IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි

( වසන්ත චන්ද්‍රපාල)

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු කළ, 1999 වර්ෂයේදී අභාවප්‍රාප්ත වී ඇති ලුතිනන් Norman Schofield නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳ Marian Schofield ගේ භෂ්මාවශේෂ, නිලධාරියාගේ අවසන් කැමැත්ත පරිදි නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව හා ගෞරව සහිතව ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ Ostenburg තුඩුව අසල මුහුදේ විසුරුවා හැරීම, සුගිය දින  එම නිලධාරියාගේ පවුලේ ඥාතීන් ගේ සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Darren Woods  ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මීට වසර විසි පහකට (25) පෙර අභාවප්‍රාප්ත, ලුතිනන් Norman Schofield නිලධාරියාගේ භෂ්මාවශේෂ ඔහුගේ අවසන් කැමැත්ත පරිදි, ත්‍රීකුණාමලයේදී මුහුදට විසුරුවා හැරීම, විවිධ දුෂ්කරතා හේතුවෙන්  මඟහැරී ඇත. ඒ  අනුව, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් Darren Woods විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, අභාවප්‍රාප්ත, ලුතිනන් Norman Schofield නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ භෂ්මාවශේෂ ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, ඔස්ටන්බර්ග් අසල මුහුදේ විසුරුවා හැරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික තටාකාංගනය මඟින් සවිධානය කෙරිණි.

ලුතිනන් Norman Schofield නිලධාරියා, 1935 වර්ෂයේ අගෝස්තු මස බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට සංඥා අංශයේ නාවිකයෙකු වශයෙන් බැඳී ඇති අතර, දෙවන ලෝක යුද සමයේ 1947 ජූනි මස අධිකාරියට පත්වී ඇත. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් විවිධ නෞකාවන් හා කඳවුරු වෙත අනුයුක්තව සේවය කිරීමෙන් අනතුරුව, 1956/1958 කාල සීමාවේදී ත්‍රීකුණාමලයේ  HMS Highflyer නාවික හමුදා කඳවුරේ, වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු කර ඇත.

ත්‍රීකුණාමලය නාවික කඳවුර 1957 වර්ෂයේ ශ්‍රී ලංකා රජය වෙත පවරා දෙන තෙක් එම කඳවුරට අනුයුක්තව ශ්‍රී ලංකාවේ සේවය කර ඇති එම නිලධාරියා ගේ අවසන් කැමැත්ත පරිදි, එම නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ භෂ්මාවශේෂ ඔහු වඩාත් ඇලුම් කළ ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ Ostenburg තුඩුව ආසන්නයේදී මෙලෙස මුහුදට විසුරුවා හැරීම නාවික හමුදා ගෞරව සහිතව සිදු කෙරිණි.

තවද, එම නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ භෂ්මාවශේෂ මුහුදට විසුරවා හැරීමේ අවස්ථාව සඳහා ඔවුන්ගේ ඥාතීන් දෙපලක් සහභාගී වී සිටි අතර, භෂ්මාවශේෂ විසුරුවා හැරීම නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව හා ගෞරව සහිතව සිදුකිරීම, ශ්‍රී ලංකා නාවික තටාකාංගනයේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන්ගේ හා නාවිකයන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.



අදහස් (2)

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි

MAJ Rane Sunday, 29 September 2024 01:45 PM

ඉතාම රසවත්, අතීතය ගැන සංවේදි වු පුවතක්, මෙම වාර්තාව සම්පාදනය කර පල කිරීම ගැන ලංකාදීපයට ඉතාම ස්තුතියි.

:       0       10

රම්බොඩ Sunday, 29 September 2024 02:42 PM

එම නිලධාරීයා ඉපදී ඇති තැනක දැන් අවුරුදු 66 ක් වෙනවා. ආවද දන්නේ නෑ බලන්න තමන්ගේම භෂ්මාවශේෂ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 76 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 121 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 128 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 106 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 320 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 343 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site