IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බස් ප්‍රශ්නයට ජනපතිගෙන් කමිටුවක්

වර්ජනය කළ බස් සංගම් නියෝජිතයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේ දී බස් හිමියන්ගේ ගැටළු විසඳීමට පාර්ශව කිහිපයක් නියෝජනයවන පරිදි කමිටුවක් පත්කළ බවත් එම කමිටුව සඳුදා (05) සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. අයවැයෙන් යෝජනා වූ රුපියල් 25,000ක දඩ මුදල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේ දී එකඟ නොවූ බවත් බස් හිමියන්ගේ ගැටළු නව කමිටුවේ නිර්දේශ මත විසඳීමට එකඟවූ බවත් දැනගන්නට ඇත.



අදහස් (0)

බස් ප්‍රශ්නයට ජනපතිගෙන් කමිටුවක්

සුසිල් Saturday, 03 December 2016 04:45 AM

දඩය නම් පස්සට ගන්න එපා, එහෙම කලොත් මේ අය මගීන්ගෙ ඔළුවෙත් නගීවි. (ර)

:       0       0

සෑම් Saturday, 03 December 2016 04:46 AM

"කමිටුවක් පත් කිරීම" මගින් රටේ තියන ඕනෑම බරපතල ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් . (ර)

:       0       0

රන්ජන Saturday, 03 December 2016 05:03 AM

දඩය නම් පස්සට ගන්න එපා (ර)

:       0       0

රන්ජන් Saturday, 03 December 2016 05:12 AM

වැරදි නොකර රිය පදවනවානම් දඩ ගෙවන්න වෙන්නේ නැහැ මිනි මරන්න ඉඩ දෙන්න එපා (ර)

:       0       0

සමන් Saturday, 03 December 2016 05:22 AM

වැරදි නොකර සිටීමට වටපිටාව සුදානම් කිරීම හොද ප්‍රවිශ්ටයක්. ත්‍රි වීලර් හෝ පෞද්ගලික බස් ජනතා ප්‍රසාදය ලත් ව්‍යාපාර නොවේ. වැරදි වලට උපරිම දඩ ගහන්න. දඩ අකුලාගෙන වැරදි කරන්න සිතාන ඉන්න අයට උඩ ගෙඩි දෙන්න එපා. (ර)

:       0       0

ලියනගේ Saturday, 03 December 2016 05:22 AM

එතකොට කමිටු තීරණය ලැබෙන තුරු ඒගොල්ලෝ ස්ට්‍රයික් ද? (ර)

:       0       0

රසික Saturday, 03 December 2016 05:26 AM

දඩය තවත් වැඩි කළ යුතුයි . (ර)

:       0       0

තිලංක Saturday, 03 December 2016 05:32 AM

දඩය නම් පස්සට ගන්න එපා (නි)

:       0       0

කල්‍යාණ Saturday, 03 December 2016 05:40 AM

යතුරුපැදිකරුවෙක් වැරදීමකින් මාර්ග නීතියක් කැඩුවොත් එයාට රුපියල් 25000 ක් ගෙවන්න වෙනවා. ඒක කෙනෙකුගේ මාසික වැටුප. එනිසා එවැනි දඩයක් ගෙවීමට අපට බැරි වෙනවා. එතකොට අපට හිරේ යන්නට සිදුවෙනවා. මේකද සාධාරණය? මේකද යුක්තිය? මේකද යහපාලනය? (නි)

:       0       0

නිත්‍යා Saturday, 03 December 2016 05:43 AM

බස් ටික රජයට පවරා ගන්න. කාඩ් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

වි. ජයපාල Saturday, 03 December 2016 05:43 AM

ජනාධිපතිතුමා රටේ විනයක් නීතියක් ඇති කරන්න සෑහෙන වෙහෙසක් ගන්නවා කියලා බහුතර ජනතාව තවමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. විශේෂයෙන්ම බස්කරුවන්ට දවස් දෙකකට වඩා වර්ජනය එක දිගට කරගෙන යන්න බැරි බව පෙනි පෙනිත් ඔවුන් ඉදිරියේ දණ නැමීම අනුමත කරන්න අමාරුයි. දඩ මුදල් සංශෝධනය කරන කමිටුවට මහාමාර්ගය භාවිතා කරන අනෙකුත් අයගෙත් නියෝජනයක් තියෙන්න ඕනෑ. මොකද වැඩිපුර වැරදි කරන අයටම දඬුවමක් තීරණය කරන්න දෙන එක සදාචාරාත්මක නැහැනේ (නි)

