IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බස් රියැදුරයි කොන්දයි පෝරකේට

අලව්වේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ වසා තිබූ රේල් ගේට්ටුවක් අතරින් බස් රථයක් ධාවය කැර,   බස් රිය දුම්රියක ගැටීමෙන් එහි සිටි මගීන් 41 දෙනකු මරා දැමීයැයි වරද කරු වූ  බසයේ රියදුරුට සහ අනියම් මිනීමැරීමට ආධාර අනුබල දුන්නැයි වරද කරු වූ කොන්දොස්තරට සිර දඩුවම් හා දඩද  නියම කළ කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද එම දෙදෙනාටම මරණ දඩුවම ද නියම කළේය.

2005 අප්‍රේල් 27 වැනිදා මේ අනතුර සිදුවිය.

පෞද්ගලික බසයේ රියදුරු   අබ්දුල් වාහිඩ් හප්රූල් සහ කොන්දොස්තර   මිල්ලවානේ ගෙදර බුද්ධික රුවන් කුමාර යන දෙදෙනා චෝදනා 27කට වරද කරු කළ මහාධිකරණ විනිසුරුවරයා එක් චෝදනාවට වසර 10 බැගින් වසර 270ක සිරදඩුවමක් ද, එක් චෝදනාවකට රුපියල් 5000 බැගින් දඩ ද නියම කළේය.

දඩ නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාසය බැගින් විසි හත් මාසයක සිර දඩුවමක්ද නියම කැරිණි.

 



අදහස් (0)

බස් රියැදුරයි කොන්දයි පෝරකේට

නාලක Monday, 08 April 2013 12:39 PM

මෙයාලගේ බස් වල යන අය මින්පස්සේ හොදට හිතලා නගින්න. (නි)

:       0       0

දම්මි Friday, 05 April 2013 06:51 PM

මිනිහෙකුගෙ ආයුකාලයට වඩා සිර දඩුවමක් දෙන්නෙ කොහොමද? (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 06 April 2013 08:06 AM

මෙම තීන්දුව නිසා මෙවැනි අනතුරු නැවත සිදුවීම අඩුවේවි. (නි)

:       0       0

අසේල Saturday, 06 April 2013 08:12 AM

කොන්දොස්තර තමයිලු ගේට් එක ළග නැවැත්තුවට පස්සේ බස් එක පිටිපස්සට ගිහිල්ලා පිටිපස්සෙන් එන අනිත් බස් එක දැකලා ගේට් එකෙන් එහා පැත්තට ඉක්මනට බස් එක දාන්න කියලා තියෙන්නෙ. එහෙම තමයි ආරංචි අපිට නම්. (නි)

:       0       0

තිලක් බණ්ඩාර Friday, 05 April 2013 07:01 PM

ඇමති පුතෙක් වගේ කෙනෙක් කොන්දා වුණා නම්? (නි)

:       0       0

දල්පතාදු Friday, 05 April 2013 07:15 PM

සමහර මිනීමරුවන්ට නම් නිදහස ලැබෙනවා. (නි)

:       0       0

රේණුක Saturday, 06 April 2013 09:55 AM

බෞද්ධ රටක් වුණාට කමක් නැහැ. මේ වගේ වගකීමක් නැති වැඩ කරන රියදුරන්ට මරණ දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

රංජිත් Saturday, 06 April 2013 10:16 AM

වැරදි කරන කාට වුනත් තරාතිරම නොබලා දඩුවම් ‍ලබාදීමට කදිම උදාහරණයක් !!! (ස)

:       0       0

දේවි Friday, 05 April 2013 07:16 PM

සල්ලි මත්තේ පන එපා කියල විනය බල්ලට දාල දුවන රියදුරන්ට මතක හිටින පාඩමක් . ඒ උනාට අවරුදු අටකට පස්සෙනේ තීන්දුව දීල තියෙන්නේ . (නදී)

