IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බහරේනයේ පොදු උද්‍යානවලට ඇතුළත් වීමේ ගාස්තුවක්

parks

 

අනවශ්‍ය සිදුවීම් සහ අලාභහානි වීම් වළක්වා ගැනීම සඳහා බහරේනයේ පොදු උද්‍යානවලට ඇතුළු වීමේදී යම් ගාස්තුවක් අයකර ගැනීමේ සූදානමක් තිබේ.
නැගෙනහිර රිෆා හි කාලීෆා ග්‍රෑන්ඞ් උද්‍යානයේදී පවුල් සහ ක්‍රීඩා පිටියේ රැඳී සිටි මැරවරයන් පිරිසක් අතර ගැටුමක් හටගැනීමෙන් පසුව ඉහත යෝජනාව ඉදිරිපත්ව තිබේ.


මෙම ක්‍රීඩා පිටිය වසා දමන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 300 දෙනෙකුගේ අත්සන්වලින් සමන්විත පෙත්සමක් දකුණු නගර සභා කවුන්සලය වෙත ඉදිරිපත්ව ඇත. රට පුරා පිහිටි උද්‍යාන, ක්‍රීඩාපිටි සහ ඇවිදීමේ මංතීරු වෙත  ඇතුළු වීමේදී ගාස්තුවක් අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන ලෙසට වූ යෝජනාවක් නගර සභාවේ නිල කාලය අවසන් වීමට පෙර පැවැති අවසන් රැස්වීමේදී සම්මත වී ඇති අතර එම යෝජනාව වැඩ, නගර සභා සහ නාගරික සැළසුම් අමාත්‍යාංශය වෙත යොමුකර ඇත.


2012 දී කලීෆා ග්‍රෑන්ඞ් උද්‍යානය විවෘත කිරීමෙන් අනතුරුව ගහ බැණ ගැසීම්, ක්‍රීඩා කරද්දී බාධා කිරීම් සහ නගර සභාවේ දේපොළවලට හානි කිරීම් පමණක් නොව තණ බිමට සහ ගහකොළවටල ගිනි තැබීම්ද නිරන්තරයෙන්ම වාර්තා විය. 


රටේ සියලුම පොදු උද්‍යාන ලබන වසරේ ජනවාරියේ සිට සීසීටීවී කැමරා යොදා ගනිමින් ආවරණය කිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය සඳහා 2017-2018 වසර සඳහා වන ජාතික අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට දැනටමත් සැළසුම් කොට ඇති අතර එම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. බහරේන පුරා පොදු උද්‍යායන 100 කට වැඩි සංඛ්‍යාවක් පිහිටා තිබේ.


“අවම සාමාජික ගාස්තුව අවුරුද්දකට බහරේන ඩිනාර් 20 ක් විතර වේවි. සාමාජික ගාස්තුවක් හඳුන්වා දීමෙන් අපට උද්‍යායනය වෙත එන අයගේ දත්ත බැංකුවක් සකස් කරගන්න පුළුවන්. ඒක හරියට පැමිණීමේ ක්‍රමයක් වගෙයි. උද්‍යානයට ඇතුළු වීමට විශේෂ කාඞ්පතක් නිකුත් කරනවා” යැයි නගර සභා සභාපති අහ්මඞ් අල් අන්සාරි පවසයි.


“නිතර නිතර උද්‍යායනයට නොපැමිණෙන කෙනෙක් නම් එවිට ඔහු හෝ ඇය ෆිල්ස් 200 ක් ගෙවා තම ස්මාර්ට් කාඞ්පත ගෙවීමෙන් උද්‍යායනයට ඇතුළු වෙන්න ඕනේ. දොරටුවේ ඇති විශේෂ රේඩාර් යන්ත්‍රයක් මගින් එම කාඞ්පත ස්කෑන් කරනවා” යැයි අල් අන්සාරි වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

බහරේනයේ පොදු උද්‍යානවලට ඇතුළත් වීමේ ගාස්තුවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 0 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 244 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 375 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 166 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 435 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1094 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site