IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බස් ධාවනයට වෙනම මංතීරුවක් ?

කොළඹ නගරයේ මගී ප‍්‍රවාහන බස්රථ ධාවනය සඳහා මාර්තු මාසයේ සිට මංතීරුවක් වෙන්කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මේ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව ද ඇමැතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී අද පැවති මෙගා පොලිස් වැඩසටහන සම්බන්ධ සාකච්ඡාවකට එක්වෙමිනි.

දැනට බස් ඇතුළු බර වාහන වමෙන් පැදවිය යුතු යැයි පොලිසිය කියන නමුත් බොහෝ රියදුරන් එම උපදෙස් නොපිළිපදින බව මගීහු කියති.



අදහස් (0)

බස් ධාවනයට වෙනම මංතීරුවක් ?

විජිත් Monday, 04 January 2016 01:33 PM

මෙතුමා මේ ක්‍රමය කොපි කලේ පැරිසියෙන්.ආයේ දෙකක් නැහැ.හොඳයි බොරුද..?ඉතාමත් ආරක්‍ෂිත ක්‍රමයක් පැරිසියේ නම්. අපේ රටේ කොහොමද කියලා බලමුකෝ. (ස)

:       0       0

සුනිල් Tuesday, 05 January 2016 04:21 AM

හෙට අනිද්දා බස් ලොක්ක එලියට බැහැල එක පාරක් සද්දයක් දැම්මම මේ ඔක්කොම කතා හබක්! (ම)

:       0       0

නිමල් Monday, 04 January 2016 01:52 PM

බස් මං හදන්න පෙර ඊට හරියන විදියට පාරවල් හදල හිටියනම් හරි නේද. කොළඹ අවට පාරවල් අපායවල් වගේ. (බ)

:       0       0

නීල් Monday, 04 January 2016 01:59 PM

බොහොම හොද වැඩක්. සුබ පතනවා (බ)

:       0       0

උද්දික Monday, 04 January 2016 02:09 PM

කොළඹ කොටුවේ ගිය ආණ්ඩුව මගින් මෙය ක්‍රියාත්මක කළා. දැනටත් පොලීසිය නීති මගින් මෙය උල්ලංඝනය කළොත් දඩ ගහනවා. බොරු කියනවා නිමල් ඇමතිතුමා (බ)

:       0       0

සුරංග Monday, 04 January 2016 02:54 PM

සුපිරි වැඩක්..(බ)

:       0       0

අමල් Monday, 04 January 2016 05:18 PM

එතකොට අනිත් වාහන? (නි)

:       0       0

ශානක Monday, 04 January 2016 09:12 PM

මේවා කරන්න පෙර මාර්ග හරියට හදා හරියට නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)

:       0       0

කමනි Monday, 04 January 2016 09:19 PM

අනේ හොඳයි. ඕවා අපේ ජීවිත කාලය ඇතුළත කරන්න. මොකද අපිත් ආසයි මරණ බයක් නැතුව මහ පාරෙ යන්න. ඒත් ඉතින් මේකට විරුද්ධව පුද්ගලික බස් ස්ට්‍රයික් කරනකොට ඒකට පිළියමකුත් කල්පනා කරගෙන ඉන්න වෙයි. (නි)

:       0       0

ලලිත් Monday, 04 January 2016 10:47 PM

වැඩේ නම් හොඳයි. එහෙත් කමිටුවක් කියනකොට බය හිතෙනවා. කමිටුවට තීරුබදු රහිත වාහන ගෙනල්ලා, වෙනමම කාර්යාල පහසුකම් දීලා වැඩේ පටන් ගන්නකොට කවදා වෙයිද? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 05 January 2016 06:32 AM

මම දන්නේ නැහැ ඔය කියන විදිය හරියටම මොක්කක්ද කියල. බස් සදහා පමණක් තීරුවක් තමයි සුදුසුම ක්‍රමය. එම තීරුවේ වෙන වාහන වලට යන්න ඉඩ නොදිය යුතුයි. එතකොට බස් එකක් මාලඹේ සිට කොලඹට විනාඩි 15න් යන්න පුළුවන්. කොට කොට ඉන්න ඕනිත් නැහැ. අපිට එතකොට කාර් එක ගෙදර දල හොඳ බස් සර්විස් එකක් තියේනම් බස් එකේ විනාඩි 15න් කොලඹට යන්න පුළුවන්. පැය ගනන් පාරේ කාර් එකේ දුක් විඳිනවට වඩා. (ස)

:       0       0

චානක Tuesday, 05 January 2016 01:26 AM

හැමදාම කමිටු පත්කරනවා ඇරෙන්න කිසිකෙනෙකුට හරියට වැඩක් කරගන්න බැහැ. වැඩේ පටන් ගන්නකොටම කමිටුවෙන් නතරවෙනවා. ඊට එහා යන්න බැහැ (නි)

:       0       0

බන්ධුල Tuesday, 05 January 2016 01:46 AM

ඔස්ට්‍රේලියාවෙ බස් මංතීරු ක්‍රමය සාර්ථකව තිබෙනවා. (ස)

:       0       0

සෑම් Tuesday, 05 January 2016 02:07 AM

මේකට වෙන් කරන්න වෙන්නේ වම් පැත්තේ මං තීරුවයි . මොකද නොනවත්වා යන වාහන වලට අනිත් ලේන් ලබා දිය යුතුයි. මගීන් නැග්ගවීම බැස්සවීම කරමින් බස් රථ වමේ ගමන් කලොත් නගරාසන්නයේ පැයට සැතපුම් දෙකතුනකට වඩා වේගයක් ලැබෙන එකක් නැහැ . වමට හරවන වෙනත් වාහන වලටත් මේ මං තීරුවේ ගමන් කිරීමට ඉඩ දිය යුතු වෙනවා .දකුණු මං තීරුව බස් වලට දුන්නොත් මගීන් නැග්ගවීම බැස්සවීම කරන්නේ කොහෙද ? (ස)

:       0       0

ෆර්හාන් Tuesday, 05 January 2016 02:49 AM

ගාලු පාරේ බස් මංතීරුවක් තියෙනවා, එත් බස් ඔක්කොම මංතීරු වල. (ස)

:       0       0

නුවන් Tuesday, 05 January 2016 03:04 AM

ගාලු පාරෙ සහ කොළඹ අතුලත ගිය රජය මෙය ක්‍රියානත්මක කළා. ඒක පොලීසිය ඉදිරියට ගෙන නොයාමයි වෙලා තියෙන්නෙ. (ස)

:       0       0

ප්‍රභාත් Tuesday, 05 January 2016 03:16 AM

දැනටමත් කොළඹ පාරවල් වල ලියල තියෙනවා "බස් ලේන් " කියල ඒ උනාට බස් කාරයෝ යන්නේ නෑ. පොලිසිය ඔහේ බලන් ඉන්නවා. මේකේ අදහස් දාන ඒකාල කොළඹ පැත්තේ ගියපු අය නෙමෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 787 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 905 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1627 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2048 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 524 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1069 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35818 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site