:       0       0

අප්පු Saturday, 06 April 2013 11:00 AM

මේක හොද තීන්දුවක් වෙන්න පුලුවන්. නමුත් මේ මිනිස්සු හිතලාම ඔක්කොම මරලා දාන්න කරපු වැඩක් නෙමෙයි මේක. නමුත් හිතා මතා සැලසුම් කරපු අයට දඩුවම් හම්බවෙන්නේ ස්වභාව ධර්මයෙන්. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 05 April 2013 02:35 PM

මට නම් මේක ටිකක් පැටලිලි සහගතයි. කාටද මරණ දඬුවම් දුන්නෙ? කාටද හිර දඬුවම් දුන්නෙ?(ස)

:       0       0

රකිත් Monday, 08 April 2013 03:52 AM

සමහරවිට කොන්දොස්තොර රියදුරාට කියන්න ඇති වසා තිබෙන රේල් ගේට්ටුව අතරින් යන්න කියලා. ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. රුපියල් 5000 ගානේ දෙන්නම දඩ මුදල ගෙවයි නේද, අවුරුදු 270 හිරේ ඉන්න එකේ තව මොකටද මාස 27ක් වැඩිපුර ඉන්නේ කියලා. (නදී)

:       0       0

සුගත් Saturday, 06 April 2013 11:02 AM

ප්‍රසිදියේ ගල් ගහල මරන්න ඕන (ස)

:       0       0

පෙරේරා Friday, 05 April 2013 07:21 PM

ප්‍රසන්න, මහින්ද චෝදනා 27ක සිර දඬුවම් මරණීය දණ්ඩනයට අමතරව. දැන් එල්ලලා මරන්නේ නැහැ ඉතින් ජීවිතාන්තය දක්වා හිරේ. හිටපු විනිසුරු තුමා නඩුව අහල එක්කෝ ස්ථාන මාරු වෙලා නැත්නම් විශ්‍රාම යන්ඩ ඇති. එතකොට අලුතින් පත්වෙන විනිසුරු තුමා නඩුව දන්නේ නැති නිසා හිටපු විනිසුරු තුමාම තීන්දුව දෙනවා. තේරුනාද?(නදී)

:       0       0

අසේල Friday, 05 April 2013 02:38 PM

මටත් මේක පටලැවිල්ලක්. 2005 කරපු වරදට දඬුවම් දෙන්නේ 2013. (ස)

:       0       0

කිත්සිරි Friday, 05 April 2013 07:39 PM

හොඳ දඬුවමක්. පුලුවන්නම් මීහරක් වගේ එලවන ලෝකේ කිසිදෙයක් නොදන්නා හැබයි හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න ත්‍රී ව්හීල් කාරයන්ටත් දෙන්නකෝ මරණ දඬුවම.(නදී)

:       0       0

චතුල Friday, 05 April 2013 02:43 PM

පවු වෑඩක් තමයි. ඒත් මිනිස්සුන්ට යමක් හිතන්න පුලුවන් තීන්දුවක්.(ස)

:       0       0

සරත් Friday, 05 April 2013 02:43 PM

තීරණය නම් හොදයි. වැඩේ කියන්නේ 41 ගිහිල්ලත් මෙදෙන්න බේරුනා එකනේ.(ස)

:       0       0

විහඟ Friday, 05 April 2013 02:44 PM

අවුරුදු 270 හිරේ යවල මොනවා කරන්නද පරමායුෂ අවුරුදු 120 නේ (ස)

:       0       0

ලලිත් Friday, 05 April 2013 07:53 PM

කව්ද දන්නේ හිරේ ගියාට පස්සේ භාවනා කරලා රහත් වෙලාවත් අවුරුදු තුන් හාරසීයක් පනපිටින් හිටියොත්. ඒක නිසා දඩුවම හරියටම හරි.(නදී)

