IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බස් දෙකක නින්දගිය ලීසිං ලොක්කාගේ ලක්ෂ පහේ මාලය කඩාගෙන

(බී.ජි. චතුරංග)

රථවාහන ලීසිං සමාගමක අනුරාධපුර ශාඛාවේ විධායක නිලධාරියකු සිය නිවෙස බලා ගමන් කරද්දී බස් රථ දෙකකදීම නින්ද ගොස් යළි තවත් බස් රථයක් බලාපොරොත්තුවෙන් පාළු පෙදෙසක බස් නැවතුමක සිටියදී කොල්ලකරුවන් දෙදෙනකු පැමිණ ඔහුගේ ලක්ෂ 5ක් පමණ වටිනා රන් දම්වැල පැහැර ගෙන යාමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවේ.

සිද්ධියට මුහුණ දුන් තරුණ නිලධාරියා මැදවච්චියේ තම නිවෙසට අනුරාධපුරයේ සිට බස් රථයෙන් ගමන් කරමින් සිටියදී නින්ද ගොස් ගමනාන්තය පසු කර රඹෑව ප්‍රදේශයට ගොස් ඇත.

යළි ඔහු යාපනයේ සිට අනුරාධපුර බලා ධාවනය වූ බසයක නැග මැදවච්චියට ටිකට් පතක් ගෙන වාඩි වී ඇති අතර ටික වේලාවකින් යළි නින්ද ගියේය. මැදවච්චිය සිය ගමනාන්තය පසු කර ගොස් යළි අනුරාධපුරයට ආසන්නයේ පාළු පෙදෙසකදී ඇහැරි ඇති අතර කලබල වී යළි එම ස්ථානයෙන් බැස මැදවච්චියට යාම සඳහා බසයක් එනතුරු බලා සිටියදී එම බස් නැවතුමට පැමිණි දෙදෙනකු ඔහුගේ ලක්ෂ 5 කට ආසන්න රන්මාලය කොල්ලකා පලා ගොස් ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මෝටර් රථ ලිසිං සමාගමක විධායක නිලධාරියකු වන මැදවච්චිය, පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

රස්තියාදුවෙන් පසු යළි නිවෙසට ගමන් කිරීම සඳහා රාත්‍රී 11 ට පමණ රඹෑව වැලිඔය හන්දියෙන් මැදවච්චියට යාමට බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුම්පොළ අසල සිටියදී පැමිණි දෙදෙනකුගෙන් අයෙකු ඇමැතුමක් ලබා ගැනීම සඳහා පැමිණිලිකරුගේ ජංගම දුරකතනය ඉල්ලා ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී විධායක නිලධාරියා ජංගම දුරකතනය සැකකරුට ලබා දීමට සැරසෙනවාත් සමග අනෙක් පුද්ගලයා පැමිණිලිකරුගේ ගෙල බැඳි රුපියල් 4,80,000 රන්මාලය කඩා ගෙන රඹෑව දෙසට දිව ගිය බව පැමිණිල්ලේ සඳහන්වේ.

 



අදහස් (4)

බස් දෙකක නින්දගිය ලීසිං ලොක්කාගේ ලක්ෂ පහේ මාලය කඩාගෙන

Thilak Monday, 22 July 2024 06:27 PM

අද අපේ රටේ සිදුවන දේවල් දැනදැන ඇයි මේ රත්තරං මාල ගෙන ඇවිදින්නේ?

:       1       34

Prabha Monday, 22 July 2024 06:34 PM

ලීසින් සමාගමක්නේ..., කවුරුත් දුක් වෙන එකක් නෑ...

:       6       24

Dgsiriwardana Tuesday, 23 July 2024 05:49 AM

මේ රටේ පවතින දූෂිත හා බිහිසුණු සමාජ තත්ත්වය තේරුම් ගත්තෙ නැති මෝඩ පුරවැසියන් තාම ඉන්නවා.

:       0       4

sam Tuesday, 23 July 2024 06:57 AM

අහිංසක මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් අයකර ගත්ත සල්ලි වලින් ගත්ත මාලයක් .ඒකයි ස්වභාවධර්මය දඬුවම් දීලා තියෙන්නේ

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 808 1

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 292 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 215 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2223 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3118 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2236 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36902 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24344 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 577 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site