IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බස් 50ක් හිරේට

බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට බස් රථ 50ක් අධිකරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  වැලිකඩ බන්ධනාගාරයේදී අද (17)  බාර දුන්නේය.

රැඳැවියන් ප්‍රවාහනය කිරිමේදී මහත් අඩුපාඩුවක්වු හිගයට විසඳුමක් ලෙස සැපැයුණු මේ බස් වල වටිනාකම  රුපියල් කෝටි 214 ඉක්මවයි.

බන්ධනාගාර සහ එළිමහන් කඳවුරු වලට මේ බස් බෙදා දෙනු ඇත .

පානීය ජල බවුසර් කිහිපයක්ද බෙදා දුන් මේ අවස්ථාවට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ , බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් එම් ඩි ආර් පුෂ්ප කුමාර , හිටපු බන්ධනාගාර  අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහත්වරු ද ,අමාත්‍යංශ ලේකම් කමලිනි ද සිල්වා  මහත්මිය ද  පැමිණ සිටියහ.

RDS_3804 RDS_3806 RDS_3814  RDS_3846 RDS_3860 RDS_3886

 



අදහස් (0)

බස් 50ක් හිරේට

කිත්සිරි Wednesday, 18 February 2015 05:47 AM

කවුරු ගෙනාවත් අපේ රටේ මහජන මුදල් (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 17 February 2015 01:29 PM

මේ වගේ ඉස්සරහට යන්න. හොඳ වැඩක් (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 18 February 2015 07:46 AM

මේ බස් රථ 50 වටිනාකම රුපියල් කෝටි 214 ඉක්මවයි.කවුද දන්නේ නෑ ගෙනාවේ (අ)

:       0       0

ජයන්ත Tuesday, 17 February 2015 03:22 PM

සමීර ඔයා හරි මම දන්නා විදිහට මේවා නිෂ්පාදනේ කරන්නේ ඉන්දියාවේ මේක වැරදීමක්ද නෙත්නම් එයාලත් අපිට කොකා පෙන්නන හදනවද (අ)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 18 February 2015 07:59 AM

රුපියල් කෝටි 214 ක් කියන්නේ "කජු ඇට කොස් ඇට" නෙමෙයි.වහාම පරික්ෂණයක් කරලා කවුරුද ගෙන්වුයේ ?කොමිස් මුදල කියාද?සත්‍ය මිල ගණන් රටට හෙළි කරන්න.(දිල්)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 18 February 2015 08:02 AM

කරුණාකරලා මිල ගණන් ගැන පරීක්ෂණයක් කරන්න. (ර)

:       0       0

අජිත් Tuesday, 17 February 2015 03:24 PM

ඔය ගියර් පෙට්ට් ඇතුලේ කුඩු තියෙනවා ද බලන්න (අ)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 18 February 2015 08:07 AM

කෝටි 214ක් එතකොට මේ බස් එකක් 4,28,00,000ක් වෙනවා.මේ ගණන් මිමි පිලි ගන්න අපි "බත් කන හරක්" නෙමෙයි. (අ)

:       0       0

කලන Wednesday, 18 February 2015 08:10 AM

කවුරු ගෙනාවත් කාගෙවත් මුදල් නොවෙයි. හිටපු ජනදිපතිගේ හෝ ඇමතිවරයකුගේ නොවෙයි.ඕක තේරුම් ගන්න බැරි අය ප්‍රතිචාර දක්කනවා (අ)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 18 February 2015 08:12 AM

එක බස් එකකින් 60% කම ගසා කාල ඕන කෙනෙකුට තේරෙනවා (අ)

:       0       0

සුසන්ත වනිගසේකර Wednesday, 18 February 2015 08:41 AM

කීයද එක බස් එකක වටිනාකම.? (ර)

:       0       0

මංජුල Tuesday, 17 February 2015 04:43 PM

කෝටි 4.28 ක බස් එකක්? හිරකාරයින්ටත් තිබෙන සැප කිවුවලු (නි)

:       0       0

රසංක Tuesday, 17 February 2015 04:47 PM

ඔය බස් ගෙන්වූ රට මොකක්ද කියා අපි දැනගන්න කැමතියි (නි)

:       0       0

හිරාන් Tuesday, 17 February 2015 04:52 PM

හරි ඉක්මනට වැඩ කෙරෙනවා නේද? (නි)