:       0       0

කමල් Friday, 05 April 2013 02:52 PM

ගොඩක් රියදුරු මහතුන්ට මේක හොඳ පාඩමක්... (ස)

:       0       0

තුෂාර ප්‍රනාන්දු Friday, 05 April 2013 07:46 PM

ඇයි මෙයාලට නීතිපතිගේ සහනයක් නැද්ද.?(නදී)

:       0       0

දයා Saturday, 06 April 2013 11:45 AM

දුම්රියේ රියදුරාගේ වැරැද්දක් නැද්ද එතකොට? (නි)

:       0       0

අසංක Friday, 05 April 2013 07:55 PM

මේ ලෝකෙ කව්ද අවුරුදු 270 ජීවත් වෙන්නෙ. අනික මරණ දඩුවම දුන්නට පස්සෙ ඇයි සිර දඩුවම්.(නදී)

:       0       0

චූලා Friday, 05 April 2013 02:53 PM

මේක හොඳ ආදර්ශයක්... රිය අනතුරු වලදි දඬුවම් නියම කිරන්නේ කලාතුරකින්. ඒක නිසා රියදුරෝ කිසිම බයක් නැතිව පිස්සු කරනවා... (ස)

:       0       0

වල්ගම Saturday, 06 April 2013 11:51 AM

කොන්දෙස්තර බේරේක් ගහන්න නැතිව ඇති ඒකයි ඒයාටත් දඩුවම් දෙනන් ඇත්තේ පව් ටයිම් කිපර්ටත් මරණ දඩුවම දෙන්න තියෙන්නේ කොච්චි එන වෙලාවෙ බස් යැව්වාට නේද මෙයා(ස)

:       0       0

විජේසේකර Friday, 05 April 2013 02:56 PM

වැදගත් සහ වටිනා නඩු තීන්දුවක්. සමාජයට හොඳ පාඩමක් වේවි. තමන්ගේ වාසිය ගැන විතරක් හිතන මිනිස්සු මුදල් පසුපස දුවන වේගය අඩු කරගනීවි මේ තීන්දුව නිසා. (ස)

:       0       0

ඛාන් Friday, 12 April 2013 12:58 AM

පෝරකයක් ලංකාවේ තියෙනවද? පෝරක තියෙනවා සුසාන භූමි වල. ඒ පොදු යහපත් ජනතාව වෙනුවෙන්. එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙනවද? (නි)

:       0       0

ලියනගේ Friday, 05 April 2013 02:52 PM

තීන්දුව දෙන්න ප්‍රමාද වැඩි (ස)

:       0       0

නිමල් l සෞදි අරාබිය Friday, 05 April 2013 02:54 PM

විනිසුරුතුමා ලංකාවේ පොරකයක් තියනවද කියල දන්නවද දන්නේ නැහැ නේද ?(නදී)

:       0       0

නන්දන Saturday, 06 April 2013 12:08 PM

මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕනේ එතකොට තමයි හැදෙන්නේ. (ස)

:       0       0

කෙවීන් Friday, 05 April 2013 03:02 PM

ඇතමුන්ට මේවා අධාල නැත.(ස)

:       0       0

කළණ ජේ. Friday, 05 April 2013 08:16 PM

මෙතන සමහරු දාන අදහස් දැක්කම තේරෙනවා කොච්චර පණ්ඩිතයෝ වගේ අන්තර්ජාලයේ හැසිරුණත් මූලික නීති කරුණුවත් හරියට දන්නෙ නැහැ කියලා. (නි)

:       0       0

ගිම්හානි Saturday, 06 April 2013 12:36 PM

විහඟ පරම ආයුෂ 120 උනාට වරදේ හැටියට මෙයාලට දඬුවම තමයි අවරුදු 270 ඒක තේරුම් ගන්න මෙයාල කරපු අපරාදෙට මොවුන්ව අවරුදු 500 ක් වත් හිරේ යවන්න ඕනේ.. (ස)

