවේ මෙයයි පටන් ගැන්ම. ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යන එක අැත්ත. නමුත් ලංකාවේ අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිල, අධික බදු අාදිය ගත් විට මෙවන් වැඩි වීමක් ජනතාවට දරා ගත නොහැකිය. අාණ්ඩුවටද සුලු උච්ඡාවචනයක්වත් මාස කිහිපයක් හෝ දරා සිටීමට අාර්ථික හැකියාවක් නැත. මෙය පැවති හා පවතින අාණ්ඩු දෙකේම නොහැකියාව, හොරකම, නාස්තිය, දූෂණය නිසා වුන දෙයක්. ජනතාව ඉදිරියේ දී වෙන දේවල් පසෙක තබා තුන් වේල කාලා ජීවත් වීමේ අභියෝගයට මුහුන දිමට සූදානම් විය යුතුයි. පැවති අය බලයට අාවත් මොනව කරන්නද? ඔවුන් කරන්නෙත් පරණ පුරුදු දේම තමා. මොකද එතන අලුත් අය නෑනේ.

:       0       65

Jagath Tuesday, 11 September 2018 03:14 PM

මේ අය ඉතින් බස් ගාස්තු වැඩි කරගන්නේ කොහොමද කියල බලන් ඉන්නේ

:       0       0

chathuri Tuesday, 11 September 2018 04:23 PM

තෙල් මිල වැඩි වෙන්න කලින් බස් ගාස්තු වැඩි කරනවා. ජනතාව කියන මුදල. ගෙවලා සත්තු වගේ බස් එක ඇතුලේ ඉන්නේ දාඩිය දාගෙන, ගද උහුලාගෙන එකා පිට එකා නැගගෙන මේවට. සහනයක් දෙන්නේ කවදාද. පිටරටවල තියෙන නිතිය මේවටත් ගෙන්න ඕන. අධිසුඛෝපබෝගී බස් රථ, පිරිසුදු ඔක්සිජන්, සීමිත මගී ප්‍රමාණයට හිටගෙන යාමට කොන්දෝස්තරගේ කෑමොර දෙන ඒක නතර කරන්න ඕන අය කරන මුදලට උපරිම පහසුකම් දෙන්න ඕන

:       0       23

OMGWednesday, 12 September 2018 04:58 AM

නොවෙනා දේවල් ගැන කතා කරන්න එපා. අපරාදේ අපේ ශ්‍රමය. මොවුන්ගේ ජීවිත මහපාරේ නිසා පුළුවන් තරම් කොට කොට අපේ ජීවිතත් මහ පාරටම ඇදලා දානවා.

:       0       1

game eka Tuesday, 11 September 2018 10:59 PM

ඕස්ට්‍රේලියාවේ ෂෙඩ් එකෙන් ෂෙඩ් එකට ගාන වෙනස්. ඒ වගේම දවස ගානේ එක පාරක්, දෙපාරක් විතර එකම ෂෙඩ් එකේ ගාන වෙනස් වෙනවා. එහෙමයි කියලා වෙන ගාස්තුවල වෙනසක් වෙන්නේ නෑ.

:       0       0

OMG Wednesday, 12 September 2018 05:03 AM

පුද්ගලික අංශයේ සේවාවන් ඉතා ඉහළයි. පුද්ගලික බස් සේවාව හැර. මොවුන් බෙරිහන් දෙන්නේ හරියට අපිව නිකන් ගෙනියනවා වගේ. සල්ලි දීලා බැනුම් අහන එකම සේවාව මේක තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 793 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 366 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 506 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1328 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 781 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4644 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site