(නිමල කොඩිතුවක්කු)
සියලුම බස් සංගම් ඒකාබද්ධව හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ බස් රථ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
සිය ගැටලු සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඒ අනුව ගැටලු සඳහා විසදුම් ලබාදීමට සතියක කාලයක් ලබා දීමට බස් සංගම් එකඟතාවය පල කළ බවත් එසේ නොමැතිනම් ලබන සතියේ සිට බස් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් ෂීට් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් බස් සංගම් රජයෙන් ඉල්ලීම් කර තිබේ.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති චන්දන සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් වර්ජනය අත්හිටුවයි
Wca Sunday, 17 January 2021 11:47 AM
ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කළොත් ලංගමට බඩුම තමයි කියලා ලියලා තියාගන්න...