IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බස් රිය රේල් පාරේ යයි

කොළඹ - බදුල්ල මගීන් 40 දෙනෙකු රැගත් බසයක් බණ්ඩාරවෙල කොලතැන්නේ වංගුවක් ගනිද්දී දුම්රිය පාරට ඇදී ගොස් ටික දුරක් එහි ධාවය වී නතර විය. දුම්රිය ගේට්ටුකරු වහා බණ්ඩාරවෙලට හා හපුතලේට මේ බව දැන්වීය. කොළඹට එන උඩරට මැණිකේ බණ්ඩාරවෙල ද, පොඩිමැණිකේ හපුතලේ ද පැය බාගය බැගින් නතර කැර ගැනීමට සිදු විය. එතැන සිට බණ්ඩාරවෙලටත්, හපුතලේටත් දුර කිලෝමීටර් 10ක් පමණ වේ. රාමයියා වර්දරාජා (53) නම් වූ ගේට්ටුකරු වහා මගීන් රේල්පාරෙන්ද ඉවත් කිරීමට ක්‍රියා කළේය.



අදහස් (0)

බස් රිය රේල් පාරේ යයි

නිමල් Sunday, 16 December 2012 08:49 PM

මොන අලුත් කෝච්චියක්ද මේ? (නි)

:       0       0

ගාමිණී Sunday, 16 December 2012 09:21 PM

නියම වැඩක් කොල්ලෝ (දී)

:       0       0

එරංග Tuesday, 18 December 2012 01:38 PM

රාජ අයියා ඔබ දෙවි කෙනෙක් (ස)

:       0       0

සුනිල් Sunday, 16 December 2012 09:41 PM

මාර්ග අනතුරු අඩු වෙයි (දී)

:       0       0

පාප Sunday, 16 December 2012 10:22 PM

එක නම් හිතා ගන්න බැහැ (දී)

:       0       0

හිල්මි Sunday, 16 December 2012 10:55 PM

කාගේද ඒ නව සංකල්පය? (නි)

:       0       0

සංජිව Sunday, 16 December 2012 10:59 PM

වැඩේ නම් හොදයි. මාර්ග අනතුරු වලක්වන ක්‍රමයක් ද කොහෙද (දී)

:       0       0

චමින්ද Wednesday, 19 December 2012 02:29 PM

ඔබ කළේ වීරකමක්. ඒකට ගොඩක් පින්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 16 December 2012 11:33 PM

රාමයියා මහතාට අපේ උපහාරය! (නි)

:       0       0

ශමිත් Monday, 17 December 2012 12:44 PM

ගේට්ටුකරුට අපගේ ප්‍රණාමය! (ස)

:       0       0

චින්තක Wednesday, 19 December 2012 02:52 PM

ගේට්ටුකරුට අපගේ ප්‍රණාමය! (ස)

:       0       0

ගයානි Friday, 21 December 2012 10:15 AM

ගේට්ටුකරුගේ ක්‍රියාව අගය කළ යුතුයි. ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

නිමල් Tuesday, 18 December 2012 04:23 AM

තිරිංග වලට හෝ සුක්කානමට වරද පටවන්න එපා. රියදුරන්ට වුණත් පොඩ්ඩක් වරදිනවා තමයි. (නි)

:       0       0

පද්මසිරි Tuesday, 18 December 2012 04:29 AM

මමත් බලපත්‍ර හිමි බස් රථ රියදුරෙක්. රියදුරන් කිසිමදාක හිතලා මතලා අනතුරු සිදුකරන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 18 December 2012 04:59 AM

මට තියෙන ප්‍රශ්නය තමයි මේ හරස් පාර යන්නේ කොහාටද කියන එක. (නි)

:       0       0

සිල්වා Sunday, 16 December 2012 01:20 PM

ලංගම බස් වලට රේල් පීලි උඩ යන්න පුලුවන් වුණා නම් පුද්ගලික බස් කාරයින්ගේ අහංකාරකම් බලන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

මාර්ක් Monday, 17 December 2012 01:07 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

විජේන්ද්‍ර Monday, 17 December 2012 01:46 AM

දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයින්ට ගරු කළ යුත්තේ මෙලෙසිනි. (නි)

:       0       0

දිනේෂ් Monday, 17 December 2012 02:21 AM

රේල් ගේට් එක ගාව හිටි නිලධාරියාට අපගේ ප්‍රණාමය (ස)

:       0       0

කුෂාන් Monday, 17 December 2012 03:22 AM

ජතිබේද වලට මරාගන්න මෙවන් කාලයක ඔබ වැනි උතුම් මිනිසුන් සිටීම රටටම ආදර්ශයක්. (නි)

:       0       0

හේරත් Sunday, 16 December 2012 01:54 PM

ගේට්ටුකරුට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

රොෂාන් Sunday, 16 December 2012 02:05 PM

හැමදාම හිටගෙන ගිහිල්ලා ඇතිවෙලා එක දවසක් කොච්චි පාරේ ගිහිල්ලා බලන්න ඇති. (නි)

:       0       0

චානක Sunday, 16 December 2012 02:20 PM

දුමිරිය - බස්රිය ඒකාබද්ධ සේවය පටන් අරන් වගෙයි. (නි)

:       0       0

යෝනුස් Monday, 17 December 2012 07:17 AM

වංගුවක් ගනිද්දි රේල් පාර දිගේ එනවා නම් කොච්චර වේගයකින්ද ඇවිල්ලා ඇත්තේ? ජාතික ගමනා ගමන මණ්ඩලය පාඩු ලබන්නේ මේ වගේ රියදුරෝ හින්දා තමයි. (නි)

:       0       0

අසේල Monday, 17 December 2012 07:20 AM

මෙවැනි රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ගැන තීරණයක් ගත යුතුය. වර්දරාජා මහත්මා තම යුතුකම මැනවින් ඉටු කිරීම අගය කළ යුතුය.