:       0       0

ශාන සෞදි Saturday, 03 December 2016 05:45 AM

දඩය නම් පස්සට ගන්න එපා. මේ නීතිය එපා කියන්නේ සාමාන්‍ය සිව්ල් ජනතාව නොවේ මාර්ග නීති උල්ලංගනය කරමින් මාර්ගයේ ගමන් කරන සියලු අනෙක් වාහන වලට මන් අහුරමින් හා පදිකයන් නොසලකා ජන ජීවිත බිලි ගනිමින් රථවාහන පදවන බස් හා ත්‍රීරෝද රථ රියදුරන් මේ අයට අවැසි ආකාරයට රටේ නීතිය ක්‍රියාත්මක කල යුතු නැත. දිනකට සිදුවන අනතුරු සැලකුවොත් වැඩිම ගානක් සිදුවන්නේ මේ දෙගොල්ලන්ගේ වරදින්. (ර)

:       0       0

නලින් Saturday, 03 December 2016 05:49 AM

කමිටුවේ නිර්දේශයෙන් දඩ තවත් වැඩිවේවායි පතමි. (ර)

:       0       0

ජනිත් Saturday, 03 December 2016 05:56 AM

ආණ්ඩුව ගත්ත හොඳම තීරණයක් මේක. (ර)

:       0       0

හුසේන් මොහමඩ් - රියාද් Sunday, 04 December 2016 03:23 AM

අපි දකිනවා රට රටවල්වල ජීවිත හානි සහ මාර්ග අනතුරු අඩුකරගෙන තියෙන්නේ, මාර්ග නීති තද කිරීමෙන් සහ දඩය වැඩිකිරීමෙන්. ඒත්, අපේ රටේ වගේ, ඒ නීතිවලට විරුද්ධව පෙළපාලි සහ ස්ට්‍රයික් කරන්න තරම් ඒ අය මෝඩ නැහැ. මොකද ඒ අයට වැටහීමක් තියෙනවා, මේ වගේ නීතිවලින් වෙන්නේ තමන්ට වගේම මුළු මහත් සමාජයටම වෙන්නේ සෙතක් කියල.(බ)

:       0       0

උපාලි Saturday, 03 December 2016 05:59 AM

වමෙන් ඉස්සර කිරීම හැර අනෙක් වැරදි පිළිබඳව කිසි ගැටළුවක් නෑ. ඒ වැරදි වලට යෝජිත දඩ මුදල ගැනත් එකගයි. පොඩ්ඩක් හිතල බලන්න. බොහොමයක් වාහන යන්නෙ දකුණු පැත්ත බදු අරගෙන වගේ. ඉබි ගමනින්. බැරිම තැන තමයි වමෙන් ඉස්සර කරන්න වෙන්නෙ .හැබැයි මෙහෙම වම් පැත්තෙ ඉඩ තියාගෙන දකුණෙන් වාහන යනකොට වම් පැත්තෙනුත් වාහන ගමන් කරන්න වෙනව එහෙම යනකොට ඉස්සර කරන්නත් වෙනව. එහෙමනම් කරන්න තියෙන්නෙ අර හයිවේ වල වගේ හැම පාරකම වමෙන් විතරක් ගමන් කරන්නත් ඉස්සර කිරීමට පමණක් දකුණු පැත්තෙන් යන්න නීති හදන්න ඕනේ . ඒ වගේම දකුණෙන් ඉබි ගමනින් යන ඉස්සර කරන්න ඉඩ නොදෙන වාහන වලටත් රු 25000 දඩේ ගහන්න ඕනේ . (ර)

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 04 December 2016 03:25 AM

ලෝකයේ බොහොමයක් දියුණු රටවල් මාර්ග නීති කඩ කරන අය සඳහා කරන ලද වැරැද්දේ ස්වභාවය ට අනුව දඩ මුදලකට අමතරව (ඍණ)ලකුණු දෙන ක්‍රමයක් අනුගමනය කරනවා. වැරැද්ද කළ මොහොතේ (උදා: බීමත්ව රිය පැදවීම වැනි) වුනත් රියදුරු බලපත්‍රය අහෝසි කිරීමට මාර්ග පොලිස් නිලධාරීන්ට හැකියාව තියෙනවා. (බ)

:       0       0

දිල්ෂාන් Saturday, 03 December 2016 06:03 AM

ජනාධිපතිතුමනි මේ ගත් තීරණය වෙනස් කරන්න එපා.. (ර)

