(නිමන්ති රණසිංහ)
තලංගම කොස්වත්ත මංසන්ධියේදී පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පිස්තෝලයකින් පහරදී තුවාල සිදුකර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ දකුණු පළාත් සභා මන්තී‍්‍ර එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිද තාරකා පෙරේරා ලබන (13) දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත‍්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා නියෝග කළේය.
තලංගම පොලීසිය විසින් මෙම සැකකරුවන්, තුවක්කු ආඥාපනතේ 44 (අ) සහ 44 (ආ) සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 314 හෝ 316 වගන්ති යටතට ගැනෙන වැරදි සිදුකර ඇතැයි සදහන් කරමින් අධිකරණය වෙත බී වාර්තාවක් සමඟ ඉදිරිපත් කර තිබිණි.
එසේම, මෙම සිද්ධියට අදාළ පැමිණීලිකාර පුද්ගලික බස් රථ රියැදුරා තමන්ට පහර දුන් බවට දකුණු පළාත් සභා මන්තී‍්‍ර එම්. කේ. කසුන් මහතා විසින් පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එම සිද්ධියද අධිකරණය හමුවේ කැදවනු ලැබීය.
ඒ අනුව දණ්ඩ නිති සංග‍්‍රහයේ 314 හෝ 316 වගන්ති සමග කියැවෙන වරදක් මෙම සැකකරු සිදුකර ඇතැයි කියමින් පොලීසිය අදාළ බස් රථයේ රියැදුරු වූ කොළොන්නේ පදිංචි මිලින්ද සනත් සුගතපාල යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
එහිදී රුපියල් ලක්ෂ දෙකබැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට නියෝග කළේය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බස් රියදුරුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිය 13 දක්වා රිමාන්ඩ්
V.warnakulasuriya Sunday, 11 March 2018 08:42 AM
නැවතත් රාජපක්ෂ යුගයකට අපි යමින් සිටිමු. මන්ත්‍රීවරයෙකුට තබා ජනාධිපතිවරයාටවත් අයිති නොවන ක්‍රියාවක මෙම ගරු මන්ත්‍රීතුමා යෙදීම පිළිකුල් සහගතය.
ajith Sunday, 11 March 2018 09:18 AM
දැන් කවද්ද මේ අය ලෙඩ වෙන්නේ?
ඩෙන්සිල් Sunday, 11 March 2018 11:07 AM
මෙම පලාත් සභා මංත්‍රීවරයාගේ පියාද ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා නමි දැරැ පුද්ගලයෙක්.එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික හිතවෙතෙක්.මොවුන්ගේ හැසිරීම ඉතාම නින්දා සහගතයි. බලය නොමැතිව හැසිරීම මෙලෙසනමි මොවුනට බලය ලැබුනු පසු රටකට දෙවියත් ගේම පිහිටයි.
athula bandara Sunday, 11 March 2018 12:09 PM
අනේ මට නීතිය හා සාමය ඇමති කම ලැබුන නම්.
erdi Sunday, 11 March 2018 12:34 PM
තාත්ත කල දේ පුතා නොකොළොත් නොට්ටිගේ පුතාලු.දැන් ඇපත් ලේස්ති ඇති අර ලංකාවේ ඉන්න හරක් රවට්ටන ඕන නිසා සඳුදා එලියට දායි.
rocky Sunday, 11 March 2018 01:01 PM
මොනවා? බස් ඩයිවර උන්නැහේ ඔය වගේ පරුවත සයිස් ලොක්කෙකුට පහර දෙන්න තරම් මෝඩ කමක් කරාවි කියල හිතන්න අමාරුයි.
Chanak Los angeles Sunday, 11 March 2018 05:07 PM
කොහොමද පැමිණිලිකරු විත්තිකරු කරවන්න දේසපාලන බලවතා නීතිය නවන්න හදන හැටි... ඔවුන් දන්නවා ලංකාවේ නීතිය ඔවුන්ට නිකන් හිල් කුඩයක් කියා.
sanath Sunday, 11 March 2018 05:51 PM
CCTV තිබුනේ නැත්නම් මන්ත්‍රියි බිරිඳයි ඇපපිට එලියට රියැදුරා කූඩුවේ.
hewawitharana ny Sunday, 11 March 2018 08:26 PM
යුරෝපය හෝ ඇමෙරිකාවේ සෙල්ලම් පිස්තෝලයක් හෝ පෙන්වා තර්ජනය හෝ පහර දුන්න නම් අඩුම වශයෙන් අවුරුදු දහයක සිර දඬුවමකි
Perakum Monday, 12 March 2018 01:06 AM
දැන් මෙහෙම නම් පොහොට්ටු කාරයෝ බලයට ආවම කොහොම හිටීද...! දන්නව නේ මෙයා කාගේ කව්ද කියල.
aravinda Monday, 12 March 2018 07:25 AM
රන්ජි මල්ලි යනු දරුණු ගණයේ රාජපක්ෂ හිතවාදියෙක්.. ඒ අයගේ පුතාලට, ලේලිලාට එම මග ගමනක යනු පෙනේ. තුවක්කු දේශපාලනය... විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනෙක්ද මට්ටු කර ඇති බව සඳහන්ව ඇත. පොහොට්ටුව දින්න ගමන් පිළිවෙත එළියට එන හැටි අපූරුයි. මහ මැතිවරණය දින්නා නම් බස් ඩ්‍රයිවර් මහමගම තමයි. අනේ අපොයි!!! දේශේ හැටියට බාසේ.. පුරුද්ද ජන්මෙට වැඩිය ලොකුයිලු නේද?