:       0       0

වරුණ Friday, 05 April 2013 02:57 PM

දේශපාලන සහයක් තියෙනවනම් නීතිපති උපදෙස් ගන්න තිබුණා (ස)

:       0       0

ටාර්සන් Friday, 05 April 2013 03:07 PM

මේවගේ තීන්දුවක් සෞදිවල දුන්න නම් මෙලහකට බලාගන්න තිබ්බ අපේ අයගේ සද්දේ.(නදී)

:       0       0

පුෂ්පා Sunday, 07 April 2013 06:34 AM

මේ තීන්දුවට විශාල අභියොගයක් ලැබෙයි ඇපෑලෙදි. (නි)

:       0       0

රවිදු Friday, 05 April 2013 03:05 PM

ඇමති පුතාලා මේ වගේ දෙයක් කලා නම් නිකම්ම නිදහස්.(නදී)

:       0       0

ලාල් Saturday, 06 April 2013 12:39 PM

ඇමති පුතාලටත් මේ වගේ දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

අජිත් Friday, 05 April 2013 03:12 PM

අභියාචනයක් දාලා බැලූවොත් මොනවා හරි වෙනසක් කරගන්න පුළුවන් වෙයි.(ස)

:       0       0

පුෂ්පා Sunday, 07 April 2013 06:38 AM

මේ බස් රථය හිමි මුදලාලිත් මේකට වග කියන්න ඕනෑ. මුදලාලිලාගෙන් ඇතිවෙන පීඩනය හින්දා තමයි පෞද්ගලික බස් රථ මග මරුවො වෙන්නෙ! (නි)

:       0       0

සඳරුවන් Friday, 05 April 2013 03:14 PM

මමත් මේ සිද්ධිය දැක්ක එදා. මුදල් පසුපස හඹා යන වල්මත් වූ මිනිසුන්ගෙන් සිදු වූ විනාසයක්. (ස)

:       0       0

ජෝයි Friday, 05 April 2013 03:08 PM

අයි පන්දම තිබුනේ නැද්ද....? (ස)

:       0       0

නිෂාම් Friday, 05 April 2013 08:28 PM

එල්ලුම් ගස් යවන්න බැහැ. මම දැක්කා ලගදි පත්තරේක තියනවා එල්ලුම් ගහෙ ලෑලි පේලර් කෙනෙක් ගෙදර ගෙනිහිල්ල කියලා.(නදී)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Sunday, 07 April 2013 07:52 AM

රවිනාත්, අනතුර සිදුවූ අයුරු නෙමෙයි සිදුකල ආකාරය බලල තමයි උසාවිය තීන්දුව දීල තියෙන්නේ.(නදී)

:       0       0

පාරු Friday, 05 April 2013 03:18 PM

එතකොට මේවාට මොනවද කියන්නේ?(නදී)

:       0       0

චමත් Saturday, 06 April 2013 01:49 PM

පාල කිව්වා හරි‍‍... 1989 අහුංගල්ලෙ පාසල් බස්‍ එක කොච්චියේ හප්පලා ළමයි ටික මැරුව අද දෙන්නම නිදහස්.. (ස)

:       0       0

ශාන්ත Wednesday, 10 April 2013 12:26 PM

බස් රියදුරන්ට ඉතින් සල්ලිම තමයි මනුස්සකමක් නැ. (ස)

:       0       0

සම්පත් Friday, 05 April 2013 03:21 PM

අම්මේ තීන්දුවට ගිය කල්, මෙහෙම නම් උසාවි මොකටද?(නදී)

:       0       0

ෂෙනාල් Friday, 05 April 2013 08:57 PM

රටක් පාලනය කරන්න නීති ඕන .නමුත් බෞද්ද රටක මරණ දඩුවම සුදුසු නැ.(නදී)