:       0       0

ජගත් ලියනගේ Saturday, 03 December 2016 06:09 AM

පෙරට තිබූ අඩිය පස්සට නං ගන්න එපා . මාසයක් උනත් වර්ජනය කරපු දෙන්. අපි ලංගම බස් වල අමාරුවෙන් හරි යන්නන් . රජය ඩිපෝ වලට මීට වැඩිය බස් ගෙනත් දීල ලංගම ය ශක්තිමත් කරන්න .(ර)

:       0       0

දහම් Saturday, 03 December 2016 06:16 AM

එතකොට මේ නීති ලංගමට නැත්තේ අයි? (ර)

:       0       0

රොහාන් Saturday, 03 December 2016 06:21 AM

වැරදි කරන්න අවසර ඉල්ලන එකම රට ශ්‍රීලංකාව ලැජ්ජාවේ බැහැ බස් සංගම සහ අනිකුත් සංගම මේ වර්ජනයට සහය දුන් සහ මහජනතවට හිරහැර වන ලෙස ක්‍රියාකළ සියලුදෙනාටම අපගේ විරෝදය. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 04 December 2016 03:45 AM

ජනාධිපතිතුමනි, එක දවසක ලංගම ලබාපු ලාභය ඉතා ඉහලයි. තවත් බස් 2000 ක් ගෙනත් සියලු මාර්ගවලට එක්කර ලංගමය දියුණු කරන්න. මාර්ග නීති කඩන අයගේ දඬුවම අඩු කරන්න එපා. ඉන් අනර්ථයක් වෙන්නේ මහා මග යන ජනතාවට සහ නීතියට අනුව වාහන පදවන ජනතාවටයි. සමහර බස් මාර්ගවල ලංගම බස් යොදවන්නෙම නැහැ . 356 බස් මාර්ගය එහෙම එකක්, බස් වර්ජනයෙන් එම මාර්ගයේ ජනතාව අනාත වුනා. (හේ)

:       0       0

රොෂාන් ලියනගේ Saturday, 03 December 2016 06:49 AM

ජනාදිපති තුමනි එකඟ වෙන්න නම් එපා.. (ර)

:       0       0

රත්න Saturday, 03 December 2016 07:07 AM

මුදල් ඇමති රටේ සාමාන්‍ය තත්වය ගැන දන්නේ නැහැ/හිතන්නේ නැහැ. රියදුරකු වරදක් කළා නම්, ආණ්ඩුව ඔවුන්ව මංකොල්ලකනවා වගේ නීති ගේනවා වෙනුවට සතියක්/මාසයක් වගේ කාලයක් රියදුරු බලපත් තහනම් කිරීමක් කර ඔහු නැවත නැවත සිදුකරන්නේ නම් දඩ සහ බලපත් අවලංගු කිරීම වඩාත් සාධාරණයි. දඩ මුදල් නැතිවීමෙන් වන අඩුව පියවීමට පසුගිය රජයේ සමයේ වංචා කළ මුදල් මෙන්ම මේ රජයේ සමයේ මහා බැංකුවෙන් කළ වංචනික මුදල් අයකිරීමට අවශ්‍ය කටයුතු කරන්න. (නි)

:       0       0

කමනි Saturday, 03 December 2016 07:09 AM

එතකොට මේ අයගෙන් මඟීන්ට වෙන කෙණහිලිකම් ගැන සොයන්න කමිටුවක් නැද්ද (නි)

:       0       0

නලින් Saturday, 03 December 2016 07:10 AM

ජනපතිතුමනි, දඩය අඩු කරන්න එපා. පොලිසියත් පගාව ගන්න එකට පියවර ගන්න. (නි)

:       0       0

ප්‍රවීන් Saturday, 03 December 2016 07:18 AM

පෙරට තිබූ අඩිය පස්සට නම් ගන්න එපා. මාසයක් වුණත් වර්ජනය කරපුදෙන්. අපි ලංගම බස් වල අමාරුවෙන් හරි යන්නම්. මගේ අදහස සමහර දඩ තවත් වැඩි කළයුතුයි (නි)

:       0       0

කෝලිත Saturday, 03 December 2016 07:24 AM

ඔය කමිටුවෙන් දඩ මුදල් තව වැඩිකරන්න (නි)

:       0       0

රුවන් Saturday, 03 December 2016 07:56 AM

තව වැඩිකල් ඕක අල්ලගෙන ඉන්න බැහැ. දැන් නියම පෞරුෂයෙන් වැඩ කරන්න කාලයයි (නි)