:       0       0

මුතුකුඩ Sunday, 16 December 2012 02:32 PM

හැබැයි බස්වලට යකඩ රෝද හයිකරලා කෝච්චි වලට ටයර් දැම්මා නම් බස් පීල්ලේ දුවනවා, කෝච්චි පාරේ දුවනවා. වාහන තදබදය වගේම රිය අනතුරුත් අඩුකරගන්න පුලුවන්. (නි)

:       0       0

ෂෙරීෆ් Sunday, 16 December 2012 02:37 PM

ගේට්ටුවේ ආරක්ෂක මහත්මාට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ප්‍රියදර්ශන Monday, 17 December 2012 07:44 AM

ගවයෝ වගේනේ හැසිරෙන්නේ (ස)

:       0       0

කුරුවිට Sunday, 16 December 2012 03:03 PM

කාටවත් අනතුරක් නැති එක නම් වාසනාවක්. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 16 December 2012 02:58 PM

ගිය ආත්මේ කෝච්චි රියදුරෙක් වෙන්න ඇති නේද? (නි)

:       0       0

ලලිත් Sunday, 16 December 2012 03:20 PM

ශික්....මම හිටියේ නෑනේ..මම ඔහොම දෙයක් කවදාවත් හැබැහින් දැකලා නෑනේ (ස)

:       0       0

ප්‍රියන්ත Sunday, 16 December 2012 03:26 PM

දැන් අරුම පුදුම වැඩ තමයි වෙන්නේ (දී)

:       0       0

සරත් Monday, 17 December 2012 09:27 AM

දෙදෙනාටම අපගේ ප්‍රණෘමය! (නි)

:       0       0

ශාන් Monday, 17 December 2012 07:24 PM

මේ බස් එක යන්නේ වැරදි පාරවල් වලමනේ. මතකද එක සැරයකුත්? (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Monday, 17 December 2012 09:41 AM

බස් අනතුරක් දුටු පමණින්ම නිගමන වලට එළඹෙන එක වැරදියි. රියදුරන් හිතාමතා අනතුරු ඇති කරන්නේ නැහැ. (නි)

:       0       0

යෝගී Monday, 17 December 2012 02:23 PM

ඒක අත්වැරදීමක් පමණයි. (නි)

:       0       0

නාලක Monday, 17 December 2012 09:42 AM

අයියෝ සල්ලි

:       0       0

දනුෂ්ක Monday, 17 December 2012 09:42 AM

කාටද කියන්නේ මේවා (දී)

:       0       0

පුෂ්පා Sunday, 16 December 2012 04:11 PM

ආඩම්බරයි! (නි)

:       0       0

ගාල්ලේ ලොකුවා Sunday, 16 December 2012 04:16 PM

රියදුරු කලින් කොච්චි එලවපු කෙනෙක් වෙන්න ඇති (දී)

:       0       0

චරිත් Sunday, 16 December 2012 05:05 PM

ඔබ වීරයෙක්. ඔබට ගොඩක් පින්. (නි)

:       0       0

මිහිර Monday, 17 December 2012 10:26 AM

මෙතන වෙලා තියෙන්නෙ රියදුරාගෙ වරදක් නෙමෙයි. බස් එකේ බ්‍රේක් නැතිව ගිහිල්ලා වෙන අනතුර වළක්වන්න තමයි බස් එක රේල් පාරට අල්ලලා තියෙන්නෙ. හැබැයි එක අතකින් භයානක වැඩක් තමයි කරලා තියෙන්නෙ. (නි)

:       0       0

ජගත් Sunday, 16 December 2012 05:38 PM

ඊළග පාර, කෝච්චි මහ පාරේ යයිද? (නි)

:       0       0

සර්ධා Sunday, 16 December 2012 05:43 PM

මේ අහිංසක මනුස්සයාට මුදල් පරිත්‍යාගයක්වත් කරන්න. (නි)

:       0       0

ෆිරෝ Sunday, 16 December 2012 05:52 PM

ඕක පුදුම වෙන්න දෙයක් යෑ? ඉස්සරත් කා‍ලයක් තිබුණා බස් , රේල් පාරේ දුවපු. (නි)

:       0       0

සෝමසිරි Sunday, 16 December 2012 05:53 PM

නියම සිංහලයෙක් (ස)

:       0       0

දමිත් Sunday, 16 December 2012 06:14 PM

මේ වගේ මිනිස්සු නම් අදහන්න වටිනවා. (නි)

:       0       0

කවීන් Sunday, 16 December 2012 06:18 PM

මේ පුද්ගලයා කොච්චර හොදද? (නි)

:       0       0

වසන්ත Monday, 17 December 2012 09:25 PM

මේ බස් රේල් පාරේ යනවා , ප්‍රයිවට් බස් උඩින් යනවා (ස)

:       0       0

සුපුන් Thursday, 20 December 2012 07:16 AM

ඇයි මෙහෙම දේවල් වෙන්නේ? (නි)

:       0       0

ආනන්ද Monday, 17 December 2012 03:52 PM

සෝමසිරි, කාටද ඔයා නියම සිංහලයෙක් කිවුවේ? (නි)

:       0       0

අමරා Sunday, 16 December 2012 07:38 PM

රාමයියා මහතාට අපි තුති පුදමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 1 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 73 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 263 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 555 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 422 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3604 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site