:       0       0

පියල් Tuesday, 17 February 2015 05:15 PM

අර ඇල්ලුවයි කියන පසුගිය රජයේ වාහන වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

රොෂාන් Tuesday, 17 February 2015 05:15 PM

මේක ඉන්දියාවේ නිෂ්පාදනය කළ එකක් නෙමෙයි. ලංකා අශෝක් ලේලන්ඩ් කියලා තියෙන්නේ ලංකාවේ හැදූ නිසා නේද? මේ බස් එකක් කෝටි 4ක් වෙයිද? (නි)

:       0       0

විපුල Thursday, 19 February 2015 02:37 AM

කරුණාකර පසුගිය ආණ්ඩුවේ කළ වැඩ උත්සව නොතියා ලබාදෙන්න. මේවා දින 40 න් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. (නි)

:       0       0

ඇනස්ලි Tuesday, 17 February 2015 07:03 PM

වෙඩි නොවදින ඔය බස් ටික පාට වෙනස් කරලා දුෂ්කර ගම්වල පාසල් වලට බෙදලා දුන්නා නම් අපේ රටේ මීළඟ පරම්පරාව හරි හිරගෙවල් වලට නොයන්න පාර හදාගනීවි (නි)

:       0       0

විපුල Thursday, 19 February 2015 02:40 AM

මේ වගේ කුඩා බස් රථ මාස 4 කට උඩදී ලංගමයට දුන්නා. තනි දොරේ කුඩා බස් රථ. (නි)

:       0       0

ප්‍රයත්න විජේපාල Tuesday, 17 February 2015 09:16 AM

මේවා ගිය ආණ්ඩුවෙන් කරපු වැඩ(දිල්)

:       0       0

ධනංජය Wednesday, 18 February 2015 12:47 PM

මේ බස් එකක් කෝටි 4.28ක් වෙනවද? මේ ආණ්ඩුවෙන් දුන් පොරොන්දු කෝ? මේවා නෙමෙයි නේද දෙන්න පොරොන්දු වු‍ණේ? (නි)

:       0       0

විමුක්ති Tuesday, 17 February 2015 09:21 AM

මේවා විවෘත කරද්දී හිනාවෙන්න නෙමෙයි ඕනේ අඩන්න (නදී)

:       0       0

බටන්ගල Tuesday, 17 February 2015 09:39 AM

විජේදාස මහත්තය නීතිඥයෙක් නිසා දන්නවා උසාවි තීන්දු එනකන් සැක කාරයෝ එහාට මෙහාට ගෙනියන්න කොච්චර වාහන ඕන වෙනවද කියල. (නදී)

:       0       0

නුවන් Tuesday, 17 February 2015 09:49 AM

මේ ගිය ආණ්ඩුවෙන් පටන්ගත්ත වැඩක් නේද (දිල්)

:       0       0

කමල් Tuesday, 17 February 2015 09:50 AM

වායු සමීකරණය කරන ලද සැප බස් රථ දෙක තුනක්වත් දුන්නනම් හොද නැද්ද? අර අල්ලස් කොමිසම හරහා ඒල්ල කළ චෝදනා වලට යම් කෙනෙක් වැරදිකරුවෙක් උනාෙත් ගෙනියන්න(දිල්)

:       0       0

ධම්මික Tuesday, 17 February 2015 09:33 PM

අදහස් දක්වා තිබෙන මහාචාර්යවරුන්ගේ දැනීම ගැන සතුටේ බැහැ. මේවා කවුරු ගෙනාවත් කොහොම ගෙනාවත් වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්. අනික මේක සතුටු‍වෙන්න ඕනෑ කාරණයක් නෙමෙයි මට නම්. බිම පෙරළි පෙරළි අඬන්න ඕනෑ කාරණයක්. අපරාධකාරයෝ, වැරදිකාරයො, සැකකාරයෝ එච්චරට වැඩිවෙලා අපේ රටේ. ඒක අඩුකරගන්න ක්‍රමයක් කවුරුවත් කතාකරන්නේ නැහැ. (නි)

:       0       0

න්නදලාල් Tuesday, 17 February 2015 09:53 AM

විජේදාස මහත්තය ඔච්චර බස් කන්දරාවක් දීල තියෙන්නේ ළඟදීම ඕවා පිරෙන තරමටම රැඳවියන් අල්ලා ගැනීමේ බලපොරොත්තුවෙන් වගේ නේද? (නදී) එහෙම නම්, ඇති වෙන්න හිර කූඩුත් ඉක්මනට හදන්න වේවි ඇමති තුමනි !!!