:       0       0

ජුඩ් Friday, 05 April 2013 03:30 PM

එල්ලුම් ගහ විතරක් මදි විදුලි පුටුවේ විනාඩි 5 ක් විතර ඉන්දවලා තමයි එල්ලුම් ගහට යවන්න ඕනේ. දවසක අපට පෙනේවි පල දරපු එල්ලුම් ගහක්.(නදී)

:       0       0

නාරද Friday, 05 April 2013 09:10 PM

තේරුම් ගන්න බැරිද? මේ දඩුවම දීල තියෙන්නේ ලබන ආත්මෙටත් එක්ක.(නදී)

:       0       0

රත්නායක Friday, 05 April 2013 09:11 PM

මේක අප්‍රිෙයල් පළවෙනිදා දුන්න එකක් නෙමෙයි නේද?(නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවඩ් Friday, 05 April 2013 03:37 PM

මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.(නදී)

:       0       0

රුවන් Friday, 05 April 2013 03:31 PM

හොද වැඩක්.(නදී)

:       0       0

පාල Friday, 05 April 2013 03:34 PM

මේවා බොරු සංදර්ශන. මේ වගේ කට්ටිය තමා ඔය වෙසක් පෝයට එලියට දාන්නෙ.(නදී)

:       0       0

චමින්ද Friday, 05 April 2013 03:39 PM

මේ දෙන්නා ඇමති පුතාලා වුනානම් කිසිම ප්‍රශ්ණයක් නැහැනේ.(නදී)

:       0       0

මොහොමඩ් Saturday, 06 April 2013 03:12 PM

මේ වාගෙ වැරදි කරන හැමොටම දඩුවම් දෙන්න ඔනෑ.. (ස)

:       0       0

රූපා Friday, 05 April 2013 03:39 PM

මිනිසුනේ. තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා වගේ කාගෙන් වත් බලපෑමක් නැති නම් එයාට උපරිම දඩුවම දෙනවා. උදාහරණ ලෙස දැන් නඩු තීන්දු 10 කින් 5 අසාදරනවත්, 5 සාදරනවත් ඉස්ට කරලා. ඒ කියන්නේ ලංකාවේ නිතිය නරකම නෑ. මේක තමයි අලුත්ම ක්‍රමය.(නදී)

:       0       0

යොහාන් Friday, 05 April 2013 09:49 PM

වසර 270ක් කවුද ජීවත් වෙන්නේ? කෙලින්ම මරණ දඩුවම දුන්නා නම් ඉවරයි. (නි)

:       0       0

හේරත් Friday, 05 April 2013 03:47 PM

අවුරුදු 270 පහුවෙලා හරි ආයේ මේ වගේ වැඩ නොකර හිටියොත් හොදයි.(නදී)

:       0       0

චන්දන Thursday, 11 April 2013 07:34 AM

ශාන්ත, ඔබ නිවැරදියි. බිල්ලට යන්නේ අහිංසක ජීවිත . (නි)

:       0       0

පාර්වතී Friday, 05 April 2013 03:53 PM

ජරාව විසි කරා මදි ඇති.(නදී)

:       0       0

සෑම් Tuesday, 09 April 2013 06:29 PM

කවුරුවත් කලබල වෙන්න එපා. පොදු සමා කාලයක් ආව ගමන්ම ඒ දෙන්න නිදහස් කරන්නත් පුළුවන්. (නි)

:       0       0

සනත් Friday, 05 April 2013 03:57 PM

ඕක හොඳ තීන්දුවක්. අපේ ලංකාවේ රියදුරන්ට විනයක් නැහැ . පලමුවන්ම උගන්වන්න ඕන ඉවසීම සහ මාර්ග නීති. විදේස රටවල තියන විදියට ලංකාවේ ප්‍රදාන නගරවල ප්‍රදාන පාරට ඇතුළුවන තැන්වල අඩුම තරමේ ‘ස්ටොප් ‘ බෝරඩි එකක්වක් නැහැ. අදාල නගර සභාවල් මේවට වග කියන්න ඕනා. අහිංසක ජිවිත බිලිගන්නා රියදුරන්න්ට තදබල දඩුවම් දෙන්න ඕනා.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 05 April 2013 10:09 PM