:       0       0

යසන්ත Saturday, 03 December 2016 07:59 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රේණුක Saturday, 03 December 2016 08:14 AM

1948 පෙබ.4 දා සුද්ද මේ රට ලංකාකරණය කරලා මනාව ස්පර්ශ කළ හැකි සුවිශේෂී වූ පරිපාලන ක්‍රමයක් එක්ක බාර දුන්නා. එදා සිට අද දක්වා රට කළ ප්‍රභූවරුයි, නාමික ප්‍රජාතාන්ත්‍රිකයොයි, හැව ඇරපු සමාජවාදියොයි, හොල්මන් රජවරුයි අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, විරැකියාව, ජීවන වියදම අවම කිරීම ආදී වූ මුලික අවශ්‍යතා ටිකෙන් ටික පියවරෙන් පියවර පරිහානිය කරා ඇදගෙන ඇවිල්ලා දැන් ගොඩ දා ගන්න බැරිම තැනට ඇවිල්ලා. (නි)

:       0       0

ගිහාන් ජනිත් Saturday, 03 December 2016 09:05 AM

මමත් මඟියෙක්. ඒ දඩ මුදල සාධාරණයි (නි)

:       0       0

චාමර Saturday, 03 December 2016 09:18 AM

වාහනයක රියදුරෙක් නම් මෙහෙම කියන්නේ නැහැ. අපි දන්නවනේ පාරේ යනකොට පොලිස් මාමලාගේ වැඩ! (නි)

:       0       0

සුජිත් Saturday, 03 December 2016 09:23 AM

මමත් රියදුරෙක්. නමුත් දඩය ඉවත් කරනවාට මමත් විරුද්ධයි (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 03 December 2016 09:25 AM

දඩ වැඩිකිරීම ඉතාමත් සුදුසුයි. නමුත් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා පොලිසියේ අත්තනෝමතික දඩ ලිවීමේ ක්‍රියාපිළිවෙතට තිත තැබිය යුතුයි. ඒ සඳහා ඩිජිටල් සාක්ෂි අනිවාර්ය කළයුතුය. (නි)

:       0       0

චාන්දනී Saturday, 03 December 2016 09:52 AM

මේ රටේ මිනිසුන්ගේ හැසිරීම රටට නින්දාවක්. නීතියක් ගෙනෙන හැම වෙලාවේම පාරට බැහැලා පහත් විදිහට හැසිරෙනවා. මිනීමරන එක නවත්තන්න කොහෙන්හරි පටන්ගත් එක අගය කළයුතුයි. නමුත් පාරවල් වල මාර්ග සලකුණු, පදික වේදිකා සහ පොලිසියේ විනය වගේ දේවලුත් ඉක්මනින්ම හදන්න. පාරේ අනතුරු වලට හේතුවෙන හැමදේම අවම කරන එකයි සුදුසු. (නි)

:       0       0

චින්තක Saturday, 03 December 2016 09:53 AM

දඩය නම් අඩු කරන්නම එපා. පුලුවන්නම් තව වැඩි කරන්න (නි)

:       0       0

සෙනවි Saturday, 03 December 2016 10:12 AM

පෝරකයට යන අයත් ඔයවිදියේ ඉල්ලුමක් කළොත් මොකද කියන්නේ. රජය රජ කරන්නේ දොස්තරලයි, කොන්දොස්තරලයි කියන විදියටද මන්දා !!! (නි)

:       0       0

විකී Saturday, 03 December 2016 11:06 AM

මොන ප්‍රශ්නය ආවත් ආපස්සට නම් එන්න එපා (නි)

:       0       0

රොකී Saturday, 03 December 2016 12:10 PM

මේ දඩය තවත් වැඩිකරලා ඒ මුදල් වලින් දේශපාලුවන්ගේ දීමනා තව තවත් වැඩි කරන්න! ඔය උඩින් අදහස් දාලා තියන මහත්තුරු කියන්නේ එහෙම වෙන්න ඇති. මෙහෙම දඩ ගැහීම හරිම අසාධාරණයි. ඊළඟට මේවට අනියම් වශයෙන් ගෙවන්න වෙන්නෙත් අපිටමයි කියන එක මේ උගතුන්ට තේරෙන්නේ නැහැ වගෙයි! (නි)