:       0       0

ලකී Tuesday, 17 February 2015 09:54 AM

මේ දන්නේ නැති නිසා අහන්නේ. බස් එකක් කෝටි 4 ට විතර වෙනවද ?(නදී)

:       0       0

මහේෂ මුතුකුඩ Tuesday, 17 February 2015 09:59 AM

දන්නා අඳුරන ගොඩක් කට්ටිය ලඟදි ඇතුලට දාන්න ඉන්න හින්දද දන්නේ න දැන්ම තිය පහසුකම් සපයන්නේ බන්දනාගාරේට(නදී)

:       0       0

වාසනා Tuesday, 17 February 2015 11:01 PM

බොහොම හොඳයි (නි)

:       0       0

කේ. දිසානායක Tuesday, 17 February 2015 10:09 AM

මේ බස් ටික ජනවාරි 9 දා උදේ පාන්දරම ඕඩර් කරන්න ඇති නේද? (නදී)

:       0       0

සඳුන් Tuesday, 17 February 2015 10:10 AM

බස් 50 කට කෝටි 214 ක් (නදී)

:       0       0

ජගත් Tuesday, 17 February 2015 10:16 AM

හිටපු ලොක්ක ගෙන්නුවා අපි බෙදනවා (නදී)

:       0       0

සමීර Tuesday, 17 February 2015 10:19 AM

කෝටි 214ක් එතකොට මේ බස් එකක් 4,28,00,000ක් වෙනවා. රත්තරං වලින්ද, නැත්තං හෙරොයින් වලින්ද මේව හදල තියෙන්නේ. (නදී)

:       0       0

රසික Tuesday, 17 February 2015 10:21 AM

මේවා මාසෙන් ගෙනාපුවා වෙන්න බැහැ. මහින්ද මහත්තයා ඇනවුම් කරපුවා වීරයෝ වගේ බෙදනවා. (නදී)

:       0       0

සලීම් Wednesday, 18 February 2015 12:46 AM

බස් බෙදුවාට මදි. පහසුකම්ද සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

දම්මික Tuesday, 17 February 2015 10:29 AM

කවුරු ඇනවුම් කළත් මේව රටේ මහජනතාවගෙ සල්ලි.(නදී)

:       0       0

ජෝන් Tuesday, 17 February 2015 10:38 AM

ඇත්ත මාත් පිලිගන්නවා මාසෙකින් මෙවැනි දෙයක් කිරීමට නොහැකි බව. ටෙන්ඩර් කැදවන්නම මාස 3ක් විතර යනවා. කමක් නැහැ කව්රු කලත් ඔවුන්ගේ සල්ලි වලින් නෙමෙයිනේ ඉතින්. රටේ අවශ්‍යතා කොහොමත් රජයක් ඉටු කරන්න ඕනා(නදී)

:       0       0

රත්නායක Tuesday, 17 February 2015 10:40 AM

අම්මට සිරි, හිටපු ආණ්ඩුව ඒ බස් වලිනුත් සෑහෙන්න ගහලා වගේ. ගොඩක් අය කියලා තියෙනවනේ ගිය ආණ්ඩුවෙන් ගෙන්නුවේ කියලා. (නදී)

:       0       0

ජනිත Tuesday, 17 February 2015 10:41 AM

රසික, වීරයො වගේ බෙදනවා විතරක් නෙවෙයි ඇයි දන්නවද මෙච්චර බස් බන්ධනාගාරයට දැම්මෙ, ඒ කාලෙ හොරා කාපු උන් ගාල් කරන්න, හරියට හෙව්වොත් තව හිර ගෙවල් හදන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බස් එහෙමත් බොහොම සුද්දෙට ගේන්න ඇත්තෙ ඒ කාලෙ නේද.(නදී)

:       0       0

රුවන්-කුවේට් Tuesday, 17 February 2015 10:53 AM

මේවා ගිය ආණ්ඩුවෙන් ගෙන්නපු දේවල්නේ දැන් මෙයාලා ගෙන්නුවා වගේ බෙදනවා (දිල්)

:       0       0

ලෝගේෂ්වරන් Tuesday, 17 February 2015 11:04 AM

මේවා ගිය ආණ්ඩුවෙන් ටෙන්ඩර් කැදවා ඇනවුම් කරපු ඒවා නේද? (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Tuesday, 17 February 2015 11:09 AM