දැන් ඉන්න සියලුම රියදුරන්, කොන්දොස්තරලා මෙය පාඩමකට ගනිත්වා! (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 05 April 2013 03:59 PM

කමක් නැහැ කෙටි කාලයක් තමයි හිර බත් කන්නවෙන්නේ. ලබන වසරේ පෙබරවාරි හතර වෙනිදට රජය විසින් සුළු වැරදි කරපු තුන්දහසකට ආසන්න පිරිසක් නිදහස් කරනවනේ.(නදී)

:       0       0

රොෂාන් සෞදි Friday, 05 April 2013 04:07 PM

දඩුවම හොදයි. මේ වගේ හොද තීන්දු දෙන්න විනිසුරු තුමන්ලාට ශක්තිය දහිරිය ලැබේවා! නමුත් නීතිය සියල්ලන්ටම පොදු විය යුතුයි. පහුගිය දවස්වල අපි දැක්කා රටේ උසස් නිල තල දරන පුද්ගලයන්ාග් දරුවන් නීතියේ හිඩැස්වලින් බේරිලා යන හැටි(නදී)

:       0       0

ගුණදාස Friday, 05 April 2013 10:23 PM

මේවා බලන අපිට පිස්සු වගෙයි. (නි)

:       0       0

ෆෙරොස්කාන් Friday, 05 April 2013 10:30 PM

මරණ දඩුවම නියම කලාට පුහුණු කරපු අලුගෝසුවන් දෙන්නා ආගිය අතක් නැතිලු. හැබැයි ප්‍රසිද්ධියේ මරණ දඩුවම දුන්නොත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙයි. (නි)

:       0       0

සමන් තුෂාන්ත Sunday, 07 April 2013 11:32 AM

මහ පාර මැදට ගෙනල්ලා මුන් දෙන්නා ප්‍රසිද්ධියේ එල්ලන්නයි තිබුනේ.(නදී)

:       0       0

ක්‍රිෂ් Saturday, 06 April 2013 04:52 PM

ප්‍රමාද වී හෝ වරදට නිසි දඬුවම් ලැබිය යුතුයි.. (ස)

:       0       0

මනෝජ් Friday, 05 April 2013 10:36 PM

නිතිය හොදයි හැමෝටම එක සමාන නම් (නි)

:       0       0

ගමගේ Friday, 05 April 2013 10:36 PM

ශ්‍රි ලංකාවේ අධිකරනයේ තවත් ඓතිහාසික තීන්දුවක්. අපේ උත්මාචාරය උතුම් අධිකරනයට. මෙරට මීනීමරු පුද්ගලික බස් රියදුරන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

නිමල් Friday, 05 April 2013 10:39 PM

අනේ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කොයි ලෝකෙද ඔය කියන එල්ලුම්ගහ තියෙන්නේ? (නි)

:       0       0

ප්‍රභතේ Friday, 05 April 2013 04:32 PM

මොකටද හිරේ දාන්නේ එල්ලා මැරුවනන් ඉවරයිනේ.(නදී)

:       0       0

පාලිත Friday, 05 April 2013 10:48 PM

පෝරකය පටන් ගැනිම මින් අරඹමු (නි)

:       0       0

චින්තා Friday, 05 April 2013 04:32 PM

කොන්දොස්තරට සමාන දඬුවම් දෙන්නේ කොහොමද ? ඒ මිනිහ මොනවා කරන්න ද ? (නදී)

:       0       0

සුජිත් සෙනසින්ඝ Friday, 05 April 2013 04:27 PM

ලංකාවේ මිනිස්සු එල්ලලා නැහැ 1975 වලින් පස්සේ. (නදී)