:       0       0

විපුල Saturday, 03 December 2016 04:14 PM

මෙතන මෙතරම් දඩ වැඩි කළ එක හරි කියල ප්‍රතිචාර දාන රියදුරන් අපිට පාරේ දැකගන්න ලැබෙන්නේ නැහැ . රියදුරෙක් අතින් වරදක් වෙන්නේ නැහැ කියල එක හෙලා කියන්න බැහැ.නීතියට වාහන පදවන රියදුරන් මෙතරම් පාරේ දැක ගන්න නැහැ.එක්කෝ මේ අය ඉන්නේ පිටරට නැත්නම් මගීන්. වරදක් කරලා වාහනේ පොලිස් මහතා නවත්තුවම ළගට යන්නේ ඔලුව කහ කහ . පුළුවන් අය කාටහරි දුරකථන ඇමතුමක් දෙනවා. බැරි එකා ගෙවනවා. හැබැයි බීමත් ව රිය පදවන එක විනාශ කාරී දෙයක් එහෙම කරන රියදුරු අවුරුදු පහක් පමණ වාහන පදවන එක නතර කරන නීතියක් ගෙන්න ඕනේ. (බ)

:       0       0

චාර්ලිස් දී සිල්වා Saturday, 03 December 2016 04:30 PM

මේවාගේ නෂ්ට ගති තියෙන ප්‍රයිවෙට් බස්කාරයින්ගේ බස් ටික රජයට පවරාගන්නේ නැත්තේ ඇයි..,? මුන්ට ඕන ඕන විදිහට සෙල්ලම් කරන්න දෙන්න නරකයි.. (බ)

:       0       0

විජේපාල Saturday, 03 December 2016 04:43 PM

මෙතන මේ දඩය පස්සට ගන්න එපා දඩය තවත් වැඩි කරන්න කියලා අදහස් දාලා තියෙන අය අතින්නම් කවදාවත් කිසිම වරදක් වෙලා නැතුව ඇති නේද? ඉදිද්රියේදී වරදක් වෙන්නෙත් නැතුව ඇති නේද? ඔය ලෝක වලින් පොඩ්ඩක් එලියට ඇවිත් පොලවේ පය ගහලා ජීවත් වෙන්න. අපේ රටේ පාරවල් වල වේගෙන් යන්න බැහැ. නමුත් 180 වේගෙන් යන්න පුළුවන් වාහන දවස ගානේ ගෙන්වනවා. පාරේ ත්‍රී රෝද වැඩියි කියන ගමන් දවස ගානේ අලුත් ත්‍රී රෝද රථ ගෙන්වනවා. හැම ගෙදරකම වගේ ගැහැණු අය පදින යතුරුපැදි තියෙනවා. මේ හැම එකක්ම ගමන් කරන්න මේ රටේ තියෙන්නේ කලින් තිබුන පාරවල් ටිකම නේද. දඩ වැඩිකරන්න කලින් අපේ රටට ඔරොත්තු නොදෙන තරමට වාහන ගෙන්වන එක නවත්වන්න ඕන. මිනිස්සු අතින් වැරදි වෙනවා. මාව වරදවා හිතන්න එපා. මම මේ වැරදි කරන්න අනුබල දෙන්න හදනවා නෙවෙයි. මම කියන්නේ වරදට දඩුවම් දෙන්න ඕන. දඩ ගහන්න ඕන. නමුත් ඒවා අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඔරොත්තු දෙන විදියටයි ක්‍රියාත්මක කරන්න ඕනා. කරුණාකරලා යථාර්තය තේරුම් ගන්න. (ර)

:       0       0

ලාල් Saturday, 03 December 2016 04:46 PM

හොඳ තීරණයක් ජනපතිතුමනි ඔබට ස්තුති (ර)

:       0       0

දසුන් Saturday, 03 December 2016 04:46 PM

ජිවිත නිරපරාදේ විනාස වෙන්නේ මේ රියදුරන්ගේ නොසැලිකිලිමත් ධාවනය නිසා. එය දන්නේ රිය අනතුරු වලින් අකාලයේ මියගිය අපේම මිනිසුන්ගේ හිත මිතුරන් පමණි. මෙම නිතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි. (ර)

:       0       0

යසන්ත Sunday, 04 December 2016 11:53 PM

කමිටු පත්කිරීම මේ රටේ සාමාන්‍ය දෙයක්නේ (නි)

:       0       0

ජයාත් Monday, 05 December 2016 01:46 AM

විජේපාල, වැරදීමකින් කොහොමද වමෙන් ඉස්සර කරන්නේ? වැරදීමකින් කොහොමද ඉරි කපන්නේ? බීලා එලවන්නේ? මේවා හිතාමතාම කරන වැරදි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 530 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4152 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1967 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8690 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1473 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40084 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site