අනේ අනිච්චන් මේ බස් ටික සාක්කුවේ දාගෙන එන්න ඇති බෙදන්න.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 17 February 2015 11:10 AM

කව්රු කලත් දැනට ඉන්න අයට තමා මේවා බෙදන්න වෙන්නේ. එහෙනම් චන්ද්‍රිකා ජනාධිපතිගේ වැඩ සටහනකට අනුව ඉදිකිරීම් පටන් අරගෙන කරගෙන ගියපු නෙලුම් පොකුණ රගහල කොහොමද රාජපක්ෂ නෙලුම් පොකුන රගහල උනේ.(නදී)

:       0       0

පුෂ්පා Tuesday, 17 February 2015 11:11 AM

කරුණාකර ඔය බස් සහ වෙනත් වාහන නඩත්තු කරන්න අවශ්‍ය පියවර ගන්න. අපේ රටේ අයට අලුත් ඒවමයි ඕනා. ඕවා හරියට පාවිච්චි කරන විට වැරදියට පාවිච්චි කරනවා වගේ දෙගුණයක් ප්‍රයෝජනයට ගතහැකියි. ලෝකයේ සම්පත් කළමනාකරණය කියන විෂය හරි දියුණුයි. මම වැඩ කරන රටේ රජයේ සම්පත් කළමනාකරණය ඉතා දියුණුයි. එයට අදාළ මෘදුකාංග දියුණුයි. අපේ රටෙත් සම්පත් කළමනාකරණය පිලිබඳ දැනුම සෑම ආයතනයකටම ලබා දිය යුතු වෙනවා. නැත්නම් තව අවුරුදු කිහිපයකින් නැවතත් කවුරු හරි ජනතා මුදල් වියදම් කර ණයට බස් ගෙනෙයි. (නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 18 February 2015 03:18 AM

මේ බස් එකක් සෑහෙන වටිනවානේ? (නි)

:       0       0

හේතුක Tuesday, 17 February 2015 11:21 AM

මොන ආණ්ඩුවෙන් ගෙනාවත් විවෘත කරන්න ඕනෑ ඇමතිතුමානේ! (නි)

:       0       0

නිශාන්ත Tuesday, 17 February 2015 11:24 AM

ජයවේවා! (නි)

:       0       0

ගයාන් Wednesday, 18 February 2015 04:13 AM

මේ හැමදේම ජනතාවගේ මුදල්. පාට පාට කණ්ණාඩි වලින් බලන්නේ නැතුව බුද්ධිමත්ව බලන්න පුරුදුවෙන්න දරුවනේ (නි)

:       0       0

දහම් Tuesday, 17 February 2015 11:52 AM

මහින්ද කිසි වැඩක් කරලා නැහැ. යුද්දෙන් 75% ඉවර කලේ තමා කියලනේ චවුර රැජින කියන්නේ. මහින්ද වැඩ නොකලට මිනිස්සුන්ට පිස්සුද දන්නේ නැහැ එතුමාව බලන්න මේ වෙන කොට ලක්ස 7 1/2 කට වැඩිය සෙනඟ ගිහිල්ල තියෙන්නේ. (අ)

:       0       0

හෂාන් Wednesday, 18 February 2015 04:32 AM

වියදම ගැන සොයාබලන්න ඕනෑ කියලයි හිතෙන්නේ (නි)

:       0       0

ප්‍රියදර්ෂනී Tuesday, 17 February 2015 12:01 PM

වැරදි කරන මිනිස්සුන්ට තව සැප දෙන්න නියම වැඩේ අනේ ගොන් හරක්. (අ)

:       0       0

සරත් Tuesday, 17 February 2015 12:04 PM

අය්යෝ මේ බස් ටික ලංගමට දීල, හිරකාරයන්ට ලංගමේ තියන පරණ බස් ටිකක් දෙන්න තිබුනේ. මොකද හිරකාරයෝ වෙලාවට කලාවට ගියා කියල රටේ කාර්යෂමතාවය ඉහල යන්නේ නැනේ. (අ)

:       0       0

රුවන් Tuesday, 17 February 2015 12:22 PM

මේවා විවෘත කරද්දී හිනාවෙන්න නෙමෙයි ඕනේ අඩන්න. මේ බස් ටික ජනවාරි 9 උදේ පාන්දරම ඕඩර් කරන්න ඇති නේද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 235 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 105 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 157 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 175 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 159 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site