:       0       0

රවිනාත් Saturday, 06 April 2013 05:20 PM

මෙහි අදහස් පලකළ බොහෝ දෙනෙකුට අමතකවීමේ රෝගයක් වැළදී තිබේ. නඩු තීන්දුව ගැන විවේචන ඉදිරිපත් කිරීමට පෙර මෙම ඛේදවාචකය සිදු වූ ආකාරය සිහිපත් කර ගැනීම වැදගත් වේ. (නි)

:       0       0

ජයන්ත Friday, 05 April 2013 04:28 PM

දඩුවම නම් හරිම අගෙයි.(නදී)

:       0       0

සාලින්ද Saturday, 06 April 2013 05:35 PM

ඒ වුණාට අර කහවත්තෙ ධර්මසිරි...??? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සුරේෂ් Wednesday, 10 April 2013 08:16 AM

ආශ්චර්යමත් රටක තමයි අපි ජීවත් වෙන්නේ. (නි)

:       0       0

ලංකා Friday, 05 April 2013 04:46 PM

එතකොට භාරත එක්ක තව 4 මරපු දුමින්දට දෙන තීන්දුව මොකක්ද? (නදී)

:       0       0

රාජු Friday, 05 April 2013 04:42 PM

වැඩේ ගොඩින් ගොඩ දාගන්න බැරි වෙලා අපරාදේ.(නදී)

:       0       0

රුවන් Friday, 05 April 2013 11:33 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දඩුවම සැර වැඩියි නේද? (නි)

:       0       0

රුවන් Friday, 05 April 2013 11:41 PM

දඩුවම සැර වැඩි නැද්ද? (නි)

:       0       0

අමාලි Saturday, 06 April 2013 12:07 AM

අපේ සමහර බස් රියදුරන්ටයි, කොන්දොස්තරලටයි මේවා හොඳ පොඩම්. අධිකරණ තීන්දුව බොහොම හොදයි. (ත)

:       0       0

අසෝක Saturday, 06 April 2013 12:44 AM

270-268=2 සමහරවිට තව දෙකෙන් ඒ අයව එළියේ! (ත)

:       0       0

ආනන්ද Friday, 05 April 2013 05:18 PM

මිනිසුන් මරාගෙන හම්බු කරන සල්ලි ගිහින් දෙන්නේ මුදලාලිට. නැත්නම් පහුවදාට රක්ෂාව නැහැ එත් මුදලාලිට දඬුවමක් නැහැ.(නදී)

:       0       0

ජෝස් Saturday, 06 April 2013 01:08 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පෝරකේට යවන්න ඕනෑ දුම්රියේ රියැදුරා නේද? ඇයි කොන්දත් පෝරකේට යැවුවේ? (නි)

:       0       0

සනත් Friday, 05 April 2013 05:19 PM

එතකොට මිනි මරණ දේශපාළුවන්ට මේ දඩුවම් දෙන්න බේරී ඇයි.(නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 06 April 2013 01:44 AM

රිය අනතුරු අඩුකරන්න හොද තීන්දුවක් (නි)

:       0       0

ධනූ Wednesday, 10 April 2013 02:35 PM

ඕව ඔය කිව්වට හරියටම ක්‍රියාත්මක වෙයිද? (ස)

:       0       0

සිසිර Friday, 05 April 2013 05:30 PM

චින්තා හරි. මෙතන කොන්දොස්තරට දඩුවම් දීම මමත් අනුමත කරන්නෙ නැහැ. (නි)

:       0       0

මතීෂ Friday, 05 April 2013 05:39 PM

හිටපු විනිසුරු කොහොමද අද දඬුවම් දෙන්නෙ.(නදී)

:       0       0

මහින්ද-ඩුබායි Friday, 05 April 2013 05:55 PM

මටත් මේක මහා පටලැවිල්ලක් !(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 26 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 547 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 619 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 252 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 700 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1956 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site